Watch Trailer

Game of Thrones [S4E08 – The Mountain and the Viper] (18+)| ද්වන්ධ සටන. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියට? පහුගිය කොටසෙදි කියන්න අමතක වුණානේ මේ කොටස විකාශය වෙන්නෙ මේ සතියෙ මිසක් ගිය සතියේ නෙවේ කියලා. ගිය සඳුදා මට කිඹුහුම් යනකොට තේරුණා කට්ටිය මාව හොඳට මතක් කරන බව. 😛 හොඳයි එහෙනම් පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු. කිංග්ස් ලෑන්ඩින් වල හිරේ ඉන්න ට්රියන්ව බලන්න ඔහුගේ හිර කුටියට ජේමි එනවා. ට්…

game of thrones all men must die

හොඳයි කොහොමද කට්ටියට? පහුගිය කොටසෙදි කියන්න අමතක වුණානේ මේ කොටස විකාශය වෙන්නෙ මේ සතියෙ මිසක් ගිය සතියේ නෙවේ කියලා. ගිය සඳුදා මට කිඹුහුම් යනකොට තේරුණා කට්ටිය මාව හොඳට මතක් කරන බව. 😛 හොඳයි එහෙනම් පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු.

කිංග්ස් ලෑන්ඩින් වල හිරේ ඉන්න ට්රියන්ව බලන්න ඔහුගේ හිර කුටියට ජේමි එනවා. ට්රියන් තමන් වෙනුවෙන් සටන් කරන්න ජේමිගෙන් ඉල්ලුවත් ඔහුගේ වම් අතෙන් ඔහු නිකන් කොළුවෙක්ව වත් පරාජය කරන්න අපහසු බව පවසනවා. ඒ වගේම ඔහු රජුගේ ශූරයා විදියට සර් ගෙගෝර් නොහොත් ගිර සටන් කරන බව දැනුම් දෙනවා. මීට කලින් ට්රියන් වෙනුවෙන් සටන් කළ කුලී හේවායෙක් වෙච්ච බ්‍රොනුත් මේ වතාවේ ඔහුට පිටුපානවා. ඒ සර්සිගේ උපායක් හින්දයි. බලාපොරොත්තු කඩ වෙච්ච ට්රියන්ගේ පිහිටට එන්නේ ඩෝන් වල ඔබ්‍රන් කුමාරයයි. ඔහු කොහොමත් තම සොහොයුරිය හා ඇයගේ දරුවන්ට ග්‍රෙගෝර් කළ දේ හින්දා කොහොමත් ඔහු එක්ක වෛරයෙන් තමා ඉන්නේ.

“බ්‍රොන් ගැන කතා කරද්දි මට හිතුණා පොඩි දෙයක් පැහැදිලි කරන්න. හොඳයි කවුද මේ කුලි හේවායෝ කියන්නේ? කුලි හේවායෝ කියන්නේ නමේ අර්ථයෙන්ම කුලියට සටන් කරන්නෝයි. ඔවුන් කිසිම වංශයකට හෝ රටකට බැඳී නැහැ. එහෙත් ඔවුන් ගතමනාවකට තම සේවය ලබා දෙනවා. ඔවුන්ව බොහෝවිට හඳුන්වන්නේ Sellsword (එනම් කඩුවක් සමඟ තම සේවය කුලියට සපයන්නා) යන වදනෙනුයි. ඔවුන්ගේ තත්වය බොහෝ පරාසයක විසිරී පවතිනවා. ඔවුන් බොහෝ විට එක් කොන්ත්‍රාත්තුවකුන් තවත් එකකට මාරු වෙන වෘත්තීය සොල්දාදුවෙක් මෙන්ම සමහර විට බාල ගණයේ මැරයෙක්ද විය හැකියි. නමුත් අවම පුහුණුවක් සමඟ ඇවිත් මුහුණ දෙන සටන් මගින් පන්නරය ලබා විශිෂ්ට සොල්දාදුවෙක් බවට පත්විය හැකියි.

ඒ වගේම කුලි හේවායින් වර්ග සිටිනවා.

මුල්ම කට්ටිය තමා තමුන්ට නමක් ඇති කරගෙන තනි තනිව ඉන්න අය.

උදාහරණ විදියට අපි දැනට දන්න දෙන්නෙක් තමා ට්රියන් වෙනුවෙන් එයිරි වලදී සටන් කොට ඉන්පසු ඔහුගේම ළඟින්ම සිටි එහෙත් පහුගිය සතියේ ඔහු වෙනුවෙන් සටන් කරන්න ප්‍රතික්ෂේප කළ බ්‍රොන්. අනික් කෙනා තමා ඩාරියෝ නහාරිස්. ඔහු දැන් සිටින්නේ මකර මව හෙවත් ඩැනේරිස් ළඟයි.

ඒ වගේම තව කොටසක් තමා Freeriders කියන්නේ.

අශ්වයන් පිට යන කුලි හේවායනටත් මේ වදනම යෙදුනත් හරියටම කියනම ෆ්‍රී රයිඩර්ස් ලා මුදල් වලට සටන් කරන අය නෙවේ. ඔවුන්ට ජීවත් වීමට සෑහෙන කෑම බීම හා කොල්ලකන දෙයින් කොටසක් ලබා දිය යුතුයි (Freeriders = නොමිලේ සටන් කරන අශ්වාරෝහකයින්)

නමුත් මේ අය කොටස් දෙකකින් යුක්තයි. එක් වර්ගයක් තමා කිසිම වංශයකට බැඳී නොමැති පහත ශ්‍රේණී වල නයිට් වරුන්. (ඔය හැම නයිට් වරයෙක් ගැනම පස්සෙ කතා කරමු. හෙන දිග විස්තරයක් තියෙනවා එයාල ගැන කියන්න) ඔවුන් මෙසේ නොමිලේ සටන් කිරීමේ අරමුණ තමා, යම් හෙයකින් තමා සේවය සපයන වංශවතුන් යුද්ධයේදි තමන්ගේ දස්කම් දැක පැහැදී ඔවුන්ගේ වංශයේ “දිවුරුම් දුන්” නයිට් වරයෙක් ලෙස බඳවාගනී යැයි සිතන සිතුවිල්ල. අනික් වර්ගය තමා යුද්ධයකදී තම ගම්මාන පිළිස්සුණු පසු යෑමට තැනක් නැති බැවින් එක්වන සාමාන්‍ය කොලු ගැටයින්. මේ මොන වර්ගය වුණත් මොවුන් කෙළින්ම හමුදා දෙකක් අතර ඇතිවෙන යුද්ධයට යවන අවස්ථා විරල බව තමා කියවෙන්නේ. ඒ වෙනුවට බොහෝ විට ඔත්තු බැලීම් හා පැහැර ගන්නන් ලෙස තමා යොදා ගන්නේ. එහෙත් සමහර අවස්ථා වල සතුරු ගම්මාන වටලෑම් හා ඒවා ගිනි තැබීම් වලට මොවුන් යොදාගන්න බවත් කියවෙනවා.

