වසර දහස් ගනනක භූගෝලීය වෙනස්කම්, මත ගැටුම්, කල කෝලාහාල, ව්‍යසන, ඔය හැමදේමත් අතරේ මිනිසා අද කොයි තරම් දුරක් ඇවිත්ද. තැලුනු පොඩිවුනු සමාජයක පන්ති භෙදය කුල භේදය මත වටිනාකම මනින මිල මුදල් මත හැමදේම තීරනය වන සමාජ පද්ධතියක සාඩම්බර උරුමක්කාරයො අපි.. ආඩම්බරයිද? ගැම්මක් එනවද? මොන පිස්සුද.. එහෙමත් ආඩම්බර වෙල…

වසර දහස් ගනනක භූගෝලීය වෙනස්කම්, මත ගැටුම්, කල කෝලාහාල, ව්‍යසන, ඔය හැමදේමත් අතරේ මිනිසා අද කොයි තරම් දුරක් ඇවිත්ද. තැලුනු පොඩිවුනු සමාජයක පන්ති භෙදය කුල භේදය මත වටිනාකම මනින මිල මුදල් මත හැමදේම තීරනය වන සමාජ පද්ධතියක සාඩම්බර උරුමක්කාරයො අපි.. ආඩම්බරයිද? ගැම්මක් එනවද? මොන පිස්සුද.. එහෙමත් ආඩම්බර වෙලා කතා කරන්න තරම් දෙයක් වර්ථමානයේ තියෙද? නැත්තෙ නෑ. තියෙනවා නම් තමයි. ඒත් ඒ බොහොම සුලු ප්‍රමානයක්.. නැතිනම් එකෙකුගේ සාර්තකත්වයට තවෙකකු ගරහන කාලයක් මේක.. ඒකයි අපි අදටත් වර්තමානයට වඩා අපේ ඉතිහාසය දිහා බලලා අපේ එකෙක් නේද? කොහොම ධෛර්යයක්ද ? මොන තරම් කැප වීමක්ද? අද මුලු ලොවක් ජය අරන් තියෙන්නෙ මේ මිනිසා හෝ මේ ක්‍රියාව නිසා නේද ? නැතිනම් මේ වෙනස් වීම නිසා නේද? යනුවෙන් බොහොම ආඩම්බරෙන් කතා කරන්නෙ..ඇයි දැන් වෙන සාර්ථකත්වයන් කතා කරන්න ආඩම්බර වෙන්න දේවල් නෙවේද කියලා කවුරු උනත් ප්‍රශ්න කරන්න පුලුවන්.. අපෝ නෑ අපි අද අප වටා ඉන්න නුවනැත්තන්ගෙ නුවනට ගරු කරනවා ආඩම්බර වෙනවා.. ඒත් ඒ හැම ක්‍රියාවක් පසු පසම වේදනාවකුත් අන්තිමේ ඉතුරු වෙනවා.. මූල්‍යමය තර කරගැනීම් අරමුණ කරගත්තු නව නිපැයුම් නොවේද දැන් බිහිවෙන්නෙ. ඒ කොතෙක් බිහි උනත් අදටත් අපිට අපේ ගුරුවරු උගන්වන්නෙ ඉතිහාසයෙන් අපිට ලබා ගන්න පුලුවන් පාඩම් ගැනයි.. ඇයි ඉතිහාසයම? අපිට වර්ථමානයෙන් උදාහරණ ගන්න බැරිද කියලා අහන්න.. එවිට ඔබට ලැබේවි මෙන්න මෙහෙම පිලිතුරක්…
” අතීතයෙන් තොර වර්තමානයක්වත්, වර්තමානය හා අතීතයෙන් තොර අනාගතයක්වත් නැත.. අනාගතය වර්තමානයෙන් ගොඩ නැන්වෙන අතර අතීතය මත වර්තමානය බිහි වේ. අතීතය අමතක කරන්නා වර්තමානය ගැටලුකාරී කරගන්නා අතර අනාගතය වියවුල් කරගනී “
අතීතයට අයිති වූ සියල්ලම ඉතිහාසයයි.. මිනිසාගේ ආරම්භයේ පටන් සිදු වූ සියලු දේමත් ඉන් පෙර සිදු වූ සෑම දේමත් ඉතිහාසයට අයත්… දේශ දේශාන්තරයන්ට අයත් ඉතිහාස කතා පරම්පරාගත ඉතිහාස කතා අතර රටක රාජ්‍යයක පදනම හෙලි කරන ඉතිහාසයන් ඇති තරම් මේ වනවිට ගවේශනය කර හමාරයි.. එවන් ඉතිහාසයක සාඩම්බර ඉදිරිපත් කිරීමයි මේ….
