Watch Trailer

Elementary [S02 : E24] | අභ්‍යන්තරික ඔත්තුකරු [සිංහල උපසිරැසි සමඟ]

මයික්‍රොෆ්ට්ගේ ඩයෝජනීස් අවන්හලට ආපු සැකසහිත අමුත්තාගෙන් පටන් ගත්තු මේ ගින්න ලොකු ප්‍රදේශයකට ඇවිලිලා අවසානයි. පළමුව වොට්සන්ව පැහැරගෙන ඇයව බේර ගන්න හෝම්ස් මහන්සි වුණා වගේම, මයික්‍රොෆ්ට් විසින් තනිවම ඇයව බේර ගත්තා. පසුව ඒ අවස්ථාවේම ඔහුගේ ජීවිතේ වසන් කරගෙන හිටපු MI6 වෙනුවෙන් වැඩ කරන කෙනෙක් කියන රහසත් හ…

elementary

මයික්‍රොෆ්ට්ගේ ඩයෝජනීස් අවන්හලට ආපු සැකසහිත අමුත්තාගෙන් පටන් ගත්තු මේ ගින්න ලොකු ප්‍රදේශයකට ඇවිලිලා අවසානයි. පළමුව වොට්සන්ව පැහැරගෙන ඇයව බේර ගන්න හෝම්ස් මහන්සි වුණා වගේම, මයික්‍රොෆ්ට් විසින් තනිවම ඇයව බේර ගත්තා. පසුව ඒ අවස්ථාවේම ඔහුගේ ජීවිතේ වසන් කරගෙන හිටපු MI6 වෙනුවෙන් වැඩ කරන කෙනෙක් කියන රහසත් හෙළි වුණා. පසුව වොට්සන් මයික්‍රොෆ්ට් එක්ක තරහා වෙනවා. ඒ වගේම ශර්ලොක්ට MI6 වෙනුවෙන් ආතර් වෙස්ට් කියලා මැරුණු කෙනෙක් ගැන විමර්ශනය කරන්න ලැබෙනවා. ඒ ගැන විමර්ශනය කරන්න යද්දී ඔහුගේ මළසිරුරේ දෑත් කපාගෙන ගියපු බව දකින්න ලැබෙනවා. ඒ වගේම හෝම්ස්ට ඒ අත් දෙකේ තිබුණේ මොනාද කියලා දැකගන්නත් ලැබෙනවා. ඒ වගේම ආතර් වෙස්ට් මරපු තුවක්කුවේ තමුන්ගේ සහෝදරයාගේ ඇඟිලි සලකුණු තියෙනවා කියලා දකින්න ලැබෙනවා. ඔන්න ඔය විදියට තමයි අන්තිමේදී කතාව අවසාන වෙනවා ඔයාලට දකින්න ලැබුණේ.

ඔන්න එහෙනං ඒකෙත් අවසානයක් කරන්නයි මගේ සූදානම. අද කතාවේදී මයික්‍රොෆ්ට් විසින් ආතර් වෙස්ට් මැරුවා කියලා තමයි සාක්ෂි තියෙන්නේ. නමුත් හෝම්ස් දන්නවා තමුන්ගේ සහෝදරයා මිනීමරුවෙක් නොවෙන විත්තිය. ඒක නිසා හෝම්ස් අනුමාන කරනවා, වෙන කෙනෙක් විසින් කරපු අපරාධයක් වෙනුවෙන් තමුන්ගේ සහෝදරයාව මේ සිදුවීම් වලට අසු කරන වගක්. ඒ වගේම MI6 තුළ ඉන්න කෙනෙක් විසින් පිට බුද්ධී අංශ වලට තොරතුරු සපයන වගක් දැනගන්න ලැබෙනවා. මේ සිදුවීමටත් අහු කරලා තියෙන්නේ මයික්‍රොෆ්ට්ව. මේක නිසා හෝම්ස් විසින් තමුන්ගේ සහෝදරයාව සඟවා තබනවා මේ සියල්ලටම වගකිවයුත්තා සොයාගන්නා තුරු. ඒ වගේම මේ කේස් එක ඔස්සේ ගිහිල්ලා මෙයාලට තවත් පරණ මිනීමැරුමකුත් විසඳන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම වොට්සන් වෙන තැනක පදිංචියට යනවා කියන හේතුව නිසා හෝම්ස් ගොඩක් හිතේ අමාරුවෙන් තමයි ඉන්නේ.

