ආයූබෝවන් බයිස්කෝප්බාසී හැමෝටම, ඔන්න සම්මාන ගොඩක් දිනා ගත්ත සුපිරිම රූපවාහිනි කතා මාලාවක තවත් කොටසක් අරගෙන ආවා. මේක ගොඩක් කලින් දෙන්න හිටිය එකක් උනත් අපේ පුද්ගලික වැඩත් එක්ක පරක්කු උනා ඒකට ඔයාලගෙන් සමාව ඉල්ලනවා. වැඩි කතා ඕන නෑ කලින් කොටසේ උන දේවල් මතක ඇතිනේ එහෙනම්, අද අපිට රූගේ හොඳම යාළුවා වෙන “ජූල්…

ආයූබෝවන් බයිස්කෝප්බාසී හැමෝටම, ඔන්න සම්මාන ගොඩක් දිනා ගත්ත සුපිරිම රූපවාහිනි කතා මාලාවක තවත් කොටසක් අරගෙන ආවා. මේක ගොඩක් කලින් දෙන්න හිටිය එකක් උනත් අපේ පුද්ගලික වැඩත් එක්ක පරක්කු උනා ඒකට ඔයාලගෙන් සමාව ඉල්ලනවා. වැඩි කතා ඕන නෑ කලින් කොටසේ උන දේවල් මතක ඇතිනේ එහෙනම්, අද අපිට රූගේ හොඳම යාළුවා වෙන “ජූල්ස්” ගැන දැනගන්න පුළුවන්. ඇයට පොඩි කාලේ Gender Dysphoria කියලා රෝගී තත්වයක් තිබිලා තියෙනවා. ඒක කියන්නේ තමන්ගේ ස්ත්‍රී\පුරුෂ බව තමන්ට හදුනාගන්න බැරිවෙන මානසික රෝගී තත්වයක්. ඒ නිසා ජූල්ස් පොඩි කාලේ වැඩි පුරම ඉඳලා තියෙන්නේ මානසික රෝහලක කියන එක අපට දැනගන්න ලැබෙනවා. ඒ වගේම අද කොටසින් වැඩිපුරම පෙන්නන්නේ සැණකෙලියට සහභාගි වෙන අයට මුහුණ දෙන්න වෙන සිදුවීම්. ඒ නිසා වැඩිය කියන්න දෙයක් නෑ ඔයාලම බලන්නකෝ.
ඊළඟ කොටසත් මම ඉක්මනටම දෙන්නම්. මේ කතාමාලාව උපසිරසි ගන්වන්න ආරම්භ කරලා මාවත් මේකට සම්බන්ධ කරගත්ත බිම්සර යශාන් සහෝටත්, චාමර සම්පත් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අපිව දිරි ගන්වලා අදහස් දක්වන හැමෝටමත් බෙහෙවින් ස්තූතිවෙන ගමන් ගිහින් එන්නම්, තවත් උපසිරැසියකින් ඉක්මනින් හමුවෙමු මම දනුවා.
කතාංගයේ නම – Shook Ones Part 2
කතා රචනය – Sam Levinson
අධ්‍යක්ෂනය – Sam Levinson
විකාශය වූ දිනය – ජුලී 7 2019
IMDb අගය – 9.2
මීළග කතාංගයේ නම – 03 Bonnie and Clyde

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,917 downloadsDownload Euphoria-S01-E04.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
8 comments
poorna
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Anonymous
Thanks jayawewa....!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALNATH
Thanks............good luck........
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සුපිරියට හදල කියෙනව sub එක යුරාන් අයියා