හොඳයි මෙන්න එහෙනම් ලීක් වෙච්ච නැති පස් වෙනි කොටසට උපසිරැසි ගෙනාවා. ප්‍රමාදයට සමාව. මුලින්ම මතක් කරගම්මු පහුගිය කොටස ගැන. කිංග්ස් ලෑන්ඩින් වල…. මාජරීගේ තාත්ත වෙච්ච මේස් ටයිරෙල් විසින් කවුන්සිලයට දැනුම් දෙනවා බ්‍රාවෝස් වල අයන් බැංකුව විසින් ඔවුන්ගේ ණය වලින් 10% ක් ඉල්ලා ඇති බවත් ඔවුන්ට හැකියාව ඇත්තෙ…

හොඳයි මෙන්න එහෙනම් ලීක් වෙච්ච නැති පස් වෙනි කොටසට උපසිරැසි ගෙනාවා. ප්‍රමාදයට සමාව. මුලින්ම මතක් කරගම්මු පහුගිය කොටස ගැන.
කිංග්ස් ලෑන්ඩින් වල….
මාජරීගේ තාත්ත වෙච්ච මේස් ටයිරෙල් විසින් කවුන්සිලයට දැනුම් දෙනවා බ්‍රාවෝස් වල අයන් බැංකුව විසින් ඔවුන්ගේ ණය වලින් 10% ක් ඉල්ලා ඇති බවත් ඔවුන්ට හැකියාව ඇත්තෙ එයින් අඩක් පමණක් ගෙවීමට බවත්. සර්සි විසින් ඔහුව පිටත් කරනවා බ්‍රාවෝස් ගිහින් බැංකුව සමඟ එකඟතාවකට එන ලෙස. මේ යෝජනාවම එක කපටි අදහසකින් කරන බව ඔප්පු වෙන්න හොඳම සාක්ෂිය තමා ඊළඟට ඇය කරන යෝජනාව. ඇය අලුත් නායක පූජකයට අනුමැතිය දෙනවා මීට සෑහෙන කාලෙකට කලින් නිරායුධ කරන ලද ආගමේ සුරැකීමේ ආරක්ෂක භටයන් නැවත පිහිටුවන්න. ඔවුන් විසින් පීටර් බේලිෂ් ගේ ගණිකා මඩමට පහර දෙන ගමන්ම අනාචාර චෝදනාව මත මාජරීගේ සහෝදරයව අත් අඩංගුවට ගන්නවා. මේක දැනගන්න මාජරී රජු වෙච්ච ටෝමන් කොලුවට ඔහුව නිදහස් කරන්න කිව්වත්, තාම රජෙක් විදියට හැසිරෙන්න නොදන්න ටෝමන් පහුබහිනවා. ඊට පස්සෙ ඇය තම ආච්චිට පණිවිඩය දෙන්න යනවා.
ප්‍රාකාරයේදී.
ජෝන් ස්නෝව් දැන් ප්‍රධානිය විදියට තම බලකායට අවශ්‍ය පුද්ගලයන් ඉල්ලා අකමැත්තෙන් වුවත් බෝල්ටන් ඇතුළුව අනිකුත් ප්‍රධානීන් වෙත ලිපි යවනවා. ඒ අතර මැලිසැන්ඩ්‍රා ඔහුව ස්ටැනිස් සමඟ යුද්ධයට යෑමට නැවතත් පොලඹව ගන්න හදනවා. ඒ වගේම ස්ටැනිස් තම දියණියට, මුහුණ විකෘති වූ රෝගය සෑදුණ හැටි පවසනවා.
වින්ටර්ෆෙල් වලදී.
සන්සා තම පවුලේ මියගිය සාමාජිකයන් වෙත ඉටිපහන් දල්වමින් සිටියදි එතෙන්ට එන පිටර් බේලිෂ් විසින් ඇයගේ නැන්දණිය වූ ලියෙන්නා ගැන පවසනවා. රේගාර් ටාගේරියන් ඇයව පැහැර ගැනීම, ඊට පස්සෙ ඇතිවූ යුද්ධ ගැන පවසනවා. රේගාර් ටාගේරියන් ගැන අමතක නොකර හොඳට මතක තියාගන්න. යට ලිපිවල වැඩි විස්තර බලන්න. මේ වගේම බේලිෂ් සර්සිගෙ ඉල්ලීම පරිදි අගනුවරට යන බවත්, ස්ටැනිස් තම හමුදාව සමඟ වින්ටර්ෆෙල් බලා එන බවත් පවසනවා. ඒ වගේමම් ස්ටැනිස් විසින් සන්සාට උතුර බාරදෙනු ඇතිබවත් පවසනවා.