ඔන්න ඒ විදියට වෙන සිදුවීමෙන් පස්සේ, කතාව අවසානයේ MI6 තුළ ඉන්න ඔත්තුකරුවා හොයා ගන්නවා. එයා කවුරු වෙන්න පුළුවන් ද? ඒ වගේම මයික්‍රොෆ්ට්ට මේ කරුමයෙන් ගැලවෙන්න පුළුවන් වෙයි ද? මේ සමයේ අවසාන කථාවත් බලලා අහවරක් කරලා මේ ගැන දැනගන්න පුළුවන්. දැන් ඉතිං 3 වෙනි සමයත් රනිල් සහෝ දෙන නිසා මේක ඉවරයක් වෙච්චි ගමන්ම ඒකත් ගොඩ දාන්න පුළුවන්. 🙂

පොරොන්දු වුණු විදියටම ඔන්න ඒකත් ඉවරයි. මේක අවසානයක් වෙනකන්ම අදහස් දක්වපු අය නැතිනම් මේකේ තියෙන අමාරුවත් එක්ක මමත් පොඩ්ඩක් මේ වැඩෙන් පසු බහින්න තිබුණා. ඒත් ටික දෙනෙක් වුණත් අදහසක් දක්වන්න හිටපු නිසාද කොහේදෝ මට දැනුණා “අවුලක් නෑ කවුරුහරි මේක බලනවා ඇති” කියලා. ඇත්තටම අදහස් දැක්වීම් අඩු වෙනකොට මට හිතෙන්නේම කාටවත්ම මේක පෙන්නේවත් නැතිව ඇති කියලා. මම කරන අනිත් කථාවත් ඒ විදියම තමයි. ඒත් ඉතිං බාරගත්තු වැඩේ කරන්න ඕනේ නේ… මුලින්ම භාර ගනිද්දී මම හැදුවේ කොටස් දහඅටම තනියම කරන්න. ඊට පස්සේ පූරුවේ පිනකට ඉසුරු සහෝත් මේක ඉල්ලලා තිබුණා. ඒක නිසා අපි දෙන්නට මේක බෙදාගෙන කරන්න කියලා භාර දුන්නා. පූරුවේ පිනකට කිව්වේ, මේ කරපු කොටස් නවය නිසාම දැනටමත් මට හොඳ ගණන්. 18ම කරන්න ලැබුණා නම් මම අපොයි. කොහොම වුණත් අපේම භාෂාවෙන් කිව්වොත් හිතට ලොකු ෆිට් එකක් දැනෙනවා මේක හරි විදියට අවසානයක් කරන්න කොටස්කාරයෙක් වුණු එක ගැන. ඉසුරු සහෝ එකතු වුණු නිසා තමයි මට මේක මේ විදියට අවසන් කරන්න පුළුවන් වුණේ කියලා අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා. කොහොම වුණත් දැන් බයිස්කෝප් වල මම බලන කතාමාලා එකකවත් බාගෙට නම් සබ් දීලා නෑ කියලා මට විශ්වාසයි. ඒත් මට හැමදාම හිතෙන දෙයක් තමයි ඩවුන්ලෝඩ් කරන කවුරුත් එක කමෙන්ට් එකක් එක උපසිරැසියකට දැම්මොත්, කවදාවත් මේ විදියට කතා මග නවතින එකක් නෑ කියලා. ඒක නිසා කතා බලන ගොඩක් අය කතා මග නවත්වනවා කියලා දොස් කියන්න විතරක් කමෙන්ට් දාන්න ඉන්නේ නැතිව, තමුන්ට ලැබෙන උපසිරැසියට ස්තුතියි කියලා යන්න පුළුවන් නම් කවදාවත් කතාවක් මග නවතින එකක් නෑ. 🙂

ආයු -බෝ -වේවා !!!

