එහෙනන් ඔන්න අද මේ කතා මාලාවට මම සපයන අවසන් උපසිරසියත් අරගෙන ආවා. තවත් එක් කොටසකින් මේකෙ දෙවෙනි කතා සමය අවසන් වෙනවා. මේ කොටස මීට කලින් ලබාදීපු 21 සහ 22 කොටස්වල ඉදිරි දිගහැරුමක්. පොඩි මතක් කිරීමකින්ම පටන් ගනිමු. ෂර්ලොක්ගෙ සහෝදරයා මයික්‍රොෆ්ට් නැවතත් නිව්යෝක් නගරයට එනවා. ඒ එන්නෙ වොට්සන් ගැන අදහසකුත් හ…
එහෙනන් ඔන්න අද මේ කතා මාලාවට මම සපයන අවසන් උපසිරසියත් අරගෙන ආවා. තවත් එක් කොටසකින් මේකෙ දෙවෙනි කතා සමය අවසන් වෙනවා. මේ කොටස මීට කලින් ලබාදීපු 21 සහ 22 කොටස්වල ඉදිරි දිගහැරුමක්. පොඩි මතක් කිරීමකින්ම පටන් ගනිමු. ෂර්ලොක්ගෙ සහෝදරයා මයික්‍රොෆ්ට් නැවතත් නිව්යෝක් නගරයට එනවා. ඒ එන්නෙ වොට්සන් ගැන අදහසකුත් හිතේ තියාගෙන. මයික්‍රොෆ්ට්ගෙ ඩයෝජිනිස් අවන්හලට එන අමුත්තෙක් ගැන ෂර්ලොක්ට සැක හිතෙනවා. මේ අමුත්තා පස්සෙන් යන වොට්සන්ව ඔවුන් විසින් පැහැර ගන්නවා. ඇයව බේරගන්නනන් ස්විස් බැංකු ගිණුම් ලැයිස්තුවක් සොයාදෙන්න ෂර්ලොක්ට සිදුවෙනවා. කෙසේ හෝ MI6 එකේ මැදිහත් වීමෙන් මයික්‍රොෆ්ට් වොට්සන්ව බේරගන්නවා.
අද කතාව තමයි මේ කතා මාලාවෙ වැදගත්ම කොටස. මොකද මෙතෙක් කලක් සැඟවිලා තිබුණු රහස් කිහිපයක්ම අද කතාවෙදි හෙළිවෙනවා. ආරම්භයේදි MI6 එකෙන් ෂර්ලොක්ට බාරදෙනවා ඔවුන්ගෙ හිටපු විශ්ලේෂකයෙක්වන ආතර් වෙස්ට්ගේ මරණය ගැන පරීක්ෂණයක් කරන්න. මෝචරියට හොරෙන් ඇතුළුවන පිරිසක් ආතර්ගෙ මළසිරුරේ අත් දෙක හොරෙන් රැගෙන යනවා. ඒ වගේම ආතර්ගෙ හිටපු බිරිඳ පොලීසියට බොරු කටඋත්තරයක් දී ඇති බවත් හෙළිවෙනවා. ඇය පසුව ෂර්ලොක්ගේ උදව් පතා පැමිණෙනවා. ෂර්ලොක් ආතර්ව නොදැන සිටියත් ඔහු ෂර්ලොක්ව හොඳින් දන්නාබව ඇය කියනවා. ආතර් වෙස්ට්ගේ මරණයේ අභිරහස කුමක්ද? ඔහුගේ අත් දෙක සොරුන් රැගෙන ගියේ ඇයි? ඔහුගේ බිරිඳ බොරු කිව්වේ ඇයි? මයික්‍රොෆ්ට්ට වොට්සන්ගේ ආදරය හිමිවෙයිද? මයික්‍රොෆ්ට් මෙතෙක් කලක් සඟවාගෙන සිටි රහස කුමක්ද? ආතර් වෙස්ට් ෂර්ලොක්ව දන්නේ කෙසේද? මේ සියල්ලටම පිළිතුරු අද කතාවේදී ලබාගන්න පුළුවන්. මෙය අවසන් තත්පරය තෙක්ම කුතුහලයෙන් පිරුණු කොටසක්.
