මුලින්ම මං කතා කරන්නේ දිගටම Fringe කතා මාලාව එක්ක හිටපු හිතවතුන්ට. ලොකු නිහැඩියාවකට පස්සෙයි මෙහෙම කොටස් ගොඩක් තියන සීරීස් එකක් අරන් ආවේ. Fringe season 2න් උපසිරැසි කීපයක් කරාට පස්සේ තමයි කතාව ගැන මට ආසාවක් ඇති වුනේ. ඒත් season 5 ටම උපසිරැසි ගන්වන්න තරම් විවේකයක් ලැබුනේ නෑ. ඉතින් විවේකයක් ලැබුන ගමන්…

මුලින්ම මං කතා කරන්නේ දිගටම Fringe කතා මාලාව එක්ක හිටපු හිතවතුන්ට. ලොකු නිහැඩියාවකට පස්සෙයි මෙහෙම කොටස් ගොඩක් තියන සීරීස් එකක් අරන් ආවේ. Fringe season 2න් උපසිරැසි කීපයක් කරාට පස්සේ තමයි කතාව ගැන මට ආසාවක් ඇති වුනේ. ඒත් season 5 ටම උපසිරැසි ගන්වන්න තරම් විවේකයක් ලැබුනේ නෑ. ඉතින් විවේකයක් ලැබුන ගමන් වෙන සීරීස් එකකට අත නොතියා මේක ඉවරයක් කරනවා කියලා හිතා ගත්තා. ඔයාලගේ කමෙන්ට්ස් නිසයි ඒ තීරණේ ගත්තේ. මං දැක්කා කීපදෙනෙක්ම සම්පූර්ණයෙන් ඉවර වෙනකන් උපසිරැසි දෙන්න කියලා ඉල්ලීම් කරලා තිබුනා. පරක්කු වෙලා හරි ඔයාලගේ ඉල්ලීම ඔන්න මං ඉටු කරනවා. ඉතින් මහන්සි වෙලා කරන උපසිරැසිය වෙනුවෙන් ඔයාලගේ ප්‍රතිචාර දක්වන්න අමතක කරන්න එපා.
තවමත් Fringe කතා මාලාව බැලුවේ නැති කෙනෙක් ඉන්නවා නම් මේ පණිවුඩය ඔයාලටයි. Fringe කියන්නේ ඇමරිකානු, විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන කතා මාලාවක්. මනාප ලක්ෂ 2 කට අධික සංඛාවකින් IMDb දර්ශකයේ 8.4 කට දැනට වග කියලා තියන මේ කතා මාලාවේ season 5 ක් තියනවා, දැනට season 2 කට අපේ වෙබ් අඩවියෙන් සිංහල උපසිරැසිය දීලා තියනවා. ඉතිරි season 3 ට සිංහල උපසිරැසිය දෙන්න අද ඉඳන් පටන් ගන්නවා. කතාව දිහාට හැරුනොත් මේක x files වගේ අබිරහස්, කාටවත් විසඳන්න බැරි ගැටළු වලට පිළිතුරු හොයන Fringe ඒකකය වටා තමයි ගෙතෙන්නේ. ඔලීවියා ඩංහැම්ගෙ චරිතයට Anna Torv පණ පොවනවා. ඇය Fringe වෙනුවෙන් කළ රඟපෑම හොඳම නිළිය සම්මානයෙන් කිහිප වතාවක් විවිධ සම්මාන උළෙල වලදි ඇගයීමට ලක් වෙලා තියනවා. ඒ වගේම පීටර්ගෙ චරිතයෙන් Joshua Jackson එනවා. පීටර්ගේ තාත්තා, වෝල්ටර් තමයි බොහොමයක් අබිරහස් වල සැඟවුන ඇත්ත, විද්‍යාත්මක පර්‍යේෂණ වලින් සොයා ගන්නේ. ඔලිවියා, පීටර්, වෝල්ටර් මේ තුන් කට්ටුව තමයි කතාවේ ප්‍රධාන චරිත. ඉතින් x files වලට ආසා අයට fringe කියන්නේ අපූරු සොයා ගැනීමක් වෙයි කියලා හිතනවා.