Elementary (2012) on IMDb

 

 

126 MB කොපිය මෙතනින් බාගන්න

4e6668d0d5fafb6d922a5ab6304818cb83449aa9

194 MB කොපිය මෙතනින් බාගන්න

c9d2317e24a2d7c424e5105239f896ece2293777

3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න

830172fc56f2a4c9fbd87460d26e3e73799b2101 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,424 downloadsDownload Elementary.S02-E24.baiscopelk.zip117 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

1,424 downloadsDownload Subtitles117 KB

46 comments

  1. R.D

    Niyamayi Praneeth saho.Oya hodatama sub eka karanawa.

  2. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. vishvajith harindrapriya

    Thnx for the sub!!!

  4. vishvajith harindrapriya

    season 3 ko?

  5. Mk

    superb bro...
    &amp; thank u very much..

  6. නීල නේත්‍ර

    ප්‍රතිචාර, දිරිගැන්වීම් එන්න එන්නම අඩුවෙත්දී අපි වෙනුවෙන් දරපු මේ උත්සාහයට බොහොම ස්තූතියි. හිතේ තෘප්තිය විතරක් අවසානට ඉතුරුවෙන කිසිම ආර්ථික ප්‍රතිලාභයක් නැති මේ කටයුත්තෙදී ඔබලාට සවියක්වෙන්න අපට කරන්න පුලුවන් එකමදේ ප්‍රතිචාර දක්වල සුබ පතන එක විතරයි... ඒක නිසා නැවතත් බොහොම ස්තූතියි.... සියලු වැඩ කටයුතු සාර්ථකවේවා !!!!

    1. Hiran Sharanga Amarasinghe

      A kathaawa nam aththama thamaa.. Sub download karana wunta comment 1k daala yanna bari amaaruwa mokakda kiyala mata nam theerenney naa..

  7. sandeepa

    aththatama niyamai saho.sorry comment nodammata.ada idan seratama comment man danawa,good luck

  8. sajeevi

    Thanks.
    Comments gana nam katha karala wadak na.
    Sub elluwata denakota kauruth na Comment karanna.
    Ehema welath sub dunnata thanks.

  9. Hiran Sharanga Amarasinghe

    Godak isthuthii.. Sub 1 daanakam man nowisillen hitiye...

  10. DCD Weerawardhana

    Thanks bro... :-)

  11. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ…
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  12. මෛත්‍රී

    ඔබට තුති.
    සුභපැතුම්.+
    මෛත්‍රී පාලනයක් වේවා… !

  13. me

    Thanks &amp; keep up the good work :-)

  14. harsh

    මේ කතාව අවසන් වෙනකල්ම සබ් දුන්න එක ගැන, කතාව අවසානය දක්වාම උනන්දුවෙන් නරඹපු අපි හැමෝම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. බොහොම ස්තූතියි සහෝ ඔයාටත් ඉසුුරුටත් මේ වෙච්ච මහන්සියට.
    ඔයාලගෙ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියල සුබ පතනවා. ජය වේවා.

  15. jOker

    ela machan

  16. Amil perera

    thnks bro.. jaya wewa!!!!!!

  17. kn

    Thanks A lot for giving these subtitles completely, jaya wewa

  18. D.chamar

    thank sahoo niyama wadak kale jaya weva ..

  19. Harshan

    well done brooo.....
    tnx for all..
    digatama yamu
    budu saranai..

