Watch Trailer

Forever (2014) [S01 : E01] |ගලේ ගැහුවත් මැරෙන්නේ නෑ… [සිංහල උපසිරැසි සමඟ]

මේ වතාවේ මම ඔයාලාට අරගෙන ආවේ බොහොම අපූරු කතා මාලාවක්. ගොඩාක් අය මේ ගැන දන්නවාත් ඇති. සමහර අය බලලාත් ඇති. මේක ගොඩාක් අමුතුපහේ කතා මාලාවක්නිසා මට හිතුනා ඒ වෙනුවෙන් උපසිරැසි හදලා අපේ බයිස්කෝප් නිවහනේ යාලුවන්ට ලබාදෙන්න. ඉතින් මුලින්ම මට මේ අවස්ථාව වෙන් කරලා දුන්න වාසල සහෝදරයා ඇතුලු අනෙක් ඇඩ්මින් සහෝදරය…

Forever (2014)-SE-3

මේ වතාවේ මම ඔයාලාට අරගෙන ආවේ බොහොම අපූරු කතා මාලාවක්. ගොඩාක් අය මේ ගැන දන්නවාත් ඇති. සමහර අය බලලාත් ඇති. මේක ගොඩාක් අමුතුපහේ කතා මාලාවක්නිසා මට හිතුනා ඒ වෙනුවෙන් උපසිරැසි හදලා අපේ බයිස්කෝප් නිවහනේ යාලුවන්ට ලබාදෙන්න. ඉතින් මුලින්ම මට මේ අවස්ථාව වෙන් කරලා දුන්න වාසල සහෝදරයා ඇතුලු අනෙක් ඇඩ්මින් සහෝදරයන්ට මගේ ස්තූතිය පුද කරනවා. ගොඩාක් අයගේ චිත්‍රපටි වලට තියන ආසාවන් එක එක විදියයි. ඉතින් ඒවා අතරින් රහස්පරීක්ෂක කතා ගනයට වැටෙන කතා මාලාවක් තමයි මේක. ඒ කියන්නේ ෂර්ලොක් හෝම්ස් චරිතය ගැන නොදන්න කෙනෙක් නැති තරම්නේ. අන්න ඒ විදියේ චරිතයක් වටා ගෙතුනු කතාවක් මේක. හැබැයි ඊට වඩා හිතාගන්නවත් බැරි වෙනම විශේෂත්වයක් මේ චරිතයේ තියනවා. ඒක මම කියන්නම් කතාව ගැන විස්තර කරනකොට. හැබැයි ඒක ඇහුවාම ඔයාලාට මේක අනිවාරෙන්ම බලන්න හිතේවි. 😀

මේ කතා මාලාව 2014 නොවැම්බර් මාසයේ 22 වෙනිදා තමයි ABC නාලිකාව ඔස්සේ විකාශනය ආරම්භ උනේ. ඉතින් Jennifer Gwartz, Dan Lin,Chris Fedak යන අය තමයි මෙහි නිශ්පාදකයන් අතර වෙන්නේ. ඒ වගේම කතා මාලාවේ  Ioan Gruffudd, Alana dela Garza, Joel David Moore, Donnie Keshawarz,Lorraine Toussaint, Judd Hirsch රංගන තරු අතර වෙනවා. ඒ වගේම IMDb දර්ශකයේ 8.3ක අගයක් මෙයට ලැබිලා තියෙනවා. මම දන්නවා හැමෝම කැමති මේ වල්පල් වලට වඩා කතාව මොකක්ද කියලා ඉක්මණට කියනවාට නේද 😀 හරි එහෙනම් ඔන්න මම කතා කියන්නම්.

