ලෝකෙට නපුර එක එක විදිහට එන්න පුළුවන්. කවුද හිතන්නේ චූටි කාමරේක අත්හදා බලන පුංචි පරීක්ෂණයක් මිනිස් ස්වරූපයක් අරගෙන ලෝකේ පාලනය කරයි කියලා. එහෙම දේවල් වුනත් මේ ලෝකෙ වෙන්න පුළුවන්. කතාවක් තියෙනවා මනුස්සයෙක් හැදිලා තියෙන්නේ මරණීය පාපයන් 7 කින් කියලා. ඒ 7 තියනවනම් මිනිස් ආශාවන් කවදාවත් සන්සිඳවන්න බෑ. ඉති…

ලෝකෙට නපුර එක එක විදිහට එන්න පුළුවන්. කවුද හිතන්නේ චූටි කාමරේක අත්හදා බලන පුංචි පරීක්ෂණයක් මිනිස් ස්වරූපයක් අරගෙන ලෝකේ පාලනය කරයි කියලා. එහෙම දේවල් වුනත් මේ ලෝකෙ වෙන්න පුළුවන්. කතාවක් තියෙනවා මනුස්සයෙක් හැදිලා තියෙන්නේ මරණීය පාපයන් 7 කින් කියලා. ඒ 7 තියනවනම් මිනිස් ආශාවන් කවදාවත් සන්සිඳවන්න බෑ. ඉතින් ලෝකෙ අතට ගන්න හිතන එක අහන්නත් දෙයක් ද? එතකොට මොනාද මේ පව්කාරකම් 7. ඒවා තමයි තණ්හාව (Lust), ඊර්ෂ්යාව (Envy), මාන්නය (Pride), ලෝබය (Greed), කම්මැලිකම (Sloth), කෑදරකම (Gluttony), කේන්තිය (Wrath). මේ කතාවේ ඒ ඔක්කොම තියෙනවා. හැබැයි මිනිස් ස්වරූපයෙන්. මේ පිරිසව මෙහෙයවන පුද්ගලයෙක් ඉන්නවා. එයාට ඕනේ ලෝකෙම බලය එයාගෙ කරගන්න. එයා ගැන වැඩිය මං කියන්න යන්නේ නෑ. ඊට කලින් මේකේ ප්‍රධාන චරිතෙ ගැන දැනගෙන ඉමු. එයාගේ නම තමයි එඩ්වඩ් එල්රික්. මේ එයාගේ කතාව.
නපුර, මිනිස්සු නොදැනුවත්වම ලෝකෙ අල්ලගන්න යන වෙලාවේ රිසෙම්බුල් කියන ගමේ පුංචි සහෝදරයෝ දෙන්නෙක් ජීවත් වෙනවා. එයාලා තමයි එඩ්වඩ් එල්රික් සහා අල්පොන්සේ එල්රික්. එයාලගේ තාත්තා එයාලව දාලා යන්න ගිහින්. අම්මා තමයි එයාලාව බලාගන්නේ. මේ අතරේ අම්මට හොඳ කරගන්න බැරි දරුණු අසනීපයක් වැලඳිලා මෙයාලා ඉස්සරහම ජීවිතෙන් සමු ගන්නවා. මෙයාලගේ තාත්තා ආදිරසායනඥයෙක් (Alchemist). එයාලා අදිරසායනයන් (Alchemy) කරන්න ඕනේ චක්රයක් (Transmutation Circle) ඇඳලා. ඒත් හැමෝටම ඒක කරන්න බෑ. මෙයාලටත් තාත්තා නිසා ඒ හැකියාව පිහිටලා තියනවා. මේ සහෝදරයෝ දෙන්නා පුළුවන් තරම් පොත් කියවලා හොයාගන්නවා එයාලගේ අම්මට පන දෙන්න පුළුවන් තහනම් ක්‍රමයක්. මෙයාලා මේ වැඩේ පටන් ගත්තත් අවාසනාවට පරිවර්තනය අසාර්ථක වෙනවා. ඒකෙ ගෙවීම විදිහට එඩ්වඩ්ගේ කකුලකුයි එයාගේ මල්ලි, අල්පොන්සේගේ මුලු ඇඟමයි නැති වෙනවා. එඩ්ට මල්ලි නැතුව බෑ. මොකද මේ ලෝකේ එයාට පවුලක් කියලා ඉන්නේ මල්ලි විතරයි. එඩ් එයාගේ දකුණු අතත් බිල්ලට දීලා මල්ලිගේ ආත්මය අරගෙන ගෙදර තිබ්බ යකඩ ඇඳුමකට බද්ධ කරනවා. අන්තිමට එයාලගේ ශරීරයන් බිලි දුන්නට අම්මට පණ දෙන එකත් අසාර්ක වෙලා තමයි නවතින්නේ. එඩ් එදා එයාගේ මල්ලිට පොරොන්දුවක් දෙනවා එයාගේ ඇඟ කොහොමහරි ආයෙ ගෙන්නලා දෙනවා කියලා. මේක කරන්න ලේසි නෑ. එයාලා හොයාගන්න ඕනේ මායා ගලක්. මායා ගල හොයාගෙන යන ගමනේදි එයාලට එක එක කරදර වලට මුහුණ දෙන්න වෙනවා. මේ රට පාලනය කරන්නේ හමුදාව. කාලෙ යද්දි ආදිරසායනවේදය පුහුණු උන දක්ෂ දෙන්නෙක් විදිහට එල්රික් සහෝදරයෝ ප්‍රසිද්ධ වෙනවා. ඒක නිසා මෙයාලව හමුදාවට බඳව ගන්නවා හමුදාවේ රහසිගත මෙහෙයුම් කරන්න. එල්රික් සහෝදරයෝ ඒ මෙහෙයුම් කරන අතර තුරේදී මායා ගල ගැනත් විස්තර හොයනවා. මෙයාලට ඒක ගැන විස්තර හම්බෙලා එයාලගේ ඇඟවල් ආයේ තිබ්බ විදිහට ගන්න පුළුවන් වෙයිද?. එයාලගේ මේ චාරිකාව ගැන තමයි Fullmetal Alchemist Brotherhood ඇනිමේ සීරීස් එකේ දිගහැරෙන්නේ.
මේ කතාවට පාදක වෙන්නේ හිරෝමු අරකාවාගේ ලෝක ප්‍රසිද්ධ Fullmetal Alchemist කියන චිත්‍ර කතා මාලාව. මේ චිත්‍ර කතාව මුල් කරගෙන 2003 දීත් ඇනිමේ සීරීස් එකක් එනවා. ඒක චිත්‍ර කතාවට වඩා හාත් පසින් වෙනස් හේතුව නිසා ගොඩක් අය ඒකට හොඳ ප්‍රතිචාර දක්වන්නේ නෑ. ඒත් 2009 ආපු මේ Brotherhood කතා මාලාවේ 1:1 ක් චිත්‍ර කතාවේ ඇතුළත් කතාවම අන්තර්ගත වෙනවා. ඒ වගේම IMDb 9.1 ක ඉතාම ඉහල අගයක් ලැබිලා තියෙනවා. ඒක නිසා මේක බලන්න කියලා නිර්දේශ කරනවා. ඇනිමේ බලලා නැති කෙනෙක්ට මේ සිරීස් එකෙන් ඇනිමේ බලන එක පටන් ගන්න පුළුවන්. මොකද මේක ලෝකෙ ජනප්‍රියම ඇනිමේ නිර්මාණ අතර තියෙන, ගොඩක් අය දන්න, තාමත් බලන, කතා කරන, හිතට වදින ඇනිමේ එකක්. ත්‍රාසය, සිනහව, සහෝදර ප්‍රේමය, පලිගැනීම, බල තන්හාව, සෙනෙහස, කරුණාව ඔක්කොම එකතු වෙච්ච මේ කතාව ඔයාලත් රසවිඳියි කියලා මං හිතනවා. මේකෙ ලයිව් ඇක්ෂන් ෆිල්ම් එක Fullmetal Alchemist aka Hangane no renkinjutsushi නමින් මේ අවුරුද්දෙ නිකුත් වුනා. ඒකේ සිංහල සබ් එකත් බයිස්කෝප් අඩවියෙන් ගන්න පුළුවන්.