උදා. බේලිෂ් වෙනුවෙන් සේවය සපයන ලෝතෝර් බෲන්. ඔහු එක්ක තමා S02E01 හිදී ජොෆ්‍රීගේ නාම දිනය දා සර් ඩොන්ටෝස් සටන් කරන්න නියමිතව තිබුණේ. ඒත් ඩොන්ටෝස් බීමත්ව පැමිණි නිසා ඔහුට ජොෆ්‍රීගේ කවටයා වෙන්න වුණා මතක ඇතිනේ. මේ ඩොන්ටෝස්ම තමා බේලිෂ් ගේ උපදෙස් පරිදි ජොෆ්‍රී මිය ගිය ගමන්ම සන්සව එතනින් අරගෙන ඇවිල්ලා අවසානයේ බේලිෂ් අතින්ම මැරුම් කන්නේ.

අනික් කට්ටිය තමා Sellsails කියන්නේ.

ඒ කියන්නේ තම නැව හෝ තම නැවත් සමඟම කාර්යය මණ්ඩලයත් යුද්ධයකදී එක් පක්ෂයක් වෙනුවෙන් නාවික සටන් වලට ගෙන එන අය. මොවුන් බොහෝ විට යුද කාල සමයක ඉක්මනින් වැඩි මුදලක් හොයාගන්න හදන මුහුදු මංකොල්ලකාරයන්ම තමයි. යුද කාලසමයේදී හොඳින් මුදල් හොයාගන්නා මොවුන් සාම කාලයේදී ආපහු සුපුරුදු මංකොල්ලකාර කම් වල නිරත වෙන බව තමා කියවෙන්නේ.

උදා. සලදෝර් සාන්. ස්ටැනිස් බැරැතියන් වෙනුවෙන් බ්ලැක්වෝටර් බේ සටනට ආපු වගේම මේ පහුගිය කොටසක අයන් බැංකුවෙන් ලැබුණු මුදල් දීලා ආපහු නැව් නඟින්න එන්න කියලා ඩාවොස් කතා කරපු කෙනා.

අවසාන වශයෙන් අපි බලමු තනි තනිව නොසිට කණ්ඩායම් වශයෙන් සේවය සපයන අය ගැන.

මොවුනුත් බොහෝ පරාසයක පැතිරී ඉන්නවා. එනම් මද වශයෙන් පුහුණුවක් තියෙන දහදොළොස් දෙනෙක්ගෙන් යුක්ත මැර කණ්ඩායම් වල සිට වංශවතුන්ට එක එකා ගානේ හොයන්න වෙන අමාරුව නැති කරන්න බොහොම හොඳ කණ්ඩායම් වශයෙන් සැදුම් ලත් ඒවා දක්වා. බොහෝ විට හොඳම කණ්ඩායම් තමුන්ගේම නිලධාරීන් යටතේ සේවය කරන කුඩා හමුදාවන් ලෙස සකස් වූ ඒවායී.

එසේම වෙස්ටරොස් වලට වඩා එසොස් වල මෙම කණ්ඩායම් සිටිනවා. ඒ කියන්නේ වෙස්ටරොස් වල සත් රාජධානියේ විශේෂයෙන්ම පාලකයින් විසින් තම තමුන්ගේ භූමි ප්‍රදේශ වලින් තමුන්ගේම හමුදාව සොයාගන්නා වැඩවසම් සමාජ ක්‍රමයක් තියෙද්දි එසොස් වල නිදහස් නගර වල වඩා නගරබද සමාජ ක්‍රමයක් පවතින නිසා කුලී සොල්දාදුවන්ට මුදල් සෙවීමට එසොස් වඩා හොඳින් ගැලපෙනවා. මේ නිසා නිදහස් නගර හා වහල් බොක්ක ආශ්‍රිත ප්‍රදේශ වල වඩා වැඩි දියුණු වූ පද්ධතියක් හා පුරාතනයේ සිටම පැවත එන කුලී හමුදා සිටිනවා.

උදා. Golden Company (රං කණ්ඩායම) – 10,000 ක් පමණ වන හොඳින් පුහුණුව ලත් හේවායන්ගෙන් යුක්තයි. ඩාවොස් විසින් ස්ටැනිස්ට ගැනීමට යෝජනා කරන්නේ මොවුන්වයි. ඒ වගේම අනෙකුත් කණ්ඩායම් මෙන් නොව තම කොන්ත්‍රාත්තුවට පිටු නොපා සිටීමටත් මොවුන් ප්‍රසිද්ධයි.

Second Sons (දෙවෙනි පුතුන්) – මේ කට්ටියව තමා ඩැනේරිස් යුන්කායි යටත් කරගන්න යන කොට මුහුණ දෙන්න වෙච්ච කණ්ඩායම. ඔවුන්ගේ ලුතිනන් කෙනෙක් විදියට උන්නු ඩාරියෝ නහාරිස් මේ වෙලාවෙදි තමා තම නායකයන් දෙන්නාගේ ඔළු දෙක ගෙනල්ලා දුන්නේ. ලා දෙවෙනි පුතුන් කණ්ඩායම ඩැනේරිස් ගේ සේවයට එකතු කළේ.

තව දෙයක් මේ රූපවාහිනී කතා මාලාවට වඩා වැඩි කණ්ඩායම් ගැන පොත් වල තිබ්බත්, ඒවා නිරන්තරයෙන් පැති මාරු කළත් නම් පැටලිලා සෑහෙන අවුලක් වෙන නිසා තමා රූපවාහිනි කතා මාලාවේ කණ්ඩායම ස්වල්පයක් ගැන කතා වෙන්නේ. උදාහරණයක් විදියට යුන්කායි යටත් කරගන්න යද්දී ඔවුන් දෙවෙනි පුතුන්ව හා ස්ටෝම් ක්‍රෝස් කියන දෙකම පාවිච්චි කරලා තිබ්බත් රූපවාහිනියේ තිබ්බේ දෙවෙනි පුතුන් කියලා විතරයි.

හොඳයි මේ එක්කම කුලී හේවායන් නොවුණත් ඩැනේරිස් ගාව ඉන්න Unsullied එහෙම නැත්තම් නිකලැල් හමුදාව ගැනත් වචනයක් කියන්නම්. වහල් බොක්ක ප්‍රදේශයේ තියෙන ප්‍රධාන නගර තුනෙන් (ඇස්ටපෝර්, යුන්කායි හා දැන් ඩැනේරිස් නැවතිලා පාලනය කරන මිරීන්) යන නගර තුනෙන් ඩැනේරිස් මුලින්ම යටත් කරගත්ත ඇස්ටපෝර් වල පුහුණු කරන හමුදාවට තමා මේ නිකැළැල් හමුදාව කියන්නේ. මේ හමුදාව ඉතා පැරණි හමුදාවක්. අවුරුදු 400 කට කලින් මෙම හමුදා භටයන් තුන්දාහක් විසින් කොහෝර් නම් නිදහස් නගරය ටෙමෝ ආක්‍රමණයෙන් ආරක්ෂා කරගත් බව කියවෙනවා. එම ඓතිහාසික සටනේදී මෙම හමුදා භටයන් 2400 ක් මිය ගිය මුත් ඒ වෙද්දි ඔවුන් ඩොත්රාකි හමුදාවේන් 12,000 ක් ඝාතනය කළ බව සඳහන්. ඉන් පසු ඔවුන්ව බොහෝ දෙනා තම හමුදා වශයෙන් තබාගත් බව සඳහන්. ඒ වගේම ඔවුන්ගේ විශේෂත්වය තමා වහල් දරුවන් කුඩා කල සිටම නිකැළැල් සොල්දාදුවන් වශයෙන් පුහුණු කරනවා පමණක් නොව ඔවුන්ව නපුංසකයින් බවටද පත් කරවනවා. ඒ හින්දා යුද්ධයකදී ඔවුන්ව ලිංගික අල්ලස් දී රවටා ගත නොහැකි බව සඳහන්.”

මේ අතර උතුරෙදි ක්‍රස්ටර්ස් කීප් වලට පහර දුන් ජොන් හා ඉතුරු කට්ටිය කාසල් බ්ලැක් වෙත පැමිණ ළඟ ළඟම එන තර්ජනය පවසා ඒ වෙනුවෙන් උපායක් ලෙස ප්‍රාකාරය හරහා එන උමඟ මුද්‍රා තැබීමට අවසර ඉල්ලුවත් සර් ඇලිසර් විසින් බොහොම අවඥාවෙන් එය ප්‍රතික්ෂේප කරනවා.

මේ අතර ඩ්‍රැගන්ස්ටෝන් වල ස්ටැනිස් ගේ බිරිඳ මායාකාරී මෙලිසැන්ඩ්‍රේ ගෙන් ඉල්ලා සිටිනවා ඔවුන්ගේ එකම දියණියව ඩ්‍රැගන්ස්ටෝන් වලින් පිටවෙන විට රැගෙන නොයන්නට. ඒත් මෙලිසැන්ඩ්‍රේ ඒ වෙනුවට ඇයට ඒත්තු ගන්වනවා ඇයව රැගන යාම ආලෝකයේ දෙවියන්ගේ අභිප්‍රාය වෙන බව.

මේ අතර රිවර්ලෑන්ඩ් හරහා නැගෙනහිර දිහාවට යන ආර්යා හා හවුන්ඩ්ට දැනගන්න ලැබෙනවා හවුන්ඩ්ගේ හිසට මුදල් ත්‍යාගයක් තිබෙන බව. ඔහුට පහර දෙන්න හැදූ අයෙක් ඔහුගේ බෙල්ලට තුවාල කරනවා. තුවාකය පුච්චා ආසාදනයෙන් බේරා මැසීමට ආර්යා උත්සහ කළත් ගින්නට බය හවුන්ඩ් එය තදින්ම ප්‍රතික්ෂේප කරනවා. පසුව ඇය තුවාලය මැසීමට පමණක් උදව් කරනවා.

මේ අතර පටු මුහුදට එහා ඉන්න ඩැනේරිස් ගේ පෞද්ගලික කුටියට පිවිසෙන ඩාරියෝ නහාරිස්, ඇයගෙන් ඉල්ලා සිටිනවා ඔහුට තිබෙන දක්ෂතා දෙකෙන් වැඩ ගන්න ලෙස. ඒ තමා කාන්තාවෝ හා යුද්ධ කිරීම. ඉතින් ඇය ඔහුට පවරනවා ඇය කලින් යටත් කර ගත් නමුත් නැවත වෙන අය විසින් පාලනය කරනු ලබන යුන්කායි නැවත ඇයට දිනා දෙන ලෙස. එහෙත් පසුදා ඇය හමුවට පැමිණෙන සර් ජෝරා ඇයට පෙන්වා දෙනවා තම නායකයන්වම මරා දැමූ ඩාරියෝ වෙත විශ්වාසය තැබීමේ අවදානම ගැන. ඒ වගේම ඇය යුන්කායිවල ඉතිරි වී සිටින හාම්පුතුන්ට කරන්න යන දේ, තමා වහලුන් විකුණපු එක අහුවෙච්ච වෙලාවේ නෙඩ් ස්ටාක් තමාට කළානම් අද ඇයට උපදේශන දීමට ඔහු එතන නොසිටින්න ගිය බවත් ඇයට පෙන්වා දෙනවා. ඒ අනුව තම සිත වෙනස් කරගන්න ඩැනේරිස් තමා මරාදැමූ හාම්පුතෙක් ගේ මළ සිරුර ඉල්ලා පැමිණි පුත්‍රයාව තමාගේ නියෝජිතයා ලෙස යුන්කායි වෙත රැගෙන ගොස් තම නීතිය එහි බලාත්මක කරවන ලෙස පවසනවා.

මේ අතර කිංග්ස් රෝඩ් වල ගමන් කරන අතර ආපන ශාලාවකට යන බ්‍රියෙන්නෙ හා පොඩ්‍රික්ට ආර්යාගේ මිත්‍රයෙක් විදියට උන්නු හොට් පයිව හමුවෙනවා. ඒ වගේම ඔහු රහසේ ඔවුන් දෙදෙනාට දැනුම් දෙනවා මෙතෙක් මිය ගියා යැයි සිතා සිටි ආර්යා තවමත් පණ පිටින් බව. පසුව බ්‍රියෙන්නේ හා පොඩ්‍රික් හිතනවා සන්සා හා ආර්යා දෙදෙනාව තම පවුලට ද්‍රෝහී වූ අය සිටින රිවරන් වලට නොව ඔවුන්ගේ නැන්දණිය වූ වේල් වල ලයිසා ලඟ සිටිනවා ඇතැයි කියලා. ඒ නිසා ඔවුන් තීරණය කරනවා වේල් බලා යෑමට.

ඒත් වේල් වලදී රොබින් හා දබරයක පැටලෙන සන්සා වෙත පැමිණෙන බේලිෂ් ඇයට පවසනවා, ඔහු ඇයගේ මව වූ කැට්ලින් වෙත බොහෝ සේ ආදරය කළ බවත්, ඇයව මරා දැමීමේ පලිය ගැනීමට ජොෆ්‍රී ඝාතන කුමන්ත්‍රණයට හවුල් වූ බවත්. ඊට පසු ඔහු ඇයව සිපගන්නා අතර ඇය එයින් මිදීමට කලින් තම නැන්දා හා බේලීෂ්ගේ නව භාර්යාව වෙච්ච ලයිසා එය දකිනවා. පසුව ඇය සන්සාව චන්ද්‍ර විවරයෙන් විසි කර මරා දැමීමට තැත් කළත් බේලිෂ් සන්සාව බේරාගන්නා අතරම පසුව තමා සත්‍ය වශයෙන්ම ආදරය කළේ කැට්ලින් හෙවත් ලයිසාගේ අක්කාට බව පවසා ලයිසාව චන්ද්‍ර විවරයෙන් විසි කොට මරා දමනවා.

මම පොඩ්ඩක් හිතුවා මේ ගේම් ඔෆ් ත්‍රෝන් ලෝකයේ සිතියම් ගැන කතා කරන්න. මොකද හැමදාම කිංග්ස් ලෑන්ඩින්, එසොස්, බ්‍රාවෝස්, උතුර, ප්‍රාකාරය කිව්වට කෝ තාම හරියට අදහසක් දෙන බැරි වුණානේ. ඉතින් මේ ලෝකය දැනට සිතියම් ගත කරපු නැත්තම් දන්නා ලෝකය කොටස් තුනකට බෙදෙනවා. එකක් තමා මේ සිදුවීම් වලින් වැඩි හරියක් පෙන්වන සත් රාජධානී තියෙන වෙස්ටරෝස් කියන බටහිර පැත්තට වෙන්න තියන කොටස. අනික තමා ඒකට පටු මුහුදට එහා තියෙන එසොස් නම් කොටස. අනික් කොටස තමා සොතොරියෝස් නම් භූමිය. ඒ අන්තිම කොටස ගැන නම් වැඩි යමක් තවම එලිවෙලා නෑ. ඩැනීරිස් ගාව ඉන්න වහල් කමෙන් මුදාගත්ත කෙල්ල ඒ භූමියෙන් ආව බව තමා කියවෙන්නේ. හොඳයි මුලින්ම වෙස්ටරොස් ගැන බලමු.

