Watch Trailer

Elementary [S02 : E22] | ලැයිස්තුව. [සිංහල උපසිරැසි සමඟ]

අද කතාවේ මට නියමිත වෙලා තියෙන්නේ පෙර කතාංගයේ සබැඳියක්. අද කතාවේදී පැහැරගත් වොට්සන්ව බේරා ගැනීමක් තමයි සිදු කරන්න තියෙන්නේ. පෙර කතාවේදී වොට්සන් විසින් මයික්‍රොෆ්ට්ගේ ඩයෝජනීස් අවන්හලේ හිටපු සැකකටයුතු මිනිහෙක් පස්සෙන් ගිහිල්ලා වොට්සන් එයාලගේ අතටම අහුවුනා. එතැනදී පැහැරගත්තු වොට්සන් පොලිසියට වැඩ කරන කෙන…

elementary
අද කතාවේ මට නියමිත වෙලා තියෙන්නේ පෙර කතාංගයේ සබැඳියක්. අද කතාවේදී පැහැරගත් වොට්සන්ව බේරා ගැනීමක් තමයි සිදු කරන්න තියෙන්නේ. පෙර කතාවේදී වොට්සන් විසින් මයික්‍රොෆ්ට්ගේ ඩයෝජනීස් අවන්හලේ හිටපු සැකකටයුතු මිනිහෙක් පස්සෙන් ගිහිල්ලා වොට්සන් එයාලගේ අතටම අහුවුනා. එතැනදී පැහැරගත්තු වොට්සන් පොලිසියට වැඩ කරන කෙනෙක් කියලා දැනගෙන මරන්න සූදානම් වෙනවා. නමුත් මයික්‍රොෆ්ට් ඒක ගොඩින් බේරගන්න හැදුවත් එයාලා කැමති වෙන්නේ නෑ. මේක නිසා මයික්‍රොෆ්ට්ට ඒ වෙනුවෙන් යමක් සිදු කරන්න වෙනවා.

ඔයාලා දන්නවා ඇති ස්විස් බැංකු ගැන. මේ ලෝකේ මොනයම් බැංකුවක අපි මුදල් තැන්පත් කලත්, එම රටේ අධිකරණ හෝ වෙනත් ජාත්‍යන්තර බලතල යටතේ සේවාදායකයාගේ වත්කම බැංකුවට හෙලිදරව් කරන්න වෙනවා. දේශීය පුරවැසියෙකු නම් තමුන්ගේ වත්කම් රජයට හෙලිදරව් කරන්න සිදු වෙනවා. ඒත් ඒකෙන් හොරට මුදල් හොයන අයගේ හොර අහුවෙනවා. මේක නිසා තමයි ස්විස්ටර්ලන්තේ බැංකු වල මුදල් දාන්නේ. මෙවායේ මුදල් තැන්පත් කලොත්, මොන හේතුවක් නිසාවත් කාටවත්ම සේවාදායකයාගේ තොරතුරු ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඔය ඉතිං කාගේ කාගෙත් ප්‍රසිද්ධ අයගේ කිල්ලෝට වල තියෙන හුණු පුරවන්නේ මේකට තමයි. මේක නිසා කවුරුවත් මේවා ගැන තොරතුරු ලබා ගන්න උත්සාහා දරන්නේ නෑ. ඒ වගේම තමයි ඒ තොරතුරු ලබා ගන්නත් බෑ. කොහොම නමුත් මේ වගේ ස්විස් බැංකුවක නව උප ප්‍රධානියෙක් පත් වෙනවා. මෙයාගේ නම තමයි නෝර්මන් කියන්නේ. කාටවත් ස්විස් බැංකු පාරිභෝගිකයින්ගේ තොරතුරු ලබා ගන්න බැරි වුනත් උප ප්‍රධානියා, ප්‍රධානියා වගේම සීමිත පිරිසකට විතරයි මේ තොරතුරු ලබා ගන්න පුළුවන්. නමුත් ඒවා ප්‍රසිද්ධ කරන්න බෑ. ඒත් මේ නෝර්මන් කියන කෙනා විසින් දහස් ගණනක් වුනු ප්‍රසිද්ධ ධනවත් පෙලේ ස්විස් බැංකු තැන්පත්කරුවන්ගේ නම් වගයක් සහ ඔවුන්ගේ වත්කම් තොරතුරු ඩවුන්ලෝඩ් කරගන්නවා. පස්සේ මෙයා ඒකෙන් හැංගෙනවා. මේක නිසා නෝර්මන් කියන්නේ ස්විස් බැංකුවට විතරක් නෙමෙයි, දහස් ගණනක් තැන්පත්කරුවන්ට අවශ්‍ය අන්දමේ මිනිහෙක් බවට පත් වෙනවා. (අවශ්‍ය වෙනවා කියන්නේ එයාගෙන් ප්‍රයෝජනයක් ගන්න නෙමෙයි. එයාව මරන්න) ඒ වගේම තමයි NSA එකටත් මේ දත්ත ඕනේ වෙලා. මොකද කිව්වොත් කවදාවත් පිට නොවෙන ස්විස් බැංකු වාර්ථාවක් අතට ගන්න එක ඉබි පිහාටු හම්බුනා වගේ වැඩක් නිසා. අන්න ඒ වගේ මේකේ තැන්පත්කරුවෙක් තමයි වොට්සන් වෙනුවට ඒ නම් ලැයිස්තු ටික ඉල්ලන්නේ. මේක නිසාවෙන් මයික්‍රොෆ්ට සහ ශර්ලොක් හෝම්ස් දෙන්නට මේ ලැයිස්තුව හොයාගෙන වොට්සන්ගේ ජීවිතේ බේර ගන්න ලොකු වෙහෙසක් දරන්න වෙනවා.