පළමු කොටස
මේ කොටසේදී අවුරුදු 16ක් වෙන එල්රික් සහෝදරයෝ හමුදාවේ මෙහෙයුමකට අග නගරයට එනවා. ඒ තමයි අයිසැක් කියන කලින් හමුදාවේ සේවය කරපු දැන් නගරෙ විනාශ කරන්න හදන පුද්ගලයව අල්ල ගන්න. එයා හිම ආදිරසායනඥයෙක්. (Ice Alchemist). මේ මෙහෙයුමේදි එයාලා හමුදාවේ නිළධාරීන්ගේ උදව් ඇතුව අයිසැක්ව අල්ල ගන්නවා. ඒත් අයිසැක් සහෝදරයන්ට කියනවා ඉස්සරහට වෙන්න තියන අනතුරක් ගැන. එයාලට ඒක තේරෙන්නේ නෑ. ඒත් ඒ අනතුර වටා තමයි මුළු කතාවම ගොඩනැගිලා තියෙන්නෙ. මේ අයිසැක් ගාවත් මායා ගලක් තියෙනවා. එල්රික් සහෝදරයන්ට ඒක ගන්න පුළුවන් වෙයිද කියලා මේකෙදි බලන්න පුළුවන්. තව මේකෙ අවසානෙදී ඔයාලට පාප වලින් දෙන්නෙක් දැකගන්නත් පුළුවන් වෙයි.
දෙවනි කොටස
මේ කොටසෙ තමයි එල්රික් සහෝදරයන්ගේ චාරිකාව පටන් ගන්න හැටි තියෙන්නේ. කොහොමද එයාලා ඇල්කෙමිස්ට්ලා උනේ, කොහොමද ඇඟවල් නැති වුනේ, කොහොමද මල්ලි යුධ ඇඳුමක් උනේ, කොහොමද හමුදාවේ සේවයට බැඳුනේ වගේ දේවල්. මේ කොටස බැලුවට පස්සේ ඔයාලට තියන ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා. ඒ වගේම එයාලට තවත් මායා ගලක් ගැන ආරංචියක් ලැබෙනවා. බලමු මේ කොටසේ මොනා වෙයිද කියලා.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.
3,666 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E01-02.zip71 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
33 comments
AsithaDilruwan
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
geeganagamage
බොහෝම ස්තුතියි මේ වගේ ගොඩාක් ලස්සන කාටුන් ටීවී සිරියස් අපි සෑම වෙනුවෙන් අරගෙන එනවට .
Ishan Madusha
කාලයක් බලන් හිටිය බලපොරොත්තුවක් අද ඉෂ්ට උනා ඔයාට ස්තූති වෙන්න
කාලය,මහන්සිය කැපකරල මේ සුපිරි ඇනිමේ සීරිස් සබ් කරපු එක අවන්වම
අගය කරනවා.ගොඩක් පින් මේ කරන සේවයට.ජය වේවා!Gathsara Umesh
Ikmnt demu akkeee..
Kthw godaak thynwne..
Bhoom sthuthiyi..Vidura
Thanks sis sub ekata
Udara Damith Dissanayaka
නියමයි
ස්තුතියිkasunrachintha
niyamayi. digatama denna.
kasunrachintha
download karaganna link ekak plz
Navodani Thilini Sasanika
Email address eka denna,!!
Navodani Thilini Sasanika
Thank you hemotama!!!
Chanu mikhail
thank u. sis , anime walatama sub demu ;) ela jayaweva!!
Mannalintha
මචංලා. මේක සුපිරිම පහරක්. මං මේක බලලා ගොඩක් කල්. බයිස්කොප් එකෙන් මේකට සබ් දෙනවා දැක්කාම ඇස් අදහා ගන්නත් බැරි උනා. මං කවදාවත් හිතුවෙ නැහැ මේකට සබ් දෙයි කියලා. මේක තමා මන් බලලා තියෙන හොදම කාටුන් එක. මේකේ කතාව හරිම විශේෂයි. පුලුවන් හැමෝම මේකට try එකක් දීලා බලන්න. අපි බලන english tv series වලට වඩා දෙයක් මේකෙ තියෙන්වා. තව air bender cartoon එකට වඩා මේක සුපිරි.
