දෙවන කතා සමයට උන අපරාධය මේ පාරනම් ඔන්න මගේ අතින් වෙන්නෙ නෑ. වැඩි කල් නොගිහින් තුන්වන කතා සමයේ උපසිරැසිත් අරන් එන්න මන් දරපු උත්සහය මල්ඵල ගන්වමින් මෙන්න මන් ඇවිත් ඉන්නවා Frontier තෙවන කතා සමයේ සිංහල සකසුරුවමත් අතැතිව. පලමු සහ දෙවන කතා සමයන් ආරම්භයක් ගත්තු මහා අරගලයේ හිනිපත්තටම පැමිනි හාප්ලාගේ ඒ අරග…

දෙවන කතා සමයට උන අපරාධය මේ පාරනම් ඔන්න මගේ අතින් වෙන්නෙ නෑ. වැඩි කල් නොගිහින් තුන්වන කතා සමයේ උපසිරැසිත් අරන් එන්න මන් දරපු උත්සහය මල්ඵල ගන්වමින් මෙන්න මන් ඇවිත් ඉන්නවා Frontier තෙවන කතා සමයේ සිංහල සකසුරුවමත් අතැතිව. පලමු සහ දෙවන කතා සමයන් ආරම්භයක් ගත්තු මහා අරගලයේ හිනිපත්තටම පැමිනි හාප්ලාගේ ඒ අරගලය මේ ලෙසින් තුන්වන කතා සමයෙන් ඔබ වෙත NETFLIX හරහා දිගහැරුනා. HBC හා යුධයට අත්පොත් තැබු හාප් ප්‍රමුක බ්ලැක් වුල්ෆ්ලාගේ භූමිය දිනාගැනීම පිනිස කරනු ලබන මේ දැවැන්ත අරගලයේ පසුපස හිදිමින් අයුතු ප්‍රයෝජන ගන්නා ව්‍යාපාරික ප්‍රජාවේද, HBC යට කොකා පෙන්වමින් බලය හූරාගන්නා බෙන්ටන්ලාගේ, මේ සියල්ලට මැදිව ජීවිතය ගෙන යන අහිංසක ප්‍රජාවේද ජීවිත අරගල වෙනම මානයකට ගෙන යමින් තුන්වන කතා සමය පෙර සමයන්ට වඩා ක්‍රියාකාරී මට්ටමින් අධික කතා සමයක් කර ඇති බව නම් නොඅනුමානයි.
අපි එහෙනම් තුන්වන සමයේ පලමු කතාංගය දෙසට හැරෙමු…
දෙවන සමයේ අවසානය බෙන්ටන්ට සුලු ජයක්ද හාප්ට යුධමට වශයෙන් දැවැන්ත පියවරක් තබන්න අවස්තාවක් උදා කරමින්ද අවසන් වූවා ඔබට මතක ඇති. කෙසේ නමුත් හාප් නම් රතුකෝට්කාරයින්ගෙන් පීඩාවට ලක්ව සිටින ජනයා බේරාගනිමින් උන්ගේ තිත්පොලවල් එකිනෙක විනාශ කරමින් යූධ වදිමින් ජයග්‍රහනය කරමින් ඉදිරියෙන් ඉදිරියට යනවා. වෙනදා වගේම හාප් සහ මයිකල් පැති දෙකක් තෝරාගෙන යුධ වදින බවකුත් සොකොනන් මොවුන් සමග අමනාප වී ඇති බවකුත් පෙනෙන්න තිබෙනවා.පෙර පෙම්වතාගේ මරනය සහ මයිකල්ගේ හිතුවක්කාර ගනුදෙනුව ඇයගේ සිත් නොගත් බවක් තමයි එයින් තේරෙන්නෙ.
කෙසේ නමුත් මේ සිද්ධින් නිසා HBC සමාගම් ප්‍රධානීන් දැන් දැන් තමන්ගේ මූනු පෙන්වමින් එලි බහින්න පටන් අරන් තීනවා වගේම ඔවුන් මේ සිදුවන සියල්ල මැඩපවත්වන්න කටයුතු සූදානම් කරමින් පවතිනවා.පලමු පහර ව්‍යාපාරික ග්‍රාන්ට් වෙත එල්ල වෙනවා. ඉතින් වෙළද ව්‍යාපාරික ග්‍රාන්ට් තම පෙම්වතා කොබ්ස්ගේ අදහසකට අනුව බ්‍රවුන්ලාගේ එකමුතුව සොයන්නට වැර දරනවා. නමුත් උත්සහයන් අසාර්ථකයි. මොකද එලිසබෙත්ගේ ඝාතනය ඔහු අතින් සිදුවීමම ඇති බ්‍රවුන්ට ග්‍රාන්ට්ලාට සමාව නොදීමටම. ඒ නිසා මායම් වලින් ප්‍රයෝජනයක් ගන්න සිතා ක්ලේනා මේ ව්‍යාපාරික අරගලයට අත පොවනවා. ග්‍රාන්ට්ලාටවත් කරගන්න නොහැකි දේ ඇයට පුලුවන් වේවිද??
අපිට බෙන්ටන්ව වගේම ග්‍රේස්වත් අමතක කරලා බෑ. ග්‍රේස්ව ඇපයට තබා ගනිමින් බෙන්ටන් මේ කරන්න යන දේනම් පැහැදිලි නෑ. නමුත් දැනට පැහැදිලි වෙන ආකාරයට ඔහු ඔහුගේ මිත්‍ර සංවිධාන එක්කාසු කරන බවක් නම් කියන්න පුලුවන්. ඔවුන්ගේ ක්‍රියාවන්වල වැඩි වර්ධනයක් මේ කතාංගයෙන් පෙන්නුම් කරන්නෙ නෑ. ඒ උනාට යම් යම් සිදුවීම් කීපයක් සිදු වෙනවා ඉදිරියට කතාවට බලපෑමක් කරන්න සමත් වෙන.
දැන් කතාව අමුතුම පැත්තකට හැරවුන එකේ ඔන්න හාප් යනවා ග්‍රේස් හොයාගෙන මූස් බලකොටුවට. හැබැයි එතනින් එහාට බලන්න වෙන්නෙ දෙවනි කතා කොටසින්. ලොකු සතුටක් ඔබ හැමදෙනාම මුන ගැහෙන්න ලැබුන එක තුන්වෙනි කතා සමයෙනුත්. මම එහෙනම් ඊලට කතා කොටසටත් සිංහල උපසිරැසි අරගෙන එන්නම් ඉක්මනින්ම. ජය වේවා !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,169 downloadsDownload Frontier-S03-E01.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-07-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රගීත් චමල්ක
Subtitles
4 comments
sachintha
Anuja
sinhala sub ekata thamks
BLACKLIST season 6 ekata sub dennakoo......please
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි