Watch Trailer

Game of Thrones [S4E07 – Mockingbird] (18+)| පරණ තරහවල්. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න ගෙනාව මේ සුපිරිම කතා මාලාවේ හත් වෙනි කොටස. කාලය වැඩියේ නාස්ති නොකර එහෙනම් උද්වේගකර පහුගිය කොටස මතක් කරගම්මු. මුලින්ම අපි වෙස්ටරොස් වලට පටු මුහුදට එහා තියෙන නගර දෙකක වෙච්ච සිදුවීම් මතක් කර ගම්මු. මුලින්ම අපි හැරෙමු බ්‍රාවෝස් දිහාට. බ්‍රාවෝස් වල බැංකුවට යනවා ස්ටැනිස් බැරැතියන් හා ඩ…

game of thrones all men must die

හොඳයි එහෙනම් මෙන්න ගෙනාව මේ සුපිරිම කතා මාලාවේ හත් වෙනි කොටස. කාලය වැඩියේ නාස්ති නොකර එහෙනම් උද්වේගකර පහුගිය කොටස මතක් කරගම්මු.

මුලින්ම අපි වෙස්ටරොස් වලට පටු මුහුදට එහා තියෙන නගර දෙකක වෙච්ච සිදුවීම් මතක් කර ගම්මු. මුලින්ම අපි හැරෙමු බ්‍රාවෝස් දිහාට. බ්‍රාවෝස් වල බැංකුවට යනවා ස්ටැනිස් බැරැතියන් හා ඩාවෝස්. මේ ගමනේ අරමුණ තමා තමුන්ට සිහසුන දිනාගැනීමට සොල්දාදුවන් සපයා ගැනීමට අවශ්‍ය කරන මූලම්‍ය ආධාර ලබාගැනීම.

ස්ටැනිස් කියන්නෙ ඇත්තටම බොහොම නීතිගරුක කෙනෙක්. එයා කාගේ කවුද කියලා කියනවනම් එයා තමා රොබට් බැරැතියන්ගේ මල්ලිලා දෙදෙනාගෙන් වැඩිමහල් කෙනා. ජොෆ්‍රී කියන්නෙ රොබට්ගේ පුතෙක් නොවුනකොට, රොබට්ගෙන් පස්සෙ සිංහාසනය උරුම විය යුත්තේ ඇත්ත වශයෙන්ම ස්ටැනිස්ට තමයි. ඒ හින්දම තමා රොබට් හදිසියේ මියගිය ඒ වෙද්දි කිංග්ස් හෑන්ඩ් වෙලා උන්න නෙඩ් ස්ටාක් විසින් ස්ටැනිස්ට පණිවිඩයක් යවන්නේ. ඔයාලට මතක නම් ඒ වෙද්දිත් කිංග්ස් ලෑන්ඩින් වල උන්නු බාලම බැරැතියන් සොහොයුරා වෙච්ච රෙන්ලි රජකම ඉල්ලද්දිත් ඒක ප්‍රතික්ෂේප කරලා තම නෙඩ් මෙහෙම කරන්නෙ. ඒත් පස්සෙ කොට ආදිපාදතුමාගේ නුවණෙන් ස්ටැනිස් බ්ලැක්වෝටර් බොක්කේ සටනෙන් පැරදිලා තමුන්ගේ හමුදාවෙන් වැඩි කොටසක් අහිමි කරගෙන තමා ඉන්නේ.

