පොඩි දෙයක් කියන්න හිතුණා මුලින්ම. කට්ටියගෙන් නිකන්ම මෙන්න සබ් එක අරන් බලහල්ලා කියනවට වඩා, ටිකක් පසුබිම් විස්තර එක්ක කතාවෙ නියම රසය දෙන්න දිග ලිපි ලියනවට වැඩි දෙනෙක් කැමති නැද්ද මන්දා. ගිය සතියෙ ඒක හොඳටම පැහැදිලි වුණා. එහෙනම් මම අදින් එහෙම විස්තර ලියන එක නවත්වන්නද? 🙁 හරි අද මම මේ පාන්දර එකට හමුවෙන්න…

පොඩි දෙයක් කියන්න හිතුණා මුලින්ම. කට්ටියගෙන් නිකන්ම මෙන්න සබ් එක අරන් බලහල්ලා කියනවට වඩා, ටිකක් පසුබිම් විස්තර එක්ක කතාවෙ නියම රසය දෙන්න දිග ලිපි ලියනවට වැඩි දෙනෙක් කැමති නැද්ද මන්දා. ගිය සතියෙ ඒක හොඳටම පැහැදිලි වුණා. එහෙනම් මම අදින් එහෙම විස්තර ලියන එක නවත්වන්නද? 🙁
හරි අද මම මේ පාන්දර එකට හමුවෙන්නෙ හයවෙනි කොටසත් එක්කයි. තව කොටස් 4 යි එන්න තියෙන්නේ. එහෙනම් කලින් වගේම පහුගිය සතියෙ කොටස මතක් කරගෙන ඉම්මු.
උතුරේ…
වින්ටර්ෆෙල් අසල තානායමකට ළඟාවෙන බ්‍රියෙන්නෙ හා පොඩ්‍රික් කොහොමහරි සමත්වෙනවා සන්සට පණිවිඩයක් යවන්න. ඇයට උදව්වක් ඕනා වුණොත් කරන්න ඕනා දේ ගැන.
මේ අතර වින්ටර්ෆෙල් වලදි රැම්සි කලින් විවාහ වෙන්න පොරොන්දු දීපු මිරැන්ඩා එක්ක ටිකක් තදබල කතාවක් වෙනවා. ඒ සන්සගේ ලස්සන ගැනයි, තමුන්ව නොව ඇයව කසාද බඳීන එක ගැනයි. පස්සෙ මේ මිරැන්ඩාම සන්සව බලුකූඩුවලට එක්කගෙන ගිහින් තියෝන්ව (දැන් රීක්ව) පෙන්නනවා. තියොන්ව සන්සා දැක්ක බව දැනගන්න රැම්සි රෑ කෑම වෙලාවෙදි තියොන් ලව්ව සන්සගෙන් සමාව ඉල්ලනවා, ඇයගේ මල්ලිලා දෙන්න වෙච්ච බ්‍රෑන් හා රිකොන්ව මරපු එක ගැන. හැබැයි අපි දන්නවනෙ තියොන්ට ඒ දේ කරන්න ලැබුන් නැති හින්ද වෙන ළමයි දෙන්නෙක්වයි පිච්චුවෙ කියලා. පස්සෙ රූස් කියනවා ඔහුගේ බිරිඳට ළමයෙක් ලැබෙන්න යනවා කියලා. හැබැයි මේකෙන් රැම්සිගේ අලුත් උරුමෙට බාධා වුණත්, රූස් පස්සෙ ඔහුගේ සැක දුරු කරල ස්ටැනිස් රජුගේ ආක්‍රමණය ගැන උදව් ඉල්ලනවා.
ප්‍රාකාරයේදී…
මිරීන් වලින් එන ඩැනේරිස්ගේ ආරංචි සෑම් විසින් ඩැනේරිස්ගේ දැනට ජීවත්ව ඉන්න එකම නෑදෑයා වෙන ඒමොන්ට කියනවා. මේ අතර ජෝන් ඇවිල්ලා වනචාරීන් ගැන තියෙන තමුන්ගේ අදහස ගැන ඒමොන්ගෙන් උපදෙස් ඉල්ලනවා. ඒමොන් කියන්නෙ දැන් ප්‍රධානියා විදියට කවුරු අකැමති වුණත් තමුන්ට හිතෙන දේ කරන්න කියලයි. ඊට පස්සෙ ඔහු වනචාරී හිරකාරයා වෙච්ච ටෝමුන්ව නිදහස් කරලා ඔහුගේ උදව් ඉල්ලනවා ඉතුරු වනචාරීන්ව ප්‍රාකාරයෙන් මෙපිටට ගෙනල්ලා ඉදිරියේදි එන ධවල ඇවිදින්නන්ගේ සටනට උදව් දෙන්න කියලා. ටෝමුන් එයට එකඟ වෙන්නෙ, ඉතිරි වනචාරීන් ඉන්න හාඩෝම් වලට ගිහින් කතා කරන්න නම් ජෝනුත් ඔහුත් සමඟ එන්න ඕනා කියලයි. හැබැයි මේ සැලැස්ම ගැන අනික් නයිට්ස්වොච් ආරක්ෂකයො නම් කොහෙත්ම කැමති වෙන්නෙ නෑ.
මේ අතර පුස්තකාලෙදි සෑම් තම වනචාරී කෙල්ලට කියනවා ඔහුට කලින් ආචාරීවරයෙක් වෙන්න ඕනා වෙච්ච හැටි. ඔතෙන්ට එන ස්ටැනිස් රජ සෑම්ගෙන් අහනවා ඔහුගේ රණශූරයෙක් වෙච්ච පියා ගැන. ඒ සිද්ධිය අද විස්තර ලිපියෙ තියෙනවා. ඒ අතරම ඔහුගෙන් අහනවා ඔහු කොහොමද ධවල ඇවිදින්නෙක්ව මැරුවෙ කියලා. ඔහු ඒකට භාවිතයට ගත්ත ඩ්‍රැගන්ස්ටෝන් වලින් හදපු පිහිය ගැනත්, ධවල ඇවිදින්නන්ගේ දුර්වලතා ගැනත් පොත්වලින් තව හොයන්න ඔහුව උනන්දු කරනවා. ඊට පස්සෙ ජෝන් වනචාරී සහය අරගෙන එනකම් පරක්කු වෙලා, රූස් බෝල්ටන්ට වාසිදායක තත්වයක් ඇතිවෙන්න කලින් වින්ටර්ෆෙල් බලා යන්න තීරණය කරනවා.
පටු මුහුදෙන් එහා…
හාපිගේ පුත්‍රයන්ගෙන් එල්ල වූ ප්‍රහාරයෙන් සර් බැරිස්ටන් සෙල්මි මිය ගියත් නිකැළැල් හමුදාවෙ ග්‍රේ වෝම් බේරෙනවා. ඩැනේරිස් හා ඩාරියෝ ඉතිරි හාම්පුතාලව එකතු කරලා එකෙක්ව මකරුන්ට කෑමට දීලා, අනික් අයව සිර කරනවා. මීට පස්සෙ ඇය ම්සෙන්ඩෙයිගේ උපදෙසුත් අහනවා මේ ප්‍රශ්නෙ ගැන. ඇය කෙළින්ම උපදෙසක් නොදුන්නත් ඒ කතා බහෙන් පස්සෙ ඩැනේරිස් තීරණය කරනවා සටන් වළවල් නැවත විවෘත කරන්නත්, නගරයේ ප්‍රධානීන් සමඟ තියෙන බැදීම තහවුරු කරගන්න එයින් එක නායකයෙක් වෙච්ච හිස්ඩාර්ව විවාහ කරගන්නත්.
මේ අතර කොට ආදිපාදතුමා දකිනවා ඔහු කෙටි පාරක් විදියට වැලේරියා නටඹුන් වලින් ගමන් කරන බව. අපි මේ ගැන සිතියම් ගැන ලියවෙච්ච ලිපියෙදි දැක්කානේ. ආපහු කියෙව්වොත් ඒ ඉතිහාසය කියවගන්න පුළුවන්. මේ අතර ඔවුන්ට ඉහළින් මකරෙක් පියාඹනවා දකින ගමන්ම ඔවුන්ට ග්‍රේස්කේල් නම් රෝගය වැළදුන ස්ටෝන් මිනිස්සු පහර දෙනවා. ඔවුන්ව ස්පර්ශ වෙන අයටත් එම රෝගය වැළඳෙනවා. කොට ආදිපාද තුමා මුහුදට පැනල ගිලෙන්න යද්දි ජෝරා බේරගන්නවා. ඔවුන්ගේ බෝට්ටුව ඔවුන්ට අහිමි වෙන අතර පස්සෙ දැනගන්නවා ජෝරාව රෝගියෙක් විසින් ස්පර්ශ කරලා බව.
