Watch Trailer

Fringe [S04 : E13] Sinhala Subtitles | මේ ඒ ඔලිවියාමද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ වෙද්දි 4 වන කතා සමයේ හරි අඩකටත් වඩා අවසන් කරලයි ඉන්නේ. කතා සමය පටන් ගත්තේ විශ්වයන් දෙකම බේරිලා පාලමක් හැදුනා, පරණ කාල රාමුවෙන් පීටර්ව මකලා දැම්මා. වෝල්ටර්, ඔලිවියා කාටවත් පීටර් ගැන මතකයක් තිබුනෙ නෑ. ඔය අතරේ ඔලිවියාටත්, වෝල්ටර්ටත් පීටර්ගෙ සලකුණු මතු වෙන්න ගත්තා. නිරීක්ෂකයත් කලින්ම කිව්වා පීට…

ඔන්න මේ වෙද්දි 4 වන කතා සමයේ හරි අඩකටත් වඩා අවසන් කරලයි ඉන්නේ. කතා සමය පටන් ගත්තේ විශ්වයන් දෙකම බේරිලා පාලමක් හැදුනා, පරණ කාල රාමුවෙන් පීටර්ව මකලා දැම්මා. වෝල්ටර්, ඔලිවියා කාටවත් පීටර් ගැන මතකයක් තිබුනෙ නෑ. ඔය අතරේ ඔලිවියාටත්, වෝල්ටර්ටත් පීටර්ගෙ සලකුණු මතු වෙන්න ගත්තා. නිරීක්ෂකයත් කලින්ම කිව්වා පීටර්ව මැකුවත් එයාගෙ සලකුණු ඉස්මතු වෙන්න පුලුවන් කියලා. පීටර් කියලා නොදැන එයා තමන්ට තර්ජනයක් කියලා හිතපු වෝල්ටර්, ඔලිවියා ඒ තර්ජනෙන් බේරෙන්න ගහපු සැලැස්ම අවසානේ පීටර් මති වුනා රෙයිඩ්න් විල මැද්දෙන්. එහෙම හොයාගත්ත පීටර්ගෙ කතා අහලා බ්‍රොයිල්ස්ට පිස්සු හැදුනෙ නැති ටික විතරයි. ලෝකෙටම රහසක් වුන ෆ්‍රින්ජ් ඒකකේ ගැන මේ මනුස්සයා කොහොමද මෙච්චර දන්නෙ? හැමෝටම පීටර් ගැන හිතුනෙ ඔහොමයි. ඒ අතරේ මිනිස් මුහුණු මාරු කරන්නො කරළියට ආවා. මුහුණු මාරු කරන්නන්ගෙ තාක්ෂණේ ගැන ගැඹුරට අධ්‍යයනය කරල තිබුන පීටර් එතන ඉඳන් ෆ්‍රින්ජ් ඒකකේට උදව් කරන්න ගත්තා. ඔහොම යද්දී පීටර් උපකල්පනේකට ආවා එයා ඉන්නෙ වැරදි කාල රාමුවක, ඒ නිසයි මෙහෙ කාටවත් එයාව මතක නැත්තේ කියලා. ඒ අනුව වෝල්ටර්වත් කැමති කරන් පීටර් හදන්නේ යන්ත්‍රෙ පිහිටෙන් එයාගෙ ආදරණීයන් ඉන්න කාල රාමුවට යන්න. නමුත් නිරීක්ෂකයා ඔලිවියාට කිව්වා හැම අනාගතයකම ඔලිවියාට මැරෙන්න සිදු වෙන බව. ඒ වගේම නීනා, ඔලිවියා නොදැන ඔලිවියාට මොකක් හරි දෙයක් කරනවා. ඩේවිඩ් රොබර්ට් ජෝන්ස් සහ නීනා ලොකු සැලැස්මකට වැඩ කරනවා. ඒ අතරේ පහුගිය කොටස අවසානෙ දකින්න ඇති ඔලිවියා සම්පූර්ණයෙන්ම පීටර්ගෙ ඔලිවියා වගේ හැසිරුනා. මේ සිද්ධ වෙන්න යන්නෙ මොකක් වෙන්න ඇතිද?

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,231 downloadsDownload Fringe-S04-E13.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,231 downloadsDownload Subtitles26 KB

8 comments

  1. Pcvenom

    dvd coy waata athi season 1/2 sadhaha br update sub labadenna.

    upasirasiyata sthuthi

  2. Anonymous

    Thanks

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  5. Dushan Tharuka

    Thanks sis sub akata....Jaya wewa !!!

  6. indika75

    thanks..

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!