  20. Lalanka

    Ela wadak Mach,, :D (y)

  21. kushan charith

    thanks bro කට්ට කාගෙන කොහොමහරි ගේමදීල මේ season එක ඉවරකරල දැම්මට

  22. Kulanjana Maduranga

    api wenu wen kisima laba prayojanayak natiwa kla me kapa kirima godak agaya krnawa...e wgema godak pin saho.....me sewaya digatama krnna shakthiya , dairya labewa....thanks again PRANEETH saho....obata jayama wewa.......

    meke season 3tath digatama sub denn...plsssssssss

  23. ela kolla

    ela machan

  24. Danuka Deshan

    thanks machan ! Season 3 ekatath sub denno !!! :D :D

  25. nilanka

    tnx saho obata tawat sub kirimata shakthiya lebewa

  26. “චූටී මල්ලි”

    සුපිරි මචන්
    ඉවර කල එකනම් ලොකුදෙයක්
    මේක සබ් හදන්න පට්ටම කට්ටක් කන්න ඇති
    මචන් ටීවී වලට කමෙන්ට්ස් වැටීම අඩුවීම
    දැන් සාමන්‍ය දෙයක් වෙලා
    අනිවා මචන් මේක ගොඩක් අය බලනවා ඩවුන් කරන්නෙ එක්කෙනෙයි
    ඊටපස්සෙ උගෙ යාලුවා ඌගෙන් තව එකෙක්ක් ඔහොම ඔහොම
    හෙන දාමයක් මචන් උන් කමෙන්ට් නොකලට
    ඉතින් පින් දීගෙන බලනවා
    පුලුවන් හැම එකාමවත් අඩුමතරමෙ කමෙන්ට්
    කරනවනම්.......එහෙමත් නෑනෙ
    දැන් අනික නිදහසෙ දුන්න්හැකි
    සබට තුති
    ඔබට ජය..........

  27. C#

    aasawen balapu katha malawak tama elemantary. Amaruwen hari sub dunnata godak pin.

  28. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. බොහොම පිං කියනවා ඔයාලා දෙන්නටම මේක ඉවරයක් කරල දුන්නට. මේකනම් සමගාමීව බැලුවා. මෙන්ටැලිස්ට් එකත් මම දැන් බලන්නෙ දෙවෙනි අදියර. මේ දවස් වල බලන්න තියෙන්නෙ ඒක විතරයි දැන්. සමගාමී විකාශයට ඉක්මනට එන්නම්. ජය෴෴ :P :P

  29. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    දෙන්නටම බොහොම ස්තුතියි.
    ප්‍රණිත් ඔයා පට්ට.
    3වෙනි අදියරයත් ඔය දෙන්නගෙන්ම ඔනේ.
    ජය වේවා. !

  30. Madusha

    මේ දක්වා උපසිරස ලබා දුන් ඔබ දෙදෙනාට බොහෝ ස්තූතියි
    ඉදිරියටත් උපසිරස ලබාදෙන්න කියල ඉල්ලනවා.
    ඔබලාගේ ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා.

  31. Malith

    Thankz mcho.. ජය වේවා. !

  32. vimukthi

    sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!

  33. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  34. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  35. Tharuka

    Loku deyak... Jaya Wewa.. :)

  36. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  37. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ.... උපසිරසියට බොහොම තුති... ජයවේවා...........!!! දිගටම කරගෙන යමු.... ජය...!!!

  38. මයියා

    එලම කිරි කතාවක්

  39. Nipuna

    hi bro, mama comment dannema nathi kenek. enawa gannawa yanawa. eth mepara awama lipiya dakala duka hithuna. SUB wenuwen wena mahansiyata godakma sthuthie. GooDLuck......

  40. Prasad

    සබ වලට බොහොම ස්තුතියි සහෝ, දිගටම කරගෙන යන්න. මගෙන් සුබ පැතුම්...

  41. vip

    Niyamai saho..godaak thanks..

  42. Hasitha

    සබ් එකට බොහොම ස්තුතියි සහො

  43. ricadodamien

    Thank You pranith brother &amp; Baiscope Team For The Sub, All The Best To Baiscope Team

  44. Anonymous

    ithuru tikath oni machn

  45. Anonymous

    Machan, Thank you meke subtitles hadanawata, meka normal films,tv series wage sub nathiwa balannath ba