Watch Trailer

Fear The Walking Dead [S01:E06] with Sinhala Subtitle | අවසානය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ Fear.The.Walking.Dead කතාමාලාවෙ අවසන් කොටසටත් ආවා. කලින් වගේම ඔන්න අන්තිම කොටස ප්‍රමාද නොකර ඊයේ විකාශය වුන කොටස, අද අනත්ර්ජාලයට මේ කොටස හා උපසිරැසිය නිකුත් වුණත් සමගම අද දවස අහවර වෙන්න කලින් හරියටම හවස 4.45 වෙද්දීම ඉවරයක් කරගත්තා. පරක්කු උනොත් පරක්කු වුණේ උපසිරැසිය පරික්ෂා කරන්නයි, ල…

Fear The Walking Dead - 1

ඔන්න එහෙනම් මේ Fear.The.Walking.Dead කතාමාලාවෙ අවසන් කොටසටත් ආවා. කලින් වගේම ඔන්න අන්තිම කොටස ප්‍රමාද නොකර ඊයේ විකාශය වුන කොටස, අද අනත්ර්ජාලයට මේ කොටස හා උපසිරැසිය නිකුත් වුණත් සමගම අද දවස අහවර වෙන්න කලින් හරියටම හවස 4.45 වෙද්දීම ඉවරයක් කරගත්තා. පරක්කු උනොත් පරක්කු වුණේ උපසිරැසිය පරික්ෂා කරන්නයි, ලිපිය ලියන්නයි තමා. ඔන්න එහෙනම් දුන්නා. මේ කතාමාලාව බලන කට්ටිය නම් එන්න එන්නම අඩු වුණා. මම දන්නේ නැහැ ඒ මේ කතාවේ වැරැද්දක්ද නැත්තම් මගේ වැරැද්දක්ද කියලා. සමීර චතුරංග අයියට හා ඇඩ්මින් මණ්ඩලයට ස්තුතිවෙන්න මම අද තවත් කතාමාලාවක් අවසන් කරනවා එහෙනම්. අවසන් කොටස නිසා කතාවේ පොඩ්ඩක් කියන්නම්.

ආරක්ෂාවට ආපු හමුදාවේ අය එකපාරටම මෙහෙයුම වෙනස් කරලා ඒ ප්‍රදේශයේ මිනිසුන්ව අතරමං කරලා යන්න ගියා. නික් හා ග්‍රීසෙල්ඩාව බේරගන්න තියෙන අරමුණින් මේ කට්ටිය අලුත් මෙහෙයුමක් දියත් කරන්නයි යන්නේ. මතකනේ අර ඇන්ඩි කියන හමුදාවේ හාදයාව අල්ලගත්තා. එයා ගොඩක් දේවල් වමාරන්න ගත්තා කදවුර ගැන. ඇත්තටම දකින්න ඇතිනේ ඒ කදවුරේ එක අංගනයක් පිරෙන්නම සොම්බිලා හිටියා. ට්‍රැවිස් හා ඇතුළු එයාලගේ සියළු පිරිස පිටත් වෙනන්යි හදන්නේ ඒ කදවුරට ගිහින් නික් හා ග්‍රීසෙල්ඩාව බේරාගෙන පාළු ප්‍රදේශයකට යන්න. කට්ටිය ගිහින් අර අංගනයේ දොරවල් ඇරලා අර සොම්බිලා ටික නිදහස් කරනවා. එකෙන් හමුදාවේ කට්ටියට පාලනය කරගන්න බැරිවෙලා ප්‍රශ්ණ වැඩිවෙනවා. ඒවගේම නික්ව හොයාගෙන එයාගේ කට්ටිය එන අතරේ නික් හා අර අමුතු හාදයා[ස්ට්‍රෑන්ඩ්] එක්ක එයාලා හිටපු හිර කූඩුව වගේ එකෙන් පැනලා යනවා. ඒ දෙන්නට ලොකු ප්‍රශ්ණයක් වෙනවා. ඒත් එයාලට පවුලේ අයව හොයාගන්න පුළුවන් වෙයිද? ග්‍රීසෙල්ඩා මැරුණා කියලා දැනගත්තම ඔෆීලියාට හා ඔහුගේ පියාට මේක දාරගන්න බැරි වෙනවා. ඒවගේම ගොඩක් උදව් කරපු ලයිසාට අද සමුදෙන්න වෙනවා. මොකද ඒ සොම්බි සීරීමක් නිසා. කතාව සුන්දර විදිහට ගලා යනවා කියලා හිතෙයි, නමුත් අන්තිම හරිය ටිකක් දුක්බරයි. පුරුදු විදිහටම අද කොටසත් බලලම ඉන්නකො එහෙනම්.

මේකේ දෙවැනි කතාමාලාවක් ගැන මම දැනගෙනවත් හිටියේ නැහැ. නමුත් බයිස්කෝප් එකේ මේ කතාවේ වගුව බැලුවම දැක්කේ දෙවැනි කතාමලාවකට තවත් වගුවක් ඉතුරු කරලා තියෙනවා. පස්සේ ගුගල් කරලා බැලුවම දැක්කා. ලබන අවුරුද්දේ කියලා තමයි හැබැයි සදහන් කරලා තිබුණේ. බලමුකෝ නේද මට පුළුවන් උනත් මමම කතාව අරගෙන එන්නම්. ඔක්තෝබර් මස 11 වෙනිදා ඉදන් විකාශය අරඹන The Walking Dead හයවෙනි කතාමාලාව එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. Ballers කතාමාලාවෙන් හමුවෙමු. හැමෝටම ජයෙන් ජය..!!

