Watch Trailer

Fargo [S03 : E05] sinhala subtitles | සෙක්ස් ටේප්![සිංහල උපසිරසි සමඟ]

අම්මෝ ඔන්න අද අරන් ආවේ මම වැඩිම කාලයක් පරක්කු කරපු ඉසුරුගෙනුයි, හසා අයියගෙනුයි වැඩිම බැනුම් අහපු සබ් එක. ඇත්තම කිව්වොත් ෆාගෝ සීරීස් එක හිරවෙලා තිබ්බෙ මං හින්දා. සබ් එකේ තිබ්බ අමාරුව හින්දමයි මේක මගෙ අතින් පරක්කු වුනේ. සබ් එකේ තියෙන්නෙම ඉඩියම් විතරයිනේ. කොහොම කොහොම හරි මේක කරගන්න බැරුව ඉද්දි ඉසුරු ද…

අම්මෝ ඔන්න අද අරන් ආවේ මම වැඩිම කාලයක් පරක්කු කරපු ඉසුරුගෙනුයි, හසා අයියගෙනුයි වැඩිම බැනුම් අහපු සබ් එක. ඇත්තම කිව්වොත් ෆාගෝ සීරීස් එක හිරවෙලා තිබ්බෙ මං හින්දා. සබ් එකේ තිබ්බ අමාරුව හින්දමයි මේක මගෙ අතින් පරක්කු වුනේ. සබ් එකේ තියෙන්නෙම ඉඩියම් විතරයිනේ. කොහොම කොහොම හරි මේක කරගන්න බැරුව ඉද්දි ඉසුරු දිල්ශාන් සහෝම තමයි උදව්වට ආවෙත්. ඇත්තටම ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි සහෝ.. මේ සබ් එකෙන් වැඩි කොටසකට එයත් දායක වුනා. එයා නැත්නම් මේක කරගන්න වෙන්නෙත් නැති තරම්. දැන් ඉතින් අදින් පස්සෙ ඉතුරු කොටස් ටිකේ සබ් ටික ඉක්මනින් ලැබෙයි. සිද්ධ වුන වැරැද්දට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. එහෙනම් අද කතාව ගැන පොඩ්ඩක් බලමුකෝ.

රේමන්ඩ් එමිට් වගේ වෙස්වලාගෙන එමිට්ගේ දේවල් වගයක් අරගන්නවා ඔයාලා දකින්න ඇති. බොරු කොන්ඩෙ දාගත්තමරේමන්ඩ්ගෙ පෙනුම එහෙම් පිටින්ම එමිට්ගේ වගේමයි. මේකෙන් උපරිම ප්‍රයෝජන අරගන්න බලනවා රේමන්ඩ්.අපේ පොලිස් නිලධාරී ග්ලෝරියා බර්ගල්ට දැන් මේකෙ අග මුල තේරෙන්න පටන් අරගෙනයි තියෙන්නෙ. හැබැයි එයාගෙ අලුත් ෂෙරිෆ්ගෙනම් මේ වැඩ වලට කිසිම කැමැත්තක් අනුග්‍රහයක් නෑ. මේ අතර ග්ලෝරියාට අලුත් යාළුවෙක් මුනගැහෙනවා. ඒ තමයි මිනසෝටා වල පොලිස් නිලධාරිනියක් වන විනී ලෝපෙස්. මේ දෙන්නගෙ එක්වීමෙනුත්කතාවෙ ඉදිරියේ වෙන්න දේවල් තියේවි. මේ අතර සයි රේමන්ඩ් එක්ක තරහට මිනිහගේ වාහනේ හප්පලා දානවා.හැබැයි එතනදී තව කෙනෙක්ට හානිවෙලා නිසා මිනිහටත් කේස් එකක් ඇදිලයි තියෙන්නෙ. ඒ අතර වර්ගා එමිට්ගේ ගෙදර ඇවිල්ලා රෑ කෑමක් එහෙමත් භුක්ති විදිනවා. ඒ වගේම වර්ගා කතාවෙන් පුළුවන් තරම් එමිට්ව තමන්ගේ වැඩේට නම්මගන්නයි හදන්නේ. කතාව කෙසේ වෙතත් වර්ගාගෙ වැඩ කොහොමද කියලත් කලින් දැක්කනෙ. මේ කොටසිනුත් හොද සෙල්ලමක් බලාගන්න පුළුවන්.

රේයි නිකීයි එකතුවෙලා එමිට්ට මේ පාරත් හොදවයින් අලකලංචියක් කරන්න තමා හදන්නේ. තව ග්ලෝරියායි ලෝපෙසුයි දෙන්නම එකතුවෙලා දැන් මේක ගැන හොයන්න අරගෙනයි තියෙන්නේ. දෙන්නටම දැන් සිද්ධවෙච්ච දේ ගැන හොද අවබෝධයක් තියෙන හැඩයි. මේ අතර වී එම් වර්ගාගෙ තවත් වැඩ වගයක් ඇතුළු බොහෝ වැදගත් සිදුවීම් මෙවර කොටසින් බලාගන්න පුළුවන්. කොහොමටත් මේ කතාවේ හැම එපියක්ම පාහේ එහෙමයි. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙනතුරු සමුගන්නවා!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.

1,716 downloadsDownload Fargo.S03E05.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Sohan-Jayasuriya.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

1,716 downloadsDownload Subtitles31 KB

14 comments

  1. ඉසුරු සම්පත් සිරිසේන

    සබට තුති සොහාන් මලේ...
    අපිත් ඔයාව ගොඩක්ම මතක් කළා..

  2. tharindu gunarathna

    thanks

  3. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  4. sam fisherr

    no words to say thank bro mama pattama asa kathawak meka parakku unata no matter bro ogollo nohitinna apita me wage katha balana ekanam never gona happen thank you very much

  5. sachintha

    Sub ekata thanks sahoo

  6. viraj harsha

    Meka ayeth denna gatta ekanm patta...thanks..digatama demu

  7. kkdanula

    thanks

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Udara Damith Dissanayaka

    එල එල කොහොම හැරී දුන්නනේ

  10. jeewantha

    බොහොම ස්තුතියි, ඊලඟ episode වලටත් සබ් දෙන්න.

  11. kasun@rko

    Elama saho ituru tikath ikmanata denna

  12. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. jessybmlt

    thanks machan mekata parakkkuwela hari sub dunnata...............