Watch Trailer

Fargo [S04 : E01] sinhala subtitles | ආර්ථිකේ හරි දරුණුයි! [සිංහල උපසිරසි]

කොහොමද කට්ටියට? හැමෝම හොදින් ඇති කියල හිතනවා. ෆාර්ගෝ මතක ඇති නේද කට්ටියට? ටික දෙනෙක් මතක් කරලත් තිබුනා කතාව ගැන. ඉතින් ඔන්න අමතක නොකර අරගෙන ආවා. කතාමාලාවකට සම්බන්ධ වුනේ ගොඩක් කාලෙකට පස්සෙ. මේක මං අරන් එන්නෙ තනියෙන්නම් නෙමේ. මේ පාරත් මේ වැඩේට මාත් එක්ක සහෝදර උපසිරැසිකරුවන් පිරිසක්ම එකතුවුනා. මුලින්ම…

කොහොමද කට්ටියට? හැමෝම හොදින් ඇති කියල හිතනවා. ෆාර්ගෝ මතක ඇති නේද කට්ටියට? ටික දෙනෙක් මතක් කරලත් තිබුනා කතාව ගැන. ඉතින් ඔන්න අමතක නොකර අරගෙන ආවා. කතාමාලාවකට සම්බන්ධ වුනේ ගොඩක් කාලෙකට පස්සෙ. මේක මං අරන් එන්නෙ තනියෙන්නම් නෙමේ. මේ පාරත් මේ වැඩේට මාත් එක්ක සහෝදර උපසිරැසිකරුවන් පිරිසක්ම එකතුවුනා. මුලින්ම ඒ හැමෝටම ස්තූතියි මේකට දායක වුනාට. උපසිරැසිකරණයෙන් ටිකක් ඈත්වෙලා ඉන්න අය පවා වැඩේට කැමැත්තෙන් එකතුවුනා. ඒ හැමෝටම ස්තූතියි. ප්‍රේක්ෂක පිරිස වන ඔයාලත් ඒ හැම කෙනෙක්ටම උපරිම සහයෝගය ලබාදෙන්න. අද ඉදන් සියළුම කොටස් නොවරදවා ඔයාලගෙ අතට ලැබෙයි. පොඩි හැදින්වීමක් කරන්නම් එහෙනම්.

ෆාර්ගෝ කතාමාලාව දැන් හතරවෙනි අදියරක් කරා ඇවිත්. තවමත් IMDb අගය 8.9ක් රදවගන්න ෆාර්ගෝවලට හැකිවෙලා තියෙනවා. සුපුරුදු පරිදි මෙවරත් අලුත්ම වෙනස් කතාමාලාවක් දැකගන්න ලැබෙනවා. බලන අය දන්නවා මේක සත්‍ය සිදුවීම් පාදක කරගෙන නිර්මාණය කෙරෙන කතාවක් බව. ඒ වගේම සීසන් එකෙන් සීසන් එකට වෙනස්වෙන කතාවක්. එක කතාවක් එක සීසන් එකයි. ඉතින් කලින් ඒවා බැලුවෙ නැති කෙනෙක්ට වුනත් මේක බලන්න පුළුවන්. සුපුරුදු විදියට මටනම් මෙවර කතාමාලාවත් සෑහෙන දුරට හොදයි. මෙවර රංගනයෙන් Chris Rock, Jessie Buckley, Jason Schwartzman, Ben Whishaw වැනි අය එකතුවෙනවා. මෙවර කතාමාලාව කොටස් 11කින් සමන්විත වෙනවා.

මෙවර කතාව දිග හැරෙන්නේ 1950දී කැන්සාස් සිටි වල සිදුවූ සිදුවීම් පෙලක් වටායි. කතාවේ මූලිකව දැකගන්න ලැබෙන්නේ බල අරගලයක්. සීසන් 2 එකත් ටිකක් එහෙමයි, කට්ටියට මතක ඇති. හැබැයි මෙවර විවිධ ජාතිවල පාතාල කල්ලි අතර ඇතිවෙන යුද්ධය තමයි කතාවේ මූලික තේමාව වෙන්නෙ. විසිවෙනි ශතවර්ෂයේ ආරම්භයේ පටන් ඇමරිකාවේ බලය තහවුරු කරගැනීමට විවිධ ජාතීන් වලට අයත් විවිධ කණ්ඩායම් ඇමරිකාවට සේන්දු වුනා. මුලින්ම යුදෙව්වො, ඔවුන් තමා පාතාලය පාලනය කලේ. ඉන්පසු අයර්ලන්ත ජාතිකයෝ පැමිණ බලය ඩැහැගන්නවා. එයිනුත් පසුව පැමිණෙනවා ඉතාලියන් ජාතිකයො. එවර ඔවුන් බලය ලබාගන්නවා. ඉන්පසු පැමිණෙන අප්‍රිකානු ඇමරිකානු කණ්ඩායම හා ඉතාලියන් ජාතික කණ්ඩායම අතර සිදුවෙන බල අරගලය තමයි කතාව වෙන්නෙ. හොද කතාවක් ඔයාලට බලාගන්න පුළුවන්. එකතුවෙන්න ෆාර්ගෝ සමග! ඒවගේම ඔයාලගේ අදහස් පලකරන්න. ෆාර්ගෝ ඩයි හාඩ් ෆෑන්ස්ලගේ කමෙන්ට් ටික මෙවරත් බලාපොරොත්තු වෙනවා අපි. ඒක ලොකු හයියක්! එහෙනම් දැනට නවතිනවා! හැමෝටම ජයවේවා!!

සැ.යු. – හැමෝම HDTV කොපි ඩවුන්ලෝඩ් කරගන්න. සබ් දාලා තියෙන්නෙ ඒවට. ඒවගෙනුත් CRiMSON කොපිය තමයි හරියන්නෙ. ඩවුන්ලෝඩ් ලින්ක් ඔයාලට ඩවුන්ලෝඩ් සයිට් එකේ දීලා ඇති. හොයාගන්න අපහසුවක් තියෙනවනම් අපිට දැනුම්දෙන්න. ජය!!!

 


 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.

1,871 downloadsDownload Fargo-S04-E01.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

1,871 downloadsDownload Subtitles25 KB

11 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ සුපිරි

  2. Anuja lakshitha

    Ane please blacklist season 7 ekata sub dannakooo

    1. sachintha

      Blacklist S07 Sub Pls...

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. රොෂාන් ශමීර

    ~ ජය වේවා ~

    1. Sameeraudias

      Hoda wdak thnks

  5. ක්‍රිෂ්මි කටුඩ්‍රිස්ටි

    නීන්ගල් අලහාන පන්ඩාර විංජූ නාඩන්න කුංජු

    තයව සෙයිද නන්‍රි

  6. Mayura Suraj

    සබට තුති උඩුදැලිය උතුමානෙනී

  7. Das

    ෆාර්ගො කියන්නෙ පිස්සුවෙන් වගේ බලපු එකක්. හැමෝටම මේක සෙට් වෙන්නෙ නෑ. ඒත් සෙට් වුනොත් ඇබ්බැහියක්ම තමයි..

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. th2000

    ayyo ayya match wena torrent link ekak dannako oya kiyana eka hoyaganna bane