ස්ටැනිස් කොච්චර නීතිගරුක කෙනෙක් වුණත් මේ වෙද්දි මෙලිසැන්ඩ්‍රා කියන මායාකාරීගේ ඉල්ලීම් මත තමන්ගේම සෙබළුන්ව ගිනි දෙවියන්ට බිලි දෙනවා. ඒ ඇත්තටම ඇය බ්ලැක්වෝටර් සටන වෙලාවේ ඩාවෝස්ගේ වැඩක් හින්දා ඇයව ඒකෙන් අයින් කරපු නිසා පැරදුණා කියල තමා ඔහු හිතන්නෙ. ඒ වගේම විශේෂයෙන්ම බොහොම සල්ලාල රජෙක් වෙච්ච රොබට් ගේ අවජාතක පුතා වෙච්ච ගැන්ඩ්‍රිගේ ලේ බීපු කූඩැල්ලෝ තුන් දෙනෙක්ව ගින්නට දාන ගමන් කිව්ව නම් තුනෙන් දෙන්නෙක්ව දැනටම මිය ගිහිනුත් අවසානයි. ඒ තමා රොබ් ස්ටාක් හා ජොෆ්‍රී. ඉතින් මේ හින්දම ඇය ගැන ඔහු සෑහෙන්න විශ්වාසය තියනවා. අනික තම බාල සොහොයුරා වෙච්ච රෙන්ලිව තුරන් කළෙත් ඇයගේ මායාවකින් ම තමා. එතකොට ඩාවෝස් කියන්නෙ හිටපු ජාවාරම්කාරයෙක්. ඔහුට හැමෝම හොරා කිව්වට ඔහුට අනුව ඔහු හොරකම් නොකළ අතර මුහුදු කොල්ලකරුවන් හොරකම් කරපු බඩු එක් තැනකින් තව තැනකට ගෙනිච්ච එක පමණයි ඔහු කරලා තියෙන්නේ. 😛

ඉතින් කොහොමහරි මේ හමුවේදි බැංකුවට තේරෙන භාෂාව අනුව ඔහුට ඔහුගේ යුද්ධය දිනාගන්න හැකියාවක් නැති බව තමා කියවෙන්නෙ. ඒත් අවසානයේ ඩාවෝස්ගේ කරුණු පැහැදිලි කිරීම් අනුව ඔවුන්ගේ අවධානය දිනාගන්න සමත්වෙනවා. ඊට පසු ඩවෝස් තම මිත්‍ර මුහුදු කොල්ලකරුවෙක්ට පවසනවා පසුදා පාන්දර නැව් නැඟීමට සූදානම් වෙන ලෙස.

එතකොට අපි කතා කරන අනික් ප්‍රදේශය තමා වහල් බොක්ක ප්‍රදේශය. එහිදී ඩැනේරිස් රැජිනක් විදියට රාජ්‍ය පසිඳලීමේ දුෂ්කරතාව අත් විඳිනවා.

ඊළඟට ඩ්‍රෙඩ්ෆෝට් වලදී තියෝන් ග්‍රේජෝයි බේර ගන්න ඔහුගේ සොහොයුරිය යාරා එනවා. ඉස්සෙල්ලම බලමු කවුද මේ තියෝන් කියන්නෙ කියලා.