==================================

ඒ වගේම කියන්න ඕනේ මේ කතාවට අදාල නැති වුනත්, මීට කලින් මගේ 100 වෙනි උපසිරැසිය නිකුත් වුනා. කිව්වත් වගේ ඒකට විශේෂ ලිපියක් තිබුණේ නෑ තමයි. මේකෙන් ඒක සපුරන්න බැරි වුනත් පොඩි සඳහනක් කරලා යන්න හිතුනා. The Mentalist කතාවම දිගට ගහපු නිසාවෙන් මම ඒකෙන්ම තමයි මගේ උපසිරැසි ගණනය කරන්න යෙදුනේ. ඉඩ තියෙන වෙලාවන් බලලා උපසිරැසි එක්ක ලිපි සම්පාදනය කරලා මම කලින්ම ඒවා සැපයුවා. ඒක නිසා කොහෙත්ම මෙච්චර කලින් 100ක් බලාපොරොත්තු වුනේ නෑ. කොහොම නමුත් Elementary කතාවට වහ වැටුනු කිහිපදෙනෙක් මට කිව්වා, “අනේ බං ශර්ලොක් ලොක්කා මගට වෙලා දුක් විඳිනවා, පොඩි තල්ලුවක් දීපං” කියලා. ඔන්න ඉතිං ඒ තල්ලුවට උර දෙන්න පටන් ගත්තට පස්සේ සුපුරුදු උපසිරැසි කිහිපයට අමතරව තවත් කිහිපයක් මගේ එකවුන්ට් එකට වැටුනා. ඒ වගේම තමයි The Mentalist කතා මාලාවේ අළුතින් 7 වෙනි සමයත් ප්‍රකාශයට පත් කරපු කාලයට කලින් විකාශය කරන්න යෙදුනා. අන්න ඒ හේතු නිසා තමයි අනපේක්ශිත උපසිරැසියකින් 100 වාර්ථා කරන්න ලැබුණේ.

කොහොම වුනත් මගේ උපන්දිනේට කලින් දවසේම ඒකත් දුන්නා. හැමදාම බැරි වුනත් ඒ උපසිරැසියට අදහස් දක්වපු වගේම මට සුබපතන්න එක්වුනු හැමෝටම ස්තුතියි. මෙච්චර ගමනක් ආවේ අදහසක් දක්වපු ඔයාලා නිසාම තමයි. ඒක නිසා කියන්න වදන් නෑ. කොහොම වුනත් උපසිරැසි වැඩේට බහින්න තරමක හේතුවක් වුනේ , ඉංග්‍රීසි බැරිකමත්, අධික ලෙස ඉංග්‍රීසි සිනමාවට ඇති ආශාවත් සහ සිංහල ටයිප් කිරීමට ඇති නොහැකියාවත්. ඕනේම දෙක වුනු ඉංග්‍රීසි හැකියාවයි, සිංහල ටයිප් කිරීමයි නැතිව මම කොහොමද මේක කලේ කියලා අහන්න එපා. 😉 ඒවා බැරිකමට ඉගෙන ගන්න ඕනේ නිසා තමයි මම මේක කරන්න පටන් ගත්තේ. දැන් ඇත්තටම කිව්වොත් මම මේකට ඇබ්බැහි වෙලාම ගිහිල්ලා. 🙂 හැබැයි ෆේස්බුක් වලට ඇබ්බැහි වෙනවට වඩා බොහෝම සුප්‍රයෝජනවත් සොඳුරු ඇබ්බැහිවීමක් තමයි උපසිරැසිකරනය කියන්නේ. ජීවිතේට යමක් ගන්න පුළුවන්, තමුන්ගේ මහන්සියට තැනක් සහ නමක් ඉතිරිවෙන හොඳ විනෝදාංශයක්.

