Watch Trailer

Fargo [S04 : E07] sinhala subtitles | ජීවිතයට ජීවිතයක් [සිංහල උපසිරසි]

හොඳයි අද එහෙනම් ෆාගෝ හතර වෙනි කතා මාලාවේ හත්වන කොටස බලමු. පොලිස් නිලධාරී ඕඩිස් දැන් ඉන්නෙ ගිරයට අහුවුන පුවක්ගෙඩිය වගේ තත්වයක. කොහෙන් බෙල්ල ගහල යයිද කියන්න බෑ, එහෙන් ජොස්ටෝ මෙහෙන් කැනන්. කැනන්ගේ අණ පරිදි සැචල්ව නැවත කැනන්ට ගෙනත් දෙන්න ඕඩිස්ට නොහැකිවෙනවා. මොකද ඊටකලින් ඕඩිස්ට ජොස්ටෝගෙන් කැඳවීමක් ලැබෙන…

හොඳයි අද එහෙනම් ෆාගෝ හතර වෙනි කතා මාලාවේ හත්වන කොටස බලමු. පොලිස් නිලධාරී ඕඩිස් දැන් ඉන්නෙ ගිරයට අහුවුන පුවක්ගෙඩිය වගේ තත්වයක. කොහෙන් බෙල්ල ගහල යයිද කියන්න බෑ, එහෙන් ජොස්ටෝ මෙහෙන් කැනන්. කැනන්ගේ අණ පරිදි සැචල්ව නැවත කැනන්ට ගෙනත් දෙන්න ඕඩිස්ට නොහැකිවෙනවා. මොකද ඊටකලින් ඕඩිස්ට ජොස්ටෝගෙන් කැඳවීමක් ලැබෙනවා. ඒවගේම ජොස්ටෝගෙ පැත්තෙන් අණක් ලැබෙනවා සැචල්ව මරා දාන්න. හැබැයි මේක ක්‍රියාත්මක කරන්න ගිය ඩුමිනිට ඒක කරන්න බැරිවෙනවා. මොකද ඊටකලින් ඔහු රැබයි අතින් මියදෙනවා. කෙසේවෙතත් ඩුමිනි සැචල්ව නොමරා ඉන්න හදපු බවක් තමයි පෙනුනේ.

ඔය වගේ සිදුවීම් ගණනාවක් එක්ක ඉදිරියට ඇදීයන මෙවර කතාවේ, නර්ස් මේෆ්ලවර්ගෙ පැත්තෙන් එයාගෙ වැඩකිඩ ටිකක් බලාගන්න පුළුවන්. එයාගෙ වැඩ ගැන ඉතින් දන්නවනෙ. ඒවගේම ගයිටානෝ තාම ඉන්නෙ කැනන් ලඟ. කැනන් ගයිටානෝ සම්බන්දයෙන් අවසන් තීරණයකට එනවා. ඒ තීරණය මොන විදියේ තීරණයක් වෙයිද? කැනන් කොහොමත් මොලකාරයා. තමන්ට වාසියක් වන තීරණයක් ගන්න තරම් මොලයක් කැනන්ට තියෙනවා. ඒවගේම දෙපාර්ශවයට මැදිවෙලා ඉන්න ඕඩිස්ට මොනවිදියේ දේවල්වලට මුහුණදෙන්න ලැබෙයිද කියන එක ගැනත් මෙවර කොටසින් බලාගන්න පුළුවන්. ඒවගේමයි සෙල්මා, ස්වානි ඩබලත්. කොහොමවුනත් හැම අතකින්ම සාමය බිඳවැටීම් තමයි දකින්න ලැබෙන්නෙ. බල අරගලයේ ඉදිරිය කුමක් වෙයිද කියලා මෙවර කොටසින් නරඹමු!

ප.ලි. මේ උපසිරැසිය කරේ මම උනත් මේ ලිපිය ලිව්වේ ඉසුරු දිල්ශාන් සහෝදරයා. මේ කතාවට මාව සම්බන්ධ කරගත්තෙත් ඔහුයි. ඔහුට ඒ සියල්ලටම ස්තූතියි. එහෙනම් කතාව නරඹමු. ජය වේවා…!!!

 


 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.

1,141 downloadsDownload Fargo-S04-E07.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු චානක

Subtitles

1,141 downloadsDownload Subtitles20 KB

5 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් දෙන්නටම

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. isuru dilshan

    ස්තූතියි ලහී!

  4. isuru dilshan

    අලුයම පුබුදී
    මුහුනට දියදී
    සීතලේ ගැහි ගැහී
    දුන්නු සබට ස්තූතියි ලහී

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P