තියොන්ගේ තාත්තා තමා බේලන් ග්‍රේජෝයි. අයන් දූපත් තමා ඔහුගේ පාලන පෙදෙස. ඔවුන් හොඳ නාවිකයෝ. ඔහුගේ වංශයත් බොහොම බලවත් එකක් වෙලා තිබුණා. ඒත් මේ කතා මාලාව පටන් ගන්න සෑහෙන කාලෙකට පෙර කලක ඔහු කිරුළට එරෙහිව කැරැල්ලක් ගහනවා. ඒත් මේ කැරැල්ල රොබට් බැරැතියන් හා නෙඩ් ස්ටාක් විසින් පරාජය කරනවා. එම සටන් වලින් තියොන් ගේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනා මිය යනවා. ඉතුරු වෙන්නේ තියොන් හා යාරා පමණයි. බේලොන් යටත් වුණාට පස්සෙ ඔහුට අයන් දූපත් වල පාලකයා විදියට ඉන්න අවසර දෙනවා එක කොන්දේසියක් පිට. එනම් ඉතිරි වූ එකම පිරිමි ළමයා වූ තියෝන් ප්‍රාණ ඇපකරුවෙක් විදියට නෙඩ් ස්ටාක් ළඟ සිටිය යුතු බව පවසමින්. ඒත් ඔහුට නෙඩ් ස්ටාක් හොඳින් සලකනවා වගේම නෙට් ස්ටාක් ගේ පුත් රොබ් ස්ටාක් කියන්නෙ ඔහුගේ හොඳම මිතුරායි. ඔහු හොඳ දුනුවායෙක්. මතක ඇති කියලා හිතනවා ඔහුගේ දස්කම්. ඉතින් මේවා මෙහෙම වෙද්දි නෙඩ් ස්ටාක්ව ජොෆ්‍රී හිස ගසා දැම්මට පස්සේ රොබ් උතුරේ රජු විදියට යුද්ධය අරඹනවා. ඒ වගේම රොබ්ට කිංග්ස් ලෑන්ඩින් වලට පහර දීමට නැව් හා නාවික හමුදාවක් අවශ්‍ය නිසා තියෝන් තම පියා වෙත යනවා උදව් ඉල්ලන්න. ඒත් එහිදී ඔහුව පාච්චල් කරන ගේ පියා පරණ කැරැල්ල මැඩ පැවැත්වීමේ තරහ පිට කර ගැනීමට සිතනවා. ඒ දැන් රොබ් හා උතුරේ සේනාව යුද්ධයට ගොස් ඇති නිසා විවෘත වී ඇති වින්ටර්ෆෙල් වැටලීමෙන්. එහිදීත් තියොන්ට ලැබෙන්නේ කුඩා හමුදාවක් වගේම ඔහුගේ අණට ඒ මිනිසුන් ගරු කරන්නේත් නෑ. ඒත් ඔහු එයට එකඟ වී රොබ්ට ද්‍රෝහි වී වින්ටර්ෆෙල් වටලනවා. එහිදී හැබයි ස්ටාක් පවුලේ ආබාධිත බ්‍රෑන්, රිකොන් දෙන්නා උපායකින් බේරිලා පැනගන්නවා. ඒ වෙනුවට තමා ඔහු අහිංසක දරුවන් දෙන්නෙක්ව පුළුස්සා ඒ ස්ටාක් දරුවන් බව පවසන්නෙ. ඔය අතර එතෙන්ට එන යාරා තියෝන්ගෙන් ඉල්ලනවා වින්ටර්ෆෙල් ආරක්ෂා කරගැනීමට සෙබළුන් එවන්න දුර වැඩි නිසා ආපහු පසුබැස අයන් දූපත් වෙත පැමිණෙන ලෙස. ඒත් ඔහු එය ප්‍රතික්ෂේප කරනවා.

එතකොට තමා තියෝන් ව දැන් හිරකරගෙන ඉන්න රැම්සි ස්නෝව් කරළියට එන්නේ. ඔහු ඇවිල්ලා බෝල්ටන් ගේ අවජාතක පුත්‍රයෙක්. බෝල්ටන් මුලින් පක්ෂපාතව උන්නෙ රොබ් ස්ටාක්ටයි. රොබ්ට යුද්දෙ නවත්වල ආපහු එන්න බැරි නිසා ඔහු රැම්සිව ඒ වෙනුවට එවනවා. ඉතින් තියෝන්ට පක්ෂපාත නොවන ඔහුගේම අය ජීවිත අරක්ෂාව පතා තියෝන්ව ඔහුට අල්ලලා දුන්නත් රැම්සි තියොන්ව ඇර අනික් සියල්ලන්වම පණ පිටින් හමගහනවා. ඒ වගේම බොරු වාර්තා යවනවා රොබ්ට. ඔය අතර තමා බෝල්ටන් රතු මඟුල් ගෙදරදි පැති මාරු කරලා රොබ් ස්ටාක්ව මරා දාන්නේ. ඒ වගේම ඊට තෑග්ගක් විදියට බෝල්ටන්ට උතුරේ තාවකාලික පාලන ධූරය ලැනිස්ටර් වරු ලබා දෙනවා. නමුත් මේ වෙද්දි අයන්බෝන් හමුදා උතුරේ යම් යම් පෙදෙස් අල්ලගෙනයි ඉන්නේ. විශේෂයෙන්ම මෝට් කේලින් ඒ අතර ප්‍රධානයි. ඒ හින්දා බෝල්ටන්ට උතුරේ පාලනය තවමත් ලබාගන්න බෑ. ඒ හින්දම ඔහු තියෝන්ව තම පියා වූ බේලන්ට දී ඒ වෙනුවට උතුරේ ප්‍රදේශවලින් අයන්බෝන් හමුදා ඉවත් කර ගැනීම තමා ඔහුගේ අදහස වෙන්නේ. තවත් ඔයාලට මතක නම් තියොන්ගෙන් බේරුණු ස්ටාක් පවුලේ පොඩි දෙන්නා වෙන බ්‍රෑන් හා රිකොන්ව වගේම කාසල් බ්ලැක් වල ඉන්න ස්ටාක් පවුලේ අවජාතක ජෝන්ව මරා ස්ටාක් උරුමය නැති කරලා දාන්න තමා ලොක් ව නයිට්ස් වොච් වෙත යවන්නේ. මතකයිනේ 5 වෙනි කොටසෙදි, ලොක් ක්‍රස්ටර්ස් කීප් වලට පහර දෙද්දී ජොන් ට හොරෙන් බ්‍රෑන්ව ගෙනියද්දි ඔහු හෝඩෝර්ට ආවේශ වේ පහර දී ඔහුව මරා දාපු හැටි. හොඳයි ඒ කොහොම වුණත් මේ වෙද්දි තියොන්ව රැම්සි විසින් මානසිකව වට්ටා අවසන්. ඒ වගේම තියෝන්ගේ පුරුෂ ලිංගය කපා බේලන් වෙත යවත් අවසන්. ඉතින් මේ හින්දා තමා ඔහුගේ සොහොයුරිය යාරා හමුදාවක් අරගෙන ඔහුව බේරගන්න එන්නේ.