Westeros_and_Essos

වෙස්ටරොස් කියන්නේ සිතියමේ වම් පැත්තට වෙන්න තියෙන භූමියයි. එය එසොස් වලින් වෙන්වී තියෙන්නේ පටු මුහුද කියන මුහුදෙන්. වෙස්ටරොස් වල තමා මේ කතා වල වැඩි හරියක් සිද්ධ වෙන්නේ. උතුරේ ප්‍රාකාරයට එහා සදා ශීතලේ තිබෙන භූමි ඇරෙන්න වෙස්ටරොස් වල අනික් හැම භූමියක්ම සත් රාජධානිය ලෙස හඳුන්වනවා. (මේ කියන Seven Kingdoms නොහොත් සත් රාජධානිය හැදුණු හැටි හා එහි කලින් ස්වභාවය ගැන ඉතිහාසය වෙනම දවසක කියන්නම්.) ඒ වගේම සත් රාජධානියේ පාලකයා තමා King of the Andals and the First Men යන නාමයෙන් හඳුන්වන්නේ. ඔහු පාලනය කරන්නේ කිංග්ස් ලෑන්ඩින් වල තියෙන Iron Throne නම් සිංහාසනයේ ඉඳගෙනයි.

වෙස්ටරොස් වල පිහිටීම ගැන කියනවනම් බටහිරෙන් ඉරබටු මුහුදෙන්ද, දකුණෙන් සමර් මුහුදෙන්ද, නැගෙනහිර පටු මුහුදෙන් හා ප්‍රකම්පන මුහුදෙන්ද උතුරේ ප්‍රාකාරයට එහා තවමත් හඳුනා නොගත් වනචාරීන් සිටිනා භූමියෙන්ද යුක්තයි.

Regions_of_Westeros

එසේම සත් රාජධානිය පරිපාලන කොටස් නවයකට බෙදෙනවා. කෙටියෙන් විස්තර කියන්නම්.(රූප විශාලනය කරන්න ඒ මත ක්ලික් කරන්න)

1) කළුපාට කොටස වනචාරීන් සිටින ප්‍රාකාරයට එහා ප්‍රදේශයයි. ඒ ඇරුනම උඩින්ම තියෙන්නේ උතුර (අළු පාට). පාලනය කළේ වින්ටර්ෆෙල් හී සිටි ස්ටාක් වංශය විසින්. පස් රජ යුද්ධයයෙන් පසු දැන් පාලනය භාර දී තිබෙන්නේ ඩ්‍රෙඩ්ෆෝට් වල ඉන්න බෝල්ටන් වංශයටයි.

2) ඊළඟට වේල් (නිල් පාට). මතකයිනේ මේක කඳුකර රාජ්‍යයක්. දැන් බේලිෂ් හා සන්සා ඉන්නේ මෙහෙ. පාලනය කරමින් උන්න ලයිසාව බේලිෂ් පහුගිය සතියේ චන්ද්‍ර විවරයෙන් පහළට විසිකොට මරා දමනවා.

3) ඊළඟට රිවර්ලන්ඩ්ස් (කොළ පාට). මෙය පාලනය කරන්නේ රිවරන් හී සිටින ටලී වංශය විසින්. කැට්ලින් ස්ටාක් විවාහයට පෙර මෙම වංශයේ කෙනෙක්.

4) ඊළඟට වෙස්ටර්ලෑන්ඩ් (රතු පාට). මෙය පාලනය කරන්නේ කාස්ලි රොක් වල සිට ලැනිස්ටර් වංශය විසින්. වැඩියේ කියන්න ඕනා නෑනේ එයාල ගැන.

5) ඊළඟට අයන් දූපත්. (කහ පාට දූපත් ටික) භූමියෙන් කුඩා ප්‍රදේශයක් වෙන මේක පාලනය කරන්නේ පයික් මාළිගාවේ සිට ග්‍රේජෝයි වංශය විසින්. පහුගිය කොටසෙදි මම ගොඩක් මෙයාල ගැන කිව්ව මතක ඇතිනේ.

6) ඊළඟට ක්‍රවුන්ලෑන්ඩ්ස්. (රෝස පාට) මේක පාලනය කරන්නේ අයන් ත්‍රෝන් ඉඳන් සත් රාජධානිය පාලනය කරන රජතුමා විසින්මයි. වෙනත් වචන වලින් කියනවනම් මෙහෙ තමා සත් රාජධානියේ අගනුවර හා වෙස්ටොරස් වල ලොකුම නගරය වෙන කිංග්ස් ලෑන්ඩින් තියෙන්නේ. ඒ වගේම මේ භූමිය දෙකට බෙදා පාලනය කරනවා. එනම් ප්‍රධාන භූමිය රජ හා රජුගේ කුඩා කවුන්සිලය මඟින් හා ප්‍රධාන භූමියට පරිබාහිරව බ්ලැක්වෝටර් බොක්කේ තියෙන දූපත් පාලනය වෙන්නේ සාම්ප්‍රදායිකව ඩ්‍රැගන්ස්ටෝන් වල සිටින සිහසුනේ ඊළඟ උරුමක්කරුවයි. ඒත් දැනට ඩ්‍රැගන්ස්ටෝන් වල තමා බ්ලැක්වෝටර් බොක්කේ සටනෙන් පැරදුන ස්ටැනිස් බැරැතියන් සිටින්නෙත්. ඒ වගේම උතුරු ප්‍රාකාරයේ සිට එන Kingsroad නම් ප්‍රධාන පාරත්, දකුණේ ස්ටෝම්ලෑන්ඩ් සිට පැමිණෙන Roseroad නම් ප්‍රධාන පාරත් කාස්ට්ලි රොක් සිට පැමිණෙන් Goldroad නම් ප්‍රධාන පාරත් කිංග්ස්ලෑන්ඩින් හරහා ගමන් කරනවා.

7) ඊළඟට ස්ටෝම්ලෑන්ඩ්ස්. (දුඹුරු) මේ කොටස පාලනය කරන්නේ බැරැතියන් වංශය විසින්. මේ වෙද්දි එහි උරුමකරුවන් විදියට ජොෆ්‍රී හා ටෝමන් ට උරුමකම් කියන්න බැරි නිසාම නියම උරුමකරුවන් වෙන්නේ ස්ටැනිස් හා ඔහුගේ පවුලයි. එහෙත් ඔවුන් නොමැතිව වුවත් ස්ටෝම්ස් එනඩ් නැමති බලකොටුව ඔහුගේ සෙබළුන් ආරක්ෂා කරගෙන ඉන්න බවයි කියවෙන්නේ.

8) ඊළඟට රීච්. (ලා කොළ) මේ කොටස පාලනය කරන්නේ හයිගාඩ්න් මාලිගයේ සිට ටයිරෙල් වංශය විසින්. මතකයිනේ රෙන්ලිව බැඳපු, පස්සේ ජොෆ්‍රිව පැය කිහිපයකට බැඳපු හා දැන් ටෝමන්ව බඳින්න ඉන්න මාජරී මේ වංශයේ කෙනෙක්.