අද පොඩ්ඩක් වැඩිපුර ලියවුනා. ඒත් හැමදාම එහෙම නෑ නේ. මම පොඩ්ඩක් ලිපි ලියන්න කම්මැලියි. ඒත් අද හිතේ තියෙන අදහස් ටිකක් මම හෝස් ගාලා ලියලා දැම්මා. එහෙනං කතාව බලන අයට කතාව රසවිඳින්න කියලා ඇරයුම් කරන ගමන්ම මීලඟට දෙවැනි සමයේ අවසාන උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

ආවඩා -ආයු -බෝ -වේවා !!!

10850457_10152720098004843_998098604_n

Elementary (2012) on IMDb

 

 

126 MB කොපිය මෙතනින් බාගන්න

5282710e92abcdce47f6450fa56ac72656ea4f9c

194 MB කොපිය මෙතනින් බාගන්න

c9d2317e24a2d7c424e5105239f896ece2293777

3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න

830172fc56f2a4c9fbd87460d26e3e73799b2101 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,210 downloadsDownload Elementary.S02.E22.zip113 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,210 downloadsDownload Subtitles113 KB

51 comments

  1. shan jayarathe

    Thanks mchn...

  2. R.D

    Thanks man.Ela kollek thama ithin.........

  3. නීල නේත්‍ර

    100 වැනි උපසිරසියට උණුසුම් සුබ පැතුම්.... දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා.... ඒ හැමදේටම කලින් කියන්න ඕනෙ බොහොම පින් මේකට තල්ලුවක් දුන්නට... ජයවේවා

  4. ඉසුරු අකලංක

    niyamai bro:) suba pathum!!! idhiriyatama karagena yanna hekiyawa laebewaa!

  5. me

    Thanks and keep up the good work :)

  6. Samith Bandara

    thnx &amp; good luck.

  7. Sanjaya

    Thanks bro.... :)
    100 ta subapathum
    !!..Jaya Weva..!!

  8. තිසර නියෝ

    නියමයි
    උණුසුම් සුබ පැතුම්
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. chathu

    thax machan.... godak asawen api balana katawak meka... :)

  10. Kulanjana Maduranga

    suba pathum PRANEETH saho.....digatama sub denn shakthiya labewa....jayen jaya........

  11. #YasmikaSH

    බොහොම ස්තුතියි සහෝ අපි වෙනුවෙන් කැපවන ඔයාගේ මහන්සියට.
    ඒ වගේම ඔයාගේ100 වෙනි උපසිරසි නිර්මාණයට හදවතින්ම සුබ පතනවා

  12. gayan

    100 වැනි උපසිරසියට උණුසුම් සුබ පැතුම්…. දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා…. ඒ හැමදේටම කලින් කියන්න ඕනෙ බොහොම පින් මේකට තල්ලුවක් දුන්නට… ජයවේවා

    ela

  13. D.chamar

    thanks sahoo
    mama suba pathanwa thwath me wagema ediriyatha karagena yamoo

  14. Hiran Sharanga Amarasinghe

    100 weni upa sirasiyata Suba Pathum.....!
    A wagema mee sub 1 tath godak pin.. :)

  15. praveen

    Ela mchn thnx sub 1ta... Congratulations 100 sub 1ta.. The originals 1th Maga hitala.. Puluwnnm kauruhari eakata sub1 dennna......jaya wewa !!!!!!

  16. Iresha

    සුභ පැතුම්,,,! (Y)

    දැන් මේ දීලා තියෙන්නෙ ටොරන්ට් එක 22 ද 24 ද යාළුවේ...

  17. mkr

    well done bro................

  18. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    කොල්ලට හරියට සුබ පතන්න බැරි උන නිසා ආයිත් කොමෙන්ටුවක් දාන්න හිතුනා.
    මුලින්ම සුබ උපන්දිනයක් පතනවා. ! &lt;3
    ලොකු වැඩක් පටන් අරගෙන පට්ට විදිහට කරගෙන යනවා.
    හැබැයි කොල්ලො Mentalist වැඩේ ඉවර කරලා මේ කොටි වලිගේ අතාරින්න එපා.
    ජය වේවා. !

