Watch Trailer

Fringe [S04 : E04] Sinhala Subtitles | ආගන්තුකයා.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 4 වෙනි කොටස අරගෙනයි ආවේ. පහුගිය කොටස ගැන සුපුරුදු විදියට මතක් කරන්නම්. ඒරන් කියන තනි වුන ළමයා, දිලීරයක් එක්ක ගොඩ නගා ගත්ත සම්බන්ධතාව නිසා මිනිස් ජීවිත කීපයක් අහිමි වුන සිද්ධියක් වටා තමයි පහුගිය කොටස ගෙතුනේ. ගොඩක්ම තනිකම ගැන තමයි ඒකෙන් කියවුනේ. ඇත්තටම කතාව ඇතුළින් කියන්න ඕන වුනේ පීටර්ගෙ තනිකම ග…

ඔන්න 4 වෙනි කොටස අරගෙනයි ආවේ. පහුගිය කොටස ගැන සුපුරුදු විදියට මතක් කරන්නම්.

ඒරන් කියන තනි වුන ළමයා, දිලීරයක් එක්ක ගොඩ නගා ගත්ත සම්බන්ධතාව නිසා මිනිස් ජීවිත කීපයක් අහිමි වුන සිද්ධියක් වටා තමයි පහුගිය කොටස ගෙතුනේ. ගොඩක්ම තනිකම ගැන තමයි ඒකෙන් කියවුනේ. ඇත්තටම කතාව ඇතුළින් කියන්න ඕන වුනේ පීටර්ගෙ තනිකම ගැන කියලත් හිතෙනවා.

වෝල්ටර්ට දරාගන්න බැරි තරමටම පීටර්ගේ කටහඩ, රූපය පෙනෙන්න ගත්තා. වෝල්ටර් හිතුවේ ඒවා එයාට පේන මනෝ විකාර කියලා. එයාට ඒකෙන් මිදෙන්න ඕන වුනා. ඒත් බලන් යද්දි ඔලිවියාටත් පීටර්ව පෙනිලා. ඔලිවියා තනියෙන් ඒ කවුද කියලා හොයන්න උත්සහ කරලා. ඒත් වෝල්ටර්වත්, ඔලිවියාවත් ඒ පේන කෙනා කවුද කියන්න දන්නෙ නෑ. දැන් ඒ දෙන්නටම එකම පුද්ගලයෙක් පේනවා කියන්නෙ ඇත්තටම එහෙම කෙනෙක් ඉන්න ඕනෙ කියන දේ තේරුනා. ඒ නිසා ඉක්මනින්ම පීටර්ව හොයා ගනී කියලා අපට හිතන්න පුලුවන්.

අද කොටස දිග හැරෙන්නේ කෝටෙක්සිෆාන් පර්යේෂණ වල පර්යේෂණ වස්තු අංක 9 ගැන. මෙයාටත් ඔලිවියාට වගේ විශේෂ හැකියාවක් තියනවා. ඒ හැකියාව මොන වගේ දේකට යොදා ගනීද?

එහෙනම් අද කොටස බලන්නකෝ, පීටර් හම්බෙයිද කියලා.

ආයුබෝවන්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,440 downloadsDownload Fringe-S04-E04.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,440 downloadsDownload Subtitles24 KB

6 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Anonymous

    Thanks

  3. Anonymous

    Thank You Sis...

  4. indika75

    thanks..

  5. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P