ඩෝන් වලදී.
ඩෝන් වලට ගොඩ බැහැපු ජේමි හා බ්‍රොන් හට මුරකාවලේ යෙදෙන භටයන් ස්වල්ප දෙනෙක් මුණගැසෙනවා. ඔවුන්ව නිරායුධ කිරීමට සැරසීමේදී මුර භටයන්ව මරා දැමීමට ඔවුන්ට සිදුවෙනවා. මේ අතර ඕබ්‍රන්ගේ මරණයේ පලිය ගැනීමට එලාරියා ඕබ්‍රන්ගේ අවජාතක දියණියන් තිදෙනාගේ සහය පතනවා. ඔවුන් ඊට කැමති වෙන අතරම ජේමි හොර රහසේ ඩෝන් වෙත රැගෙන ආ බවට ඔවුන් දැනගන්නවා.
පටු මුහුදෙන් එහා.
වොලාන්ටිස් වලදී කොට ආදිපාද තුමා කෙසේ හෝ ජෝරා මෝමන්ට්ව අඳුනගන්නවා. ඒ වගේම ඔවුන් යන්නෙ සර්සි වෙත නොව ඩැනේරිස් වෙත බවත් දැනගන්නවා.
මේ අතර මෙරීන් වලදී ඩැනේරිස් හට සර් බැරිස්ටන් විසින් රේගාර් ගැන ඇය නොදැන සිටි කතා පවසනවා. ඔය අස්සෙ හාපිගේ පුතුන් විසින් පහර දීම් වැලක්ම සිදුකරනවා. මේවගෙන් නිකැළැල් භට කණ්ඩායමේ නායක හා බැරිස්ටන් සෙල්මි දෙන්නම මාරාන්තික තුවාල ලබනවා. ඔවුන්ට මොකක්ද වුණෙ කියල අද කොටසෙන් තමා දැනගන්න ලැබෙන්නෙ.
—————————————————————————————————————————-
හරි එහෙනම් විස්තරාත්මක ලිපියක් ලියන්න මම පොරොන්දු වුණානේ. ඉතින් අද අපි බලමු මේ කතාමාලාවේ කියවෙන ප්‍රබල වංශවත් පවුල් ගැන විස්තර ටිකක්. මේ මම ලියන්නෙ ප්‍රධාන වංශවත් පවුල් ගැන විතරයි. ඒ යටතේ ඉන්නෙ උප වංශ ගැන අපි පස්සෙ වෙලාවක බලමු.
ප්‍රධාන වංශ කියන්නෙ සත් රාජධානියේ ඉන්න බලගතුම වංශවත් පවුල් කිහිපයයි. ඔවුන් යටතේ තිබෙන භූමියට හා උප වංශ වලට ඔවුන් සතුව විශාල බලයක් තියෙනවා. ඔවුන් යටත්ව සිටින්නේ අයන් ත්‍රෝන් හෙවත් සිංහාසනයේ ඉන්න රජුට පමණයි.
ටාගේරියන් ආක්‍රමණයට පෙර මේ සත් රාජධානිය බෙදී පැවතුණා කියලා මම කිව්වා මතක ඇතිනේ. ඒ එක එකක් පාලනය කළේ බලගතු රාජකීය පවුල් වලින්. ටාගේරියන් ආක්‍රමණය වෙලාවෙ මේ පවුල් එක්කෝ විනාශ වෙලා ඒ වෙනුවට වෙනත් පවුල් බලයට ගෙනාවා, එහෙම නැත්තම් පැරදිලා ටාගේරියන් රජු වෙච්ච පළමු ඒගොන්ට යටත් වෙලා ඔහු යටතේ පාලනය කරන්න සිදුවුණා.