9) අවසාන වශයෙන් ඩෝන්. (දම්) මේ කොටස පාලනය කරන්නේ සන්ස්පියර් මාලිගයේ සිට මාටෙල් වංශය විසින්. දැන් කොට ආදිපාද වෙනුවෙන් සටන් කරන ඕබ්‍රන් කුමාරයා මෙහෙන් ආව කෙනෙක්.

මේ හැම වංශයකම හා හැම භූමියකටම ඉතා ප්‍රබල හා දීර්ඝ අතීතයක් තියෙනවා. ඒ හැම විස්තරයක්ම අද කතා කරන්න යන්නෙ නෑ. ඒවා පස්සෙ වෙලාවක අපි බලමුකෝ.

දැන් බලමු එසොස් ගැන. (ප්‍රධාන සිතියමේ දකුණු පැත්තේ භූමිය.) එසොස් වල ප්‍රධාන කොටස් කීපයක් තියනවා. කෙටියෙන්ම ලියන්නම්.

Free_Cities

1 ) බටහිරට වෙන්නට වෙස්ටරොස් පැත්තට කිට්ටුවම තියෙන්නේ නිදහස් නගර නවයයි. ඒවා නම් Braavos, Pentos, Norvos, Qohor, Lorath, Tyrosh, Lys, Myr සහ Volantis කියන ඒවයි. මේවගෙන් බ්‍රාවෝස් ඇරෙන්න අනෙක් සියල්ලම පැරණි වැලේරියානු අධිරාජ්‍යයේ කොලනි විදියට පැවතිලා එහි වැටීමෙන් පස්සේ නිදහස් නගර බවට පත්වුණ ඒවා. (අධිරාජ්‍ය නැගීම බැසීම ගැන වෙනම සටහනක් පසුව දෙන්නම්) මින් Norvos හා Qohor ඇරෙන්න අනික් සියල්ල එක්කෝ දූපත් නැත්තම් ප්‍රසිද්ධ වරායන්.

Rhoyne

2) ඊළඟට රොයින් ගංගාව හා එහි අතු ගංගා ආශ්‍රිතව පෙදෙස්. එමඟින් නිදහස් නගර වෙත භාණ්ඩ ප්‍රවාහන වගේ වැදගත් ක්‍රියා මෙන්ම ඊට එපිටින් ඉන්න ඩොත්රාකී ජනයා මෙම නගර ආක්‍රමණය කිරීමත් වැලකෙනවා. එසේම මෙම පෙදෙසෙ වැලේරියානු ආක්‍රමණ වෙලාවේ මකරුන් විනාශ කළ රොයිනාර් නම් බලවත් රාජධානිය උපන් බිමයි.

Valyria_map

3) ඊළඟට වැලේරියානු අර්ධද්වීපය. කලින් කියපු වැලේරියානු අධිරාජ්‍ය පිහිටවෙව්වේ මේ කොටස මුල් කරගෙනයි. එහි වැටීමෙන් පසුව එම කොටස් ස්මෝකින් මුහුද ලෙසින් හැදීන්වෙන දූපත් වලට බෙදුණු අතර අදටත් නැවියන් එම ප්‍රදේශ වලට යෑමට බියක් දක්වන බවයි කියවෙන්නනේ.

Slaver's_Bay_location

4) ඊළඟට වහල් බොක්ක. මෙහි ඉතිහාසයේ ඉඳලා තියෙන්නේ අර කියපු වැලේරියානු අධිරාජ්‍ය හා ගැටුණු සතුරන් පිරිසක් වන අතර පසුව ඔවුන්ව යටත් කරගෙන තියෙනවා. දැනට මෙහි ප්‍රධාන නගර 3 ක් තියෙනවා. ඇස්ටපෝර්, යුන්කායි හා මිරීන් කියන ඒ නගර තුන තමා ඩැනේරිස් විසින් අල්ලාගෙන පාලනය කරන්නේ.

Dothraki_Sea_Map

5) ඊළඟට ඩොත්රාකි මුහුද නමින් හැදීන්වෙන මහා පෙදෙසක් පුරා විහිද පැතිරෙන තණබිම් ප්‍රදේශය. එය පාලනය කරන්නේ කාල් වරුන් ලෙස හැඳින්වෙන ඩොත්රාකි අශ්වාරෝහක රණශූරයන් විසින්. කියන්න ඕනා නෑනේ ඩැනේරිස් සරණ පාවා ගත්ත ඩ්‍රෝගෝ ගැන. s01 පුරා ඒ භූමියේ දර්ශන දකින්න ඇතිනේ.

Lhazar

6) ඊළඟට Lhazar නමින් හැඳින්වෙන කඳුකර ප්‍රදේශය. එම ප්‍රදේශයේ ජීවත් වනේ අහිංසක ගොපල්ලන් වන අතර එහි වැදගත් කම නම් ඩොත්රාකි මුහුදේ ඉන්න අශ්වයන්ට එය හරහා යෑමට අපහසු බැවින් වහල් බොක්ක ප්‍රදේශය ස්වභාවිකව ඩොත්රාකී වරුන්ගෙන් ආරක්ෂා වීමයි.

Red_Waste_Map

7) ඊළඟට Red Waste කියන්නේ මහා කාන්තාරයක්. ඔයාලට මතක නම් S02 දී ඩැනේරිස් ලා පිහිටක් සොයමින් තරණය කරන්නේ මේ කාන්තාර ප්‍රදේශය තමා.

Qarth_map

8) ඊළඟට දකුණට වෙන්න තියෙනවා කාත් නම් වෙළඳ නගරය. වෙස්ටරොස්, නිදහස් නගර මෙන්ම සමර් දූපත් හා වහල් බොක්ක ප්‍රදේශයන් හී සිට එන සියලුම නැව් මෙම නගරය හරහා යා යුතු වෙනවා. එසේම මෙහි වැසියන් එසොස් වල අනිකුත් නගර මෙන් ඩොත්රාකී ආක්‍රමණ ගැන කිසිම බියක් දක්වන්නෙ නෑ. ඊට හේතුව තමා කලින් කිවූ කාන්තාර භූමියෙන් මෙම නගරය ඔවුන්ගෙන් ආරක්ෂා වී තිබීම. එසේම මෙම නගරය විශාල ප්‍රාකාර මඟින් ආරක්ෂා වී තිබෙනවා. S02 දී ඩැනේරිස් ප්‍රමුඛ පිරිස කාන්තාර භූමියෙන් පසු පිවිසෙන්නෙ මේ නගරයටයි. මතක ඇතිනේ මකරුන්ව හොරකම් කරලා වෙච්ච සිද්ධිය.

Jade_Sea

9) එතනින් එහා තියෙන්නේ ජේඩ් මුහුද, අශායි(ස්ටැනිස් බැරැතියන් එක්ක ඉන්න මැලිසැන්ඩ්‍රා නම් මායාකාරිය පැමිණි භූමිය) හා ඊටත් ඈත පෙරදිග තිබෙන භූමි ප්‍රදේශයි. ඒ වගේම උතුරෙන් ඉබෙන් නම් විශාල දූපතත් පිහිටා තිබෙනවා.