සත්‍ය කතා ගනයට අයත් නොවුනු නමුත් කතා මාලාවේ අඩිතාලම ඉතිහාසය මත පදනම්ව නිර්මාණය කර ඇති මෙම කතා මාලාව නමින් Frontier වේ.. මනඃකල්පිත චරිත සහා ක්‍රියාවන් කිහිපයක්ද පසුබිම් කරගනිමින් ඈත ඉතිහාසයේ සිදුඋනු වැදගත් සිදුවීම් වැලක් අලලා අධ්‍යක්ෂකවරයා විසින් මෙය නිර්මානය කර ඇත.. බොහෝ ස්ථාන සහා පසුබිම් කතාවෙන් බොහෝමයක් අතීතයෙන් හාරාවුස්සා ගෙන ඇති අතර ඒවා පිලිගත හැකි කරුනු මත ඉතා අලංකාරවත් හෙලි කිරීමක් සිදු කිරීමට මොවුන් සමත් උනු බවනම් කියන්න අවශ්‍යමයි…
එකල්හී, එනම් වසර 1600ත් 1800ත් අතර කාලයයි. මේ කාල වකවානුවේ ලෝකය මූලුමනින්ම පාහේ වෙළදාම මූලික සමාජ පන්තියක් වී තිබූ අතර රත්‍රන් මෙන්ම ලොම් වෙලදාමේ ආධිපත්‍යයට සහා භූමියන්ගේ අයිතියට යුධ වැදුනු කාල සමයකි. බලවතුන් තවත් බලවත් වීමටත් බලවතුන්ගෙන් බැට කෑවුන් බලවතුන්ට හානි පමුනුවමින් බලවත් වීමටත් වෙර දරන යුගයකි.මෙම කතා මාලාව අධිරාජ්‍යවාදී ඉංග්‍රීසින්ගෙන් තම භූමින් නැවතත් ලබා ගැනීමේ සටනක නිරතවෙන සමයේ වෙළදාමත් මූලික ගැටලුවක් වූ කල්හී මිනිසුන් පීඩිත බවින් මුදවාගැනීමට පැමිනි රොබින් හුඩ් වරයකුගේ කතාවක් නොවන බවත් සිහි තබාගන්න…වසර දහස් ගනනක් පුරාවට මුල් පදිංචිකරුවන්ගෙන් පටන් පරම්පරා ගනනාවක් පුරා තමන් සන්තක කරගෙන තිබූ භූමීන් ලොම් වෙළදාමේ පූර්ණාධිකාරය තමන් සතු කරගැනීමට 1670දී දෙවන චාල්ස් රජු විසින් එංගලන්තයේ ප්‍රධාන පෙලේ වෙළද සමාගමක් වූ “හඩ්සන් බේ සමාගම”ට පවරා දෙනු ලැබුවා.. මේ පවරා දීමත් සමග බලවතුන්ගේ මඩිස්සලේ තරවීම නොකඩවා කෙරීගෙන යත්දී සාමාන්‍ය ජනයා බදු බරින් පෙලෙන්නට උනා.. නැති වූ වාසස්ථානයන්ට අයිතිවාසිකම් කියමින් ආදිවාසි ජනයා සටනට පිවිසුනා.. මොවුන්ගේ අසරණ කම ආයූධයක් කරගත් සමාගම් හඩ්සන් බේ සමාගම සමග ගිවිසුම් ඇති කරගත්තා…. කෙසේ නමුත් 1700යේ අග භාගයේදී හඩ්සන් බේ සමාගමේ වාසිදායක ධනය පෙරීමට වහවැටුනු ප්‍රංශ, ස්කොට්ලන්ත සහා ඇමරිකානු සමාගම් හඩ්සන් සමාගමට ගල් පෙරලන්න පටන් ගනු ලැබුවා..” සතුරාගේ සතුරා මගේ මිත්‍රයා ” යන පදනමෙන් හඩ්සන් සමාගමෙන් බැට කෑවුන්ද යොදා ගනිමින් තම සටන තර කරගැනීමට මෙම රටවල් වල සමාගම් කටයුතු කරා.. අවුරුදු ගනනාවක් පුරා නොකඩවා පැවතුනු මෙම ක්‍රියාවලිය හේතුවෙන් පසු කාලීනව යුධ වාතාවරනයක් මොවුන් අතර ආරම්භ උනා.. මේ එවන් සමයක තම පිරිස මෙහෙයවමින් හඩ්සන් සමාගමට විශාල තර්ජනයක් වෙමින් ලොම් වෙළදාමෙන් ලාභ සෙවීම අරමුණු කරගත් නීතියෙන් වසන් වූ සාහසික අපරාධකාරයෙකුගේ කතාවයි මේ…