මෙහෙම සම්පූර්ණයෙන් විනාශ වෙච්ච පවුල් තමා ගාඩ්නර්, හෝර් හා ඩරන්ඩන් වංශ කියන්නේ. ඒ වෙනුවට එම භූමිය පාලනයට පත් වෙච්ච වංශ ගැන පහළ මම විස්තර කරල තියෙනවා. යටත් වෙච්ච වංශ තමා ලැනිස්ටර්, ඇරන් හා ස්ටාක් කියන වංශ. ඔවුන්ට තමුන්ගේ භූමිය නව රජුට යටත්ව පාලනය කරන්න ලැබුණා. ඊට අමතරව ඒගොන් රජු විසින් ටලි වංශය පිහිටවනු ලැබුවා. ඔවුන්ට දුන්න භූමිය තමා ආක්‍රමණයට කලින් අයන්බෝන් වරු යටත් කරගෙන උන්න රිවර්ලෑන්ඩ් ප්‍රදේශය. නමුත් ඩෝන් වල මාටෙල් වංශය පමණක් පරාජය කරන්න ටාගේරියන් වරුන්ට හැකි වුණේ නෑ. ඒ වෙනුවට ඊට ශතවර්ෂ දෙකකට පමණ පසු විවාහ කටයුතු මාර්ගයෙන් එයත් ප්‍රධාන රජුට එක් වී සත් රාජධානිය එක්සේසත් වුණා.
හැම ප්‍රධාන වංශයකටම තමුන් යටතේ උප වංශ විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ උප වංශ සමහරකටත් ඔවුන්ට යටත් තව වංශ තියෙනවා. ගොවියන් මෙන් පහළම මට්ටමට යනකම්ම මේ වංශ විහිදෙනවා. මේ හැම ප්‍රධාන වංශයකටම රජු වෙනුවෙන් බදු අයකර දෙන්න වගේම, යුද්ධයකදී රජු වෙනුවෙන් සේනා සම්පාදනය කරන්නත් බැදී සිටිනවා. ඒ ඇරෙන්න ඔවුන්ට නිදහසේ තම භූමිය පාලනය කරගෙන සිටින්න පුළුවන් කියලා කියවෙනවා.
රොබට් බැරැතියන් කැරැල්ලෙන් මුල් රාජ පරම්පරාව වෙච්ච ටාගේරියන් වරු බලයෙන් නෙරපා බැරැතියන් වරු බලයට පත්වෙනවා. ඒ වගේම පස් රජ යුද්ධයෙන් මේ ප්‍රධාන වංශ වලට සෑහෙන බලපෑමක් එල්ල වෙනවා.
හොඳයි දැන් කලින් මම කිව්ව වගේම මේ ප්‍රබල වංශ කොටස් තුනකට බෙදුවැහැකි. ඒ තමා දැනට පවතින වංශ, පිටුවහල් හෝ විසුරවනු ලැබූ ප්‍රබල වංශ හා අභාවයට ගියපු වංශ වශයෙන්.
මුලින්ම බලමු අභාවයට ගියපු වංශවත් පවුල් ගැන. ප්‍රබල වංශ 03 විතරයි සම්පූර්ණයෙන්ම අභාවයට ගිහින් තියෙන්නෙ.
ඩරන්ඩොන් වංශය-

Ours is the Fury
මේ වංශයෙන් තමා ටාගේරියන් ආක්‍රමණය වෙනකම් ස්ටෝම්ලන්ඩ්ස් පාලනය කළේ. ඒ වගේම හෝර් වංශය විසින් අල්ලගන්නකම්ම රිවර්ලන්ඩ් වලත් වැඩි හරිය පාලනය කරල තියෙන්නෙත් මේ වංශය විසින්මයි. මේ වංශයේ නායකයාට තමා ස්ටෝම් රජු කියන තනතුර දරණු ලැබූවේ.
මේ වංශයේ අවසාන රජ වෙච්ච Argilac the Arrogant ව බැරැතියන් වංශයේ නිර්මාතෲ වෙච්ච ඕරිස් බ්රැතියන් විසින් අවසාන කුණාටුව නැමැති සටනේදී (2 BAL දි සිදුවූ ටාගේරියන් ආක්‍රමණයේදී ඒගොන් විසින් තම අවජාතක සුළු සොහොයුරා වෙච්ච ඕරිස්ව යවනවා ස්ටෝම්ලෑන්ඩ් අල්ලගන්න) මරා දාලා මේ වංශය අවසාන කරනවා. ඊට පස්සෙ ඔහුගේ දියණිය ව සරණපාවා ගෙන ඩරන්ඩොන් වංශයේ ලකුණ හා ආදර්ශ පාඨයද රැගෙන බැරැතියන් වංශය පිහිටුවන ලබනවා. මේ වංශයේ සලකුණ බැරැතියන් වංශයේ ලකුණම නිසා ඒ ගැන පස්සෙ අපි කතා කරමු.
