Watch Trailer

Dynasties [ S01 : E04 – Painted Wolf ] Sinhala Subtitles | නායකත්ව සටන… [සිංහල උපසිරැසි සමඟ]

“ඩිනස්ටි” මේ වචනේ තේරුම තමයි පරම්පරාවෙන් පරම්පරාවට රටක පාලනය බාරවෙන පරපුර කියන අදහස.සීයගෙන් තාත්තට, තාත්තාගෙන් පුතාට, පුතාගෙන් පුතාට ආදී වශයෙන්.. සරලවම කියනවා නම් රාජ වංශය කියන එක. මේ වාර්තාමය වැඩසටහ පාදක වෙන්නේ සත්ව ලෝකයේ තියෙන සත්ව රාජ වංශ වලින් හොඳම රාජ වංශ පහක කතාවක්. මේ රාජ වංශ පහ ලෝකයක් හඳුනන…

“ඩිනස්ටි” මේ වචනේ තේරුම තමයි පරම්පරාවෙන් පරම්පරාවට රටක පාලනය බාරවෙන පරපුර කියන අදහස.සීයගෙන් තාත්තට, තාත්තාගෙන් පුතාට, පුතාගෙන් පුතාට ආදී වශයෙන්.. සරලවම කියනවා නම් රාජ වංශය කියන එක. මේ වාර්තාමය වැඩසටහ පාදක වෙන්නේ සත්ව ලෝකයේ තියෙන සත්ව රාජ වංශ වලින් හොඳම රාජ වංශ පහක කතාවක්. මේ රාජ වංශ පහ ලෝකයක් හඳුනන, ඒත් වඳවීයාමේ තර්ජනයට දැඩිව මුහුණපා ඇති රාජ වංශ පහක්. චිම්පන්සි, එම්පරර් පෙන්ගුවින්, අප්‍රිකානු සිංහ, අප්‍රිකානු කැලෑ බල්ලා නොහොත් පේන්ටඩ් වුල්ෆ්  ( Painted Wolf ) සහ ව්‍යාඝ්‍රයා කියන සත්ව වංශ පහ පිළිබඳව බොහෝවිට ඔබ කෙදිනකවත් දැක නොමැති අසා නොමැති දර්ශන සහ කරුණු කාරණාවන් රැසක් ඔබට මෙමගින් දැක බලාගන්නත්, අලුතෙන් තමන්ගේ දැනුමට කරුණු රැසක් එකතු කරගන්නත් විතරක් නෙමේ අලුත් විදියකට ලෝකය දැකල අපි අවට ඉන්න සත්තු ගැන හිතන්නත්, අපිට විතරක් නෙමේ මේ ලෝකය ඔවුන්ටත් හිමි බව වටහාගන්නත් නැවුම් දොරටුවක් මෙමගින් ඔබ සියලු දෙනාටම විවර කරගන්න ඉඩ හසර ලැබේවි. එමගින් ඔවුන්ගේ රාජ වංශය අපේ උපදින්න ඉන්න මතු පරපුරටත් මේ අසිරිමත් ලෝකයේ අසිරිමත් සත්ව-වංශිකයින්ව තමන්ගේ පියවි දෑසින්ම දැක බලාගන්නත් ඉඩ හසර ලැබේවි.  😀