ඒත් තියොන් හිතනවා මේක රැම්සිගේ තවත් උපායක් කියලා. යාරට ඒ හින්දා තියොන්ව බේරගන්න බැරි වෙනවා. ඒ වගේම අවසානයේ රැම්සි කියනවා ඔහුට තියෝන් විදියට පෙනී රඟපාලා තම පියාගේ අභිමතය පරිදි මෝට් කේලින් නිදහස් කරන්න උදව් වෙන්න කියලා.

ඔයාලට නිකමට හරි හිතෙනවා ඇති ඇයි රැම්සිටයි, ජෝන්ටයි දෙන්නටම ස්නෝව් කියන වාසගම තියෙන්නෙ කියලා. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමා වංශවත් පවුල් වල නීත්‍යානූකූල පවුලෙන් බැහරව ඉපදෙන, ඒත් වංශවතුන් පිළිගන්න අවජාතකයින්ව නම් කරන පිළිවෙලක් තියෙනවා. ඒ තමා,

උතුරේ අය – ස්නෝව්.
රීච් වල අය – ෆ්ලවර්ස්.
ඒරින් වල අය- ස්ටෝන්.
ඩෝන් වල අය – සෑන්ඩ්.
රිවලන්ඩ් වල අය – රිවර්ස්.
අයන් දූපත් වල අය – පයික්.
ක්‍රවුන්ලෑන්ඩ් වල අය – වෝටර්ස්.
ස්ටෝම්ලෑන්ඩ් වල අය – ස්ටෝම්.
වෙස්ටර්ලෑන්ඩ් වල අය – හිල්.

ඔන්න ඔය හින්දා තමා උතුරේ වංශවතුන් දෙදෙනෙක්ට දාව ඉපදුන ජොන්ට (නෙඩ් ස්ටාක්) හා රැම්සිට (රූස් බෝල්ටන්) ස්නෝව් කියන වාසගම් යෙදෙන්නේ. ඒ වගේම පිළිගැනීම කෙසේ වෙතත් රොබට් රජු ගේ අවජාතකයින් ගැන ඔහුවත් නොදන්නා හින්දා තමා ගැන්ඩ්‍රිට ඔහුගේ ඉපදීම් අනුව වාසගම නොයෙදෙන්නෙ. ඒ වගේම ඔවුන්ට පියාගේ වංශයේන් හෝ භූමියෙන් කිසිම කොටසක් හිමි නෑ. ඒ හින්දා තමා ඔවුන් වැඩි දෙනා තම ගෞරවය වෙනුවෙන් නයිට්ස් වොච් වෙත බැඳෙන්නෙ. ඒත් ඩෝන් වල නම් නෙඩ් ස්ටාක් තම ජෝන්ට කළා වගේ තම සුජාත දරුවන් අතරම හැදී වැඩෙන්න අවජාතක ළමයින්ට ඉඩ දෙනවා කියල තමා කියවෙන්නෙ.