ඉතින් මේ වගේම මම දැන් ඔයාලට දෙනවා වෙස්ටරොස් වල දේශපාලන සිතියම හා බලකොටු වැනි යුධමය වශයෙන් වැදගත් ස්ථාන ගැන තියෙන සිතියම් දෙක. එතකොට ඔයාලටත් පුළුවන් මේ සිදුවීම් වෙන ස්ථාන ගැන කියවෙද්දි ඒ කොයි තැන් වලද ඊට කිට්ටුව තියෙන්නෙ මොනාද කියලා තේරුම් ගන්න. වැදගත් වෙයි කියලා හිතනවා.

වෙස්ටරොස් දේශපාලන සිතියම.

වෙස්ටරොස් දේශපාලන සිතියම.

වෙස්ටරොස් හී යුධමය වශයෙන් වැදගත් ස්ථාන,

වෙස්ටරොස් හී යුධමය වශයෙන් වැදගත් ස්ථාන,

ඔන්න අද කොටස ඔයාලට දැන් බාගන්න දෙනවා. ඒ වගේම මටත් වඩා හොඳට මේ කතාමාලාව ගැන විස්තර කරන්න අපේ තරිඳු සහෝ හදපු විඩීයෝ සියල්ලම මෙතනින් බලන්න පුළුවන්. ඒවා බැලුවොත් අලුත් දෙයක් හැමදාම ඉගෙන ගනීවී.

ප.ලි.
බලමු බලන්න අද ආසිරිගේ කමෙන්ට් එක කොච්චර දිග වෙයිද කියලා. 😛 😛 315

පසුබිම් විස්තර ලිපි.
1) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
2) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
3) ඇදහීම් හා නයිට්වරු.
4) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
5) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
6) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
7) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
8) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
9) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

66,945 downloadsDownload GOT.S04.E08.Sinhala.zip149 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                       Next Episode >>

Subtitles

66,945 downloadsDownload Subtitles149 KB

152 comments

  1. Kobin

    1st mama... thnx saho...

  2. Sisira Hegoda

    Thanks. Thanks..Thanks...

  3. chandima

    niyami thaz..... subapatum..

  4. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)
    අදනම් ලිපිය පට්ට. මුළු කතාවම සාරාංශයක් වගේ

    1. Thisara Buddhika (තිසර නියෝ)

      අයියෝ. කොහොමද දෙවියනේ ඊළඟ කොටස එනකල් ඉන්නේ

  5. හර්ෂ ලහිරු

    අම්මේ බං ලිපියෙ දිග පොතක් ලියලා වගේ :P
    මේක පස්සෙවෙලාවක කියවනවා සබට ස්තුතියි :D ජය

  6. සුළැඟිල්ලා

    බලලා තමයි කියවන්ඩ ඔනෑ..

  7. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍වාව්‍.......
    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍මෙච්‍‍ච‍ර ‍කා‍ලෙ‍ක‍ට ‍දැක්‍‍ක ‍මා‍ර‍ම ‍මා‍ර, ‍සු‍පි‍රි‍ම ‍සු‍පි‍රි
    ‍ලි‍පි‍ය ‍මේ‍ක ‍ත‍මා.
    ‍නි‍ය‍ම‍යි ‍රො‍යි‍ලි ‍අ‍යි‍යේ.
    ‍මේ ‍කො‍ට‍හ ‍එ‍න‍කම්‍ ‍ස‍ති 2ක්‍ ‍ගො‍ඩාක්‍ ‍අ‍මා‍රු‍වෙන්‍
    ‍ඉ‍ව‍සන්‍ ‍හි‍ටි‍යේ.
    ‍ඕබ්‍ර්‍යන්‍ ‍කු‍ම‍රු ‍අ‍පේ ‍ටි‍රි‍යන්‍ ‍කා‍ර‍යා ‍වෙ‍නු‍වෙන්‍ ‍ස‍ට‍න‍ට
    ‍ඉ‍දි‍රි‍පත්‍ ‍වෙ‍න‍වා ‍කි‍ය‍පු ‍වෙ‍ලේ ‍ඉ‍ද‍ලා ‍මා‍ර ‍කු‍තු‍හ‍ල‍යක්‍ ‍තිබ්‍‍බේ,
    ‍සර්‍සි ‍අක්‍‍කා‍ගේ ‍මූ‍ණ ‍කො‍හො‍ම ‍දිස්‍ ‍වෙ‍යි‍ද ‍කි‍ය‍ලා ‍මේ ‍පු‍ව‍ත ‍අ‍හ‍ලා.
    ‍අ‍ද ‍බ‍ලා ‍ගත්‍‍ත ‍හැ‍කි ‍මො‍ක‍කින්‍ ‍මො‍කක්‍ ‍වෙ‍යි‍ද ‍කි‍ය‍ලා.
    ‍එ‍හෙ‍නම්‍ ‍ත‍ව ‍කො‍ටස්‍ ‍දෙ‍කක්‍ ‍ත‍මා ‍ති‍යෙන්‍‍නේ ‍මේ ‍ක‍තා ‍ස‍ම‍යි
    ‍අ‍හ‍ව‍ර ‍වෙන්‍‍න‍ට. ‍බ‍ල‍මු ‍බ‍ල‍මු ‍ඉ‍දි‍රි‍ය‍ටත්‍ , ‍මේ ‍ක‍තා‍වෙත්‍ ‍මො‍කක්‍ ‍වෙ‍යි‍ද ‍කි‍ය‍ලා.
    ‍ම‍ම ‍නම්‍ ‍හි‍තන්‍‍නේ ‍ආ‍සි‍රි ‍අ‍යි‍යා‍ට ‍නම්‍ ‍රො‍යි‍ලි ‍අ‍යි‍යා‍ගේ ‍ලි‍පි‍ය‍ට ‍ග‍හන්‍‍න ‍ත‍රම්‍
    ‍ලො‍කු ‍ක‍මන්‍ට්‍ ‍එ‍කක්‍ ‍දාන්‍‍න ‍මේ ‍පා‍ර ‍බ‍ර‍ට ‍බ‍රේ ‍වෙ‍හෙ‍සෙ‍න ‍වෙ‍යි ‍කි‍ය‍ලා.
    ‍එ‍හෙ‍නම්‍ ‍මෙන්‍‍න ‍බාන්‍‍න ‍දැම්‍‍මා, ‍සබ්‍ ‍එ‍කත්‍ ‍ගත්‍‍තා.
    ‍ඉ‍දි‍රි‍ය‍ටත්‍ ‍මේ ‍සබ්‍ ‍දෙ‍න ‍ග‍ම‍න ‍ක‍රන්‍ ‍යෑ‍ම‍ට ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍හා ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා.
    ‍ආ.. ‍අ‍ම‍ත‍ක ‍උ‍නා ‍නේ, ‍ඉ‍දි‍රි ‍කො‍ටස්‍ ‍ව‍ල‍ටත්‍ ‍මේ ‍ආ‍කා‍ර‍ය‍ට ‍බ‍ර‍ට ‍බ‍රේ ‍ලි‍පි ‍ලි‍ය‍ලා
    ‍අ‍ප‍ට ‍මේ ‍ක‍තා‍ව ‍හා ‍ව‍ඩා ‍හො‍දින්‍ ‍බැ‍දී ‍බ‍ලන්‍ ‍යන්‍‍න‍ට ‍උ‍දව්‍ ‍ක‍රන්‍‍න ‍කි‍ය‍ලා ‍ඉල්‍‍ලා ‍සි‍ටි‍න‍වා.
    ‍එ‍හෙ‍නම්‍ ‍සි‍ය‍ලු ‍ක‍ට‍යු‍තු ‍සාර්‍ථ‍ක ‍වේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!
    ‍ඔන්‍‍න ‍මාත්‍ ‍පු‍ලු‍වන්‍ ‍උ‍ප‍රි‍ම ‍ක‍මන්‍ට්‍ ‍එ‍කක්‍ ‍දැම්‍‍මා. ‍කො‍හො‍ම‍ද ‍මේ ‍ක‍මන්‍ට්‍ ‍එ‍ක
    ‍රො‍යි‍ලි ‍අ‍යි‍යේ??????? :-D :-D :-D

  8. නලින්

    ස්තුතියි රොයිලි අයියා ! ලිපිය කියේව්වම ආයේ බලන්න ඔනේ නැහැ ;)
    ජය වේවා!