මේ කතා මාලාවට ලියන අවසන් ලිපිය නිසා අවසන් වශයෙන් කිවයුතු දේවල් වගයක් තියෙනවා. දීර්ඝ කාලයක් තිස්සෙ නවතිමින් ගලාගෙන ආපු මේ කතාවට තල්ලුවක් දෙන්න හිතාගෙන 7වෙනි කොටසෙන් පටන් ගත්තු වෑයම කොටස් 18ක් දක්වා රැගෙන යන්න අපිට හැකිවුණා. නොවැම්බර් 3 වෙනිදා ආරම්භ කරපු මේ ක්‍රියාවලිය මාස 2කට අඩු කාලයකදි අවසන් කරගන්න හැකිවුණා. ඒ සඳහා අපිට ශක්තියක් වුණු අදහස් දක්වපු ඉතාම සුළු පිරිසට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනෙ. ඇරෝ වගේ කතා මාලාවකට ලැබෙන ප්‍රතිචාර එක්ක බැලුවහම මේකට ඒකෙන් 10%ක තරම්වත් ප්‍රතිචාරයක් ලැබෙන්නෙ නෑ.ඒක දෙවෙනි අදියරට විතරක් නෙමෙයි තුන්වෙනි අදියරටත් පොදු කාරණයක්.
සීසන් 3 එකත් ප්‍රමාද වෙන්න ඒක ලොකු හේතුවක් වෙන්න ඇති. මොකද මේ කතාවට සබ් දාන එක සෑහෙන බරපතල වැඩක්. බලන එකත් ඒ වගේ තමයි. නමුත් ඊට සාපේක්ෂව ලොකු තල්ලුවක් නොලැබුණොත් මේක එපාවෙන එක පුදුමයක් නෙමෙයි. හැබැයි කොහොමහරි ප්‍රණීත් රණසිංහ සහෝදරයාගෙ සහයෝගයත් එක්ක මේ වැඩේ මෙතෙක් කල් කරගෙන යන්න ලැබීම ලොකු දෙයක්. මේ වගේම මීටත් වඩා ප්‍රතිචාර අඩු කතාවකට සබ් දානගමන් මේකටත් කාලය වැය කරපු එක ගැන ඔහුටත් ස්තූතිවන්ත වෙනවා. එහෙනන් අවසන් කොටසත් නරඹන්න ආරාධනා කරමින් සමුගන්නවා. ජයවේවා!!!
8939ad1282e2d28cc2f197205b20bdbf4b4ee28e
3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න
830172fc56f2a4c9fbd87460d26e3e73799b2101 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,177 downloadsDownload Elementary.S0-2E23.baiscopelk.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/ඉසුරු-අකලංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු අකලංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු අකලංක
Subtitles
55 comments
kushan charith
ඉසුරු අකලංක
welawak hambaweida danne nae bro. Balamuko.
Saluwa
බොහොම ස්තුතියි ඔබගේ කැපවීමට, ප්‍රතිචාර අඩුයි කියන්නත් බෑ. සයිට් එකට ඇවිත් නොගත්තට, හුඟ දෙනෙක් බලනවනේ, මගෙන්ම අරගෙන යනවා 10, 15 ක් විතර. නිකං :-D
kalana
thanks bro.මේ series එකට sub දෙන එක නවත්තන්න එපා.දිගටම දෙන්න
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!...:::දුලාජ් නලින්ක:::...
බොහෝම ස්තූතියි...සහො අතර මග නැවතිලා තිබ්බ, මේ tv series එකට සබ් දුන්නට බොහෝම ස්තූතියි ඔබ සැමට ජය....
නීල නේත්‍ර
පණ ඇද ඇද තිබ්බ කථාමාලාවකට ජීවය දීලා දිගටම රැගෙන ගියාට තුති. මෙකට උපසිරැසි නගන්න ගන්න වෑයමත් එක්ක සසදනකොට ලැබෙන ප්‍රතිචාරනම් සෑහෙන්න අඩුයි තමා.. ඒක සිරිලංකාවට ආවේනික ගතියක්ද මන්ද ප්‍රතිලාභ ලබන අය වැඩියි , ප්‍රතිචාර අඩුයි.... අධෛර්‍යමත්වෙන්න එපා.. දිගටමකරගෙනයන්න... ජයවේවා...!!!