2016 වසරේ නොවැම්බර් 6වනදා විකාශය වීම ඇරඹූ Frontier කතා මාලාව Discovery Channel (canada) සහ Netflix සේවාවන් හරහා ප්‍රේක්ෂකයන්ට රස විදීමට හැකි උනා.. Historical, Action, Adventure ගනයට අයත් නාට්‍යමය ස්වරූපයක් ගන්නා මෙම කතා මාලාව Rob Blackie සහා Peter Blackie දෙපලගේ නිර්මාණයකි.. අධ්‍යක්ෂකවරුන් 9 දෙනෙකුගේ සහා නිශ්පාදකවරු 14 දෙනෙකුගේ දායකත්වයෙන් සුසැදි අතර විශාල කාර්යමණ්ඩලයක දායකත්වයෙන් නිර්මිත වූවකි.. එසේම කතා මාලාවේ ප්‍රධාන චරිතය අප කවුරුත් DC’s Aquaman ලෙස හොදින්ම දන්නා Jason Momoa ගේ අගනා රංගනයෙන් හැඩ ගැන්වේ. IMDB දර්ශකයේ 7.2/10 ක අගයක් ගැනීමට සමත් වූ මෙහි එක් කොටසක කතා කාලය විනාඩි 45 කි… මම උපසිරැසිය සෑදිම පටන් ගන්නා විට දැනටමත් කතා සමයන් දෙකක් විකාශය වී හමාරයි.. එසේම තුන් වන කතා සමය ඉදිරි ඔක්තෝම්බරයේ හෝ නොවැම්බරයේ විකාශය වෙනු ඇතී.. එමෙන්ම frontier කතා මාලාව 7 වතාවක් Awards සදහා නිර්දේශ වී ඇත. ඒ, canadian Screen Awards CA (2018) දී Best photography,Best Direction,Best performance by an actor (Jason Momoa & Landon Liboiron),Best achievement of casting මෙන්ම Director Guild Of Canada (2017) දී production Design සහා Sound editing වලටයි.
Declan Harp කියන්නෙ කලක් හඩ්සන් බේ සමාගමට වැඩ කලද පසුව සමාගමට ද්‍රෝහි වූවෙකි.. නීතියෙන් පලා යන්නෙක් මෙන්ම ක්‍රෑර පුද්ගලයෙක් වන මොහුගේ එකම අරමුණ ලොම් වෙළදාමෙන් ඉහල ලාබ ලැබීම සහා තම භූමින් වෙනුවෙන් සටන් වදින ජනයා එකතු කරගනිමින් යුධ වැදීමයි… මොහුගේ පරිසරය වටා ගෙතෙන මෙම කතා මාලාව ප්‍රධාන වශයෙන්ම හඩ්සන් සමාගම නිසා ඇතිවුනු පාරිසරික බලපෑම හෙලි කරයි…
කතා මාලාවකට උපසිරැසි කරත්දි අමාරුම පලවෙනි කොටසට.. ඒ උපසිරැසියත් නෙවෙයි මෙන්න මේ ලිපිය. මේ ලිපිය ඔය හැම දෙනාටම පැහැදිලි බසකින් ඉදිරිපත් කිරීම මගේ යුතුකමක්.. නිවැරදි කරුනු කාරනා එකිනෙක පිලියෙල කරමින් ලියන මේ ලිපිය මතයි ඉතුරු දෑ තීරනය වෙන්නෙ.. ලිපිය චොර උනොත් බලන්න තියෙන ආසාවත් හිතෙන් ගිලිහෙන්න තිබෙන ඉඩ ප්‍රස්තාව කොටින්ම කිවුවොත් ගොඩන්ම වැඩී.. පුර්න කතා මාලාව පිලිබදව වැඩි යමක් කියන්න අවස්තාවක් නෑ මට මොකද මමත් තවම frontier බැලුවෙ නෑ. දැන් මේ උපසිරැසිය හදන ගමන් තමයි මාත් බලන්නෙ.. ඉතින් ලිපියේ අඩුපාඩු ඇති මගහැරීම් ඇති.. ගැත්තාට අනුකම්පා කරලා සුපුරුද පරිදි පහල ඩවුන්ලෝඩ් බටම ඇති.. ලිපිය ගැන දෙපාරක් නොහිත කරුණාකරලා උපසිරුසිය බාගන්න.. ලිපියෙ අවුලක් තීනම් ඒකත් කියන්න.. මොකද මේ කතා මාලාව ඇවිල්ලා ඔයාලා මග ඇරගන්න ඔින කරන ජාතියෙ එකක් නෙවෙයි.. මේක අමුතුම ආතල් එකක් සහෝදරවරුනි සහෝදරියනි.. මාත් එක්ක පෝට් මූරේ හොල්මන් අල්ලලා ඊට පස්සෙ ඇවිත් සසර කලකිරුණු අපේ පැට්‍රික් මෙල්රෝස් මිතුරාටත් උදවු කරන්න මාත් එක්කම හිටපු ඔයාලට මමනෙ කියන්නෙ.” Dont worry, be happy “