මේ අතර කිංග්ස් ලෑන්ඩින් වල තමා හොඳම සිද්ධිය වුණේ. මුලින්ම අපි දැක්කා කුඩා කවුන්සිල හමුවේදී හවුන්ඩ්ව (ආර්යා එක්ක යන කෙනා) රිවර්ලෑන්ඩ් වලදි දැක ඇති බව. ඔහුගේ ඔළුව ගෙන එන්නාට ත්‍යාගයක් ඔහු නියම කරනවා. ඒ වගේම ඩැනේරිස් මීරීන් යටත් කරගෙන පාලනය කරන එකත් කතා බහට ලක්වුණා. සර්සි වැඩියේ ගණන් නොගත්තත් ටයිවින් එහි අවධානම හොඳින් දුටුව බව තමා අපි දැක්කේ. හවස් වරුවේ කොට ආදිපාද ට්රියන්ගේ නඩු විභාගය පැවැත්වුණා. බොහොම පක්ෂපාතී වගේම සර්සි බොහොම දක්ෂ විදියට නඩුව තමුන්ට ඕනා ආකාරයට මෙහෙයවන බව දකින ජේමී තම සහෝදරයාගේ ජීවිතය බේරගන්න තම පියා වූ ටයිවින් හා එකඟතාවයකට එනවා. ඒ තමා ඔහු කලින් ප්‍රතික්ෂේප කළ පවුලේ උරුමකාරයා වීම ඔහු බාරගන්න සූදානම් බව. ඉතින් ඒ වෙනුවෙන් කොට ආදිපාද කරන්න ඕනා වැරදිකරු වුනහම තමුන්ව ප්‍රාකාරය ආරක්ෂා කරන්න යවන්න කියලා ඉල්ලීම පමණයි. ඒත් නඩුවේ දෙවෙනි භාගයේ සාක්ෂි දෙන්න එන කෙනා හින්දා ඒ ඔක්කොම වෙනස් වෙනවා. තමුන් රටෙන් පිටකළා යැයි හිතාගෙන උන්න ශේ ඇවිල්ලා කොට ආදිපාදගේ සායම යවනවා. ඒවා දකින ට්රියන්ට, නගරය වෙනුවෙන් සිදුකළ සියලු කැපකිරීම් ගැන කලකිරිලා, තමුන්ට සාධාරණයක් නොලැබෙන බව දැනගෙන ඔහු තමා නිර්දෝෂී බවත් ඔහුට සටනකින් ලැබෙන විසඳුමකුත් ඉල්ලා සිටිනවා.

මෙහෙම සටනකදි ඔහුට මුහුණ දෙන්න වෙන්නෙ රජුගේ හොඳම රණශූරයාටයි. කලින් වතාවේ කොට ආදිපාදට, බේලිෂ් විවාහ කරගත්ත ලයිසා (සන්සගේ නැන්දා) විසින් මෙහෙම සටනකට මුහුණ දෙන්න නියම කළාම ඔහු වෙනුවෙන් සටන් කළේ බ්‍රොන්. මෙදාපාර කවුරු සටන් කරයිද? එතකොට ඔය කියපු බ්‍රොන්ම නැවකට ඇරලපු ශේ ආපහු ආවේ කොහොමද? ඇත්තටම ශේ කියන්නෙ අපි හිතන කෙනාමද? හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු 😉

ප.ලි. කියන්න අමතක වුණානේ ජෝන් ඇරන්ගේ මිනී මැරුම් කුමන්ත්‍රණය හා ටයිරින්ගේ නඩු විභාගය සහ අයන් බැංකුව ගැන අපේ තරිඳු සහෝ හදපු අලුත්ම විඩියෝ දෙක නිකුත් වුණා, ඔයාලටත් බලන්න පුළුවන්. 😉 310

පසුබිම් විස්තර ලිපි.
1) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
2) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
3) ඇදහීම් හා නයිට්වරු.
4) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
5) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
6) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
7) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
8) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
9) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.