ඉසුරු අකලංක
kattiyagema adhahas walata thnx.
D.chamar
thank sahoo oyalage wade api ehalinnam agaya karannawa thanks
Hiran Sharanga Amarasinghe
Comment adui kiyala hithanna epa saho.. Balana keepa denaa meeka Asaawen balanawa. Mata nam arrow epa una. Meeka ahema naa shook film 1. Man dawasata keepa sarayak baiscope site 1 ta awith elementary 1ta sub awillada kiyala balanney mee series 1 ta thiyena Asaawa nisaamai.. Godak pin bro sub 1ta... Jaya wewa.....!
DSA
meke 24k thiyenwane episodes ?? ne ???
ඉසුරු අකලංක
ow. e sub ekath ikmanata hambawey.
Danuka Deshan
yeah , ikamanata denna please
අතිගරු ජෑම්පාන් දෙකේ දෙක
2016 ත් වෙලා , එත් තාම දාල නැ නේ ?? මට මේක ලැබුනේ ලගදි, ඉන්ග්ලිෂ් සබ එක්ක යාළුවෙක්ගෙන් ලැබුණු ටීවී සීරියස් එක බයක් හැකක නැතිව උස්සන් ආවේ අනිවා බයිස්කොප්පේ සබ ඇති කියන විස්වාසෙන් :D ඊ වගේම මන් හරි , මන් දැක්ක උපසිරස පරිවර්තනය කරපු කිහිපදෙනාම අනෙක් ටීවී සීරියස් එක්ක බලද්දී මේකට ප්‍රත්චාර ගොඩක්ම අඩුයි කියලා , අනේමන්දා , හැබෙයි කොමික් වලට කැමති ගොඩදෙනෙක් අතරේ මේවගේ ටිවිසිරියස් බලන අයනම් අඩුයි තමා , මන් හිතන්නේ ,,,, 24 එපිසෝඩ් එක ගැන උපසිරස පරිවර්තනය කරලා නැති එක ගැන දුක් වේවි ඉන්නකොට තමා අහම්බෙන් මේ කමෙන්ට් එක දැම්මේ , පුලුවන්නම් 24 එපිසෝඩ් එකට උපසිරස පරිවර්තනය කරලා දෙන්න කියල ඉල්ලාසිටිනවා ..... ,,, සීසන් 3 එකෙත් එපිසෝඩ් 19ක් යනකන් උපසිරස දීපු එකේ දෙවන සීසන් එකේ අන්තිම කොටසට උපසිරස ලබාදෙන්න අතපසු කලේ ඇයිදැයි යන්න තමා මගේ ලොකුම ප්‍රශ්නේ , කොහොම උනත් අයෙත් ඉල්ලා සිටින්නේ පුලුවන්නම් ඉක්මනට 24 කොටසට උපසිරස ලබාදෙන්න කියලා :) මොකද මට ඉවසිල්ලක් නැ දන්නා සිංහලෙන් මයික්රෝෆ්ට් බොරුකරයෙක්ද , වොට්සාන්ගෙයි මයික්රෝෆ්ට් ගෙයි සම්බන්දෙට ෂර්ලොක් මොකද කියන්නේ කියලා දැනගන්න වගේම සීසන් 2 අවසානය කොයි වේද කියලා දැනගන්න :)
අතිගරු ජෑම්පාන් දෙකේ දෙක
ආ ආ සමාවෙන්න , යටම තිනවනේ 24 එපිසෝඩ් එකේ උපසිරසත් ^_^ බොහොම ස්තුති , කලින් හොයාගන්න බැරි උනා නේ
DCD Weerawardhana
Thank you bro... :-)
Danuka Deshan
Mr.Isuru Akalanka can u tell us a exact date for the next sub pls..because i can't wait that much.... :(
ඉසුරු අකලංක
I cant say that exactly. bcoz im not the one who is going to provide subtitle for that epi.
Saluwa
ලැජ්ජා නැද්ද බං කඩ්ඩෙන් ටෝක් දීලා සිංහල සබ් ඉල්ලන්න?
chathu
Thank you bro… ...... :)
Malith
Thank you bro, keep it up.. nawaththanna epa...
chandima
thank yaluwa.apita digatama meke sub ona.