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      කොටියෙක් නම් බැරියැ.
      එක පැත්තකින් මහ කොටියෙක්.
      අනිත් පැත්තෙන් පොඩි කොටියෙක්.

      කොටි දෙන්නෙක් අල්ලගෙන.
      පිට කහගන්නවත් අතක් නෑ.

  19. ..::දුලාජ් නලින්ක::..

    Bohoma sthuthi sahosabata.ඔබ සැමට ජයෙන් ජය

  20. ශාන් විමුක්ති [විමා]

    හැප්ප..
    තව සීයෙක්..
    එලමෙන්ටරි සිසෝන් 1 බැලුවට සිසෝන් 2 බලන්ට බැරිවගියා තවම
    වෙලාවක් ලද විගසම බලන්නම්කෝ
    එහෙනම් සහෝ සියවෙනි උපසිරසට සුභපැතුම් ප්‍රණීත් සහෝ
    මං හිතන්නේ ලගදීම 150 කණ්ඩායමේ කෙනෙක් බවට පත්වෙයි නේ
    ජයෙන් ජය!

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      150 වෙනකොට මම ආච්චි වෙලා තියේද දන්නේ නෑ...
      ;)

  21. හසන්ත

    පස්සේ දැක්කේ තවත් සීයෙක් ඇවිල්ලා කියලා. මම නම් තාම ප්‍රණීත්ගේ කිසිම සබ් එකක් බලල නැහැ. ඒකට හේතුව ප්‍රණීත් කරන ටීවී සීරිස් දෙකම මම බලන්න පටන් ගත්තේ නැති නිසා. බලමු ඉස්සරහට වෙලාවක් ලැබුනොත් බලන්නම්. කොහොමෙන් කොහොම හරි දැන් සීයා උන එකේ සුබ පතන්න කියලයි මේ ආවේ. ඔන්න එහෙනම් සුබ පැතුම්!!! කොහොමත් මේ කරන ටීවී සීරිස් දෙක ඉවර වෙනකොට සීයා දෙසීයා වෙලා ඉඳි මගේ හිතේ. එහෙනම් ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා සහ ජය වේවා කියලා සුබ ප්‍රාර්ථනා කරනවා.

  22. #ChalinduDeshan (කිනා)

    එල මචං එල.
    හසා කිව්වා වගේ මාත් තාමනං ඔය දෙක බලලා නෑ.
    ඉස්සරහට බලන්නනම් හිතාගෙන ඉන්නවා.
    කොහොම උනත් ශතක ලාබීන් ගොඩට එකතු වුන එක ගැන සතුටුයි.
    ඉක්මනටම 150ත් ගහමු.
    ජයමවේවා!

  23. Ama

    100 වැනි උපසිරසට උණුසුම් සුබ පැතුම්!!!!!

  24. madusanka

    jaya wewa dahodaraya. digatama karagena yanna shaktiya wasanawa labenna kiyala prarthana karanawa.

  25. CyberJayn

    Super kollo!

  26. sajeevi

    thanks

  27. “චූටී මල්ලි”

    දැන් තමා නෙහ් ඔයා
    පිලිගත්තෙ නිළ වශයෙන්
    "ඔව් මන් 100 ගැහුවා කියලා"
    අපි නම් ඕඉන් කලින්ම සුභ පැතුවා
    බෑ බෑ එහෙම කියලා බෑ ආයිත් පතන්න ඔනි ඉක්මනටම දෙසීයා කෙනෙක් වෙන්න කියලා
    අනිවා මචන් මේක නියම විනෝදාන්ශයක් තමා
    දිගටම සබ් කරන්න
    සබට තුති
    ඔබට ජය...........

  28. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. කලින් එකට ඔන්න අදම විෂ් කළා. තව එකක් ඔයාගෙන් ආවහම මේකත් ඉවරයි. ෂර්ලොක් අයියා සතුටු වෙයි මේක ඇදල දීපු එක ගැන. ජය෴෴ :P :P

  29. Tharuka

    Amme kollata Siyak Aayu Lebewa...! :)

  30. samila

    pattai saho......................................................................:) ☺

  31. sindu

    ඔයානම් පස්ටයි සහෝ double century ගහමු හොදේ.........................!
    අපි උපරිම සප් එක දෙනව.

  32. Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  33. Amilaya

    Supiri wada bro....