Game of Thrones (2011) on IMDb

 

 

65,215 downloadsDownload GOT.S04.E07.Sinhala.zip87 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                       Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

65,215 downloadsDownload Subtitles87 KB

127 comments

  1. Kobin

    1st mama... thnx saho..

  2. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති රොයිලි අයියේ……. :)

    මග බලාගෙන හිටියේ හවස ඉඳන්.

  3. piyumals

    man 1st download..thanks bro... balagena hitiye enakam...

  4. හර්ෂ ලහිරු

    ලිපිය දැක්කම පිස්සු හැදෙනවානේ :P
    බොහොම ස්තුතියි රොයිලි සහො :P :P ජය

  5. gayan

    අම්මො ලිපියෙ දිග ලිපිය නිසාම කොමන්ට් එකක් දාන්න හිතුනා නැතත් දානවා:rofl:
    කොමන්ට් එකක්වත් දාන්නෙ නැත්නම් අපි කුහකයො වෙනවා බොහොම ස්තුතියි සහො ඔයාගෙ මහන්සියට ස්තුති කරන්න වචන නැහැ

  6. das

    විස්තරයට බොහොම ස්තුතියි :) :)

  7. charith

    නියම ලිපියක්.
    ඉක්මනට sub දුන්නට thanks

  8. malinga

    ochcharala balana hitye danakan elakiri :D

  9. “චූටී මල්ලි”

    අනේ අප්පොච්චියෙ ලිපියෙ දිග
    අද ඔයාට නිවාඩු දවසක්ද සහෝ හෙහ්
    එල එල
    සබට තුති
    ඔබට ජය....

  10. SADU

    thankzzzzz macho.ubanam dewiyek newei dewalayak bn.wedi wediyenma lebenna ona.

  11. natasha

    thank ayye

  12. සමීර චතුරංග

    ඔයා නම් පිස්සුවක් රොයිලි අයියා.චුටි මල්ලි කිව්වා වගේ අද නිවාඩු දවසක්ද ආආ? සබට ස්තුතියි.

  13. nuwan

    supiri supiri supir.....
    thank you brother.....

  14. රාම් රාජ්

    පටිටයි රොයිලි.බාගෙන හිටියේ.දැන් සබ් එක්ක බලන්නමි.

  15. POPPY

    thnx kollo...............

  16. Keshan Wasala

    බුඩු අම්මෝ සබ් එක දානවටත් වඩා අයියා ලිපියට මහන්සි වෙලා වගේ :D
    ඔන්න එහෙනං ගොඩක් ස්තුතියි අයියේ ...අර කොට ආදී පාදයා ගිය සතියේ කුලප්පු උන විදියට නං අද එල කොටසක් වෙයි .. මේන් සබ ගත්තා රෑ වෙනකන් ඉදල බලනවා ;)

  17. වලාකුළ

    Thanks bro ...

  18. kaviya

    එල මචන් මග බලාගෙන හිටියේ ගොඩක් ස්තූතියි

  19. amal

    ane pattai kiyanne summa nika n history kiyawana wa wage mehema effort ekaak dakkamai niyamai niyamai summa!!!!!!

    novel ekak gahapu taramata hodata uparimata tiyanawa aye kiyala wadak na mekata comment ekaka madida mandda daaala

    me wage wadak karana ea gana hena tama thnx ROILI SAHOOOO......

  20. Krish

    macho.... uba meka koiwele deidakiyala balabala hitiye.... me karana sewayata ubata godaaak pin... digatama apita me widiyata sub denna... kiyanna wahcna ne ..ubata godaaak isthuuhieee...!!!

  21. Gayan

    ela danui bawee thanks bro......