ගාඩ්නර් වංශය –
මේ වංශය ප්‍රථම මිනිසා මුළු දේශයම පාලනය කරපු කාලයටම දිව යව පෞරාණික වංශයක්. ටාගේරියන් ආක්‍රමණයට ප්‍රථම ඔවුන් රීච් වල රජුන් ලෙස පාලනය ගෙනයනු ලැබුවා. Garth Greenhand නැමැති එම වංශයේ නිර්මාතෲවරයා එම දේශය සමෘධිමත් කළ බව කියවෙන අතර රීච් වල ටයිරෙල් හා ෆ්ලෝරන්ට් වගේ වංශ ඔහු වෙත මුල් ඇදී ගොස් තිබෙන බව කියවෙනවා.
ටාගේරියන් ආක්‍රමණය වෙලාවෙදි ඊට විරුද්ධව මෙහි එවකට ප්‍රධානියා වූ නමවෙනි මර්න් රජු පළමු ලෝරන් හෙවත් ලෝරන් ලැනිස්ටර් සමඟ එකතුව සටනට යනවා. Field of Fire නැමැති ඒ සටනේදී මේ හමුදා දෙකේ එකතුව 60,000 පමණ වූ බවත් එය ඒගොන් ගේ හමුදාව මෙන් පස්ගුණයක් වූ බව කියවෙනවා. හැබැයි ඒගොන් ගේ මකරුන් විසින් මුල්ම දවසේ මර්න් රජු ඇතුලුව 4,000 පුළුස්සා දමනු ලබනවා. ඊට පස්සෙ ලෝරන් ලැනිස්ටර් ඒගොන්ට දණ නමනවා. එතකොට ගඩ්නර් වංශයේ උප වංශයක් වූ ටයිරෙල් වංශයේ හාලන් විසින් හයිගාඩ්න් බළකොටුව ඒගොන් හට යටත් කර පරාජය බාරගන්නවා. ඊට පස්සෙ ඒගොන් විසින් හාලන් ටයිරෙල්ව Lord Paramount of the Reach Warden of the South යන නම්බු නාම පිරිනමා ටයිරෙල් වංශය ප්‍රධාන වංශයක් විදියට නම් කරනවා. මෙතනින් ගාඩ්නර් වංශය අවසාන වෙනවා.
හෝර් වංශය.
මේ වංශයෙන් තමා අයන් දූපත් පාලනය වුණේ. හැබැයි ශතවර්ශ ගණනාවකට පෙර උතුරෙන් වළස් දූපත තෙක්ද, රීච් හී ආබර් වෙනකම් භූමිය අල්ලාගෙන සිටි බව කියවෙනවා. පස්සෙ ස්ටාක් වංශය විසින් වලස් දූපත් පෙදෙසද, ගාඩ්නර් පෙළපතේ රජුන් විසින් ආබර් පෙදෙසට නැවත අල්ල ගත්තට පස්සෙ ඔවුන් එම පෙදෙස් වලින් එලවා දැමුනා.
ටාගේරියන් ආක්‍රමණයට පරම්පරා 3 කට පෙර මෙම වංශයෙන් තව වතාවක් තම පෙදෙස් පුළුල් කරගැනීමක් කළා. එවර ඔවුන් ප්‍රධන භූමියේ ස්ටෝම් රජුන්ට අයිති රිවර්ලෑන්ඩ් පෙදෙස අල්ලාගත්තා. ඔවුන් මෙසේ අයන් දූපත් හා රිවර්ලනඩ් පාලනය කළා.
මොවුන්ගේ වංශයේ සලකුනේ පෙන්නුම් කරන්නෙ ඔවුන්ගේ පාලන භූමි වල ලක්ෂණයි. දිගුනැව (අයන් දූපත්), කොළ පයින් ගස (වලස් දූපත). රතු මිදි පොකුර (ආබර්) හා දෝණකාකයා (රිවර්ලෑන්ඩ්). මේ සියල්ල ඔවුන්ගේ යකඩ දම්වැල් වලින් ඈඳී පවතිනවා.