Iresha
බොහොම ස්තුතියී යාළුවේ... මේක ගොඩක් ආසවෙන් බලන කතා මාලවක්,,,
Kulanjana Maduranga
Thankzzzzzzzzzzzzzzzzzzz………………… saho meka adagena awata.....ISURU saho wgema PRANEETH saho athululu me series 1ta sub depu hama saho kenekutama godak isthuthi.... comment adu una kyla nosali idiriyatath sub denn...e wgema meke 3rd season 1tath sub digatama denn..aharinna epa...jayen jayama wewa.............
Deshan
Ela
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !sajeevi
thanks
Hirushaan
Thanks... Ela wedak.. Jaya wewa...
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
හ්ම්ම් එල
සබට තුති
ඔබට ජයCrazy anu
machan uba niyameta wede karanwa..digatama ohoma karanna...arrow wage nowunata mekath supiri kathaawak...api innwa ubala ekka (y) jaya wewa
Suranjaya P
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:
බුදු සරණයි.. !!!harsha
yaluwa sub dana eka nathara karanna epa ubala hindai api me deewal balannne
ediriyatama yaman api ennawa ubala ekkaරොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lahiru
thanks! kawuru monawa kiwwath man godak aasaawen balana series ekak.. machchra kal su dunnata thanks!
me
Thanks
harsh
මේ කතා මාලාව නරඹන ඕනෑම කෙනෙක්ට වැටහෙනවා උපසිරැසි යොදන්න කොච්චර මහන්සියක් වෙන්න ඕනෙද කියලා. ඒ මහන්සියට ගොඩාක් ස්තූතිය සහෝ. ඔයාලගෙ හැම කටයුත්තක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජයවේවා..!
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!dilshan
:)
dilshan
මහන්සියට ගොඩාක් ස්තූතිය සහෝ. ඔයාලගෙ හැම කටයුත්තක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජයවේවා..!
Danuka Deshan
machan meke final sub ekath dennako please mokada eka balanakan iwasillak nha saho pls ikmanata ekath denna e wagema mechhara kal nawatthala thibba sub eka ai continue karata thank you !
ජයවේවා..!Neranjan Dee
elementary-s02-e24
sinhala sub kooooooooooooo??????????????????????????..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තූතියි සහෝ සබට.. ඔබ සැමට ජයෙන් ජය
jeewa
ස්තූතියි සහෝ.......දිගටම කරගෙන යන්න..... නියම වැඩක්. Elementary season 2 එකේ 24 කියල තවත් Epsoid එකක් තියනව නේද.......
podimalli
යා මාත් ඩවුන්ලෝඩ් කරා...
ඒ කොටස මග ඇරිලා
vimukthi
sinhala upasirasiyata bohomo sthuthi saho.jaya wewa!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
මදුශංක
ඇත්තටම ගොඩක් සතුටුයි යාළු ඔයාට මේ කතාවට සබ් ලබාදුන්නට ගොඩක් THANKS මොකද මම ගොඩක් අසාවෙන් බලපු කතාවක් මේක ඔයාට දිගටම මේ දේ කරන්න ශක්තිය ලැබේව කියල මම පතනවා ...........
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ.... උපසිරසියට බොහොම තුති... ජයවේවා...........!!! දිගටම කරගෙන යමු.... ජය...!!!
sampath
meke episod 24k thiyenawane ekata sub dennadda ekath denna
prabhath
thanks
robin
Keep it up bro
podimalli
මචං මේකෙ 24 කොටසකුත් ඇවිත් තියෙනවා...
පොඩ්ඩක් චෙක් කරලා බලපං..
Kickass Torrent එකේ තියෙනවා...
පුළුවන්නං ඒ කොටසටත් සබ් එක් දාපංKrishan
Okkoma epa una bro ara microft karaya araka keliyane bn aparade man balana hitiye holms karaya wede denakan 24episode ekatath sub ona bro
ricadodamien
Thank You isuru brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team..............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Elementary [S02 : E23] | ලේඋරුමයෙන් ආ කලාව. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/elementary.jpg)

thanks bro......Grimm tv series එකට sub දෙන්ඩකෝ..........