අපේ කතාවේ එන ප්‍රධාන චරිතය තමයි ඩොක්ටර් හෙන්රි මෝගන්(Ioan Gruffudd). එයා නිව්යෝක් නගරයේ ඉන්න වෛද්‍ය පරීක්ෂකයෙක්. ඒ කියන්නේ හෙන්රි තමයි අපේ ෂර්ලොක් චරිතය. මම මුලින්ම කිව්වා වගේ මේ චරිතයේ තියෙන විශේෂත්වය දැන් කියන්නම්. ඒක තමයි හෙන්රි අමරණීය කෙනෙක්. ඒ කියන්නේ මෙයාව මරන්න බෑ. ඒ කියන්නේ මැරුවත් ආයෙත් එනවා. මෙයාව වයසට යන්නේ නෑ. හෙන්රිගේ වයස දැන් අවුරුදු 200ක් වෙනවා. ඒ කියන්නේ දැනට අවුරුදු 200කට කලින් අප්‍රිකාවේ වහල් වෙලඳාම් කරන නැවක හෙන්රි වෛදය සේවය කරනවා. ඒ වෙලාවේදී නැවේ කෙනෙක් බෝවෙන රෝගයක් තිබෙන ලෙඩෙක්ව මරන්න යනකොට හෙන්රි ඒක වලක්වනවා. ඒ හේතුවෙන් එයාලා හෙන්රිවත් මරලා මුහුදට දානවා. ඒ අවස්ථාව තමයි හෙන්රි මුලින්ම මැරුණු මොහොත සහ ඔහු අමරණීය බව දැනගන්නා අවස්ථාව. ඒ කියන්නේ හෙන්රි කොහේදී හරි මැරුනොත්,එයාව ක්ෂණයකින් අතුරුදහන් වෙලා.

ඒ අසල තියන වතුරෙන් ඇඳුම් නැතුව එයා ආයෙත් මතුවෙනවා. ඉතින් හෙන්රිගේ මේ අමරණීය ජීවිතය එය හිතන්නේ සාපයක් කියලා. එයා ඒ ගැන පරීක්ෂණ පවත්වනවා. ඉතින් මේ හැමදෙයක්ම පදනම් උනාම එයාට තියෙනවා බොහොම දක්ෂ නිරීක්ෂණ හැකියාවක් සහ තීක්ෂණ බුද්ධියක්. මේ වෙනකොට හෙන්රිට බිරින්ඳෑවරු දෙන්නෙක් ඉඳලා තියනවා. එයාගේ මුල්ම බිරිඳට එයාගේ මේ අමරණීය බව කියන්න ගිහින් අන්තිමේ එයා හෙන්රිව මානසික රෝහලකට යවනවා. ඒවගේම හෙන්රිගේ දෙවෙනි බිරිඳ තමයි ඇබිගෙල්. ඇය නම් හෙන්රිගේ මේ රහස ගැන දන්නවා. ඒ වගේම දෙවෙනි ලෝක යුද්ධ කාලයේදී හෙන්රි එක්ක ලෙඩ්ඩුන්ට බෙහෙත් කරපු ඇය හෙදියක්. ඒ තමයි හෙන්රිගේ අතීත කතාවේ මතකයන් ටිකක්. හැබැයි බොහොම ටිකයි කිව්වේ බොහොම කෙටියෙන්.