අපි එහෙනම් අද කතාව පැත්තට හැරෙමු….
ඒ හඩ්සන් බේ සමාගමේ තවත් එක මුර පොලක්.. සොල්දාදුවන් කිහිප දෙනෙකුගේ භයින් බිරාන්ත වූ හඩ කූඩාරමක් ඇතුලින් ඇසෙන්නට පටන් ගත්තා.මුලු මුර පොලම එකම විනාසයයි.. කවුරුන්ද මේ විනාශයට වගකිව යුත්තා? වෙන කවුරුවත් නෙවෙයි ඒ අර කූඩාරම ඇතුලේ පිහි තලය මුවහත් කරන්නෙ ඔහුයි.. ඔවු ඩෙක්ලන් හාප් තමයි.. ඔහු විසින් තවත් ප්‍රහාරයක් සමාගමට විරුද්ධව එල්ල කර ඇති හැටියකුයි ආරම්භයේදීම අපට දකින්න ලැබෙන්නෙ.. මද වෙලාවක් ගතවත්ම හාප් අත ඇති මුවහත් පිහි තලය සොල්දාදුවන්ගෙ සම පසාරු කරමින් ඔවුන්ගෙ ශරීරයන් තුලට කිදා බැස්සෙ සොල්දාදුවන්ගෙ මුවින් මර හඩක් නංවමින්… නමුත් උගුරුදණ්ඩ හරහාද ඇදී ගිය පිහි තලය හාප්ගෙ ශක්තියේ තරම කියා පාමින් වේදනාබර මරනයක් සොල්දාදුවන්ට අත් කලා.. කපා හෙලු කදන් මෙන් කඩා හැලුනු ඔවුන්ගෙ ප්‍රානය නිරුද්ධ ශරීරයන්ගේ රුධිරයෙන් බිම තෙත් උනා. එසේම ලන්ඩන් නගරයේ තවත් එක් උදෑසනක්.. කැප්ටන් චෙස්ටෆීල්ඩ් විසින් හඩ්සන් බේ සමාගම පාලනය කෙරූ බෙන්ටන් උතුමානන්ට හාප් විසින් සිදු කල විනාසය පහදමිනුයි සිටින්නෙ.. බෙන්ටන් උත්මානන්ගේ තීරනය නම් ඔහු විසින්ම ගොස් ඩෙක්ලන් හාප්ගේ ගැටලුව විසදීමටයි.. ඉතින් මොවුන් මේ පිලිබදව ක්‍රියාමාර්ගයක් ගැනීමට නැවු නගිනවා.. මේ අතරම තවත් චරිත තුනක් තවත් පසෙක ආහාර අර්බුධයකට පත්වෙලා.. මේ තිදෙනා විසින් කල යම් කිසිවක් නිසා මොවුන්ගෙන් එක් අයෙකුට බෙන්ටන් උතුමාණන්ගේ නැවේ සැගවෙන්න සිදු වෙනවා.. කෙසේ නමුත් මොහු හෙලිදරවු වීමෙන් අනතුරුව බෙන්ටන් තුමා විසින් ඔහුට යෝජනාවක් ගෙන එනවා.. ඒ තමාගෙත් පන බේර ගනිමින් ඔහු ආදරය කරන යුවතියගේත් පන බේර ගැනීමට නම් ඔහු සමාගමට සේවය කල යුතු බවයි.. ඉතින් මේ සාකච්ඡාවේ ප්‍රතිපලයක් විදියට අර තරුණයාට හාප් පිලිබදව ඔත්තු බැලීමට සිදු වෙනවා.. කොහොම නමුත් හිතපු දේවල් නම් ඒ විදියටම සිදුවෙන්නෙ නෑ.. ඔය අතරේ ඇමරිකානු ගැනුම්කරුවෙක් සමග අලුත් වෙළද හුවමාරුවක් කතිකා කරගන්නයි ඩෙක්ලන් හාප් සැරසෙන්නෙ…
