Watch Trailer

Fringe [S04 : E15] Sinhala Subtitles | පුංචි ආදර කතාවක් [සිංහල උපසිරසි සමඟ]

ඩේවිඩ් රොබර්ට් ජෝන්ස්..! පීටර්ගේ ඇස් ඉස්සරහා මිය ගියා කියලා හිතපු ඒ හාදයා ආයිත් ආවා. මේ පාර නීනාවත් සම්බන්ධ කරන් විශාල සැලැස්මකට අර අදින්නේ. නීනාත් ඔලිවියා ඉස්සරහා හොඳ මූණ පෙන්නන් ඉඳලා අන්තිමේ ඔලිවියාව පාවා දුන්නා. ඔලිවියා මේ මොකුත් දැනන් හිටියේ නෑ මුලින්. එයාට තේරිලා තිබුන එකම දේ තමයි එයා පීටර්ගෙම…

ඩේවිඩ් රොබර්ට් ජෝන්ස්..! පීටර්ගේ ඇස් ඉස්සරහා මිය ගියා කියලා හිතපු ඒ හාදයා ආයිත් ආවා. මේ පාර නීනාවත් සම්බන්ධ කරන් විශාල සැලැස්මකට අර අදින්නේ. නීනාත් ඔලිවියා ඉස්සරහා හොඳ මූණ පෙන්නන් ඉඳලා අන්තිමේ ඔලිවියාව පාවා දුන්නා. ඔලිවියා මේ මොකුත් දැනන් හිටියේ නෑ මුලින්. එයාට තේරිලා තිබුන එකම දේ තමයි එයා පීටර්ගෙම ඔලිවියා කියන දේ. ඒ බව පීටර් විශ්වාස කරන්න සූදානම් නැහැ. නමුත් ඔලිවියාගෙ ඇස් දිහා බලද්දී පීටර්ට පේනවා මේ ඉන්නෙ එයාගේ ඔලිවියා බව. ඒත් බොලිවියා නිසා වතාවක් ද්‍රෝහි වුන පීටර් මේ වතාවේ ඒ වගේ අවදානමක් ගන්න සූදානම් නැහැ. වෝල්ටර්, ලින්කන් හැමෝම පීටර්ට කිව්වෙත් ඒක. ඒ හැමෝම වැරදි නම්..?

ඔය අතරේ හදිසියෙම කඩාපාත් වුන සැප්තැම්බර් පණ අදිමින් ඉන්න අතරේ පීටර් එයාගේ මනසට ඇතුල් වුනා. ඒ ගමනෙදි පීටර් නොදැන සිටි දේවල් දැන ගත්තා. ඒ තමයි පීටර්ට පුතෙක් හිටිය බව, හෙන්රි ඉපදුනේ වැරදි ඔලිවියාට බව. සුන්දර අනාගතයක් එහෙමත් නැත්නම් පීටර් හීනෙන් දැකපු පරිපූර්ණ දවස උදා කරගන්නෙක තියෙන්නෙ පීටර්ගේ අතේ. ඒවගේම සැප්තැම්බර් අතින් වුන වැරදි හරිගස්සන්නත් පීටර්ට සිද්ධ වෙනවා. ඩේවිඩ් රොබර්ට් ජෝන්ස්නුත්, නීනා එක්ක පැනලා ගියා. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ තාමත් අපැහැදිලියි. අපි බලමු ඉදිරියට මොකක් වෙයිද කියලා.

නැවත හමුවෙමු. ආයුබෝවන්!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,411 downloadsDownload Fringe-S04-E15.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,411 downloadsDownload Subtitles19 KB

10 comments

  1. Anonymous

    Thanks

  2. Anonymous

    ada tikak parakkuda manda

  3. Vishnuka

    Thanks akke

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Amilani darshika

    Aneee dr doctor stranger,, romance in bonus book,, secret garden kathaa 3 sub dennko.. gdk aygen illuwa godk kl idn thama dun na

  6. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    දිගටම සබ් දෙමු....

  7. indika75

    thanks..

    1. udani

      lawless lawyer korean tv series 1k sinhala sub dennako lee jong gi inna

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!