Watch Trailer

Frontier [S02 : E05] Sinhala Subtitles | හෙලිදරවුව සහ මංකොල්ලය [සිංහල උපසිරැසි]

දෙවන කතා සමයේ අවසානය පෙනෙන මානයටම ඇවිත් දැන්..තව එක කොටසකින් ඒකත් ඉවරයි.අද කොටසේ වෙන දේවල් ගැන පොඩ්ඩක් විතර කතා කරමු එහෙනම්. හතර වන කතා කොටස ඉවර උනේ ගේස්ගේ තීක්ෂන නුවන නිසා හාප්ගේ පූර්ණ නිදහසතත් එක්ක. ඉතින් ඒ නිදහස ශාන්තව නම් ගත කරන්න වෙන්නෙ නෑ. ඔහු නැවත යද්දි දැනගන්න ලැබෙනවා සැලැස්ම නම් සියයට සියය…

දෙවන කතා සමයේ අවසානය පෙනෙන මානයටම ඇවිත් දැන්..තව එක කොටසකින් ඒකත් ඉවරයි.අද කොටසේ වෙන දේවල් ගැන පොඩ්ඩක් විතර කතා කරමු එහෙනම්.

හතර වන කතා කොටස ඉවර උනේ ගේස්ගේ තීක්ෂන නුවන නිසා හාප්ගේ පූර්ණ නිදහසතත් එක්ක. ඉතින් ඒ නිදහස ශාන්තව නම් ගත කරන්න වෙන්නෙ නෑ. ඔහු නැවත යද්දි දැනගන්න ලැබෙනවා සැලැස්ම නම් සියයට සියයක්ම හිතපු විදියට නොයන බව. සොකොනන්ට ඇයගේ වැඩේ කරගන්න දීලා හාප් මයිකල් ඇතුලු සගයන් සමග සැලැස්ම ක්‍රියාත්මක කරනවා.මේ සැලැස්ම හරියාකාරව සිද්ද උනොත් කල්ල මරේ. අවසානයේ මේ සදහා සෑහෙන පරිශ්‍රමයක් දරන්න හාප් ඇතුලු බ්ලැක් වුල්ෆ් කණ්ඩායමට සිදු වෙනවා, හැබැයි වැඩි හොදක් නම් නෑ කියලා අනතුරු අගවන්නත් ඔින.

ඔන්න ඔය අතරේ බෙන්ටන් තමන්ගෙ අරමුනට හීන් සීරුවෙ ලගා වෙනවා. නෟකාව තමන්ගේ අතට ගන්න ඔහු දරපු උත්සහය පල දරාවිද කියල නම් බලලම තමයි දැනගන්න වෙන්නෙ.

ඒ සියල්ල එහෙම වෙනකොට මොන්ට්‍රියෙල් පැත්තට ඔලුව දැම්මොත් අමුතුම විදියෙ ආරකට ඔවුන්ගෙත් කතාව ගලාගෙන යනවා. ආදර සම්බන්ධතා ගොඩ නැගෙනවා. විශ්වාසයන් බිද වැටෙනවා ව‌ගේම ලැජ්ජා සහගත රහසක් එලි වෙනවා. ඒ හේතුව නිසාම ආදර කතාව ආරම්බ කර සැනින්ම ඒ ආදර කතාවේ එක් පාර්ශවයකට තම ජීවිතයෙන් සමු ගන්න වෙනවා. ඒ මරණය හාප්ටත් ඝෘජුවම බලපෑමක් ඇති කරනවා. හොද විදියට නම් නොවෙයි. කවුද මේ තරම් වැදගත් චරිතය කියලා පලවෙනි පාරට බලන ඔබට නම් හිතාගන්න බැරුව ඇති.හොදයි අපි ඒකත් මේ එපිය බලන ගමන්ම දැනගමු හරිද?

සමහරෙක් නිදහස ලබා ගද්දී තවෙකෙක් සිර වෙනවා. ආදර කතා පටන් ගන්නත් කලින්ම ඉවර වෙනවා. සිත් තුල ඇති අන්ධකාරයන් වා තලයට මුහු වෙනවා. සිතක් කම්පා වෙද්දී තව සිතක් සුවපත් වෙනවා. මෙවන් අමුතුම වාතාවරනයක් සහිත මේ එපිය ඔබට අමුතුම ආශ්වාදයක් ලබා දේවි.

දෙවන සමයේ අවසාන කතාංගයෙන් නැවත හමුවෙමු..ඔබට ජය !!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,199 downloadsDownload Frontier-S02-E05.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-07-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

Subtitles

2,199 downloadsDownload Subtitles25 KB

3 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.