  22. nishee

    thanks saho,,,, enakam agili gana gana hitiye,,,,,

  23. dulanga

    thanx mcn.me lipiyat pattama watinwa katawa beluwata wada hdta meken terenawa:-)

  24. dilan

    balanakam iwasillak ne thanks saho.....

  25. නිරෝෂ්

    ela..thanx..jayawewa

  26. Lahiru

    amme ayya deyyekne. mechchara ikmanata.... jaya wewaa,,,, onna gaththa.....

  27. Sandun r wimalaweera

    Saho me denakan api agili gana gana inne bn.bohoma pin...

  28. D.chamara

    menna bola meka dila niyamai niyamai bohoma pin me lamayata ..... :)

  29. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔන්න ඔහොමලු වෙලා තියෙන්නේ..
    අනේ රොයිලි අයියේ..අදම ඔක්කොම ටිකැ කියලා ඉවර කලාද නැත්නම් ලබන සුමානේටත් ටිකක් එහෙම ඉතිරි කරගත්තද?
    මයේ හිතේ රොයිලි සහොත් මේ කතාවේ ප්‍රොඩක්ෂන් ටීම් එකේ පොරක් වගේ..
    මෙහෙම දෙනවනම් බලන්නම්කෝ ඇටි හැලෙන්න..
    නියමයි රොයිලි සහෝ නියමම නියමයි..
    ගිය සුමානේ නම් මට හොඳටම හිත ගියේ අපේ ටිරියන්ගේ ස්පීච් එකට..
    ඒකනම් මැක්සම මැක්සා..මම ඒ කොටස 5ස් පාරකට වඩා බැලුවා/...
    ඒ වගේම එකට හදපු ලස්සන වීඩියෝ එකකුත් බැලුවා පොර ඩාන්ස් පාරක් දාන..
    ඒකත් හැබැයි කතාවට තිබ්බනම් මැක්සා කියලා හිතුනා, ඒත් එහෙම තිබ්බ නම් ටිරියන්ගේ ස්පීච් එකේ බරපතල කම අඩු වෙනවා..
    එහෙම නොතිබ්බ එක හොඳා..
    අදත් වෙනදා වගේම ගොඩක් නොදන්නා දේවල් තේරුම් කරලා දුන්නා..
    එකට ගොඩක් පිං..
    අනේ මේක බලන්නත් ලෝබයි අප්පා..
    මේක බලල සතියක් ඉන්න ගියාම තමයි එපා වෙන්නේ..
    ගොඩක් ම පිං ඔන්න ආයෙත් සැරයක්..

    අහ්හ් අර තරිඳු සහෝගේ වීඩියෝ දෙක වැඩ නැ නේ මෙයා..
    මොකෝ දන්නේ නැහැ සීන් එක...පොඩ්ඩක් ඒක බැලුවනම්...

    අනිත් එක අපිත් අතාරින්නෙ නැහැ හොඳේ..
    ඔයා දිගට ලිපි ලියනවනම් මේ වගේ..
    මොනාහරි විකාරයක් ලියලා අපිත් දිග කමෙන්ට් දානවා..
    අපිත් ආයේ සෙකන්ඩ්වෙන්නැති පොරවල් හොඳේ..

    මේ කතාව බලන කමෙන්ට් නොදාන උන්ට :- දාපියව් යකුනේ කමෙන්ට්..තොපිට හිතක් පපුවක් නැද්ද?

    1. හර්ෂණ

      කොහෙද බන් ඩාන්ස් එක.. දාපන්කෝ අපිටත් බලන්න ලින්ක් එක..

    2. Tharindu Vishwanath

      මේක දැක්කම මට කියන්න වචන නෑ. දන්නවද මට හිතෙන දේ. බයිස්කෝප් අය එක තැනකට ඇවිල්ලා media channel එකක් පටන් ගත්තා නම් දැන් ඔය කවුරුත් කරනවට වඩා හොඳ වැඩක් නිර්මාණශීලී වැඩක් කරාවි. අපිට මේක download කරලා උපසිරස දාගෙන බලන එක විතරයි. ඒත් මචං උඹ අපි වෙනුවෙන් මේක කරන්න උඹේ කාර්ය බහුල ජීවිතයෙන් වෙලාව වෙන් කරනවා කියන්නේ උඹට තියෙන්නේ නියම බොක්කක්. really appreciate machan. keep it up. :)

    3. Tharindu Vishwanath

      aasiri. dan hari athi. podi awulak welaa thibbe

  30. නලින්

    ස්තුතියි රොයිලි අයියා! ඔන්න මම නම් ලිපිය දිග ගැන කථා කරන්නේ නැහැ!