ගිය සතියෙ ඉවර කරන්න බැරි වෙච්ච කොටස එහෙනම් ඔන්න මම අද ගේනවා.
දැනට පවතින ප්‍රබල වංශවත් පවුල්…
ඇරන් වංශය.

As High as Honor
ජනප්‍රවාද අනුව මේ වංශයේ නිර්මාතෲ වරයා සර් ආර්ටස් ඇරන් බව කියවෙනවා. ඔහු විශාල උකුස්සෙක් පිට නැගී පැමිණ ඇන්ඩාල් වරු වෙස්ටරොස් හට පැමිණි කාලයේ සිටි, පළමු මිනිසුන්ගේ කඳුකර රජුව පරදවා, වේල් වල එයිරි අත්පත් කරගෙන, තම රාජ වංශය පිහිටුවනු ලැබූ බව කියවෙනවා. ඔහුගෙන් පැවතෙන්නම් ටාගේරියන් ආක්‍රමණයෙන් පසු රාජධානිය එක්සේසත් වී රජු යටතේ පාලනය වෙනකම් එම පෙදෙස් පාලනය කළ බව කියවෙනවා. එසේම එයිරි බලකොටුව කාටවත් බිඳ හෙළන්න බැරි විදියට කඳුමුදුන් මත පිහිටි ශක්තිමත් බලකොටුවක් විදියට හැඳින්වෙනවා.
එහි ආසන්නතම පාලකයා වෙච්ච ජෝන් ඇරන් විසින් යටතේ තමා එඩාර්ඩ් ස්ටාක් හා රොබට් බැරැතියන් හැදී වැඩී ඇත්තෙ. ඉතින් ඩැනේරිස්ගේ සහෝදර රේගාර් විසින් එඩාඩ්ගේ සහෝදරියක් හා රොබට් විවාහ ගිවිසගෙන සිටි ලියෙන්නා ව පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමීම ගැන පිය රජු වෙච්ච පිස්සු රජා නොසලකා හැරීමත්, එයට යුක්තිය ඉල්ලූ එඩාඩ්ගේ පියාව හා සහෝදරයාව මරා දැමීමෙන් පසුව එඩාඩ්වත් අධිකරණයට ගෙන්න එන්න නියම කළ විට, මේ ජෝන් ඇරන් කැරැල්ල පටන් ගන්නවා. එයට එඩාර්ඩ් ස්ටාක් හා රොබට් බැරැතියන් ද එක්වෙනවා. ඊට පස්සෙ තමා ටලි වංශය සමඟ විවාහයෙන් එකමුතු වෙලා (එඩාර්ඩ් විසින් කැට්ලින් ටලීව හා වයසින් වැඩි ජෝන් ඇරන් විසින් ළාබාල ලයිසා ටලී සමඟ) යුද්ධය පටන් ගන්නවා. ඒකෙන් වෙච්ච දේ මම කලිනුත් කියල තියෙනවනේ.
කොහොමහරි යුද්ධයෙන් දිනලා රොබට් බැරැතියන් සිංහාසනය උරුම කරගන්නවා. ජෝන් ඇරන් තමා පුරෝහිත වෙන්නෙ. රූපවාහිනි කතා මාලාවේ පළමු කොටසට ටිකකට කලින් තම ජෝන් ඇරන් අභිරහස් ලෙස මිය යන්නෙ. ඊට හේතු නම් දැන් හැමෝම දන්නවා ඇති කියල හිතනවා. ඒත් කියන්නම්කෝ. ජෝන් දැනගන්නවා සර්සිට දාව ඉපිද තියෙන්නෙ රොබ්ට්ගේ දරුවන් නොවන බව. ඒ ඔවුන්ගේ කොණ්ඩයේ පැහැයෙන්. ඔය හේතුවෙන්ම තමා ජෝන් ඇරන් හා පසුව එඩාඩ් ස්ටාක්ටත් මැරෙන්න වෙන්නෙ.
මේ අතර වර්තමාන තත්වය ගැන කියනවනම් පස් රජ යුද්ධයේදී ජෝන් ඇරන්ගේ බිරිඳ වෙච්ච (පිස්සු) ලයිසා කාගෙවත් පැත්ත ගන්නෙ නෑ. ඇය හොඳින්ම දන්නවා ලැනිස්ටර් වරු තමා ජෝන් ඇරන්ව මරා දැම්මෙ කියලා. හැබැයි ඇය පසුව එලිකරනවා ඒ බව හෙළිකොට ඇය මේ සියල්ලට මුල් වෙච්ච ලිපිය කැට්ලින්ට යවන්නෙ පීටර් බේලිෂ්ගේ උපදෙස් පිට කියලා. දැන් වෙද්දි බේලිෂ් විසින් ඇයව විවාහ කරගැනීම මඟින් ඇරන් කොලුවා වෙච්ච රොබින් වැඩිවිය පැමිණෙන තෙක් පාලනය කරනවා. හැබැයි මතක ඇතිනේ බේලිෂ්ම චන්ද්‍ර ද්වාරයෙන් තල්ලු කරලා ඇයව මරා දැම්ම හැටිත්.
බැරැතියන් වංශය.

Ours is the Fury
බැරැතියන් කියන්නෙ අනික් ඒවා එක්ක බලද්දි ටිකක් විතර පස්සෙ කාලෙක හැදුණ වංශයක් වුණත්, මේ වෙද්දි රාජකීය වංශය වෙන්නෙත් ඒ වංශයමයි. මේ වංශය පිහිටෙව්වා කියන්නෙ ටාගේරියන් ආක්‍රමණය සිදුකළ පළමු ඒගොන් රජුගේ ජෙනරාල් වරයෙක් වෙච්ච ඔරයිස් බැරැතියන් විසින්. ඒ වගේම කට කතාවක් තියෙනවා ඔහු ටාගේරියන්ගේම අවජාතක සොහොයුරෙක් බවටත්. ඔහු විසින් ආක්‍රමණය වෙලාවෙදි අපි කලින් ඩරන්ඩන් වංශයේ අවසානය ගැන කිව්ව වෙලාවෙ කිව්ව වගේම, එම වංශයේ අවසාන පාලකයා වෙච්ච ආගිලැක් ඩරන්ඩොන්ව (ස්ටෝම් රජු) පරදවලා ඔහුගේ මාලිගය වෙච්ච ස්ටෝම්ස් එන්ඩ් අල්ල ගන්නවා. ඒ වගේම එම රජුගේ දියණියක්ව අල්ල ගෙන ඇයව සරණ පාවා ගන්නවා. මේ ජයග්‍රහණය නිසා ඔහුව ස්ටෝම්ස් එන්ඩ් හී පාලකයා කරලා බැරැතියන් වංශයේ නිර්මාපකයා බවට පත් කරනවා. ඔහු තම සලකුණ විදියට තෝරගන්නෙ ඩරන්ඩොන් වංශයේ සලකුණ මයි.
ඊට අවුරුදු 281 කට පස්සෙ, වංශයේ නායකයා වෙච්ච රොබට් බැරැතියන් විවාහ ගිවිසගෙන සිටි ලියෙන්නා ස්ටාක් ව, එවකට රජ වූ පිස්සු රජාගේ පුත්‍ර රේගාර් ටාගේරියන් විසින් පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමීම ගැන පිය රජු වෙච්ච පිස්සු රජා නොසලකා හැරීමත්, එයට යුක්තිය ඉල්ලූ එඩාඩ්ගේ ස්ටාක්ගේ පියාව හා සහෝදරයාව මරා දැමීමෙන් පසුව එඩාඩ්වත් අධිකරණයට ගෙන්න එන්න නියම කළ විට, ජෝන් ඇරන් පටන් ගත්ත කැරැල්ලට එඩාර්ඩ් ස්ටාක් හා රොබට් බැරැතියන් ද එක්වෙනවා. මේ යුද්ධයෙන් ටාගේරියන් වංශය බලයෙන් නෙරපුවාලින් පස්සෙ රජ වෙන්නෙ බැරැතියන් වංශයේ රොබට් බැරැතියන්මයි.
මේ සිදුවීමෙන් බැරැතියන් වංශය රාජකීය වංශය වෙනවා වගේම එහි සලකුණු වලත් වෙනස් වීම් වෙලා ප්‍රධාන වංශය යටතේ උප කොටස් දෙකකට බෙදෙනවා.
– 01 කිංග්ස් ලෑන්ඩින් වල බැරැතියන් වංශය.
මම ඉහත කියපු කැරැල්ලෙන් පස්සෙ රාජකීය වංශය බවට පත්වෙන්න මේ කොටසෙන් තමා අයන් ත්‍රෝන් හෙවත් සිංහාසනය දරණු ලබන්නේ. ඔවුන්ට පාලනය කරන්නේ කිංග්ස් ලෑණ්ඩින් නගරයේ රෙඩ් කීප් ආසනයේ සිට වෙන අතර කෙළින්ම රජු යටතේම පාලනය වෙන භූමිය වෙච්ච ක්‍රවුන් ලෑන්ඩ් තමා ඔවුන්ගේ නින්දගම වෙන්නෙ.
රොබට් රජුගේ පාලන සමය සෑහෙන සාමකාමී එකක් බව කියවෙනවා. හැබැයි අවසාන කාලයේ සර්සිගේ අනු දැනුම මත ඔහුවත් මරා දැම්මා මතක ඇතිනේ මේ වෙද්දි රොබට් රජුට දාව සර්සිගෙන් ඉපදුන ළමයි යැයි සැලකෙන (අපි නොදන්නවයැ කතාව) පළමු ටෝමන් (ළමා) රජු තමා පාලනය ගෙනියන්නෙ.
– 02 ඩ්‍රැගන්ස්ටෝන් වල බැරැතියන් වංශය.
මම ඉහත කියපු කැරැල්ලෙදි රොබට් එක්ක සටන් කරපු ස්ටැනිස් තම බලකොටුව වෙච්ච ස්ටෝම් එන්ඩ් අල්ලගෙන උන්න බව කියවෙනවා. ඊට පස්සෙ ඔහු ටාගේරියන් වරුන්ගේ බලකොටුව වෙච්ච අගනුවරට ආසන්නයේ තියෙන බ්ලැක්වෝටර් බොක්කේ පිහිටි ඩැගන්ස්ටෝන් දූපත අල්ල ගන්නවා. පසුව ඔහුට රොබට් රජු විසින් එම බලකොටුව පවරා දෙනවා. නමුත් ඔහු අනික් සහොදරයා වෙච්ච රෙන්ලි බැරැතියන්ට ඔවුන්ගේ පවුලේ නින්දගම වෙච්ච ස්ටෝම් එන්ඩ් බාර දීමෙන් ස්ටැනිස්ට මදිපුංචිකමක් සිදුකළ බව තමා සැලකෙන්නෙ. පස්සෙ රාජකීය වංශය බවට එක කණ්ඩායමක් පත්වෙද්දි ස්ටැනිස් මේ සලකුණ සමඟ මේ උපවංශයට අයත් වෙනවා. මේ හින්දා තමා ස්ටැනිස් රජකමට නියම උරුමක්කාරයා වෙන්නෙ. ඉතින් ඒ හින්දා තමා ජොෆ්‍රි කියන්නෙ රොබට් රජුට දාව ඉපදුන කෙනෙක් නොවෙන හින්දා රොබට්ගේ මරණයෙන් පස්සෙ නෙඩ් ස්ටාක් විසින් ස්ටැනිස්ට පණිවිඩ යවන්නෙ ඇවිත් නියම උරුමක්කාරය විදියට පාලනය බාරගන්න කියලා. අපි හැමෝම දැක්කනේ වෙච්ච දේ.
ඉතින් මේ වෙද්දි බැරැතියන් වංශයේ ඉතුරු වෙලා ඉන්න එකම කෙනා ස්ටැනිස් බැරැතියන් විතරයි. ඔවුන්ගේ සේනාවට දරුණු ලෙස ජොෆ්‍රිගේ සේනා පහර දුන්නත්, දැනටත් ස්ටැනිස් ඩ්‍රැගන්ස්ටෝන් තමන් සන්තකයේ තියාගෙන ඉන්නෙ. ඒ වගේම මේ වෙද්දි උතුර අල්ල ගන්නත් සේනා දියත් කරලයි තියෙන්නෙ. ඔවුන්ගෙ මුල් නින්දගම වෙච්ච ස්ටෝම් එන්ඩ් බලකොටුවත් තවමත් හමුදා කණ්ඩායමක් විසින් රැකගෙන ඉන්නවා කියල තමා කියවෙන්නෙ.
බෝල්ටන් වංශය.

Our Blades Are Sharp
අපි ගොඩ දෙනෙක්ගේ වෛරයට පාත්‍ර වෙච්ච එක පවුලක් තමා මේකනම්. මෙයාලගේ සලකුණ වගේම මෙයාල බොහොම කුප්‍රකටයි මිනිස්සුන්ව පණපිටින් හමගහන්න. හැබැයි මෙයාලට බොහොම පැරණි අතීතයක් තියෙනවා. ඒකෙන් වැඩි හරියක්ම මෙයාල විරුද්ධ වෙලා තියෙනවා ස්ටාක් වරුන් විසින් උතුර එක්සේසත් කරලා ස්ටාක් වරුන්ගේ බලයට යටත් කරගන්න එකට. කට කතා වලට අනුව මෙයාල අතින් මැරුම් කාපු ස්ටාක්වරුන් හමගහල, ඒ හම ජය සංකේත විදියට තියාගත්ත බවත්, සමහරක් ඒවා සළු විදියට පැළදගත්ත බවත් කියවෙනවා.
කොහොමහරි අවසානයේ මෙයාලගෙ මුතුන් මිත්තන්ට සිද්ද වෙනවා ස්ටාක් වරුන්ට යටත් වෙලා දණ නවන්න. ඒකේ සලකුණක් විදියට ඔවුන් තම හිරකාරයන්ව හමගහන එක අත ඇරල දාන්න පොරොන්දු වෙච්ච බව කියවෙනවා. කොහොමවුණත් මේ වංශය උතුරේ දෙවෙනියට බලවත් පවුල විදියට උන්නා. හමගහන එක නම් එඩාර්ඩ් ස්ටාක් තමා නිල වශයෙන් තහනම් කළේ. ඒත් බෝල්ටන් වරු මේ ක්‍රියාව නම් නවත්තල නැති බව අපිට දැනුත් පේනවනේ.
කොහොමහරි පස් රජ යුද්දෙ වෙලාවෙ, ස්ටාක් වරුන් පැත්තට යුද්ධ කළත්, හොර රහසේ ලැනිස්ටර් වරුන් එක්ක එකඟතාවෙකට ඇවිල්ලා පරණ තරහවල් පිරිමහගන්න ඔවුන් රොබ් ස්ටාක්ව මරල දානවා. ඒ හින්ද තමා දැන් ස්ටාක්වරුන්ගේ දේපල දැන් ඔවුන්ට ලැනිස්ටර් වරුන්ගේ අතකොළු රජාගෙන් ලැබෙන්නෙ. දැන් ඔවුන් පාලනය ගෙනියන්නෙ ස්ටාක්වරුන්ගේ වින්ටර්ෆෙල් වල ඉඳන්. ඔවුන්ගේ නියම භූමිය ඩ්‍රෙඩ්ෆෝර්ටුයි.
ලැනිස්ටර් වංශය.

“Hear Me Roar!” (official) “A Lannister Always Pays His Debts” (common saying)
අපි ගොඩ දෙනෙක්ගේ අප්‍රසාදයට වගේම ඇතැමුන්ව අපේ ප්‍රසාදයට පාත්‍ර වෙච්ච අය ඉන්න කුප්‍රකට පවුලක් තමා මේකනම්. ඔවුන්ගේ නින්දගම් පිහිටල තියෙන්නෙ මහාද්වීපයේ බටහිර කෙළවරට වෙන්නයි. ඉරබටු මුහුද ආසන්නයේ කාස්ට්ලි රොක් නම් ස්ථානය කඳුගැටයක් මත පිහිටි එකක්. ඒවගේම වෙස්ටර්ලෑන්ඩ් වල තියෙන ප්‍රධානතම රත්‍රං නිධියත් ඔවුන්ට තමා අයිති. (දැන් නම් ඒක හිඳිල කියල තමා කියවෙන්නෙ.) ඔවුන් තමා රාජධානියේ ඉන්න ධනවත්ම පවුල. තඹවන් හිසකේ ඇති, උස කඩවසම් රූපකායක් දරන ලැනිස්ටර්වරු, බරහිර කඳුවැටි වල බලවත් රාජධානියක් සෑදූ අන්ඩාල් වරුන්ගේ ලෙයින් පැවතගෙන එන බව තමා කියවෙන්නෙ. නමුත් කාන්තා පාර්ශවයෙන් නම් ඔවුන් පුරසාරම් දොඩන විදියට, ඔවුන් කාස්ට්ලි නම් වංශයට අයිතිව තිබූ බලකොටු තම නුවණෙන් පමණක් අයිතිකරගත්තා යැයි කියවෙන ලෑන් නම් නුවනැත්තාගෙන් පැවතෙන බව කියනවා.