Fear the Walking Dead (2015– ) on IMDb

 

 

366 MB (x264) කොපිය මෙතනින් බාගන්න

4CFCA24495873B29FE6E5A3752B5BD6F1E49EEBA

225 MB (x265) කොපිය මෙතනින් බාගන්න

A22E32ED29F066EC1CB5CCAD783756CE3E65328E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,466 downloadsDownload Fear-The-Walking-Dead-S01E06.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                  Previous Episode                   All Episodes                        Next Season >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

1,466 downloadsDownload Subtitles39 KB

28 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. isuru neranjan

    The Walking Dead enakan balan inne...me kathawath ela bn tnx sub 1ta

  3. තිසල්

    උබ අපිට එපිසොඩ් එක බාන්න වත් ටයිම් එකක් දෙන්නෙ නැ නෙද සබ දීලා සුපිරි හොදෙ දැන් ඉතින් walking dead hamme ela ela ekatath me wage ikmanta dhipan thanks

  4. Asel Ishan

    elaz

  5. Ama

    බොහොමත්ම ස්තුතියි සහෝ...

    ඉදිරියටම යමු.ජයවේවා !!!

  6. කසුන්

    ගොඩාක් ස්තුතියි සහෝ.වොල්කින්ග් ඩේඩ් 6 ටත් ඔයාගෙන් සබ් බලාපොරුත්තු වෙනවා.රේටින්ග්ස් අඩුවෙලා තියෙන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙන්ම අඩුවෙලා,අනේ මන්ද සොම්බියෝ අඩු නිසා වෙන්න ඇති

  7. Nadun Prabodhana

    Niyami ikmanta sub 1 dammta thanks sahoo. :)

  8. Thilina

    Ela ban. Sirawatama kiyanne chamarayo.. Walking dead 6 eka lamayekuta ehema denna epa. Ubama karapan hode.

  9. sajeevi

    ගොඩක් ස්තූතියි.
    මම නම් ආසාවෙන් බලපු කතාවක්.

  10. Keshan Wasala

    මමත් කතාව ඉවර වෙනකං හිටියා එක දිගටම ඇදලා දාන්න සහෝ :D කියනවත් වගේ මේ කතාව බලන කට්ටිය ගොඩක් අඩු වෙලා නේද The Walking Dead එකත් ලබන සතියේ එන එකේ මේක ඉවර කරලා දානවා ඊට කලින්.. ඔන්න සහෝ කොටස් 6 යේම සබ් එක ගත්තා ඒ වගේම කොටස් 6 ටම බොහොම ස්තුතියි !!

  11. S.K.Ruchiranga

    elz macho sub ekata

  12. sandesh yomal

    එල මචං සබ් එක නම්

  13. නලින් පෙරේරා

    ස්තුතියි චාමර සහෝ! එකක් ඉවර කරා කියන්නේ තව එකක් පටන් ගන්නවා කියන එකනේ? :D එළස්ස්.. තව සුපිරි කථා මලාවක් ගෙන්න එහෙනම්. ජය වේවා!

  14. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එහෙනම් ඒකත් ඉවරයිනේ? තාම බලන්න බැරිවුනා බං!
    හැබැයි අනිවා බලනවා!
    ජයවේවා!!!!!

  15. Sahan

    Onna api nm digatama baluwa.thnx saho subwalata.
    Dn ithin walking dead s06 thamai balanna thiyenne

  16. gayan

    thanks

  17. Mithun

    Thankx brooo

  18. Madusha

    Welawatama sub eka denawata godaaaaaaaaaak stuti saho

  19. සුපුන් බුද්ධික

    එහෙනම් එකත් ඉවරයි..
    කට්ටිය ටිකක් අඩු උනා..මොකද ඇත්තටම Rating එහෙමත් අඩු උනා කතාවේ..
    ඒත් අපිනම් ඔන්න බලනවා...බලන්න පටන් ගත්ත කතාවක් කියටවත්
    අත අරින්නෙ නෑ..
    දිගටම උපසිරැසි දුන්නට ස්තූතියි සහෝ..
    තවත් කතා මලාවකින් හමුවෙමු...

    ජය වේවා !!!

  20. Harsha

    thankzzzz machooo

  21. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Pasindu

    thnx bro... :)

  23. ෂාන්

    ෆට්ට story 1 සහෝ.. Gdluk.... next S02 එකෙන් හම්බවෙමු...

  24. Kasun

    අය්යූ ඉක්මනට සීසන් 02 එපිසොයිඩ් 1 එකේ සබ දෙන්නකෝ.

  25. sasa

    Season 2 awilla sub naddoooooooooooooooooooooooo

  26. laiya

    Aiyoo...ko tavama sub dala ne neh..season 2.....ikmanata danndooooo...plzzz

  27. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  28. pitcher bro

    Niyamai bro.