    ජය වේවා!

  31. අමල් ඉෂාන්ත

    බොහෝ්ම ස්තූතියි, නියම වැඩක්

  32. Ash

    Supirima thamai aiya. Thanks a lot. jaya wewaaa...!!! :)

  33. Neranji Sulakkana

    ඉස්සල්ලා කාමන්ට් කළා... තැන්කිව්

  34. යශෝධ

    මොනා කියන්නද කියලා තේරෙන්නේ නෑ අප්පේ... නිකම් බලන්නම් වාලේ මේ කතා මාලාව බලන්න බැහැ කියලා ඕනේ කෙනෙක්ට තේරෙනවා. සිංහල උපසිරසි එක්ක බැලුවත් කතාව ගලපගන්න බොහෝම අමාරු වෙන අවස්තා තියෙනවා ඒකට හේතුව මේ කතාවේ සිද්දි දාමයන් එකිනෙක බැඳිලා තියෙන විදිය නිසා කියලයි මට හිතෙන්නේ.. ඔයාගේ මේ ලිපියයි තරිඳු සහෝගේ වීඩියෝ ටිකයි බැලුවම තමයි හිතෙන්නේ අපි මේ කතා මාලාව කොච්චර දුරට දන්නවාද කියලා. ඒ වගේම මේක නම් අතාරින්නේ නැහැ කියලා හිතෙන්නෙත් ඒ නිසාමයි. එහෙනම් රොයිලි අයියේ වෙනදා වගේම ඔයාට බොහොමත්ම ස්තූතියි මේ ලිපියට.. ඒ වගේම උපසිරසටත්... ජයම වේවා කියලා තමයි කියන්න තියෙන්නේ.. එලස්ස්ස්....................... :-D

  35. chandima

    බොහොම ස්තුතියි!!!!

  36. #ChalinduDeshan (කිනා)

    හම්මේ දවල් බාගෙනමයි හිටියේ.
    එලා...
    මෙන්න සබ ගත්තා අයියන්ඩිය.
    ජයවේවා!

  37. 007porak

    ඇත්තටම බොහොම පින් මග බලාන හිටියෙ ජයවෙවා.............. රොයිලි සහො........

  38. Sisira Hegoda

    Thanks.

  39. Mevan

    Thanks...........

  40. anuradha

    thank you lots dude

  41. gihan

    බොහොම ස්තූතියි මේ ලිපියට...
    උපසිරසටත් බොහොම ස්තුතියි

  42. hemal

    බොමොම වැදගත් ලිපියක් සහො, නොදන්න දෙවල් ගොඩක් දැන ගත්තා !

  43. navin

    Thanks...

  44. kamal hasitha

    දෙයියනේ රොයිලි අය්යේ, මෙච්චර ඉක්මනට උපසිරසි දෙන්නේ කොහොමද ඈ... .?
    episode එක ආවෙත් මීට පැය 10 කට විතර කලින්නේ.

    රොයිලි පට්ටනේ යකෝ........,,,,,,

  45. වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි

    රොයිලි මලේ මෙවන් වූ දිගු ලිපියක් ලියා බොහො දෙනා පින වීමට ඔබ දරන මේ ප්‍රයත්නයට ඔබට බොහෝ පිං.

  46. Najika

    රොයිලි පට්ටයි,බොහොම පින්!

  47. jzone

    thannxxx thanxxx thanxxxx

  48. sandun

    thanks machan patta ekmanata apeta meka denawata.

  49. Lasitha

    Tnks ! ~ ~

  50. Umesh

    නියම පැහැදිලි කිරීමක්‌! tanx

Load more comments