ඒ වගේම ටාගේරියන් ආක්‍රමණය වෙලාවෙදි, ඔවුන්ට විරුද්ධව එවකට ලැනිස්ටර් පාලක වෙච්ච ලෝරන් ලැනිස්ටර් විසින්, ගාඩ්නර් වංශයේ මර්න් ගාඩ්නර් (කලින් සතියෙ කියවෙච්ච එක බලන්න) එකතුව යුද්දෙට ගියත් Field of Fire නම් සටනෙදි ටාගේරියන් මකරුන් අතින් අන්ත පරාජයක් ලබලා ටාගේරියන් වරුන්ට යටත් වෙනවා. ඊට පස්සෙ තමා ඔවුන්ට රජු යටතේ වෙස්ටර්ලෑන්ඩ් වල පාලක තනතුර හා බරහිර ප්‍රධානිය යන තනතුර ලැබෙන්නේ.
ඊට කාලෙකට පස්සෙ අපි කවුරුත් දන්න ටයිවින් ගේ තාත්ත වෙච්ච ටයිටස් ලැනිස්ටර් විසින් පවුලේ ධනය වැඩකට නැති ආයෝජන වල යොදෝලා විනාශ කළා වගේම අපකීර්තියට පත්වුණා කියල කියවෙනවා. ඊට පස්සෙ ටයිටස්ගේ දුර්වල පාලනයට එරෙහිව ඔවුන්ගේ උපවශයක් වෙච්ච කස්ටමියර් වල රෙයින් වංශය විසින් ලැනිස්ටර් වරුන්ට විරුද්ධව කැරැල්ලක් ඇති කරනවා. ඒ කැරැල්ල බොහොම දරුණු විදියට මර්දනය කරන්නෙ බොහොම කපටි ටයිවින් විසින්. ඒකෙන් තම පවුලේ ගෞරවය ආපහු ඇතිකරගන්න ටයිවින් සමත් වෙනවා. ඒ දරුණු මර්දනයෙන් පස්සෙ පස්සෙ “ලැනිස්ටර් වරු කවදත් තම ණය ගෙවනවා” කියන ඔවුන්ගේ ප්‍රසිද්ධ පවුලේ ආදර්ශ පාඨයට නරක පැත්තට තේරුමක් එකතු වුණා කියලා කියවෙනවා. හැබැයි එම වංශයේ නිල ආදර්ශ පාඨය වෙන්නෙ Hear Me Roar! කියන එකයි. ඒ වගේම අර මර්දනයෙන් පස්සෙ තමා The Rains of Castamere කියන ප්‍රසිද්ධ සිංදුව ගෙතෙන්නෙ.
ටයිවින්ට ළමයි තුන්දෙනෙක් උන්නා. ඉන් තුන් සර්සි හා ජේමි නිවුන්නෝ. බාලය වෙච්ච ට්රියන් අඟුටුමිට්ටෙක් වුණා වගේම ඔහු ඉපදෙද්දි ටයිවින්ගේ බිරිඳ මියගියා. මේ හින්දා සර්සිත්, අඟුටුමිටි නිසා ටයිවින්ටත් කොට ආදිපාදව පෙන්නන්න බෑ. මේ වෙද්දි පිස්සු රජා යටතේ පුරෝහිත විදියට ටයිවින් සේවය කරනවා. ඒ වගේම තම දුව වෙච්ච සර්සිව පිස්සු රජාගේ පුතා වෙච්ච රේගාර් ටාගේරියන්ට යෝජනා කරනවා. හැබැයි පිස්සු රජා කරන්නෙ ඒක ප්‍රතික්ෂේප කරල නිකන් ඉන්නෙ නැතුව ටයිවින්ගේ පුතා වෙච්ච ජේමිගෙ දස්කම් දැකලා ඔහුව කිංග්ස්ගාර්ඩ් ආරක්ෂක සේවයට බඳවගන්නවා. ඕකට ටයිවින් බොහොම අවුල් යනවා. මොකද ඔහුට එතකොට ඉතුරු වෙන්නෙ පවුල ගෙනියන්න කොට ආදිපාදව විතරයි. ඒ හින්දා තම තනතුරෙන් අස් වෙලා ඔහු කාස්ට්ලි රොක් වෙතට ආපහු යනවා. මේ අස්සෙ තමා රොබට් බැරැතියන්, පිස්සු රජාට විරුද්ධව කැරැල්ල පටන් ගන්නෙ. ඔය වෙලාවෙ දෙපැත්තෙන්ම ඉල්ලන සහය නොතකා ඔහු මැද මාවතේ යනවා. හැබැයි රොබට්ලා කිංග්ස්ලෑන්ඩින් වලට කිට්ටු වෙද්දි එකපාරටම් ඔහු තම සේනාව එක්ක එහාට යනවා හරියට පිස්සු රජාගේ උදව්වට එනවා වගේ අඟවලා. ඔවුන් වෙනුවෙන් බලකොටුව විවෘත කළාට පස්සෙ ඔවුන් එකපාරටම පිස්සු රජාට විරුද්ධව ගිහින් ඇතුළෙන් සටන් කරන්න ගන්නවා. මේ වෙලාවෙ තමා රාජ ආරක්ෂක ජේමිට පිස්සු රජා කියන්නෙ තමුන්ගේ තාත්ත වෙච්ච ටයිවින්ගේ හිස අරගෙන එන්න කියලා. මෙන්න මේ වෙලාවෙදි තමා ජේමි පිස්සු රජාට පිටිපස්සෙන් කඩුවෙන් ඇනලා, රජුන් නසන්නා කියන අපකීර්තිය ලබාගන්නෙ.
ඒ වගේම මේ වෙලාවෙ තමා සර් ග්‍රෙගෝර් ක්ලේගන් හා සර් අමොරි ලෝන්ච් විසින් පිස්සු රජාගේ ටාගේරියන් පවුල විනාශ කරන්නෙ. ඒ වගේම නගරයේ බොහොම ලොකු විනාශයක් ඔවුන් කළ බව කියවෙනවා. ටාගේරියන් පවුලෙන් ඩැනේරිස් හා විසේරිස්ව කුඩාකාලෙදිම මරණයෙන් බේරල නිදහස් දේශයට යවනවා. ඊට අමතරව ඉතුරු පුතා වෙච්ච රේගාර්ගේ පවුලම විනාශ කළ බව තමා කියවෙන්නෙ. (? 🙂 ) (තව දෙයක්, රේගාර්ගේ බිරිඳ වුනේ ඩෝන් වල මාටේල් කෙනෙක්. ඒ හින්දා තමා පස්සෙ කාලෙක ඕබ්‍රන් විසින් ග්‍රෙගෝර්ට විරුද්දව සටන කරන්න කැමති වෙන්නෙ.) කොහොමහරි ලැනිස්ටර් වරු රොබට් හා එඩාර්ඩ් ස්ටාක් රෙඩ් කීප් වලට එද්දි රජුගේ මල මිනී පෙන්නල අපි තිබ්බ නරකම වැඩේ ඔයාල වෙනුවෙන් කරපු බව පෙන්නලා තියෙනවා. මින් පස්සෙ තමා රොබට් විසින් සර්සිව විවාහ කරගෙන, පවුල් දෙක අත බන්ධනය තරකර ගෙන තියෙන්නෙ. ඉන් පස්සෙ වෙච්ච දේවල් අපි දන්නවා නොවැ.
ග්‍රේජෝයි වංශය..