ඉතිං අදත් එපිසෝඩ් එක නම් වෙලා තියෙන විදියටම අද කොටසින් දකින්න ලැබෙන්නේ පේන්ටඩ් වුල්ෆ් කියන වෘක විශේෂය ගැන. වඳවී යාමේ තර්ජනයට දැඩිව ලක්වෙලා තියෙන සත්ව විශේෂයක් තමා මෙයාල. ඒ වගේම මම සතුන් හා සම්බන්ධ ඩොක් එකක දැක්ක දෙවනියට සංවේදීම දර්ශනය මේ කොටසේ අන්තර්ගතයි. මම වැඩිම සංවේදී වෙච්ච දර්ශණය අඩංගු වෙන්නේ මම කලින් දවසේදී කීව “සිංහ වංශයේ රුදුරුතම සංධානය” අඩංගු ඩොක් එකේ එන “මපෝගෝස් කෝලිශනයේ” අවසානය සිද්දවෙන ආකාරය. ලංකාවේ වනසතුන් හා සම්බන්ධ සිදුවීම් වලදී නම් සොබාදහරා එකේ පෙන්නපු අලි පවුලක් දුම්රියේ ගැටීමේ වාර්තාමය වැඩසටහන. සෑහෙන්න අපහසු වුනා ඒ කොටස බලන්න. ඒ වගේම කියන්න ඕනා අද කතාව රුගත කරන කැමරා කණ්ඩායම අවුරුදු දෙකක් තිස්සේ සිම්බාබ්වේ මහා වන මැදට වෙලා, සමහර වෙලාවට උෂ්ණත්වය සෙල්සියස් අංශක 50කට අධික උෂ්ණත්වයක් යටතේ මේ කරලා තියෙන කාර්ය ගැන ආයේ කියන්න වචන නෑ. දවල් රෑ කියල වෙනසක් අන්තුව ඉහළතම තාක්ෂනය යොදාගෙන රුගත කිරීම් කරලා තියෙනව. ජාතික රුපවාහිනීයේ සිකුරාදා රෑ 9ට කිසිදු වෙළඳ දැන්වීමක් නැතුව යන සොබාදහරා වැඩසටහනත් මේ හා සමානවම, අපේ රටේ අපිට පුළුවන් උපරිම ආකාරයෙන් අපේ රටේ සත්තු ගැන, අපේ රටේ දේවල් ගැන අපිට දැනුම ලබාදෙන වැඩසටහනක්. ඒක නිකමට ඉතිං මතක් කරන්න හිතුනේ මේ මිනිස්සුන්ගේ වෙහෙස දැක්කම. එහෙනම් අම්මගෙයි දුවගෙයි බල අරගලයක රුදුරු දසුන් ඔබට බාරයි

ප.ලි: අන්තිම කොටස නම් ඉක්මනට දෙන්න වෙන්නේ නෑ. තව සුමානයක්වත් යාවි විභාග කටයුතු දීල තියෙන නිසා. කොහොමින් හරි උපරිම උත්සාහය යොදල ඉක්මනට අන්තිම කොටසත් අරගෙන එන්නම්. තරහ අවසර.

” සුදු මිනිසුන් වූ ඔබගේ මළගිය ඇත්තෝ මරණයෙන් පසු,
තම උපන් බිම අමතක කොට දෙවි ලොව සැරි-සරති.
මහපොළව රතු මිනිසාගේ මෑණියන් වන බැවින් අපගේ මලගිය ඇත්තෝ
මේ සුන්දර මිහි තලය අමතක නොකොට මෙහිම රැදෙන්නෝය.
අපි මිහිතලයේ කොටසක් වන්නේය. “

රතු ඉන්දියානු නායක,
– සියැටල් –

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BlueRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,134 downloadsDownload Dynasties.S01E04-Painted.Wolf_.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,134 downloadsDownload Subtitles22 KB

20 comments

  1. buddikakb

    ස්තූති සබට විමා අයියා

  2. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    පුළුවන් ඉක්මනට අන්තිම කොටසත් ගේමු...

  3. Kulanjana Maduranga

    subata thanks saho....

  4. malithmadhushan45

    බොහොම ස්තුතියි විමා අයියේ සබ් එකට
    අඩ්මින් කෙනෙක්ගෙ නිසා කොහොමත් බලන්න ඔනේ

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  8. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහො....

  9. Nadeesha rox alahakoon

    Tnx bro.me tika num fttama watinawa

  10. Udara Damith Dissanayaka

    ammo awurudu dekak gihind ameka rugatha karanda

  11. suranuwan

    thanks...

  12. sanath

    Thanks

  13. sujithj

    Thanks mchn

  14. sriyanga

    Sub ekata thanks machan. EP05 ekata sub nadda?

  15. Psujithj

    machn 5 epiyata sub naddaa?

  16. Prasanna P Epitawaththa

    මේ වගේ documentary files බලන අය අඩු වුනාට වටිනාකම දන්න අයත් ඉන්නවා සහෝ……..

  17. mangalaP

    Thank you.

  18. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි

  19. Waruna Kamalawansha

    මේ කතා මාලාව සුපිරි.. බොහෝම ස්තූතියි....

  20. Buddhika laKMal

    ස්තූතියි විමා සහෝ උපසිරැසියට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.