වර්තමාන කතාව මෙහෙමයි. හෙන්රි එක්ක දැන් ජීවත්වෙන්නේ ඒබ්‍රහම්(Judd Hirsch) කියලා කෙනෙක්. එයා විතරයි හෙන්රිගේ මේ රහස දන්නේ. ඒබ්‍රහම් කියන්නේ හෙන්රිගේ කව්ද කියලා ඔයාලාට කතාව බලද්දී තේරෙයි. ඉතින් කත මාලාවේ පලමු කොටසේදී හෙන්රි දුම්රිය අනතුරකින් මැරෙනවා. ඊට පස්සේ ඉතින් එයාව එතනින් අතුරුදහන් වෙලා ලඟක තියන ගඟකින් මතුවෙනවානේ. මතුවෙන්නෙත් හැබැයි ඇඳුම් නැතුවනේ. 😀 ඒකත් මේ කොටසේ බලන්නකෝ  එයාව එහෙම මතුවුනාම සිද්ධවෙන දේ. ඉතින් හෙන්රි වැඩකරන්නේ නිව්යෝක් නගරයේ වෛද පර්යේෂණායතනයේ. අපරාධවලට සම්බන්ධ මලසිරුරු ගැන තමයි පරීක්ෂණ කරන්නේ.එතනඑයා එක්ක සහයට ඉන්නවා ලූකස්(Joel David Moore) කියලා කෙනෙක්. මිනිහා නම් හැබැයි ටිකක පිස්සු ඩයල් එකක්.පිස්සු කිව්වේ පිස්සු නෙමෙයි විහිළුවෙන් ඉන්න කෙනෙක්. හෙන්රිගේ සහයකයා එයා තමයි. උඩදී කිව්වා වගේ හෙන්රි මේ කොටසේදී දුම්රිය අනතුරකින් මැරෙනවානේ. ඒ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පරීක්ෂකවරියක් තමයි ජෝ මාර්ටිනස් (Alana De La Garza)කියන්නේ. ජෝ එනවා ,හෙන්රි දුම්රිය අනතුරට සම්බන්ධ දුම්රිය රියදුරාගේ මරණ පරීක්ෂණය කරන තැනට. එතනදී හෙන්රිගේ අර කලින් කිව්වා වගේ අපූරු නිරීක්ෂණ හැකියාවෙන් ජෝ ගේ දේවල් ටිකක් කියනවා නිකන් සාත්තරයක් කිව්වා වගේ. කතාවෙන්ම බලන්නකෝ මොකක්ද කිව්වේ කියලා. ඒ වගේම හෙන්රි මොනවා කිව්වත් එයා ඒ කියපුවාට හේතු සාධක බොහොම අපූරුවට ඉදිරිපත් කරනවා. ඒවා දැකලා ඉතින් මේ ජෝ ටත් පුදුමයි හෙන්රිගේ හැකියාව ගැන. කොහොමෙන් කොහොම හරි ජෝ හෙන්රිගේ වැඩ දැකලා හෙන්රිව ඇයගේ සහයක විදියටත් ගන්නවා.අන්තිමේ අපරාධ උන තැන් වලටත් හෙන්රි එක්කගෙනත්  යනවා. එහෙම ගියාම හෙන්රි ඒ අපරාධ උනහැටි හේතු සාධක නිකන් බලන් හිටියා වගේ කියනවා. ඒ හැකියාවන් ගැන ඔයාලාට කතා මාලාව බලාගෙන යනකොට දැකගන්න පුලුවන් වෙයි. ඉතින් කතාව ගැන සේරම කිව්වාම අගයක් නැහැනේ.

ඔයාලා බලන්න කතාව කොහොමද කියලා. ඔයාලා අනිවාරෙන්ම මේ කොටස බැලුවාම මේකට ගොඩාක් හිතෙයි. බලන්න ඉදිරියට හෙන්රි මොන වගේ දේවල් කරාවිද කියලා, එයා මොනතරම් දක්ෂ විදියට අපරාධ විසඳාවිද කියලා, එයාට තව කීපාරක් නම් මැරෙන්න වේවිද කියලා. එහෙනම් ඒ සේරම ඔයාලාට බාරයි. හැමෝම ඔයාලාගේ අදහස් ලියලා යන්නත් අමතක කරන්න එපා. එහෙනම් මීලඟ කොටසින් ඉක්මණටම හමුවෙමු. ඔයාලා හැමෝටම ජය !!!!

Sinbad: The Fifth Voyage (2014) on IMDb

 

 

102 MB (HD) කොපිය මෙතනින් බාගන්න

0590A0FD102FB92A3CEDBA734D117CFDCC1D9C50

207 MB (HD) කොපිය මෙතනින් බාගන්න

9FA2EC94F145729906AE23F2924562F2A653EACB

344 MB (HD) කොපිය මෙතනින් බාගන්න

AC722237D43079724011D1E7981E5BB5B446FC90 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,547 downloadsDownload Forever-2014-S01E01.baiscopelk.zip89 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                           All Episodes                         Next Episode >>

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

3,547 downloadsDownload Subtitles89 KB

45 comments

  1. Ama

    උපසිරසියට බොහොම ස්තූතියි!!!

  2. kasuwa

    thankz sahoo..

  3. Saketha Pulasthi

    දැනට මේකේ කොටස් 5ක් විතර බලලා තියෙන්නේ.සිංහල සබ් එක්ක දැන් ආයෙත් බලන්න පුලුවන්.ඉතුරු ටිකත් ඉක්මනට දීලා සමගාමි විකාශයත් එක්කම දෙන්න බලන්න.උපසිරසියට බොහොම ස්තූතියි :)

  4. ns

    බොහොම ස්තුතියි…
    the musketeers සීසන් 2 එකට සබ් දෙන්නකෝ…

  5. Sisira Hegoda

    Thanks.

