සිව්වෙනි කොටසටත් ආවා ඔන්න. පහුගිය කොටස මතක් කරලා ඉන්නම්. පහුගිය කොටසෙ පෙන්නුවෙ අපේ ඔලිවියා එහා පැත්තෙ ඉඳන් මුහුණ දීපු සිදුවීමක් ගැන. බුද්ධි මට්ටම අඩු පුද්ගලයෙක් වුන මයිලෝ, සුපිරි ගණන්කාරයෙක් වුනේ මතක වර්ධක ඖෂධ පර්‍යේෂණයකට පින් සිද්ධ වෙන්න. ඒත්, මයිලෝ ඒ සුපිරි හැකියාව යොදා ගත්තේ දාම ප්‍රතික්‍රියාවක්…

සිව්වෙනි කොටසටත් ආවා ඔන්න. පහුගිය කොටස මතක් කරලා ඉන්නම්. පහුගිය කොටසෙ පෙන්නුවෙ අපේ ඔලිවියා එහා පැත්තෙ ඉඳන් මුහුණ දීපු සිදුවීමක් ගැන. බුද්ධි මට්ටම අඩු පුද්ගලයෙක් වුන මයිලෝ, සුපිරි ගණන්කාරයෙක් වුනේ මතක වර්ධක ඖෂධ පර්‍යේෂණයකට පින් සිද්ධ වෙන්න. ඒත්, මයිලෝ ඒ සුපිරි හැකියාව යොදා ගත්තේ දාම ප්‍රතික්‍රියාවක් ඔස්සේ මිනිස්සු මරන්න. හැබැයි එයා ඉලක්ක කරේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි කියලා තේරුම් ගන්න fringe කණ්ඩායම සමත් වුනා. ඔයි සිදුවීම් අතරේ ඔලිවියා අපේ වෝල්ටර් සහ පීටර් ව දැක්කා. ඔලීවියාට හිතෙන්නෙම ඒක හිතලුවක් කියලා. ඒත් ඔලීවියාගෙ වෙනස චාර්ලිට දැනුනා. චාර්ලි ඒ ගැන ලින්කන්ට කිව්වත් එයා ඒක පිලිගන්න සූදානම් නෑ. ඔලීවියාටත් තමන් කවුද කියනෙක ගැන සැකයක් ඇති වෙන්න පටන් ගත්තා. ඔය අතරේ වෝල්ටනේට් උත්සහ ගන්නෙ සංවේදක- විහිනතා ටැංකියක් හදවලා ඔලීවියාව එහා පැත්තට යවන්න.
අද කොටසින් බලාගන්න පුලුවන් බොලීවියා මේ පැත්තෙ ඉඳන් මොනවද කරන්නෙ කියලා. පීටර් නොදැක පාලුත් ඇතිනේ. ඔන්න අද පීටර් බලාගත හැකි. කලින් seasons බලපු ඔයාලට “මුහුණු මාරු කරන්නෝ” කියන්නෙ දන්න කියන කට්ටියක්නෙ. ඉතින් ඔන්න අද කොටසෙ යන්නෙ එයාලා සම්බන්ධ සිදුවීමක්. ඇත්තටම මුහුණු මාරු කරන්නන්ට හඟීම් දැනීම් තියද? එයාලා එක්තරා විදියකින් යන්ත්‍රයක් විතරයිද? මේ කොටස විකාශනෙ වෙලා තියෙන්නෙ 2010 ඔක්තෝබර් 10 වෙනිදා. IMDb දර්ශකයේ 8.5 ක අගයක් මේ වෙද්දි මේ කොටසට හිමි වෙලා තියනවා. එහෙනම් අපේ ඔලීවියා එක්ක ඊලඟ කොටසින් හමුවෙමු.
ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,788 downloadsDownload Fringe-S03-E04.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
13 comments
Kawi Jayasinghe
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
ජය වේවා.!indika75
thanks..
Dilscoop
ammo thanks akki.godak pin.....digatama karan yamuuuuu...nawaththanna nam epooooo.....
Helili Hemamali
ප්‍රතිචාර වලට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
podda
ohoma yamu!!!
subata thanks sisAnonymous
Thnx sub ekta...
chinthaka.max4
thankx dr
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Udara Damith
elaaaaaaaaaaaaaaaaaaaa
Manu
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Tnx kathawa iwara wenakalma sub denda sis