ක්‍රියාකාරී මත බේදාත්මක සිදුවීම් රුසක ආරම්භය අද දිනයේ මෙසේ සනිටුහන් වෙනවා.. ඉහත කී සියල්ලටම පිලිතුරු සොයාගැනිම ඔබට බාරයි… ඔබ සියල්ලෝම පිලිතුරු සෙවීමට කාර්යබහුල වෙත්දී මම නැවතත් ඔබ හමුවට ඒමේ බලාපොරොත්තුවෙන් පිට වෙනවා… යලිත් ඩෙක්ලන් හාප්ගේ වීර චාරිකා දෙවන කොටසෙන් මුන ගැසෙමු. උපසිරුසියේ ගැටලුවක් හෝ අඩුපාඩුවක් වේ නම් කරුණාකර දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිනවා. ඔබට ජය !!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,694 downloadsDownload Frontier.S01E01.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-07-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රගීත් චමල්ක
Subtitles
28 comments
Pradeepkumara
Subhash13
පට්ට චාමා ...සුපිරිම ආ
sachith183
Godak Thanks Brooo
Mekat Hoya Hoya Hitiye .
Digatama Denna Bro .
Thankslucifer
tnx bro sub ekata.
download karanna link ekak nadda?sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා.සුභ නව වසරක් වේවා..!!!dsdkavishka
Thenks for sub
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
හොද කතාවක් වගේ....
දිගටම සබ් දෙමු...ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....
සුබ නව වසරක් වේවා!විමා
සබට බොහොම තුති සහෝදරයා
සුපිරි කතාවක්
වැඩේ දිගටම කරගෙන යමුsachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයdulakshitha
thanx bro
happy new yearNilush Angana
Sub ekata thanx
britney sara
රසවත් කතාවක් වගෙයි අර දාපු විස්තරේට අනුව.
බොහොම ස්තුතියි ඔබට..
Madhura prasad
බොහොම තුති බ්‍රො
Kulanjana Maduranga
subata thanks.....
Ayesh Prashan
Happy New Year.. Thank You
Hiranhiru
බොහොම ස්තුතියි උපසිරැසියට. වෙන සීරීස් එකක් බාන්න ගිහින් වැරදිලා මේ සීරීස් එකයි අරන් තියෙන්නෙ. ඒත් විස්තරය කියවද්දි මේකත් හොඳයි කියලා හිතුනා. දිගටම උපසිරැසි දෙන්න.
නිදුක් නිරෝගී වේවා..!
තෙරුවන් සරණයි...!ranga11112
Thanks saho...gaththa sub akanam.balalama wisthara kathakaramu...
sub aka bohoma pin...theruwan saranaigeethkamal
tnx saho. jaya wewa
Nadeesha rox alahakoon
Tnx bro subata. Fttama lipiya liyala thiyei a. Eka kiyewwahama meka balannama hithenawa.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
geethkamal
tnx saho, jaya wewa
suranuwan
thanks bro...
Pramukmili
thanxx bro.......
Anura@Pradeep
Supiri bro
Season 2/3 walath sub diyan machoAdeeshakariya
ade season 2,3 sub denne nadda
sdr
thanks machan
Anonymous
SUB EKA HARI VIDEO EKA VARADSI
ප්‍රගීත්
ස්තූති සහෝ....සුපිරි වැඩක්
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanx sahooo sub ekata...