    1. Sisira Hegoda

      the musketeers සීසන් 2 එකට සබ් දෙන්නකෝ

  6. -==(czRGsl)==-

    Thankss aaaaa patta......

  7. me

    Thanks

  8. jamson

    Thanks machan..

  9. Panchi

    than for the sub mchn

  10. Kulanjana Maduranga

    thawath aluth tv series 1k....trailer 1ka baluwama nm hodai wge...bagena balamu.hithata wadunoth digatama balanawa...subata thanks NUWANTHA saho.mekata digatama sub denn.obata jaya.........

    1. Lahiru

      meka hodai bn. episode 13k awith tiyenne dan.

  11. නලින් පෙරේරා

    ස්තුතියි නුවන්ත සහෝ.. මේක මරු කතාවක් නේ. මෙහෙම සින් එකක් කියලා දන්නවා නම් මිට කලින් බලා, බලලා.

    ජය වේවා!

  12. ෂෙරින් සමාධි ගිනිගේ

    සහෝ....
    බොහොම ස්තූතියි උපසිරැසි ලබා දෙනවට...
    මෙච්චර දවසක් ඉංග්‍රිසි උපසිරැසි එක්ක බැලුවෙ..
    දැන් ආයෙත් අපිට පුරුදු විදියට බලන්න පුළුවන්...
    ඊළඟ එකත් ඉක්මනට දෙමු...
    ජය!!!

  13. Nethsara

    ala machoo...kalayak balan hitiya.ikmanata okkoma episodes tikata sub denna........ good luck

  14. Thanu

    Supiri supiri, thanks mchn sub 1ta...

  15. Sidaththa Priyanjitha

    niyamai machan..thanks.dugatama karagena yamu

  16. R.M Chandananda

    සබ් එකට ස්තුතියි..දිගටම කරගෙන යං ----->>>>> :D

  17. Kasun Widusha

    ela mcn ,wena sit wala dunnata dirawan ne....baiscop ma thamai one,thanks sub ekata,,,,,ithuru tikatath ikmanatama oneeeeeeeeeeeeeeeeee

  18. dilshan

    thanks

  19. niranji

    thanx saho.... ayeth lassana tv series ekak wagei.....bagenama balamuko......

  20. sajeevi

    thanks

  21. ANJANA

    Thanks...

  22. Ruchira

    sub 1ට ස්තුතියි.......

  23. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  24. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    මමනම් සමගාමිව මේක බලනවා.
    හොද කතාවක්. දැනට නොබලන අය බාගෙන බලන්න.
    ජය වේවා. !

  25. anuradha

    niyama katava thanks

  26. prabhath

    mentaist ekata samanai wage thanks digatama karamu

  27. pasindu

    thanks!

  28. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  29. Avishka Yasiru

    Ela ela!!!!!!!!!!!!!!!!!!!!
    puluwannam Hobbit alut 1 danda

  30. “චූටී මල්ලි”

    පට්ටයි මචන්
    දිගටම දෙමු මේකට
    සබට තුති
    ඔබට ජය.......

  31. Dhammika Thilan

    sub ekata bohoma sthuthi...
    Jaya wewa!!!

  32. gayan

    නියමයි සහෝ…ස්තුතියි..

  33. sami

    සබ් එකට ස්තුතියි

  34. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    සුපිරි කතාවක් සහෝ.
    උපසිරැසියට බොහෝම ස්තුතියි.

  35. ujitha

    ela wage. bagana balanawa

  36. රොයිලි

    බොහොම ස්තූතියි දුලාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  38. Thusitha

    ගොඩක් ස්තුතියි යාළුවා.

  39. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  40. Ravindu Rukshan

    thx

  41. nisantha2012

    මම ජිවිතේ බලපු හොදම කතාව ගොඩක් දෙවල් මෙක බලලා ජිවිතය ඉගෙන ගත්තා තව මෙකේ දෙවෙනි කොටස එනකම් බලාගෙන ඉන්නේ

  42. හිරාන් ශාරංග

    උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි..!
    සේරම ටික එකපාර ගන්නවා.
    ජයවේවා...!

  43. chinthaka.max4

    thankx machan