Watch Trailer

Fringe [S03 : E13] Sinhala Subtitles | බොලිවියා! [සිංහල උපසිරසි සමඟ]

13 වෙනි කොටසට ආවා, මේ සීසන් එකේ මැද හරියේ අපි දැන් ඉන්නේ. මේතාක් දුරට වුනේ මොනවද කියලා මතක් කරගෙන ඉමු. සීසන් එක පටන් ගත්තේ එහා පැත්තට ගිය පීටර්ව එක්කගෙන, වෝල්ටර් සහ බොලීවියා ආව තැනින්. ඔලිවියා එහා පැත්තෙ හිර කරලා, එයා වෙනුවට බොලිවියාව යැව්වේ වෝල්ටනේට්ගෙ සැලැස්මක් විදියට. බොලිවියාට පැවරුන මෙහෙයුම වු…

13 වෙනි කොටසට ආවා, මේ සීසන් එකේ මැද හරියේ අපි දැන් ඉන්නේ. මේතාක් දුරට වුනේ මොනවද කියලා මතක් කරගෙන ඉමු.

සීසන් එක පටන් ගත්තේ එහා පැත්තට ගිය පීටර්ව එක්කගෙන, වෝල්ටර් සහ බොලීවියා ආව තැනින්. ඔලිවියා එහා පැත්තෙ හිර කරලා, එයා වෙනුවට බොලිවියාව යැව්වේ වෝල්ටනේට්ගෙ සැලැස්මක් විදියට.

බොලිවියාට පැවරුන මෙහෙයුම වුනේ යන්ත්‍රේ වැදගත්ම කොටසක් හොයාගෙන, අරන් එන එක. මොකද වෝල්ටනේට් ලෝක විනාශ යන්ත්‍රෙ සියළු කොටස් හොයාගෙන තිබුනා, එක කොටසක් හැර. බොලිවියා ඒ වැඩේ කරන අතරේ, ඔලිවියාට විවිධ බෙහෙත් ශරීරගත කරළා, බොලිවියාගෙ මතකය සම්ප්‍රේෂණය කරා. ඒ විදියට ඔලිවියා, බොලිවියා බවට පත් වුනා. ඒ පැත්තෙ fringe ඒකකයෙ මෙහෙයුම් වලට සහභාගි වුනා. එහෙම වැඩ කරන අතරේ ඔලිවියාට මනෝ රූපයක් විදියට පීටර් පේන්න ගත්තා. පීටර් එයාට කිව්වා, එයා බොලිවියා නෙවෙයි, එයා ඔලිවියා කියන දේ. ඒත් මුලදි ඔලිවියා ඒක පිලිගත්තෙ නෑ. වෝල්ටනේට් ඔලිවියා යොදාගෙන පර්‍යේෂණ කළා, ලෝක අතර ගමන් කරන්න ඇයට හැකි වුනේ කොහොමද කියලා හොයාගන්න. මොකද ඒ හැකියාවට හේතුව රසායනිකයක් වගේ දෙයක් නම් ඒක සංස්ලේෂණය කරලා වෝල්ටනේට්ගෙ අයටත් ලෝක හරහා ගමන් කරන්න පුලුවන්.

ඔය අතරේ මේ පැත්තට ආව බොලිවියා fringe ඒකකේ වැඩ කරන ගමන් හොර රහසේ වෝල්ටනේට්ට පණිවුඩ යැව්වා. බොලිවියාගෙ හිත පීටර්ට යන්න වැඩි කාලයක් ගත වුනේ නෑ, ඒත් බොලිවියා මෙහෙයුම පාවා දුන්නෙත් නැහැ. බොලිවියා, පීටර් අතර සම්බන්ධය දුරදිග ගියා. මුලදි යන්ත්‍රය ගැන කතා කරන්නවත් අකමැති වුන වෝල්ටර් ඒකට නම්ම ගන්න නීනාට පුලුවන් වුනා. නීනා, වෝල්ටර් දෙන්නටම අවශ්‍ය පීටර් බේරගන්න, ලෝකය බේරගන්න. ඔහොම ගිහින් යන්ත්‍රයේ කොටස් සියල්ල තියෙන තැන් හොයාගන්න fringe ඒකකයට පුලුවන් වුනා.

ඔය අත‍රේ පරීක්ෂණ වලින් ලෝක තරණය කළ ඔලිවියාට තේරුම් ගියා, තමන් මේ ලෝකෙට අයිති නැති බව. ඇය පැනලා යන්න උත්සහ කරත් අහු වුනා. ඒත් අහු වෙන්න කලින් ඇය පීටර්ට පණිවුඩයක් එව්වා. ඒ පණිවුඩේ ලැබුන පීටර් බොලිවියා ගැන දැන ගත්තා. අනිත් පැත්තෙ බ්‍රොයිල්ස්ගෙ උදව්වෙන් ඔලිවියා නැවත ඇගේ ලෝකයට ආවා. තමන් කොටු වුන බව දැනගත්ත බොලිවියා, පීටර්ට සිහි විසඥ වෙන බෙහෙතක් විදගන්න සලස්සලා, යන්ත්‍රෙ අවශ්‍ය කොටස අරන් පැනලා ගියා. නැවත තමන්ගෙ ලෝකෙට ආව ඔලිවියට, පීටර් ගැන කළකිරීමක් ඇති වුනා. මොකද එයාට බොලිවියා අඳුර ගන්න බැරි වුන නිසා. ඒත් ඇය තේරුම් ගත්තා එහෙම දෙයක් වෙන්න පුලුවන් බව. ඉතින්, බොලිවියාට මොකක් වුනාද කියලයි අද අපි බලන්න හදන්නේ.

ආයුබෝවන්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,297 downloadsDownload Fringe-S03-E13.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,297 downloadsDownload Subtitles26 KB

11 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Shelton

    good

  3. Anonymous

    thanks!!

  4. indika75

    thanks..

  5. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
    ජය වේවා.!

  6. Kavinu

    සබට තුති! ☺️❤️

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. chinthaka.max4

    thankx dr

  9. UDARA DAMITH

    elaaaaa

  10. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!

  11. Udara Damith

    matu