Watch Trailer

Attack on Titan AKA Shingeki no kyojin [S2] EP09 & EP10 Sinhala Subtitles | ඝණ වනාන්තරය මැද [සිංහල උපසිරසි සමඟ]

හොඳයි ඊළඟ කොටස් දෙක අරන් ආවා. කලින් කොටස් ගැන මතක් කලොත් එරන් එයාගෙ ටයිටන් ස්වරූපයෙන් රයිනර් එක්ක එහෙමත් නැත්තන් ආර්මර්ඩ් ටයිටන් එක්ක සටන් කරනවා. ගොඩක් හැඟීම් කේන්තියට හැරවිලා ඒවත් එක්කම තමයි එරන් කේන්තිය පිට කරන්නෙ. එරන්ට ඉක්මණටම දේවල් ඉගෙන ගන්න පුළුවන්නෙ. එයාට ඇනීයි රයිනර්යි කියලා දීපු සටන් ක්‍රම…

හොඳයි ඊළඟ කොටස් දෙක අරන් ආවා. කලින් කොටස් ගැන මතක් කලොත් එරන් එයාගෙ ටයිටන් ස්වරූපයෙන් රයිනර් එක්ක එහෙමත් නැත්තන් ආර්මර්ඩ් ටයිටන් එක්ක සටන් කරනවා. ගොඩක් හැඟීම් කේන්තියට හැරවිලා ඒවත් එක්කම තමයි එරන් කේන්තිය පිට කරන්නෙ. එරන්ට ඉක්මණටම දේවල් ඉගෙන ගන්න පුළුවන්නෙ. එයාට ඇනීයි රයිනර්යි කියලා දීපු සටන් ක්‍රම මතක තියෙනවා. ඒවම යොදාගෙන තමයි එයා ආර්මර්ඩ් ටයිටන් එක්ක සටන් කරන්නෙ. දිනාගෙනම එනකොට නොහිතපු දෙයක් තමයි සිද්ධ වෙන්නෙ. තාප්පෙ උඩ ඇලිලා හිටපු කොලෝසල් ටයිටන් එරන් උඩට කඩන් වැටෙනවා. ඒ කම්පනේට පහළ ඉන්න සේරම හේවායන්ට මිකාසා ඇතුළුව සිහිය නැති වෙනවා. ඒත් මිකාසා ඇහැරෙනකොටයි දැනගන්නෙ එරන් සටනින් පැරදිලා රයිනර්යි බර්ටෝල්ටයි එරන්ව අරන් ගිහින් පැය පහකුත් වෙනවා කියලා. ඒ වෙලාවෙ අතීතෙ සිද්ධ වුනු දේවල් මිකාසාට මතක් වෙනවා. මිකාසා දුකින් ඉන්න වෙලාවෙ හානෙස් තමයි ඇවිත් මිකාසාටයි අරමින්ටයි මතක් කරන්නෙ එරන් මොන වගේ ළමයෙක්ද කියලා. ඉතින් මොනා කරන්නත් අශ්වයො එහා පැත්තට අරගන්න ලිෆ්ට් එනකන් ඉන්න වෙනවා. ඒ ගැන හිතන වෙලාවෙ තමයි කමාන්ඩර් එර්වින්, හේවායොයි අශ්වයො අරගන්න ලිෆ්ට් ටිකයි අරන් එන්නෙ. ඇවිත් එයාලා ටයිටන්ලා ඉන්න වෝල් මරියා වලට පිටත් වෙනවා. එතනින් පස්සෙ මොනාද වෙන්නෙ කියලා මේ කොටස් දෙකෙන් බලාගන්න පුළුවන්. එහෙනම් ඊළඟ කොටස් දෙකත් ඉක්මණටම අරන් එනකන් මේ කොටස් දෙක රසවිඳින්න.

 

 

ඊළඟ කොටස් දෙකෙන් නැවත මුණගැහෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.

13,133 downloadsDownload Attack-on-Titan-S2-E09-E10.zip24 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles

13,133 downloadsDownload Subtitles24 KB

16 comments

  1. viraj_perera

    ela. digatama denda. jaya

  2. Shashi

    Sabata thanks akka

  3. Udm

    Thank you and keep it up

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි :) :) ..
    ජය වේවා.!

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. Anonymous

    Sub Ekata Thanks Sis.. Puluwannam Parasyte, Hunter X Hunter, One Punch Man Ewatath Sub Denna Balanna.. Thanks..

  8. Kasun

    නියමයි!!! උපසිරැසියට ස්තූතියි.

  9. Chanu Mikhail

    Thanks

  10. Bhagyasingh

    THANK YOU

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. podda

    Thanks sis!!

  13. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි ...!

  14. Pavith Wijesooriya

    ගොඩක් ස්තූතියි අක්කේ උපසිරසි වලට...

  15. Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි ... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  16. Sithija

    Thanks akke

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.