අවසාන වශයෙන් season 2 අවසානය පොඩ්ඩක් මතක් කරන්නම්. Season 2 අවසාන වුනේ අවාසනාවන්ත සිදුවීමකින්. අපේ ඔලීවියා ඒ පැත්තේ හිර වෙද්දී, ඒ පැත්තේ ඔලීවියා අපෙ ඔලිවියා වගේ මේ පැත්තට ආවා. ඒ පැත්තේ වෝල්ටර්, එහෙමත් නැත්නම් වෝල්ටර්නේට් මේ පැත්ත විනාශ කරන්න මේ වතාවේ පාවිච්චි කරන තුරුම්පුව ඔලීවියා කියලා තමයි පේන්න තියෙන්නෙ. ඉතින් කුතුහලය එහෙම්ම තියාගෙන අද ඉදන් දිගටම බලන් ඉන්න. ඒ පැත්ත මොකක්ද, මේ පැත්ත මොකක්ද කියලා නොදන්න හිතවතුන් Fringe මුල ඉඳන් බලන්න පටන් ගන්න.
සීසන් 5 ම ඉවර වෙනකල් සිංහල උපසිරැසිය දෙන්න අපි සූදානම්. ඊලග කොටසින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
3,078 downloadsDownload Fringe-S03-E01.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
22 comments
Anonymous
podda
ammo!!! menna sub denna mathak welaaa
thanks sis sub ekata digatama oniiChamil Mihiran
මේකෙ සිංහල සබ් එක දෙනවට ස්තුතියි.ඔක්කොම සීසන් ටිකේ සබ් එක දෙන්න
Kawi Jayasinghe
loku deyak tnx season 5 tama sub denda plz
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ... මේකට ආයෙ සබ් දෙන්න පටන් ගත්ත එක නම් ලොකු දෙයක් ඉවරයක් වෙනකන්ම සබ් දෙන්න..
ජය වේවා.!විමා
" සීසන් 5 ම ඉවර වෙනකල් සිංහල උපසිරැසිය දෙන්න අපි සූදානම්. "
ඔය තියෙන්නෙ බෙන්තර ගඟෙන් එහා ගැම්ම :D
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Kavinu
කාලයක් බලපු කතාවක්!
දෙවෙනි සීසන් එකේ නවත්තපු තැන ඉඳන්ම දැන් ආයෙ පටන් ගන්නවා
ජය වේවා!Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ආයේ උපසිරසි හම්බවෙයි කියලා හිතපු නැති කතාවක්...
ආසාවෙන් බලපු සුපිරි කතාවක්...
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....indika75
අම්මෝ මමත් හිතුවෙ නෑ මේකට ආයෙ උපසිරැසි ලැබෙයි කියලා.බොහොම ස්තූතියි.
ramesh viranga mendis
Sinhala sub ekata thanks
Helili Hemamali
ප්‍රතිචාර වලට ස්තූතියි.
Dasun
කියන්න වචන නෑ ගොඩක් පිං. සීසන් 3 එකට සබ් දානකන් බලන් හිටියෙ දැන් අවුරුදු ගානක ඉදන්. දිගටම කරන් යන්න සහෝ
Dilscoop
ammo thanks akki.godaaaak pin
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shinejay
thank you.... :)
sachin
ammoooo akki pana thanks...adarei pelenna.. godaak pin .ai nam atharaman karanna epa apiwa..
okkoma iwara wenakal sub denna akkeeee plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz.......Anonymous
Thnx sub ekta
chinthaka.max4
thankx dr
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Udara Damith
el;aaaaaaa
Manu
Godaak Sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thank you sooo much ,season okkotama denna digatama