Watch Trailer

Snowpiercer (2020-) [S01 : E02] Sinhala Subtitles | අවදානමට සූදානමින්..!! [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින්…. කලින් කොටසේදි අපිට කතාමාලවේ පූර්විකාව තේරුම් ගන්න පුළුවන් වුනා. ලෝකය අයිස් යුගයක් වෙලා අවුරුදු හතකට පස්සේ තමා අපිට පෙන්වන මේ සිද්ධි දාමය පටන් ගන්නේ. ඒ කියන්නේඑ ස්නොපීසර් ෆිල්ම් එකේ කාල වකවානුවට වසර අටකට කලින් සිද්ධ වුන සිදුවීම් තමා මේ කතා මාලාවට පාදක වෙලා තියෙන්නේ. දකින්න ඇති දුම්රියේ…

පෙර කොටසින්….

කලින් කොටසේදි අපිට කතාමාලවේ පූර්විකාව තේරුම් ගන්න පුළුවන් වුනා. ලෝකය අයිස් යුගයක් වෙලා අවුරුදු හතකට පස්සේ තමා අපිට පෙන්වන මේ සිද්ධි දාමය පටන් ගන්නේ. ඒ කියන්නේඑ ස්නොපීසර් ෆිල්ම් එකේ කාල වකවානුවට වසර අටකට කලින් සිද්ධ වුන සිදුවීම් තමා මේ කතා මාලාවට පාදක වෙලා තියෙන්නේ. දකින්න ඇති දුම්රියේ පිටුපසම කොටසේ අය එහෙම නැත්තම් ටේල් එකේ ටේලීස්ලාගේ නායකයා වගේ හිටියේ ලේටන්. ඔවුන් දුම්රියේ ඉහල කොටසට පහර දෙන්න කැරල්ලක් කරන්න හැදුවත් ඒක සිද්ද කරන්න කලින් ඉහල දුම්රියේ අය ලේටන්ව රැගෙන යනවා. රැගෙන ගිහිල්ලා ඔහුට විසදන්න මිනී මැරුමක් ලබාදෙනවා, මොකද ඔහු හිටපු මිනීමැරුම් පරීක්ෂකයෙක්. අනික දුම්රියේ ඉන්න එකම මිනී මැරුම් පිලිබද පරීක්ෂකයා ඔහු. ඉතින් මේ මිනීමැරුම ගැන ඔහු තොරතුරු හොයන අතරතුර ටේලි එකේ අය කැරල්ල ක්‍රියාත්මක කරනවා. නමුත් අසාර්ථක වෙනවා, ලේටන් ඇවිල්ලා ඔවුන්ට අවි බිම දාන්න කියලා කියන්නේ ඔහුව විශ්වාස කරන්න කියලා. ඒ වගේම මෙලීනා කියන්නේ දුම්රියේ ඔක්කම අයට නම් දුම්රියෙ අයිතිකාරයගේ සාත්තු සේවිකාව. ඒ කියන්නේ එයා තමා විල්ෆ්‍රඩ් කියන දේවල් සිද්ද කරන්නේ වගේම දුම්රියේ සිද්ද වෙන දේවල් විල්ෆ්‍රඩ්ට ගිහින් කියන්නෙත්, නමුත් කලින් කොටස අවසානේ අපිට පෙන්නුවා මෙලීනා තමයි විල්ෆ්‍රඩ් කියන්නෙත් කියලා.

අද කොටසින්…

අද කොටසින් අපිට බලාගන්න පුළුවන් ටේල් එකේ කැරල්ලෙ වැරදිකාරයන්ට හිමි වෙන දඬුවම් වගේම ලේටන් තමන්ගේ අලුත් රස්සාව කොහොමද කරගෙන යන්නේ කියලා. ඒ වගේම ස්නෝපියර්ස් දුම්රියට අනතුරු දායක තත්වෙක ඉදිරියට ගමන් කරන්න වෙනවා, මොකද ලොකු අනතුරක් සිද්ද වෙන නිසා. ඉතින් ඒ අනතුරු මොකද්ද, ලේටන් මිනීමැරුම ගැන වැඩ කොහොම කරගෙන යයිද, ටේල් එකේ මොනවා සිද්ධ වෙයිද කියලා මේ කොටස බලලම තේරුම් ගන්නකො.

___ ____

අද කතාවේ නම ” Prepare to Brace”
අධ්‍යක්ෂණය: Sam Miller
ලිව්වේ: Josh Friedman
විකාශනය වුනේ: 2020 මැයි 24
මීලග කොටස: Access Is Power| 2020 මැයි 31

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,696 downloadsDownload Snowpiercer-S01-E02.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,696 downloadsDownload Subtitles28 KB

17 comments

  1. Sandarunimsara

    Sub ekata thanks bro

  2. Sanjaya

    සිංහල උපසිරසිට ‍බොහොම ස්තුතියි සහො-
    කරන කියන යහපත් දේ සාර්ථක වේවා
    -තෙරැවන් සරණයි-

  3. Malaka prasad

    kavishal thanq bro sub ekata ekanakan magabalagena hitiye

  4. Anonymous

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Ayesh

    උපසිරසියට ස්තුතියි

  7. prasanga

    thanks.....

  8. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  9. chamee1234

    උපසිරසට ස්තූතියි

  10. Shaggy

    සබට බොහොම ස්තූතියි සහෝ

  11. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. oshanmp

    උපසිරැසියට ස්තූතියි!

  14. Kavinu

    සබට තුති බන්!

  15. Lahiru Lakshan

    thanks machn...

  16. Anonymous

    Thanks Machooo....., Jayaweva....!!!!

  17. Akila Dilhara

    Thnaks for Sub...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.