Watch Trailer

The X-Files [S08 : E03] – Sinhala Subtitle | ඩොගට් – ස්කලී හවුල.. [සිංහල උපසිරැසි සමඟ]

හෙල මුදුනට මෝල්ඩර්, ගිබ්සන්ව අරන් යනවා දැක්ක ඩොගට් ඒ පස්සෙම ගියා. එතනදි ගිබ්සන්ව බේරගන්න ඩොගට්ට හැකි වුනත්, මෝල්ඩර් වගේ පෙනුන කෙනා හෙලෙන් පහළට වැටුනා. නමුත් ඒ ඇසිල්ලෙම ඔහු අතුරුදහන් වෙලා. ඉතින් මෝල්ඩර් ආව බව ආරංචි වුන ස්කලී, ස්කිනර් දෙන්නත් එතනට දුවන් ආවා. එතනදි තමයි ස්කලී, ඩොගට්ට පැහැදිලි කරේ තිලි…

හෙල මුදුනට මෝල්ඩර්, ගිබ්සන්ව අරන් යනවා දැක්ක ඩොගට් ඒ පස්සෙම ගියා. එතනදි ගිබ්සන්ව බේරගන්න ඩොගට්ට හැකි වුනත්, මෝල්ඩර් වගේ පෙනුන කෙනා හෙලෙන් පහළට වැටුනා. නමුත් ඒ ඇසිල්ලෙම ඔහු අතුරුදහන් වෙලා. ඉතින් මෝල්ඩර් ආව බව ආරංචි වුන ස්කලී, ස්කිනර් දෙන්නත් එතනට දුවන් ආවා. එතනදි තමයි ස්කලී, ඩොගට්ට පැහැදිලි කරේ තිලිණ දඩයක්කාරයෝ ගැන. මේ දඩයක්කාරයෝ මනුෂ්‍ය වේශය ලබා ගන්න පුලුවන් පිටසක්වල ජීවීන්. ඒත් ඩොගට් නම් ඒක පිලිගන්න කැමති වුනේ නෑ. මේ අතරේ ගිබ්සනුත් ආගිය අතක් හොයාගන්න බැරි වුනා. කට්ටියම ගිබ්සන් හොයන අතරේ පිටසක්වල දඩයක්කාරයා ස්කලීගේ වේශය ලබා ගත්තා. ඔන්න ඔය වෙලාවෙදි තමා නියම ස්කලීයි, බොරු ස්කලීයි කියලා දෙන්නෙක් ඉන්න බව ඩොගට්ටත් තේරුනේ.

මෙච්චර දවසක් පිටසක්වල ජීවීන් කියන්නෙ ගොතපු කතාවක් කියලා හිතන් හිටපු ඩොගට් ට එයා හිතපු විදිය වෙනස් කරන්න පළමු වෙඩි මුරේ පත්තු වුනේ එතනදි. මේ දඩයක්කාරයා තමන්ට තර්ජනයක් වෙන ඕනම කෙනෙක්ගේ බෙල්ලෙන්ම තමයි අල්ල ගත්තේ.

ඔය අතරේ හොරෙන්ම ගුහාවකට වෙලා හිටපු ගිබ්සන්ව හොයාගන්න ස්කලීට පුලුවන් වුනා. ගිබ්සන්ගේ කකුල කැඩිලා තිබුන නිසා ස්කලී ඔහුව ස්කිනර් එක්ක රෝහලට යැව්වා. ඒත් අවාසනාවකට වගේ, ස්කිනර් පස්සෙ ගිය ඩොගට්ගේ මිනිස්සු නිසා දඩයක්කාරයට ගිබ්සන් දඩයම් කරගන්න අවස්ථාවක් ලැබුනා. මේ බව තේරුම් ගත්ත ස්කලී වහාම රෝහලට ගියා. එතනදි දඩයක්කාරයව මරන්න ස්කලීට පුලුවන් වුනා. අවසානේ ඩොගට් කර්ෂ්ට උත්තර බඳින වෙලාව ආවම ඩොගට් කියන කතා කර්ෂ් පිලිගත්තේ නෑ. මොකද පිටසක්වල ජීවීන් කියන වචනෙ අහන්නවත් කර්ෂ් කැමති නෑ.

මෝල්ඩර් හොයන්න ආව ඩොගට් ඔන්න ඔය විදියට තමයි x ෆයිල්ස් අංශෙට පත් වුනේ. දැන් ස්කලීගේ අලුත්ම සගයා ඩොගට්. මේ දෙන්නාගෙ හවුල කොහොම වෙයිද? අද කතාංගය දිග හැරෙන්නේ හා හා පුරා කියලා ඩොගට්, ස්කලී හවුල එකතු වෙලා විසඳන මුල්ම X ෆයිල් එක ගැනයි. නැවතත් හමුවෙමු. ආයුබෝවන්!

ලිපිය : හෙළිලි හේමමාලි

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය FUM-WEB හා ඇතැම් BR, DVD පිටපත් සඳහා අදාළ වේ.

2,830 downloadsDownload X-Files-S08e03-327201648.zip108 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

2,830 downloadsDownload Subtitles108 KB

13 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Aruna

    උපසිරසියට ගොඩක් ස්තුතියි!

  3. Randy

    Puluwn nam ripper street ekatath sub denna.eke S5k awa

  4. ගයාන් චතුරංග

    ගොඩක් ස්තූතියි අයියෙ සබ් එකට, ගොඩ කාලයක් ඉඳලා බලාගෙන හිටියෙ. එපිසෝඩ් ඔක්කොම බාලා ඉන්නෙ. ඉක්මනින්ම සබ් ටික දෙනවට ආයෙමත් ස්තූතියි.

  5. Marline

    ගොඩාක් කල් බලාගෙන ඉඳලා බැරිම තැන sub නැතුව season 8 බලලා ඉවර කරා,දැන් බලන්නේ season 9

  6. Anonymous

    thq bro digatama danna jaya wewa

  7. Navodani Thilini Sasanika

    උපසිරසියට ස්තූතියි අයියෙ

  8. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  9. Chandima

    Pissuwen wage Rupawahini eke X files balapu kapayak tibbe. Eka season ekak ITN eke giya 2004 wage mataka hatiyata. Thanks yalu me sub dagana yana ekata.

    KEEP IT UP

  10. Shamal manojan

    ස්තූතියි උපසිරැසියට

  11. Anonymous

    Thanks

  12. Pramukmili

    Thanx bro............

  13. Gihan

    Thanks For The Subtitles.............Good Luck