5 වෙනි කොටස අරගෙනයි ආවේ. වෝල්ටර්ටයි, ඔලිවියාටයි එකම කෙනෙක්ව පෙනෙන්න ගත්තා. ඒ පීටර් කියලා එයාලාට මතක තිබුනෙ නෑ. ඒත් දෙන්නටම එකම කෙනාව පේන නිසා, එයාව හොයාගන්න හිතන් වෝල්ටර් කැමරා අටවලා, එයාගේ ඡායාරූපයක් ගන්න ලෑස්ති වුනා. ඔය අතරේ ඔලිවියා උදේ ඇහැරෙද්දි, එයාගෙ ඇඳට උඩින් ශක්තියක් ගැවසුනා. ඒක ඔලිවියාව හිර…

5 වෙනි කොටස අරගෙනයි ආවේ.
වෝල්ටර්ටයි, ඔලිවියාටයි එකම කෙනෙක්ව පෙනෙන්න ගත්තා. ඒ පීටර් කියලා එයාලාට මතක තිබුනෙ නෑ. ඒත් දෙන්නටම එකම කෙනාව පේන නිසා, එයාව හොයාගන්න හිතන් වෝල්ටර් කැමරා අටවලා, එයාගේ ඡායාරූපයක් ගන්න ලෑස්ති වුනා.
ඔය අතරේ ඔලිවියා උදේ ඇහැරෙද්දි, එයාගෙ ඇඳට උඩින් ශක්තියක් ගැවසුනා. ඒක ඔලිවියාව හිර කරන්න බැලුවා. ලෝහ වස්තු එක ගොඩකට ගොඩ ගැහුවා. මේ නිසා වෝල්ටර් හිතුවේ මේක එයාගේ කෝටෙක්සිෆාන් පරීක්ෂණ වල හිටපු කැමරන්ගෙ වැඩක් කියලා. කැමරන්ට ඇස්ට්‍රල් ප්‍රක්ෂේපණ කරන්න හැකියාවක් තිබිලා තියනවා. ඉතින් ඔලිවියා, වෝල්ටර් දෙන්නා එයාව හොයන් ගියා. එතනදි එයාලා දැන ගත්තා ඔලිවියාගෙ පස්සෙ එන දේ කැමරන් කරන දෙයක් නෙවෙයි කියලා.
ඉතින් කැමරන්ගෙ හැකියාවයි, විදුලි බලයයි සංයුක්ත කරලා, ඔලිවියා පස්සෙ එන දේ නවත්තන්න අවසානෙ උත්සහ කරා. ඒ වෙලාවේ ඔලිවියාට පෙනුනා ඒ ශක්තියෙන්, පීටර්ගෙ රූපය ඇති වෙනවා. ඒත් ඔලිවියා දන්නෙ ඒ එයා හීනෙන් දැකපු කෙනා කියලා විතරයි. ඔලිවියා පීටර්ව නොදැන වුනත්, ඒ වෙලාවේ කැමරන්ව නවත්තලා, පීටර් බේරුවා. එතනදි වුන බලපෑම නිසා පීටර් ජලාශයක් මැද්දෙන් මතු වුනා.
එහෙම මතු වුන පීටර්, කලින් හිටපු පීටර්ම තමයි. ඒත් දැන් ඉන්න ඔලිවියා, වෝල්ටර් ඇතුලු කිසිම කෙනෙක් පුංචි පීටර්ට වඩා එහා කෙනෙක් දන්නෙ නෑ.
පීටර් දැක්කමවත්, ඔලිවියාට පීටර්ව මතක් වුන පාටක් පෙනුනෙ නෑ. අඩු ගානේ වෝල්ටර්ටවත් මතක් වෙයිද? නිරීක්ෂකයොන්ගෙ සැලැස්ම අසාර්ථක වුන නිසා ඔවුන් මීලඟට මොකක් කරයිද?
ඊලඟ කොටසින් හමුවෙමු.
ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,404 downloadsDownload Fringe-S04-E05.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
5 comments
sachintha
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
indika75
thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සිංහල උපසිරැසියට ස්තූතියි