We Do Not Sow
අම්මෝ මේ ගැන නම් මම කලිනුත් විස්තර කියල තියෙනවා. දැන් උඩින් පල්ලෙන් කියන්නම්. මෙයාල තමා බටහිර වෙරළේ තියෙන අයන් දූපත් පාලනය කරන්නේ. ඔවුන්ගේ බලකොටුව වෙන්නෙ පයික් දූපතේ තියෙන පයික් බලකොටුවයි. හැම ආක්‍රමණයක් වෙලාවෙදිම ඔවුන් තමුන්ගේ ඇදහීම් හා සංස්කෘතිය ඒ ආකාරයෙන්ම රැකගන්න සමත් වුණා. ඒ වගේම ඔවුන්ට හැම වෙලාවෙම අවශ්‍ය වුණෙත් ප්‍රධාන මහාද්වීපය ආක්‍රමණය කරන්නයි. ඔවුන්ගේ මූලිකයාගේ තනතුරේ නම තමා Lord Reaper of Pyke කියල කියන්නෙ.
මෙම පරම්පරාවේ කටකතා වලට අනුව මොවුන් පැවත එන්නෙ අවුරුදු දහස් ගාණක් අයන් දූපත් වල රජකම් කළ, දියකිඳුරියක්ව විවාහ කරගත්ත ග්‍රේ රජු නම් කෙනෙක්ගෙන් බවයි. ඔවුන් බොහෝ දෙනා වන්දනා කරන්නෙ ගිලුණු දෙවියන්වයි. ඒ වගේම ඔවුන් සෑහෙන්න ප්‍රසිද්ධයි නාවිකයෝ විදියට.
වර්තමාන නායකයා වෙච්ච බේලන් ග්‍රේජෝයි පළමු අදියරේ සිදුවීම් වෙන්න අවුරුදු 8 කට කලින් රොබට් බැරැතියන්ට විරුද්ධව කැරැල්ලක් ගහනවා. ඒ කැරැල්ල මර්දනය කරන්න එන එඩාර්ඩ් ස්ටාක් අතින් ඔහුගේ පුතුන් දෙදෙනා මිය යනවා. ඉතුරු පුතා වෙච්ච තියොන්ව තමා ඔහු තමා භාරයේ තියාගන්නෙ ඇපයක් විදියට. දූපතේ ඉතුරු වෙන්නෙ යාරා ග්‍රේජෝයි හා බේලන්ගේ සහොදරයෝ දෙන්නෙක් විතරයි. කලිනුත් කිව්ව වගේ මේ හින්ද තමා රොබට් රජු යුද්දෙට ගිය වෙලාවෙ, උදව් ඉල්ලන්න යන තියෝන්ව, බේලන් වින්ටර්ෆෙල් අල්ලගන්න යවන්නේ. ඒ වෙච්ච දේ අපි දැක්කනේ. ආපහු කියන්නෙ නම් නෑ. දැන් තියෝන් රීක් කියන නමින් බොහොම බයාදු විදියට රැම්සි බෝල්ටන්ගේ බල්ලෙක් ගානට තියාගෙන ඉන්නවා.
ටයිරෙල් වංශය.

Growing Strong
ටයිරෙල් වංශය පාලනය කරන්නේ නිරිතදිග වෙස්ටරෝස් වල ජනගහනයෙන් වැඩි, සශ්‍රීක හා විශාල භූමිභාගයක් වෙච්ච රීච් ප්‍රදේශයයි. ඔවුන්ගේ මන්දීරය තියෙන්නෙ හයිගාඩන් වලයි.
ටයිරෙල් වංශය මුලින්ම උන්නෙ ගාඩ්නර් වංශය යටතේයි. ගාඩ්නර් වංශයේ ප්‍රධාන සේවකයන් විදියට මාලිගයේ දුර්ග මුරකළ බව කියවෙනවා. කාලයත් සමඟ අනික් උප වංශ වගේම ඔවුනුත් රාජකීය වංශය සමඟ විවාහ වලට එළඹුණා.
මම කලින් සතියෙත් කිව්ව විදියට ටාගේරියන් ආක්‍රමණය වෙලාවෙ ගාඩ්නර් රජුව හා ඔහුගේ රජ උරුමක්කරුවන්ව මකරුන් විසින් පුච්චල දැම්මට පස්සෙ ඔහුගේ අතවැසි හාලෙන් ටයිරෙල් ස්ව කැමැත්තෙන්ම ටාගේරියන් ඉදිරියේ දණ නමනවා. මේ හින්දා ෆ්ලෝරන්ට් වංශය වගේ පිරිමි පාර්ශවයෙන් රජ කමට වැඩි උරුමයක් තිබ්බ වංශය පැත්තකින් තියලා, කාන්තා පාර්ශවයෙන් විතරක් උරුමයක් තිබ්බ ටයිරෙල් වංශය, ඒගොන් ටාගේරියන් විසින් රීච් වල අධිපති හා හයිගාඩ්න් ආදිපාද විදියට හාලෙන් ටයිරෙල්ව පත් කරලා ප්‍රධාන වංශයක් විදියට උසස් කරනවා.
ඔවුන්ගේ සලකුණේ තියෙන රෝස මල වගේම, කටු හංගාගෙන ලස්සනට පෙනෙන විදියටම, ඔවුනුත් ස්ටාක් වංශය මෙන් ගෞරවනීයව හා ලැනිස්ටර්වරු මෙන් කපටිව තීරණ ගන්න පෙළඹුනා. රොබට්ගේ කැරැල්ලෙදි ඔවුන් තමුන්ව උසස් කල ටාගේරියන් පැත්ත අරගෙන, රොබට් ලැබූ එකම පරාජය වූ ඇෂ්ෆෝඩ් සටනෙන් ජය ගත්තා. ඒ ගැන තමා පහුගිය සතියේ ස්ටැනිස් විසින් සැම්වෙල් ටාලිට කියන්නේ. සමර්හෝල් සටනෙන් ජයගත්තට පස්සෙ ස්ටැනිස්ගේ උපදෙස් පසෙකදාල රොබට් ඉක්මන් ජයක් පතා ඇෂ්ෆෝඩ් වලට ගිය වෙලාවෙ සැම්වෙල්ගේ පියා වෙච්ච ටාලි වංශය අතින් පරාජය ලබනවා. හැබැයි වාසනාවට මේස් ටයිරෙල්ගේ ප්‍රධාන හමුදාවෙන් කුඩු වෙන්න කලින් ඔවුන් පහු බහිනවා. හැබැයි පස්සෙන් පහු ස්ටැනිස් බැරැතියන්ගේ ස්ටෝම් එන්ඩ් වටලගෙන ඉන්න ගිහින් හිරවෙන ටයිරෙල් හමුදාව, පිස්සු රජාගේ මරණයෙන් පස්සෙ රොබට් බැරැතියන්ට යටත් වෙනවා. ඔවුන්ගේ විශාල ජනගහනය හා ධනවත් බව නිසාම ඔවුන්ට අනික් හැම ප්‍රධාන පවුල් වගේ දෙගුණයක් පමණ හමුදාවක් නඩත්තු කරන්න හැකියාව තියෙන බව කියවෙනවා.
දැන් එහි පාලකයා මේස් ටයිරෙල් ආදිපාදයන් වුණත් ඔහුගේ මව වෙච්ච ඔලෙන්නා ටයිරෙල් තාමත් පවුලේ තීරණ වලට ලොකු බලපෑමක් එල්ල කරමින් එහි සැබෑ පාලකයා බව කියවෙනවා. මේස් ටයිරෙල් දැනට රජුගේ අමාත්‍ය තනතුරක් දරනවා වගේම ඔහුගේ පුතා වෙච්ච ලෝරස් කීර්තිමත් නයිට්වරයෙක් වගේම සමලිංගිකසේවනය හින්දා (සර්සිගේ පලිය ගන්න) පහුගිය කොටසක ආගමික හමුදාවෙන් අත් අඩංගුවට ගත්තා මතක ඇතිනේ. මේස්ගේ දුව තමා මාජරී. මුලින් පස් රජ යුද්දෙ කාලෙ රෙන්ලිව විවාහ කරගත්තත් (රෙන්ලි වැඩියෙ කැමති වුණේ ලෝරස්ට 🙂 ) පස්සෙ ජොෆ්‍රිවත්, ඊටත් පස්සෙ දැන් රජ වෙච්ච ටෝමන්වත් විවාහ කරගෙන රැජින විදියට ඉන්නවා.
ෆ්‍රේ වංශය..
