Watch Trailer

Frontier [S02 : E04] Sinhala Subtitles | අපි හැගුම් වලට ඉඩදී මොහොතක් [සිංහල උපසිරැසි]

ඔයගොල්ලන්ට කැමතිනම් මේ කොටසට හාප්ගේ මොන්ට්‍රියෙල් ගමන කියලත් කියන්න පුලුවන්. හාප් යන්නෙ කොතනද ඉන්නෙ කොතනද එතන ගිනි විජ්ජුම්බරයක් කියලා අමුතුවෙන් මතක් කරලා දෙන්න ඔින නෑනෙ. මේ පාර හාප් මොන්ට්‍රියෙල් ගියේ ඔහු හොරකම් කරන්න හදන හම් ප්‍රමානය මිලදී ගන්න ගැනුම්කරුවෙක් හොයාගෙන. ඔහුගේ උත්සහය වෙන්නෙ එලිසබෙත්ව…

ඔයගොල්ලන්ට කැමතිනම් මේ කොටසට හාප්ගේ මොන්ට්‍රියෙල් ගමන කියලත් කියන්න පුලුවන්. හාප් යන්නෙ කොතනද ඉන්නෙ කොතනද එතන ගිනි විජ්ජුම්බරයක් කියලා අමුතුවෙන් මතක් කරලා දෙන්න ඔින නෑනෙ. මේ පාර හාප් මොන්ට්‍රියෙල් ගියේ ඔහු හොරකම් කරන්න හදන හම් ප්‍රමානය මිලදී ගන්න ගැනුම්කරුවෙක් හොයාගෙන. ඔහුගේ උත්සහය වෙන්නෙ එලිසබෙත්ව මේ සදහා දායක කරගන්නයි. හැම තැනම හාප් අවශ්‍යයි සොයා දෙන්න මේ ගාන තමයි දෙන්නෙ කිය කිය පෝස්ටර් අලවලා තියෙද්දිත් මේ අවදානම ගන්න ඔහුත් එක්ක ඔහුගේ සගයෝ දෙන්නත් එකතු වෙනවා.

දැන් ඒල් නිවස කියන්නද ගණිකා මඩම කියන්නද කියලා මටම තේරෙන් නෑ.කාම සේවනය නම් නැගලම යනවා. ග්‍රේස්‌‌ගෙ අවාසනාව. ග්‍රේස්ගේ පලායාම නිසා චෙස්ටෆ්ල්ඩ් දැන් ඉන්නෙ රත් උනු යකඩයක් මෙන්.ඒ කොහොම උනත් ‌ග්‍රේස් තම පියාගේ උරුමය සොයා යන ගමන නම් අතාරින්නෙ නෑ. දැන් ඇය ෆෝට් ජේම්ස් වලින් බොහෝ දුර ගිහින් හමාරයි.

ඒල් නිවසේ මේ අතරේ මිනිමැරුමකුත් සිද්ද වෙනවා.ඒ සිදුවීම වසන් කරන්න දරන උත්සහයේදී ඔවුන් හා සොකොනන් පවා එක් වෙනවා. අන්න ඒ නිසා හාප්ලා සමග ඔවුන්ගේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න සොකොනන්ට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. නමුත් ඇය කරන දේ නිසා ජීවිතයක් ආරක්ෂා වෙනවා.

ඈත ක්ෂීතිජයේ බෙන්ටන් සමග යාත්‍රා කරන නෟකාවේ පාලනයේ ගැටලුවක් මේ වෙද්දි පැන නැගිලා තියෙනවා. බෙන්ටන්ගේ සැලසුම් අකුරටම සිද්ද වෙන බවක් තමයි පෙනෙන්න තියෙන්නෙ. හැබැයි අදම පැනගන්න පුලුවන් වේවිද ඔහුට???

ඔන්න ඔය අතරේ හාප්ට නීතියෙන් පැනලා යන්න තිබුන අවස්තාවක් ගිලිහෙනවා. ඔහු අත්අජංගුවට ගෙන සිර කරනවා. ඔහුව නැවත ෆෝට් ජේම්ස් බලා රැගෙන යන්නත් ඒ වගේම තෑගි මුදල දිනා ගන්නත් මොන්ට්‍රියෙල් වල නීති බලධාරින්ට උවමනා වෙනවා. මෙන්න මේ වෙලාවෙදි රැකවල් දූතයෙක් මෙන් කෙනෙක් මෙතනට පැමිනෙනවා. ඒ පැමිනීම හාප්ට නොසිතූ විරූ පුදුමයක් රැගෙන එන්නත් අමතක කරලා නෑ..

පස් වෙනි කතාංගයෙන් හමුවෙමු මිතුරනි.ජය වේවා !!!‍

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,054 downloadsDownload Frontier-S02-E04.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-07-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ප්‍රගීත් චමල්ක

Subtitles

2,054 downloadsDownload Subtitles28 KB

4 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Anuja

    thanks sub ekata

    ohomama BLACKLIST season 6 ekata sub gennako

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P