  34. Hiran Sharanga Amarasinghe

    Suba pathum... Habai bro oyage sub nam pattama parakkui... Man dawasata keepa paarak awith balanawa Elementary sub daalada kiyala.. Bro tath weweekayak nathiwa athi thamai. Ath sub 1 denakam sathiyak hamaarak balan inna bariyo...

  35. pradeep

    good luck saho.........!!!

  36. Dhanushka

    Subapethum

  37. Ruwan

    ප්‍රණීත් සීයෙ.... මක්ක කියන්නද ඉතිං.. ඔන්න සුබ පැතුම් 100ට වගෙම අළුත් අවුරුද්දටත්!

  38. Ranil srimal

    නියමයි කොල්ලෝ..
    කාලෙකින් අඩවිය පැත්තේ එන්න බැරිවුනා, වැඩ වැඩි නිසා.
    ආවට පස්සෙයි දැක්කේ, කොල්ලා 100 ක් ගහලා කියලා.
    එළ ආ.. එහෙනම් සීයාට, ඉක්මනට දෙසීයා වෙන්න ලැබේවා. :) :)
    මගේ උණුසුම් සුභ පැතුම් ඔයාට.
    තව පොඩ්ඩෙන් අමතක වෙනවා. සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!

  39. Amalka

    100 වෙනි උපසිරැසියට උනුසුම් සුබ පැතුම් ඉක්මනින් 150ත් කරන්න

  40. lakshan

    100 වැනි උපසිරසියට උණුසුම් සුබ පැතුම්

  41. Saman

    Ela Bro. niyamai. puluwan tharam ikmanata mentalist ithuru tikath karanna shakthiya dairyaya labewa kiyala prarthana karana gaman subapathanaw aluth awruddath subama suba wewa kiyala.

  42. හර්ෂ ලහිරු

    100ට උණුසුම් සුබ පැතුම් :D
    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  43. Sohan jayasuriya

    Ela saho..150 nemei 200 gahamu...thawa thawati idiriyta yamu..jaya weva!!!

  44. සඳුන් ආර් විමලවීර

    අනේ සහෝ තරහා වෙන්න එපා හැමදාම විශ් නොකලට.....
    මම සයිට් එකට එන්නේ එහෙන් මෙහෙන් වතාවක්....
    100 ගැහුවා කියන්නේ ඉතින් පට්ට.....
    150ක් නෙමේ,200ක් නෙමේ,400ක් නෙමේ....
    500ක්ම ගහමු හොදේ ඉක්මනින්

  45. සමීර කරුණාරත්න

    අප්පච්චියේ මේක අපේ මෙන්ටලිස් කොල්ලාගේ 100 වැනි සබ් එක නේද.. සමාවෙන්න ඕනේ මේක දීලා අවුරුද්දක් විතර පහු වුනාට ස්තුතියි කරන්න... මේ වැඩේ ලේසි නැති විත්තිය ඉතින් කියන්න ඕනේ නැහැ නේ, ඊට අමාරුයි නේ මේකා තෝරාගන්න සබ් ඔක්කොම එක්කෝ පිස්සු කොර ඔලුව විකාර වෙච්ච උන්ගේ කතා, දෙන්නම කියවනවා මෙලෝ යකෙක්ට නොතේරෙන දේවල්.. ඉතින් එහෙම ඒවා අපිට තේරෙන්න මෙහෙව් කට්ටක් කාල සිංහලෙන් ගෙනාවට බොහොම පින් කොල්ලෝ.. 150 සබ් එකට මේ වගේම වසරක් පහු වෙලා හරි සුභ පතන්න බලා ඉන්නවා ඔන් !!! ජයෙන් ජය වේවා !

  46. දසන් බුද්ධික

    නියමයි නියමයි සහෝ........... තුති කරන්න නම් පරක්කු උනා.... ගොඩක් කාලෙකින් ආපු ආවෙත්... නියමයි නියමයි සහෝ.... දිගටම උපසිරසි කරන්න ලැබේවා.....
    සුබපැතුම්......
    ඔන්න ගත්තා සහෝ.... උපසිරසියට බොහොම තුති... ජයවේවා...........!!! දිගටම කරගෙන යමු.... ජය...!!!

  47. Don Herman

    උපසිරසි 100ක් දුන්නාට, මගේ ස්තුතිය පිරිනමමි. ඔබට ජය සහ සතුට පතමි.

  48. prabhath

    thanks praneeth saho

  49. ricadodamien

    congratulations on your 100 subs &amp; u guys are doing a great work, Thank You pranith brother &amp; Baiscope Team For The Sub, All The Best To Baiscope Team.............