Watch Trailer

Frontier [S02 : E06] Sinhala Subtitles | අවසානය ආරම්භයක් පමනයි [සිංහල උපසිරැසි]

මහා දිග කාලයක් නොවුනත් ඔන්න අපි දෙවන කතා සමයේ අවසානයේ ඉන්නෙ. බොහොම බරපතල කාලයක සිද්ද වෙන ක්‍රියාදාමයක් මේ විදියට ඔබ වෙත ලන් කරන්න ලැබීම එක්තරා විදියක සන්තෝසයක්. පිලිවෙලකට ගලා‌ගෙන යන කතාවකුත් අන්තර් ගත නිසා අවම වශයෙන් දහයක් ගත්තොත් හයක්වත් මේක නරබනවා ඇති කියලා හිතෙනවා. හොදයි බලන අයට මතක් කරන්න කැමතී…

මහා දිග කාලයක් නොවුනත් ඔන්න අපි දෙවන කතා සමයේ අවසානයේ ඉන්නෙ. බොහොම බරපතල කාලයක සිද්ද වෙන ක්‍රියාදාමයක් මේ විදියට ඔබ වෙත ලන් කරන්න ලැබීම එක්තරා විදියක සන්තෝසයක්. පිලිවෙලකට ගලා‌ගෙන යන කතාවකුත් අන්තර් ගත නිසා අවම වශයෙන් දහයක් ගත්තොත් හයක්වත් මේක නරබනවා ඇති කියලා හිතෙනවා. හොදයි බලන අයට මතක් කරන්න කැමතී තුන්වන කතා සමය නම් බොහොම සටන්කාරී වාතාවරනයක් තමයි අරගෙන තියෙන්නෙ. ඒ නිසා දැම්ම අතඅරින්න සූදානම් වෙන්න එපා. බලන්න ගත්තු එක දිගටම බලන් යමු මාත් එක්කම.

ඔන්න එහෙනම් අවසාන කොටස තුලට පොඩ්ඩක් ඔලුව දාලා බලමු. මන් දන්නවා ලිපි දික්වෙන තරමට කතාවෙ රසය යනවා කියලා. ඒ නිසා වැඩි හෙලිකිරීම් රහිත කෙටි සංවාදයකට පිවිසෙමු.

මකොල්ලය සාර්තකව නිම උනාට ගැනුම්කරුවෙක් නැතිව මේකෙ අවසානය කොහොම වේවිද කියලා නම් හිතාගන්න බෑ නේද? එලිසබෙත්ගේ මරනය නිසා කරපු හැමදේම වතුරෙ යන පාටක් පෙනෙන්න තිබුනත් මයිකල් විසින් හිතුවක්කාර තීරනයක් අරගෙන ඒ ප්‍රශ්නයෙනුත් පියවරක් ඉදිරියට තියනවා.

හාප් ගැටලුවට විසදුමක් හොයන අතරෙ ඔහුගේ මිතුරන් දෙදෙනා සෙබලුන්ට හසුව අනේක විද දන්ඩයන්ට ලක් වෙනවා. කෝම උනත් ඔවුන්ගේ ගලවා ගැනීම‌ට හාප් නම් එන්නෙ නෑ.එන්නෙ නෑ කියන්නෙ එන්න වෙන්නෙ නෑ. මොකද හාප්ට ඔහුටම කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා අනිවාර්යෙන්ම විසදා ගත යුතු. ඒ ගැටලුව අවසානයේ හතුරොත් මිතුරු වෙලා තමයි නවතින්නෙ.

ඒ වගේම එලිසබෙත්ගේ දේපල භාරකාරීත්වය පිලිබදව ගැටලු මොන්ට්‍රියෙල් වල ඇති වෙන අතරේ ග්‍රාන්ට්ගේ පිරිස අලුත්ම ගැනුම්කරුවන් විදියට මයිකල්ලා හමුවෙන්න යනවා. එහිදී තවත් ජීවිත හානියක් ඇති වෙනවා වගේම අපේ මිතුරන් අතර නොහොද නෝක්කාඩු ඇතිවෙන්න එ්ක හේතුවක් වෙනවා.

මේ ප්‍රශ්න සියල්ලක්ම අතරේ ඒල් නිවසත් කලහකාරී තත්වයක් උසුලනවා. කතාංගය පුරුදු පරිදි තුන්වන කතා සමයට දැඩි පියවරක් තබමින් මේ විදියට අවසන් වෙනවා. බෙන්ටන්ගේ මැදිහත් වීම නිසා කතාංගය අවසානයේ අපිට යුද්ධයක පෙරනිමිති කියන්න පුලුවන්.

ඔන්න එහෙනම් දෙවන කතා සමයෙන් සමුගන්නවා. කලින් වගේ වෙන්නෙ නෑ. මන් ඉක්මනටම තුන්වෙනි කතා සමයෙන් මුන ගැහෙන්නම් යාලුවනේ.

එහෙනම් සුබ පතනවා ඔය හැමෝටම .තුන්වෙනි සමයෙන් මුන ගැහෙමු…ජය වේවා !!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,106 downloadsDownload Frontier-S02-E06.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-07-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

2,106 downloadsDownload Subtitles25 KB

4 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Sagara Sewwa

    thanks machan

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.