  9. charith

    නියමයි.
    සුපිරි විස්තරයකුත් දීල තියෙන්නෙ.

  10. wappola

    happachchiye..... thank you roily... mara lesson eka ammapa...

  11. Eranga

    ලිපිය නම් මරු...... බොහොම ස්තුතියි...

  12. mudiya / මුදියා

    මගෙ අම්මෝ මෙහෙමත් පෝස්ට් එකක්.
    ලොවෙත් නෑ ඉතිං රොයිලිගෙ වැඩනම්.
    අනිව එනකං බලං හිටියෙ.
    පොඩි කොපිය බාන්න දැම්ම අදම බලන්න ඕනි නිසා.
    ජයවේවා.බොහෝ.........................................................................................................ම ස්තූතියි...!

  13. kasun

    niyamai royly ayya..apita dan story 1 therenwa hodata.thnk u sooo much...

  14. kenny

    sperrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

  15. Tharindu Vishwanath

    පට්ටම පට්ට... මේ කතාව බලනවා නම් බලන්න ඕන මේ වගේ විස්තර දැනගෙනම තමා. thank you very much Royly. මේක නම් ප්‍රශංසා කරන්න ඕන හොඳම උත්සහයක්.

  16. “චූටී මල්ලි”

    පුදුම ලිවිල්ලක්නෙ අද ලියලා තියෙන්නෙ
    ලිපිය දැක්කම තනි ඇහැට ඇඩෙනවා
    අද මැප්වල පික්ස් හිටන් දලා
    එල
    සබට තුති
    ඔබට ජය.........

  17. mihiranga

    kalinma deelaaa.... thanx a lot! bohoma pin mchan!

  18. rukshan

    thanks sahodaraya...

  19. සංජීව

    රොයිලි සහෝ ඔයානම් දෙවියෙක් නෙමෙයි දේවාලයක්, අයෙත් නැහැ සුපිරිම සුපිරි පොස්ට් එකක්නේ දිලා තියෙන්නේ. ඔයාගෙ වැඩ නම් අයෙ කියලා වැඩක් නැහැ මම දැක්කමයි ඔයා වගේ සුපිරිම කෙනෙක් අම්මපා ඇත්තමයි...

  20. Kosala Deshan

    tnx.......

  21. shani

    thanks

  22. dedunu- yatalamatta,

    මේ කතාව බලනවා නම් බලන්න ඕන මේ වගේ විස්තර දැනගෙනම තමා.
    මේක නම් ප්‍රශංසා කරන්න ඕන හොඳම උත්සහයක්....
    බොහොම ස්තුතියි…..

  23. කේ.යූ.ජී. උදාර

    යකෝ මේක භූගෝලෙ පාඩම වගේනෙ..............
    කොහොමවුණත් වැඩේ නම් ඉස්තරම්.
    බොහොම ස්තූතියි රොයිලි.

  24. parakum

    Thank you..

  25. Neranji Sulakkana

    ඉතාම හොඳ වටිනා උත්සාහයක් .... මේ ලිපිය අයියෙ

  26. dinidu madushanka

    thank u very very much saho lipiyata
    jaya wewa

  27. Sam

    niymai...supiriima lipiyak me para dila tiyenne....sub ekat ikmantma dunnata..thankss sahooo

  28. jzone

    thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx machaaaannnnnnnn

  29. kalum

    thnx thnx thnx thnx thnx thnx thnx thnxxxxx,,,,,,,,,,,,,,,,,,,,,,,,, elz ah... (y)

  30. Heshan

    thanks saho........

  31. channa

    ස්තුතියි රොයිලි අයියා !

  32. gihan

    ලිපියටත් ස්තූති කරන ගමන්....
    සිංහල උපසිරසියටත් ගොඩක් පින්

  33. සම්පත්

    පට්ට පට්ට මචං
    ජයවේවා....

  34. Sanjaya

    Thanks.
    lipiyanam niyamai..

  35. piyumals

    woow ane thanks godak pin..enakam balagena hitiye....

  36. blacksnow

    ස්තුතී දහස් වාරයකටත් වඩා .

  37. Keshan Wasala

    මන් හිතන්නේ මේ අයියා වැඩිම සබ් වාර්තාවයි දිගම පොස්ට් එකේ වාර්තාවයි එයා සතු කරගත්තා වගේ :o
    මම මේ කට ඇරගත්තා ගමන්මයි ..
    පහලට එනවා එනවා ඉවරයක් නෑ නේ..
    ගොඩක් ස්තුතියි අයියේ ..ඔයා නං එල ඈ ..
    කතාව බලනවද මේක කියවනවාද කියලා හිත හිත ඉන්නේ ..කියවලම පටන් ගන්න බලන්න .. :D
    ඔන්න එහෙනං සබ ගත්තා ගොඩක් ස්තුතියි ආයේ පාරක් .. ජය වේවෝ !!

  38. KH7

    Thanks Machan..

  39. harsha

    පිස්සු හැදෙන සඳ මේකට කොමෙන්ට් එකක් නොදැම්මොත් ඌ මොකෙක්ද. ෂුවර් එකටම රොයිලිගේත් ප්‍රියතම කතාමාලාව මේක තමයි. කතාත් බලලා තියනවා නමුත් මෙහෙම විස්තර සහිත කතාව මාලාවක් නම් මම දැකලා නෑ. අපිට මේක කියවන්න යන වෙලාවේ හැටියට මේ විස්තර හොයලා ලියන්න කොච්චර වෙලාවක් යන්න ඇද්ද? උඹනම් යකෙක් මචං.මේකොටස් බෑවෙන්න දාලා කතාව කියවලා ඉවර වෙනකොට කතාව ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි කියලා මැසේජ් එකත් ආවා. එහෙනම් මචං මම කතාව බලන්න යනවා ස්තූතියි

  40. vishan

    machan meka pothaka kathawakda ??? mokakda pothe nama &gt;&gt; ?? thanx

  41. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ග්ම්ම්ම්...(අත පොඩ්ඩක් පෑදුවා හොඳේ පටන් ගන්න කලින්. අත=උගුර)
    මුඉන්ම කියන්න කැමතියි ඉතාමත් කනගාටු දායක ආරංචියක්..
    ඒ තමයි අපේ 100 කඩයිමත් පහු කරපු උපසිරිසි කරුවෙක් මෙම කතාව බලන්නේ නැති බව මොහොතකට කලින් ආරංචි උනා..
    ඇත්තටම ඒ ගැන ඔහු වෙනුවෙන් මම කනගාටුව ප්‍රකාශ කරනවා...
    අනික ඒ සම්බන්දව මම මටත් කනගාටුව ප්‍රකාශ කරගන්නවා..මොකද..
    මමත් මේ කතාව බලන්න ගත්තේ ලඟදි නිසාවෙන්..
    නොයෙකුත් පිරිස් මේ කතාව බලන්න මට කිව්වත්..මම එය ප්‍රතික්ෂේප කළා..
    රොයිලි සහෝ මේ කතාව මෙවැනි ලිපිත් සමග දීම ආරම්භ කල නිසයි මමත් මෙයට ඇබ්බැහි උනේ..
    ඒ වගේම ඒ ඇබ්බැහි වීම ගැන කිසි කනගාටුවක් නැති බවත් කියන්න ඕනේ..

