Watch Trailer

Paatal Lok (2020-) [S01: E02] Sinhala Subtitles | ලිහිල් පොටවල්…!! [සිංහල උපසිරසි සමඟ] [18+]

පෙර කොටසින්… කලින් කොටසෙදි අපි දැක්කා කතාවේ හරය මොකද්ද කියලා. ඉන්දියාවේ ඉන්න ජනප්‍රියම සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙක් වෙන සන්ජීව් මෙහෙරාව ඝාතනයට හතර දෙනෙක් සූදානම් වෙනවා, නමුත් පොලිසිය විසින් ඔහුව ඝාතනය කරන්න ප්‍රථමව ඒ සිව් දෙනා අත් අඩංගුවට ගන්නවා. පරීක්ෂණය භාර වෙන්නේ චෞද්‍රී කියන පොලිස් නිලධාරියට. සන්…

පෙර කොටසින්…

කලින් කොටසෙදි අපි දැක්කා කතාවේ හරය මොකද්ද කියලා. ඉන්දියාවේ ඉන්න ජනප්‍රියම සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙක් වෙන සන්ජීව් මෙහෙරාව ඝාතනයට හතර දෙනෙක් සූදානම් වෙනවා, නමුත් පොලිසිය විසින් ඔහුව ඝාතනය කරන්න ප්‍රථමව ඒ සිව් දෙනා අත් අඩංගුවට ගන්නවා. පරීක්ෂණය භාර වෙන්නේ චෞද්‍රී කියන පොලිස් නිලධාරියට. සන්ජීව් මරන්න ඔවුන්ගේ උවමානව මොකද්ද, වෙන කවුරුහරි මේ සිද්ධිය පස්සෙ ඉන්නවද කියලා දැනගෙන පරීක්ෂණ කටයුතු කරගෙන යාම ඒ අනුව චෞද්‍රී පටන් ගන්නවා. මේ ඝාතනයට සම්බන්ධ වුන එක්කෙනෙක් වෙන ටොප් සින්ග් පොලිසිය අල්ලගන්න කලින් ඔහුගේ ෆෝන් එක ඒ අසලම ගඟට විසි කරනවා, අනිවාරෙන් ඒ ෆෝන් එකේ ලොකු රහස් තියෙනවා ඇති. ඒ වගේම මේ සිව් දෙනාගෙන් තුන්දෙනෙක්ගේ අනන්‍යතාවයන් පොලිසිය සොයාගන්නවා, නමුත් එක් පුද්ගලයෙක්ගේ අනන්‍යතාව කිසිසේත්ම හොයාගන්න වුනේ නෑ. ඇඟිලි සලකුණු පවා ඔහුගේ අරගන්න විදිහක් නෑ. නමුත් අවසානේ ඔහු තමන්ගේ නම ත්‍යාගි කියලා පවසනවා. අන්න එතකොට තමා පොලිසියේ අයගේ ඉහ මොල රත් වෙන්නේ. මොකද ත්‍යාගි කියන්නේ පොලිසියට ඕන කරලා තියෙන අති අවශ්‍ය අපරාධකාරයෙක්, ඔහුගේ නම ඉස්සරහා මිනීමැරුම් හතලිස් පහක් වගේම තව තව අපරාධ රාශියක් සටහන් වෙලා තියෙනවා.

අද කොටසින්…

අල්ලගත්ත සිව් දෙනාගෙන් එක්කෙනෙක් තමයි කබීර්. ඒ කියන්නේ වාහනය එලවගෙන ගිය කෙනා. කොහොමහරි මිනිහව බය කරලා මිනිහගේ පැත්තෙන් කතාව අහගන්න විදිහ සහ වෙනත් පැති වලින් පොලිසිය පරීක්ෂණ ඉස්සරහට අරගෙන යනවා. ඒ වගේම අද පුද්ගලයන් දෙදෙනෙකුගේ නම් ඉස්සරහට එනවා, ඒ කියන්නේ මේ අපරාධය සිදු කිරීමට හවුල් වුන දෙන්නෙක්, ඒ දෙන්නා කවුද මොනවද කලේ කියලත් අද බලාගත්තෑකි. මේ පරීක්ෂණය ක්‍රම ක්‍රමයෙන් නූල් බෝලයක් බවට පත් වෙන බව නම් පැහැදිලියි. ඒනම් අදත් ඒ නූල් බෝලේ තවත් ගැට ලිහාගන්න හෝ තව ගැට අමුනගන්න එක ඔබලාට භාරයි.

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,033 downloadsDownload Paatal-Lok-S01-E02.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

5,033 downloadsDownload Subtitles24 KB

13 comments

  1. Suranjan

    Thanks jayawewa........!

  2. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...මේක දැකලා තමා මොකක්ද මේ අලුත් සීරිස් එක කියලා බැලුවේ..ඔන්න එහෙනම් අපිත් බලන්න පටන් ගත්තා...ජය...

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. මයුර

      ස්තූතියි සබට මචෝ

  4. Sohan Jayasooriya

    ස්තූතියි මලයෝ

  5. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  6. Chandima Prasad

    thanks sub ekata..

  7. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Dewadithya

    Thanks for sub!

  10. Kavinu

    සබට තුති වේවා
    ❤️

  11. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  12. Anonymous

    Thank u bro