මේ වංශය කලින් ටලී වංශය යටතේ තිබ්බ එකක්. පස්සෙ රතු මඟුල් ගෙදර නම් ද්‍රෝහිවීමෙන් පස්සෙ තමා මේක ප්‍රධාන වංශයක් විදියට උසස් වීම ලබන්නෙ. මේ වංශය පාලනය කරන්නේ රිවරන් බලකොටුවෙ ඉඳන් රිවර්ලෑන්ඩ්ස් ප්‍රදේශයයි. ඔයාලට මතක නම් ඔවුන් තමා අර ගඟ මැද තියෙන පාලම වගේ බලකොටුව පාලනය කරන්නෙ. ඒකටම තමා නිවුන්නෝ කියන නමත් කියන්නෙ. මේ පාලම තමා ට්‍රයිඩන් ගඟේ ග්‍රීන් ෆෝක් නම් අතු ගංඟාව තරණය කරන්න තියෙන පහසුම ක්‍රමය වෙන්නෙ. එතන අත ඇරල යන්න නම් ඔවුන් කොයිම පැත්තෙන් වුණත් හැතැක්ම සිය ගාණක් වටෙන් යන්න වෙනවා. මේ හින්දම මේ පාලමෙන් ඔවුන් විශාල ධනයක් ඉපැයුව බව කියවෙනවා. මොකද උතුරේ ඉඳන් එන මඟීන් හා වෙලෙන්දන් වගුරු බිම් මඟ ඇරල මේ පාලම හරහා තමා ගමන් ගෙන තියෙන්නෙ.
ඒ වගේම දැනට නායකයා වෙන වෝල්ඩර් ෆ්‍රේ හට අධික සංඛ්‍යාවක් ළමයි ඉන්නවා. මොකද ඔහු භාර්යාවන් විශාල සංඛ්‍යාවක් තියාගෙන ඉන්න හින්දා. රොබ් ස්ටාක්ගේ හමුදාව ඔය කුලුණෙන් යවන්න නම්, රොබ් හා ආර්යා ෆ්‍රේ ගේ පවුලෙන් විවාහ විය යුතු බව හා ඔලිවර් ෆ්‍රේව තම අතවැසියා විදියට පත් කරගත යුතු බව වෝල්ඩර් ෆ්‍රේ පවසනවා. පසුව ඔහු එයට ගරු නොකරන හින්දා තමා බෝල්ටන් වරුන් හා එක්ව රතු මඟුල නම් සිද්ධියේදී රොබ්ව, කැට්ලින් ස්ටාක්ව හා උතුරේ හමුදාව සමූලඝාතනය කරන්නෙ. රූස් බෝල්ටන් විවාහ වෙලා ඉන්නෙත් ෆ්‍රේගේ දියණියක් සමඟයි.
මාටේල් වංශය.

Unbowed, Unbent, Unbroken
මේ වංශය අපිට නම් තාමත් එච්චරම හුරුපුරුදු එකක් නම් නෙවෙයි. හැබැයි ඉස්සරහට ලොකු දායකත්වයක් ලැබේවි. මේ වංශයෙන් පාලනය කරන්නේ මහාද්වීපයේ දකුණු කෙළවර තියෙන අර්ධද්වීපයයි. ඔවුන්ගේ පාලක බලකොටුවේ නම සන්ස්පියර් වන අතර ඔවුන් සිංහාසනයට පක්ෂපාත වුණත් රොබට් රජුගේ කැරැල්ලෙ ඉඳන් දේශපාලන කටයුතු වලට දායක නොවී බොහොම වෙන්වූ ස්වභාවයක් තමා දැරුවේ.
මෙම වංශයේ ආරම්භය ගැන බලද්දි මුලින්ම ආරම්භ වෙලා තියෙන්නෙ ඩෝන් පුරා විසුරුම සුළු රජවරුන් කණ්ඩායමක් ලෙසටයි. මීට අවුරුදු 1000 කට පමණ පෙර, දැනට නිදහස් දේශය ලෙස හඳූන්වන මහාද්වීපයේ පිහිටි (මගේ මුල්ම ඉතිහාස පාඩමේ සිතියම් බලන්නකෝ) රයොනාර් රණ ශූරයන් ඩෝන් වෙත පටු මුහුද හරහා බෝට්ටු වලින් ගොඩ බහිනවා. ඊට හේතුව තමා වැලේරියානු ආක්‍රමණයට මුහුණ දෙන්න ඔවුන්ට නොහැකිවීම. ඉතින් මේ එන්නේ ඔවුන්ගේ රැජින වෙච්ච නිමේරියාත් සමඟයි. මාටේල් වංශයේ මෝස් මාටෙල් නම් රජ ඇයව විවාහ කරගෙන එමඟින් හමුදා සන්ධානයක් හදාගන්නවා. ඊට පස්සෙ ඔවුන්ගේ හවුල් හමුදා ශක්තියෙන් ඔවුන් ඩෝන් ඉතිරි සුළු රජවරුන්ව පරදා ඩෝන් එක්සේසත් කරනවා. ඩෝන් වංශයේ සලකුණෙන් සංකේතවත් වෙන්නෙත් ඒ එකමුතුවයි. මෝස් මාටේල් ගේ රත්‍රං හෙල්ලය හා නිමේරියාගේ රත්‍ර හිරුයි. ඉතින් එදා ඉඳන් මේ සලකුණ භාවිතා කරනවා වගේම රයොනාර් සංකෘතිය අනුව යමින් තම පාලකයා රජ ලෙස නොව “කුමාරයා” ලෙස ඔවුන් හඳුන්වනවා.
ඔවුන්ගේ වංශයේ ආදර්ශ පාඨය වූ “හිස නොනමයි, වැඳ නොවැටෙයි, නොකැඩෙයි” (අද කොටසට තෝරාගෙන තියෙන මාතෘකාව) යන්නෙන් ඔවුන්ගේ ඉතිහාසයම විහිදා දැක්වෙනවා. ඔවුන් කවදාවත් කිසි කෙනෙක්ට යටත් කරගන්න බැරි වෙච්ච එක ඔවුන් වෙස්ටරොස් වල අනික් වංශ වලට වඩා වෙනස් වෙච්ච එක ලක්ෂණයක්. මුළු වෙස්ටරොස් වල අනික් හැම කොටසක්ම යටත් කරගන්න ටාගේරියන් ආක්‍රමණය වෙලාවෙ පුළුවන් වුණත්, ඩෝන් එම හමුදාවටවත්, මකරුන්ටවත් යටත් කරගන්න බැරිවුණා. මොකද විශාල හමුදා මකරුන් පැරැද්දුවා ගින්නේ භූමිය නම් සටනේදි. ශක්තිමත් බලකොටු වෙච්ච හැරෙන්හෙල් වගේ ඒවා විනාශ වුණා. ඉතින් ඩෝන් හමුදාව කෙළින්ම යුද්ධයකට යනවා වෙනුවට ගරිල්ලා උපක්‍රම අනුගමනය කරලා, ටාගේරියන් හමුදාවට සුළු පහර එල්ල කිරීම්, මකරුන් එක තැනකට ගෙනියනකොට වෙනත් තැනක සැපයුම් මාර්ග අවහිර කිරීම් කරලා ආපහු මකරු එද්දි කාන්තාරයට අතුරු දහම් විම් වගේ උපක්‍රම නිසා ඔවුන්ව යටත් කරගන්න ටාගේරියන් ආක්‍රමණික රජුට හැකිවුණේ නෑ. ඒ වගේම ඩෝන් කාන්තාර වල අධික උෂ්ණත්වය විශාල හමුදාවකට නොගැලපෙන විදියට ඩෝන් වලට වාසිදායක වීම නිසාම ටාගේරියන් රජු තීරණය කරනවා ඩෝන් අත ඇරල ඉතුරු රාජධානි හය පාලනය කරන්න ගන්න.
ඔයිට ශතවර්ෂ එකහාමාරකට විතර පස්සෙ පළමු ඩේරෝන් ටාගේරියන් (මේ වෙද්දි මකරුන් වඳවෙලා ගිහින් අවසානයි. මොහු ළාබාල වුණත් දක්ෂ හමුදා උපක්‍රමශීලියෙක්) විසින් ඩෝන් සාර්ථකව යටත් කරගන්න සමත් වෙනවා යුද භූමියෙදි නම්. හැබැයි එදා ඉඳන්ම ආපහු ඩෝන් කැරලි ගැසීම් වලින්, අවුරුදු 4 ක් තිස්සෙ ගරිල්ලා උපක්‍රම වලින් ටාගේරියන් ලේ හලන්න ඔවුන් සමත් වෙනවා. ටාගේරියන් වරු ඩෝන් වලට පත් කළ ලයොනෙල් ටයිරෙල් නම් පාලකයා මරා දාන්න ඔවුන් සමත් වුණාට පස්සෙ ආපහු ලොකු කැරැල්ලක් පටන් ගන්නවා. මේක නවත්වන්න ගිහින් පළමු ඩේරෝනුත් මැරුම් කනවා. ඒ පොඩි අවුරුදු 4 න් පස්සෙ ආපහු මාටේල් වංශයෙන් නිදහස් ඩෝන් රාජ්‍ය පාලනය කරන්න ගන්නවා.