    අපේ තවත් උපසිරසි කරුවෙක් වෙන ශාන් විමුක්ති නොහොත් බා.අ. පවසන්නේ මේ කතාව නොබලන දෑස් මක්කටද කියා..
    ඒත් මමනම් කියන්නේ මේ කතාව නොබලන දෑස් දෙකම මක්කටද කියායි...
    (ශාන් විමුක්තිගේ අනෙකුත් නම වන බා.අ. (B.A.) ගැන පසුව සඳහන් කරන්නම්..)

    අනිත් එක තමයි අපේ රොයිලි සහෝ " ඒ ගැනත් වචනයක් කියන්නම්" කියලා සමහර තැන් වල ලිපියේ ලියලා තිබ්බා..
    මම මෙතෙක් කල් හිතං උන්නේ "වචනයක්" කියන්නේ අකුරු කිහිපයක් වෙන්නොවී සෑදෙන තේරුමක් සහිත අකුරු කිහිපයක් කියලා..
    අද ඒ සම්බන්දවත් මම වැරදි බව මට වැටහුනා...
    මොකද "වචනයක් කියන්නම්" කියලා පටන් ගත්තු වචනය. චේදයක් මෙන් දිග නිසාවෙන්(මේ ගැන වැඩිය හිතන්න එපා).
    වචනයක් මෙහෙම නම් වචන කිහිපයක් කොහොම වෙයිද?

    ඒ වගේම රොයිලි සහෝ ගේ උපසිරැසිය සහ ලිපිය මෙන්ම...
    අපේ තරිඳු සහෝගේ වීඩියෝ මගින් කතාව සම්බන්දව කරන විග්‍රහය ගැන කතා නොකරම බැහැ..
    ඒ වැඩේ නිසාවෙන් ගොඩක් පැටලිලි සහගත තැන් නිරාකරණය කරගන්න පුලුවන් උනා..
    ඒ වගේම ඉස්සරහටත් ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි..
    දිගටම ඒ වැඩේ කරගෙන යන්න කියා ඉල්ලනවා..
    ඒ වගේම මගේ හෘදයාංගම ස්තුතිය ඔහුට පිරිනමනවා..

    ඉතිං ඇත්තටම රොයිලි සහෝ අතින් සිදු වූ ඒ බරපතල වැරැද්ද ගැනත් නොකියම බැහැ..
    ඒ වගේම එවැනි වැරදි ආයෙත් නොකරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා..
    වැරැද්ද මොකද්ද කියනවා නම් පහුගිය සතියේ මෙම කතාව විකාශය නොවන බව නොපැවසීමයි..
    එමගින් සිදු වූ අතුරු ඵල නම් 7 වන කොටස බලා 8 වන කොටස බැලීමට සතියක් අපහසුවෙන් මග බලං උන් සමහර පිරිස් හට එම සතියේ කතාව විකාශය නොවන බව හදිස්සියේ දැන ගැනීමෙන් ඇති වූ කම්පනය නිසාවෙන් හෘදයාබාද හට ගැනීමයි..
    වාසනාවට කරුණ නම් එමගින් මිය ගිය පිරිස් ගැන තවමත් ආරංචියක් නොලැබීමයි..
    මාගේ ඉල්ලීම නැවතත් එවන් ලෙස නොසැලකිලිමත් නොවනා ලෙසයි..
    මොකද, එය මා හටද ඉතා බලපෑමක් එල්ල කරනු ලැබුවා..
    වාසනාවකට මෙන් මම එක්තරා පේජ් එකක පහුගිය සතියේ කතාව විකාශය නොවන බව දන්වා තිබු හාස්‍යමය පින්තුරක් දුටුවා..
    එසේ නොවුවා නම්,
    අභිරහස් මරණයක් පිලිබඳ තොරතුරු ඔයාට ප්‍රවෘත්ති තුලින් දැනගැනීමට ඉඩ ලැබෙන්නට තිබුනා..
    (මොකෝ ගෙදර උන් දන්නා එකක්යැ හොදට උන්නු එකා මැරුණේ මේක නිසා කියලා)

    ඇත්තම කියනවනම් මේ වෙද්දී මම පැය දෙකහමාරකට වැඩි කාලයක් ඔයාගේ මේ පෝස්ට් එක තුල රැදී සිටියා..
    දැන් අවසර මා හට ද්වන්ධ සටන නැරබීමට යාම සඳහා..

    අවසාන වශයෙන් පවසන්න කැමතියි..
    මම ගිය සතියේ කොටසේදී අදහසක් දක්වා පැවසු " අපිත් සෙකන්ඩ් වෙන්නේ නැ" කියා කියූ දේ සතුටින් නැවත ඉල්ලා අස්කර ගැනීමට කැමති බව.
    ඒ වගේම මම සතුටින් පවසනවා සෙකන්ඩ් වෙන එක පාපයක් නොවනා බවත්..

    ඒ වගේම "ලිපි සහ අදහස් මගින් තීරණය කෙරෙන ද්වන්ධ සටනක තීන්දුවක් මා හට අවශ්‍ය නොවනා බවත්, පරාජය බාරගෙන රෑ රැකවලේ යාමට එකඟ වන බවත්" සතුටින් ප්‍රකාශ කරනවා..

    ජය වේවා..

    1. shehan sh

      patta aaaaaaaaa niyama wadak ne dila tthiyenne me waden godak de therum ganna puluwan thanks baiscopelk

  42. Lahiru

    patta lipiya... pissu hadenawa. niyama wadak bro...

  43. prasanjana94

    supiriy bro... keep it up (y) (y) (y)

  44. Dulanga sugeeth

    thanx mcn.aniwa sub walatat wada lipiyata mahanci wela wage

  45. luck_shan

    thnkz... jaya vevaaa...!

  46. nadun hemachandra

    supiri Roylee aiyaaa.. kiyana wachana ne.. attatama patta. mara lesson ekak dila tibune
    kohenda appe ochchara danagatte??
    kohohma hari kamak ne.. ela..
    oyata giya satiye kibuhun giya ekata nam sakayak ne.. apith dannane last week eke yanne kyala
    apith beluwa ai mechchara parakku kiyala.. kohomaha hari kamak ne.. meka mehchara ikmanata dunnata godak THANKXXXX..

    jaya wewaaaa

  47. sasi

    patta wistare

  48. 007porak

    godak pin sahoo...... sathiyakma visthara hitha hitha idala pissu wage hitiyay dan hari

  49. hetti

    රොයිලි අයියේ අද තමා වැඩේ හරියටම තේරුනේ.. බොහොම පින් හොඳේ.....

  50. Saumya H

    Nice work. well informed version &amp; tnx for that.........

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.