Watch Trailer

Frontier [S01 : E02] Sinhala Subtitles | පැහැර ගැනීම සහා අවාසනාවන්ත මුදවා ගැනීම… [සිංහල උපසිරැසි සමග]

කතා මාලාවනම් බොහොම පහසුවෙන් සිත ඇදී යන අන්දමේ එකක් බව වැටහෙන්න ඇති හැම දෙනාටම.. පලමු එපියෙන්ම කතා මාලාවට යම් ප්‍රබෝධමත් ආලෝකයක් ලබා දෙන්න නම් සමත් වෙලා ඇති බවක්නම් පෙනෙන්න තියෙනවා‍.. ඒ වගේම කතාව බොහොම සරල විදියට තේරුම් ගැනීමට පහසු අන්දමින් ගලාගෙන යන ස්වරූපයක් තමයි දකින්න ලැබෙන්නෙ… ඒ හේතුව නිසාම වැඩ…

කතා මාලාවනම් බොහොම පහසුවෙන් සිත ඇදී යන අන්දමේ එකක් බව වැටහෙන්න ඇති හැම දෙනාටම.. පලමු එපියෙන්ම කතා මාලාවට යම් ප්‍රබෝධමත් ආලෝකයක් ලබා දෙන්න නම් සමත් වෙලා ඇති බවක්නම් පෙනෙන්න තියෙනවා‍.. ඒ වගේම කතාව බොහොම සරල විදියට තේරුම් ගැනීමට පහසු අන්දමින් ගලාගෙන යන ස්වරූපයක් තමයි දකින්න ලැබෙන්නෙ… ඒ හේතුව නිසාම වැඩි දේවල් කතා කරන එකේ තේරුමක් මේ කතා මාලාව පුරාවටම මට පේන්නෙ නෑ.. එබැවින් දවසට අදාල කොටසේ සහා පෙර කොටසේ සිහි ගැන්වුමක් සමගින් පමනක් උපසිරැසිය ඉදිරිපත් කරාට අමනාපයක් නැතුව ඇති කියලා බලාපොරොත්තු වෙන ගමන් සුපුරුදු රාජකාරියට අවතීර්න වෙමු…

පෙර කතාංගයෙන්…….
හාප්ගේ ප්‍රරහාරයන්ගෙන් උමතු වූ ලෝඩ් බෙන්ටන් නැවු නැගීමත් සමග අලුත් වාතාවරනයක් හට ගත්තා..හාප්ගේ ඒකායන අරමුන වෙළදාමෙන් ලාභ ලැබීම උවත් නීතියෙන් පලා යන්නෙක් ලෙස ඔහුගේ ජීවිතය අවදානම්..සැගවී ගනුදෙනු සියල්ල සිදු කරන ඔහු‌ට මේ අවස්තාවේදි ලොකු ගනුදෙනුවක් කිරීමට අවශ්‍ය උනා..ඇමරිකන් ගනුදෙනුකරුවෙකු වූ ග්‍රාන්ට් වෙත යෝජනාවක් රුගෙන ඔහුගේ අතරමැදියෙකු පිටවන්නෙ ඒ හේතුවේ ප්‍රතිපලයක් ලෙසටයි…‌‌මේ අතර දවස රුකගන්න උත්සහ දරන තරුනයින් දෙදෙනෙකු සහා තරුණියක් තමන්ගේ ජීවිතයේ නොසීතු අන්දමේ අලුත් පරිච්ඡේදයක් ඇරබෙන බව නොදැන ඉංග්‍රීසීන්ගේ නැවත් මංකොල්ල කෑමට සූදානම්ව වැඩේට අත ගැසුවද පොට වැරදී යන්නෙ නොසිතූ අන්දමින්..ඉන් එක් අයෙකුට මරනය උරුම ඌවා සේම තරුණියට සිදු වූයේ අත් අඩංගුවට පත් වීමටයි..තිදෙනාගෙන් මයිකල් නැමැත්තා නැවේ සැගවී ගත් අතර සිදු වූ ප්‍රමාද දෝශයන්ගේ ප්‍රථිපලයක් ලෙසට ඔහුට ලෝඩ් බෙන්ටන්ගේ අණසකට යටත්ව තමන්ගේ සහා තම පෙම්වතියගේ ජීවිතය උදෙසා හඩ්සන් බේ සමාගමට වැඩ කරන්න සිදු උනා… ඔහුට පැවරුන රාජකාරිය නම් ඩෙක්ලන්ගේ අනන්‍යකාවය හෙලි වන අන්දමේ නවතම තොරතුරු සොයාබලා නැවත පැමින වාර්ථා කිරීමටයි..කෙසේ නමුත් කතා කරගත් අන්දමින් සියලු සැලසුම් එයාකාරයෙන්ම ඉටු නොවුනද අවසානයේ සියලු දෑ වෙනස්ම ආකාරයකින් යටපත් වන්නෙ දෙපාර්ශවයටම සහනදායි පිලිතුරු සපයමින්…මයිකල් තරුණයා හාප්ගේ අත් අඩංගුවට පැමිනුනායින් පසුව සිදුවීම් දාමය අද කතාවෙන් බලාගමු…