Navodani Thilini Sasanika
Review ekata Thank You, matath mekata denna one une eka attatama hinda kathawak nisa
Mannalintha
පුලුවන් නම් code geass, hunter x hunter, death note වගේ ඒවටත් සබ් දෙන්නකො.. දන්නවා මේවට සබ් දෙන්න ගොඩක් මහන්සි වෙනව කියලා. ඒකට පින් සිද්ද වෙනවා ඈ. Keep it up...ජය වේවා
Anonymous
sira katahawa
sbandara95
Thanks nangi.download link ekath denavada
Navodani Thilini Sasanika
E-mail adree eka denna!!
talonfiller
Talonfiller123 @gmail. com
Download linkKP7
Download Link Ekak Nedda Ban Kagawawath,.? Tiyanawanam Matath Ewanna..
Sub Ekata Thanks..
[email protected]Sathsara Jayanga
Anime balanna asawen iddi thamai meka dakke. Honda kathawak kiyala hithenawa reviews dakkama. Download link ekath ewanna puluwannam bohoma pin
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravindu N. Bandara
Download from here :- animechiby.com/fullmetal-alchemist/
sam fisherr
මේ වගෙ """පොරොන්දුවක්""" ගැන තියන කතාවක් දෙන්නම් කියල """පොරොන්දුවෙලා"" ""පොරොන්දුවෙච්ච"" විදිහටම අරගෙන ආව එක එකවිදිහකට බැලුවාහම හරිම ලස්සනයි.ගොඩාක් ස්තුති අපිවගෙ anime වලට ආස අය වෙනුවෙන් කරපුදෙට(රැකපුපොරොන්දුවට).
sam fisherr
ඔන්න ඉතිං පෙරැම්පුරල පුරල ඉදල හම්බවෙච්ච anime එකෙ මුල් එපිදෙක බැලුවට පස්සෙ ආයිත් කමෙන්ටුවක් දාන්න හිතුව(එකදිගටම දැනට දිපු එපි වලට කමෙන්ට් දාංයනව වෙනුවට කතාව බලලම දාන්නම්) මුල් එපිය බැලුවහම කිසිමදෙයක් තේරැන්නැ මට හොදටමsure පයිලට් එක විතරක් බලපු අය නම් මොන මගුලක්ද මේ කියල මේකදාල දුවන්න ඇති.එහෙම උනොත් අපරාදෙ මාර කාටුන් එකක් නැතිකරගන්නෙ(පවු අසරනයො)
Navodani Thilini Sasanika
He he eka atta, Thank you, meke palaweni kotasa non-canon, eka therum ganna puluwan manga eka kiyawapu ayat, e nisa palaweni kotasa gena hithanna onema nh, ethanin passe tika balanawanm serama pehediliyi.
Palaweni kotase tyenne series ekema inna characters wala podi podi appearance witharayi
Amalka Himeshan
තැන්ක්ස් නවෝ සබ් එකට
Supun s
Thanks
Stranger
thanks
madusanka
Sub walata thank you, please download link ekak denwada?
[email protected]Pavith Wijesooriya
කමෙන්ට් එක දාද්දිත් එපි 6ක්ම බලලා ඉවරයි.දැනටමත් කතාව හිතට අල්ලලා තියෙන්නේ.අක්කා කාලෙකට කලින් මේක අනිවා බලන්න කියලා suggest කලා.ඔන්න ඉතින් දැන් බලනවා.සබ් ටික ගැන නම් ආයේ මොනවා කියන්නද.ගොඩාක් ස්තූතියි අක්කේ...❤️
Adeesha
y much for the sub bro
MSS
Thank you machan,.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




porondu widiyatama genawa ne
Thanks sis welawak tibboth aniwa balannm..