ඊට දශක කීපයකට පස්සෙ දෙවෙනි ඩේරෝන් රජ විසින්, අවසානයේ ඩෝන් රාජ්‍ය සිංහාසනයට ඈද ගන්න සමත් වෙනවා. ඒ යුද්ධයෙන් නම් නෙවෙයි. ද්විත්ව විවාහ ක්‍රමයක් යටතේ. එනම් ඩේරොන් රජු ඩෝන් පාලකයාගේ සහෝදරියවත්, ඩෝන් පාලකයා ඩේරෝන් රජගේ සහෝදරියවත් විවාහ කරගන්නවා. මේ විශේෂ සවතන්ත්‍ර තත්වයෙන් ඩෝන් වලට හැකිවෙනවා විශේෂ වරප්‍රසාද කිහිපයක් හිමි කරන්න. උදාහරණයක් විදියට සිංහාසනයට යටත්ව “භාරකාරතුමා” (උදා. උතුරේ භාරකාරතුමා”) කියන තනතුර වෙනුවෙට “කුමාරයා” හෝ “කුමරිය” කියන නාමය දිගටම පවත්වාගෙන යන්න හැකියාව ලැබෙන එක වගේ. හැබැයි රජ පවුලේ හැම ළමයටත් ආමන්ත්‍රණය කරන්නේ කුමාරහා හා කුමරිය විදියට තමා. ඒ වගේම තවත් ඩෝන් වලට විශේෂ වරප්‍රසාදයක් තියාගන්න ලැබුණා. ඒ තමා අනික් රාජධානි හයේම පිරිමි දරුවන්ට ගැහැණු දරුවන්ට වඩා සිංහාසනයට තියෙන උරුමය වැඩි වුණාට ඩෝන් වල එහෙම භේදයක් නෑ. වැඩිමලා ගැහැණු ළමයෙක් නම් ඇයට බාල පිරිමි ළමයින්ට වඩා සිංහාසනයට වැඩි උරුමයක් ලැබෙනවා. දැන් උදාහරණයක් විදියට ස්ටාක් පවුලේ නායකත්වයට සන්සට තියෙන උරුමයට වඩා වැඩි උරුමයක් ඇයට බාල පිරිමි ළමයි දෙන්න වෙන බ්‍රෑන්ට හා රිකොන්ට ලැබෙනවා. ඉතින් අනික් හැමතැනම තත්වය මෙහෙම වුණාට ඩෝන් වලදි පවුලේ වැඩිමලා ලිංග භේදයක් නොබලම වැඩි උරුමය අයිති කරගන්නවා.
හැබැයි මේ වරප්‍රසාද හින්දා හා මේ සමාදාන වීම හින්දා රාජ සභාවේ මාටේල් හිතවාදි ආදිපාදවරුන් හා මාටේල් විරෝධී ආදිපාදවරුන් අතර දේශපාලනමය අවිනිශ්චිතභාවයක් ඇති වෙනවා. ඒකෙන් පස්සෙ බ්ලැක්ෆයර් කැරැල්ල ඇතිවෙනවා. අපි යුද්ධ කැරලි ගැන පස්සෙ බලමුකො නේද?
අවසාන වශයෙන් මීට ශතවර්ෂයකට පස්සෙ දෙවෙනි ඒරීස් ටාගේරියන් (පිස්සු රජ) විසින් ඊළඟට කිරුළ හිමි කුමාරයා වෙච්ච රේගාර් ටාගේරියන්ට කුමාරිකාවක් හොයමින් ඉන්න අතරේ, තම පුරෝහිත වෙච්ච ටයිවින් ලැනිස්ටර් ගේ යෝජනාව වෙච්ච සර්සි ලැනිස්ටර්ව තෝරානොගෙන, ඩෝන්හී පාලකගේ දියණිය වෙච්ච එලියා මාටේල්ව බන්දල දෙනවා. මේකෙන් තමා ලැනිස්ටර් පිස්සු රජා එක්ක තරහ වුණේ. රේගාර්ට දාව ළමයින් දෙදෙනෙකු එලියා මාටේල් වැදුවත්, රේගාර්ගේම වැරදි හින්දා ඇතිවෙච්ච (ලියෙන්නා ස්ටාක් මරා දැමීම) රොබට් රජුගේ කැරැල්ල අගභාගයේදී ලැනිස්ටර් හමුදාවෙ ක්ලේගන් විසින් ඇයව මරා දමනවා. ඒ ළමයින්වත් මරා දැම්ම බව තමා කියවෙන්නෙ. (?? 🙂 ) මේ ගැන මාටෙල් වරු තරහ ගත්තත් කිසිවක් නොකර ඒ යුද්ධයෙන් පසුව මාටෙල්වරු රාජ සභාවෙන් වෙන් වෙලා ඉන්න තීරණය කරනවා.. පස්සෙන් පහු තමා ඒ පලියගන්න ඕබ්‍රන් කුමාරයා කොට ආදිපාද වෙනුවට ක්ලේගන් එක්ක සටනට ගිහින් අවසානයේ අවාසනාවන්ත විදියට මැරුම්කන්නේ. දැන් තමා ඩෝන් වල ඕබ්‍රන්ගේ පවුලේ අය ඒකට පළිගන්න සැරසෙන්නේ.
හොඳයි ගිය සතියෙ ඉඳන් මේ කතා කරපු වංශවත් පවුල් පාලනය කරන තැන් සිතියමෙත් පෙන්නන්න හිතුවා. කලිනුත් මම මේකම දාල තියෙනවා. කමක් නෑ ඉතින් ආපහු දාන්නම්කෝ.
උඩම කළු පාටින් තියෙන්නෙ ප්‍රාකාරයට උතුරින් තියෙන වනචාරීන් එහෙමත් නැත්තම් ඔවුන් තමන්ට කියාගන්න විදියට නිදහස් මිනිස්සු පාලනය කරන ප්‍රදේශයි.
අළු පාට – කලින් ස්ටාක් වංශය පාලනය කළ හා දැන් බෝල්ටන් වංශයෙන් පාලනය කරන – උතුර.
කහ පාට – ග්‍රේ ජෝයි වංශයෙන් පාලනය කරන – අයන් දූපත්.
රතු පාට – ලැනිස්ටර් වංශයෙන් පාලනය කරන – වෙස්ටර්ලෑන්ඩ්.
කොළ පාට– කලින් ටලී වංශය පාලනය කළ හා දැන් ෆ්‍රේ වංශයෙන් පාලනය කරන – රිවර්ලෑන්ඩ්.
නිල් පාට – ඇරන් වංශයෙන් පාලනය කරන – වේල්.
ලා කොළ පාට – ටයිරෙල් වංශයෙන් පාලනය කරන – රීච්.
රෝස පාට – කලින් ටාගේරියන් වරු පාලනය කළ හා දැන් සිංහාසනයෙන් කෙළින්ම පාලනය කරන – ක්‍රවුන්ලෑන්ඩ්.
දුඹුරු පාට – බැරැතියන් වංශයෙන් පාලනය කරන – ස්ටෝම්ලෑන්ඩ්.
දම් පාට – මාටේල් වංශයෙන් පාලනය කරන – ඩෝන්.
පසුබිම් විස්තර ලිපි.
1) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
2) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
3) ඇදහීම් හා නයිට්වරු.
4) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
5) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
6) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
7) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
8) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
9) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.382
Due to copyright issues, we do not provide any torrent links.
68,745 downloadsDownload GOT.S05.E06.Sinhala.zip140 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
104 comments
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
හර්ෂණ
මේකෙම එල්ලන්නම්. නැත්නම් රොයිලි අයියට නොපෙනේවි. තැන්ක්ස් වේවා... සබට. අපේ අර ඇවිද ගන්න බැරි ස්ටාර්ක් කොලුවට මොකෝ දන්නේ නැහැ නේද උනේ?