අද කොටසින්…..
හඩ්සන් බේ සමාගම ප්‍රධාන කරගත් ඉංග්‍රීසීන් මෙන්ම , තවත් තරගකාරී සමාගම් කිහිපයක බල අරගලය අද කොටසින් දැකගන්න හැකියාව ලැබෙනවා.ඒ වගේම හැමෝටම මේ තරම්ම වැදගත් ලේක් වෝකර් ජනතාව කවුරුන්ද කියලා සෙවිල්ලක් අද කොටසින් සිදු කරන්න පුලුවන් කම ලැබේවි..පැහැර ගැනීමක් තමයි අද කතාවට මූලිකත්වය ගෙන තිබෙන්නෙ.ඒ කීචි නම් වූ තරුණයෙක්..ඔහු සාමාන්‍ය තරුණයෙක් නම් නෙවෙයි..ඇත්තටම හොද ඇපයක් විදියට භාවිතා කරන්න පුලුවන් විදියේ තරැණයෙක් කිවුවොත් නිවැරදී..ඔය අතරේ ලෝඩ් බෙන්ටන්ගේ කූට ක්‍රියාවන් දිගින් දිගටම සිදු වෙනවා…ඔහුට අවශ්‍ය සම්පූර්න පූර්ණාධිකාරී බලය තමන් සතු කරගන්න.ඒ ආශාවම සිතේ මුල් බැසගෙන ඇති නිසා ඔහුට කිසිම ප්‍රාණයක වටිනාකමක් නම් පෙනෙන්නෙ නෑ..ඉතින් ඔහුගේ සේවකයින් ඇත්තෙ නිරන්තරයෙන් මර බයින් කියලයි මටනම් හැගෙන්නෙ..කෙසේ නමුත් මිස් එම්බ්ලි ගැන දැන් හැමෝම දැනගන්න ඇති..ඒ කාලේ ඒ තාලෙට ගැලපෙන නියම රොයිටර් කෙල්ලෙක් තමයි ඒ්…ඉතින් අද ඇයත් චෙස්ටෆීල්ඩුත් එකතු වෙලා තමන්ටම කියලා පැලෑනක් සූදානම් කරගන්නවා ඉදිරි අනාගතය සුරක්ෂිත කරගන්න..මේ කතා මාලාවේ සුවිශේෂිත්වය නම් එක එපියක් ඇතුලේ ඉක්මනින් බොහෝමයක් දේවල් සිදු වෙන එක..කොහොම නමුත් හැම පාර්ශවයක්ම එකිනෙකා පරයමින් දිගින් දිගටම ලේක් වෝකර් ජනතාව ඇපයට තබා ගනිමින් තම මඩිය තරතරගන්න දරන උත්සාහයන්ගෙන් නම් අද කොටසත් පිරිලා තියෙන්නෙ…පැහැර ගැනීම ප්‍රධාන තේමාව වෙත්දී ගලවා ගැනීම ලොකු කැප කිරීමකට තුඩු දෙනවා…එසේම අවසානයේ ඒ සියල්ලටම කැප කල වෙහෙස මහන්සිය දූවිලි බවට පත්කරන්නට සමත්වන ශෝක ජනක සිදුවීමකිනුයි කෙලවර වෙන්නෙ….

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,777 downloadsDownload Frontier.S01E02.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-07-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitles by

ප්‍රගීත් චමල්ක

Subtitles

3,777 downloadsDownload Subtitles30 KB

10 comments

  1. dsdkavishka

    Thenks for sub

  2. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු...

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. Ayesh Prashan

    Thank You

  5. Kulanjana Maduranga

    subata thanks

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. geethkamal

    tnx saho,jaya wewa

  8. suranuwan

    thanks bro...

  9. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  10. Anonymous

    Thank you so much