ඉසු ඩිපි (Isu DP)
ඔන්න මාත් ඉතින් යටින් එල්ලුවා. පහලින් කොමෙන්ට් කරන්න කම්මැලියි අප්පා.
පටන් ගත්ත ගමන්ම පිස්සු කතාවක් කියලා තියෙන්නේ. :-(
ඇත්තටම GOT වල වැඩි වටිනාකමක් තියෙන්නේ සබ් එකටත් වඩා මේ ලියන ලිපි වල.
(සබ් එක කොහොමත් සුපිරිනේ.)
එක නිසා පිස්සු කතා නොකර දිගටම පට්ට පතුරු ලිපි ඔනේ. (නරක මිනිහා කියන්න එපා පස්සේ. :-P )
තව 4යි ඉතින්, ලබන සතියේ හමු වෙමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-D
mahima
හම්මෙ දෙනකම් බලන් හිටියේ
ඉතිහාස පාඩමටත් ස්තුති
සභටත් ස්තුති :) :) (Y)dev
ගොඩාක් ස්තූතියි...... .
lakshan
jaya wewea roili saho
pissa
Good job Saho! Waited for this. Keep it up.
R.D
Ikmanatama sub eka genawa eka gana sathutui..........hamadama wage lipiya nam kiyawanawa.eth samahara than nam mata wadiya therenne ne.pdi hari danumak labenawa habai eken.Thawa thawath sub karanda kalaya labenda one......jaya wewa......
herali
thankuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
pathum
thankz wewa sub ekata
herali
ayye meka pahasuwen download wenna danna barida
දසුන් සුචරිත
බාමි
වරුණ රංගජිත් (වරූ)
බොහොම ස්තූතියි රොයිලි අයියේ..
ඔන්න ඉතින් මම මේ කතා මාලාවත් බාන්න පටන් ගත්තා ඕන්න 80 වෙනි ටීවි සීරියස් එක විදියට
දැනට සීසන් 04 බාලා ඉවරයි..
තාම බලන්නනම් පටන් ගත්තේ නෑ ඉතින්
ඉතින් සුබ පතනවා මේ කරන කැපවීමට
සියළු දේ සාර්ථක වෙවා..
ජයෙන් ජයම වේවා..!!!priyantha
පට්ට හොදේ ගොඩක් ස්තුතියි.
Sisira Hegoda
බොහොම ස්තූතියි.
piyumals
ගොඩාක් ස්තූතියි…… .
tharindu
thanks.niyami.
peththa
elaz thnx 4 the sub... wisthara digatama daanna...
c\Cyberjayn
Thankyou bro!!!!!!!!!!!!!!!!!
Ruchira
sub 1ට ස්තුතියි.......
ගිය සතියේ හා මේ සතියේ ලිපිය කියවන්න වෙලාව හම්බ
උනේ දැන් තමයි.....
ඒ වගේම ලිපි වලා බොහෝම ස්තුතියි අය්යේ.....Sam
thnkss broo..ikmanta sub dunnata..elzzz..
rajitha
Thanks Macho.............
Yahapalanaya
Thanx roilie..
sajeevi
thanks
chathu
Thanks saho subwalata :D
sami
බොහොම ස්තූතියි රොයිලි අයියේ
sanda
Ela kiri machooo,,,,,,,,,, Thx....
me
Thanks
නලින්
ස්තුතියි රොයිලි අයියා! එළස්ස්
ජය වේවා!
Keshan Wasala
මොනාවා !! :O දිග ලිපි ලියන එක නවත්තනවා O.o
එපා අයියේ :D මේ කතාව මට නම් තේරෙන්න ගත්තේ ඔයාගේ ලිපි ටික නිසයි තරිදු අයියගේ වීඩියෝ ටික නිසයි ඇත්තටම මේකේ නියම රසය ගන්න නම් අනිවා අතීතේ දේවල් දැනගන්න ඕනේ මේ කොටස් හැම එකකම වගේ අතිතේ ගැන කතා වෙන නිසා ඒවා තේරුම් ගන්න ඉතින් දිගටම ලිපි ලියන්න අපි බොහොම ස්තුතියි කියලා ගියාට බලන්න කලින් මේ ලිපි අනිවා කියවල තමා බලන්නේ මම නම් :D අයියා රේගර් ටාගේරිය්න් ගැන මතක තියාගන්න කිව්වේ එයා ඉස්සරහට එන නිසාවත්ද ? ;) ( ? ? ) :D බලමු අද කොටස එහෙනම් ඩොන් ගැන කිව්වා එක නම් ලොකු දෙයක් :D White walkers ලා ගැන පොඩ්ඩක් කියන්න
මෙන්න සබ් එක ගත්තා බොහොම ස්තුතියි අයියේ :)
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට...
channa
ගොඩාක් ස්තූතියි
උපසිරසියට.Gamage
බොහොම ස්තුතියි උපසිරසියට…අපේ අර ඇවිද ගන්න බැරි ස්ටාර්ක් කොලුවට මොකෝ දන්නේ නැහැ නේද උනේ?
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!rasanga
Thanks Macho………….
isuru
thanks bro!
Sanjeewa
තැන්ක්ස් වේවා… සබට
Avishka
thanks..ela...
nadun hemachandra
kawruwath oya dana lipi walata kemathi ne kiyala hitanna epa. ewa niyamai. supiri. api GOT beluwata e katawe aga mula hariyatama terune oyage lipi tika beluwata passe. natnam eka parata eka eka kattiya mathu unata api danne nane me mokkuda kiyalaa. dan terenawa hodatama metana mokada wenne kiyala. dn tamai katawata tawat asa hitenne.. niyamai aiye... ela... sub ekata thanakx..... jaya wewa....
sampath
thanks BRO .......
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අප්පේ රොයිලි අයියේ එහෙම වීනාශයක් නම් කරන්න එපා..
ඔයාගේ මේ ලිපි වලින් තමා කතාව තේරුම් ගන්නේ....
හිටපු ගමන් මම පරණ ලිපිත් කියවනවා..
අනික තමා ගිය සීසන් වගේ මේ පාර නම් ලොකුවට විකාර කමෙන්ට් දාන්නන බැරි වෙන එක ගැන සමාව ඉල්ලනවා..
මොකද මේ දවස් හරි අමාරුවෙන් ගෙවෙන්නේ...
ගියසීසන් එක තරම් මේ සීසන් එකේදී මගේ ඔලුව ඒ තරම් ෆ්‍රී නැහැ වගේ ඒකයි හේතුව/...
නැතිව කතාවේ කිසි අවුලක් එහෙම නිසා නෙවි...
ඔන්න එහෙනම් අද කොටහත් ගන්නවා..
ජය වේවා!!thisal
ගොඩාක් ස්තූතියි…… .
ash
pattaii... Thanks a lot.....
ajantha
lipiyata godak isyhuthi.mewage lipi liyana eka nawath wanda epa.athatama ayya nia thamai me kataha wawa godak asawen balanne.
sandunsba
mama mechchara dawasakata comment ekak dala nehe.eth danna hithune lipi liyana eka naththanna hadanawai kiyapu nisa.lipi liyana eka nawaththanna epa.game of thrones kathawata asawak atiwenne oya lipi tika kiyewwamai.e lipi nisai kathawa sehenna durata terum ganna pluwan.game of thrones lipi hama ekakma kiyawanne godak asawen.tv show ekatatath wada mamanam asa me lipi tikatai.dan godak aya kiyawanna echchara asa naha.ekai prashne.eth lipi wade nawaththanna epa.
gankabaraya
pattai
Chinthaka KJ Gamage
Grand effort bro thank you soooo much
Ishan Avishka
තැන්කු හොදේ එල වැඩක්...
lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබටshady
Ummmmmm...ma ^_^
ගමේ කොල්ලෙක්
niyamai .. kathawa therenawa ayye oyage post eken
Sadu
tnkzzz wewa saho.
Kulanjana Maduranga
niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa......
Advertisement

නියමයි නියමයි රොයිලි අයියේ.
කොහොම හරි ඉක්මනින් ගෙනාවට ගොඩ ගොඩාක් ස්තූතියි!!
අද මොනවා වෙනවද දන්නේ නෑ කතාවේ
සබ් එක එනකන් බලන් හිටියා.
ගිය සතියේ වගේ අදත් පාන්දර තමා ලිපිය පෝස්ට් කරල තියෙන්නේ නේ.
එලස්.
අද එපිය බලලා තවත් කමෙන්ට් එකක් දාන්නම්කෝ.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!