රිවර්ලෑන්ඩ් අල්ලා ගත් රජුගේ මුණුබුරා වූ හැරන් හෝර් විසින් මුළු දේශයේම තියෙන ශ්‍රේෂ්ටතම බලකොටුව රිවර්ලෑන්ඩ් හී Gods Eye වැව ඉස්මත්තෙ ගොඩ නඟනවා. මේක හදල ඉවර වෙන දවසේ තමා ටාගේරියන් ආක්‍රමණය පටන් ගන්නෙ. හැරන්ගේ දුෂ්ට කම හා ආඩම්බරකම නිසාම එහි යටත් වංශ බොහෝමයක් එඩ්මයින් ටලීගේ නායකත්වය යටතේ ඒගොන් ටාගේරියන්ගේ පැත්ත ගන්නවා. හැරන් හෙල් හී ශක්තිමත් ප්‍රාකාර වල ඕනෑම භූමි ප්‍රහාරයක් වැලැක්වීමට හැකියාව තිබුනත් ඒගොන්ගේ මකරුන් පියාඹාවිත් හැරන් රජුව හා ඔවුන්ගේ දරුවන්ව පණපිටින් පුළුස්සා දමා හෝර් වංශයේ අවසානය සනිටුහන් කරනු ලබනවා. මින් පස්සෙ තමා අයන් දුපත් පාලනයට ඒගොන් පාලනය යටතේ *ග්‍රේජෝයි වංශය* තොරාගනු ලබන්නෙ. නමුත් කටකතා වලට අනුව හැරන් හා එම පුතුනුවන් තවමත් හැරන් හෙල් හී හොල්මන් කරන බව කියවෙනවා.
පිටුවහල් හෝ විසුරවනු ලැබූ ප්‍රබල වංශ.
ස්ටාක් වංශය.

Winter is Coming
අපි හොඳටම දැනගෙන ඉන්න අපේ ආදරය ගොඩක් දිනාගත්ත වංශයක් තමා මේකනම්. ලිඛිත ඉතිහාසය පටන් ගත්තා කියන්නෙ අවුරුදු හයදාහකට කලින් ඇන්ඩෙල් වරු දකුණු වෙස්ටරොස් වලට ගියකාලෙදි කියවෙනවා. ඒ වෙද්දිත් ස්ටාක් වරු උතුර පාලනය කළා කියවෙනවා. ජනකතා වලට අනුව අවුරුදු 8000 කට කලින් උන්න බ්‍රෑන් ද බිල්ඩර් කියන ස්ටාක් වංශයේ පළමු රජු තමා ධවල ඇවිදින්නන් හා සමඟ සටන් කොට, උතුරේ ප්‍රාකාරය වගේම, වින්ටර්ෆෙල් බලකොටුවත් සෑදු බව තමා කියවෙන්නෙ. එතකොට ඇන්ඩෙල් වරු උතුර ආක්‍රමණය කරන්න එද්දි මෝට් කේලින් වල බෙල්ල කියන ප්‍රදේශය හරහා සිට සීමාව රැකගෙන උතුර ආක්‍රමණයෙන් බේරුණ එකම තැන බවට පත්වෙනවා. ඒ හින්දම තමා සත් ආගමට වඩා තවමත් උතුරේ කැලෑවේ පැරණි දෙවියන්ට වන්දනාමාන කරන බව මම කලින් පොස්ට් එකේදිත් කිව්වෙ.
කොහොමහරි ටාගේරියන් ආක්‍රමණය වෙලාවෙදි උන්න රජු වෙච්ච ටොර්හෙන් ස්ටාක් ඊට විරුද්ධව යුද්ධයට ගියත්, දකුණු වෙස්ටරොස් ප්‍රදේශය දැනටම යටත් වූ බවත් මකරුන් කරන හානියත් දැක පසුව ඊට වඩා තම ජනතාවගේ යටත් වීම හොඳ බව තීරණය කරලා දණ නමනවා. ඊට පසුව තමා අයන් තෝන් හෙවත් කිංග්ස්ලෑන්ඩින් වල සිට පාලනයට යටත්ව උතුරේ පාලනය ස්ටාක් වරුන්ටම නැවත බාරදෙන්නෙ. පසුව ලියෙන්නා ස්ටාක්ගේ මරණයෙන් පසු ඇතිවූ සිදුවීම් මත පදනම්ව ටාගේරියන් වරුන්ට විරුද්ධව රොබට් බැරැතියන් එක්ක යුද්ධයට ගොස් එම රාජවංශය පහ කර දමනවා.
ඊට පස්සෙ ඉතින් වෙච්ච දේවල් අපි දැක්කනේ. දැන් ස්ටාක් වංශයේ ප්‍රබලයන් මියගොස් තියෙනවා. ඔවුන්ගේ ඉතුරුව ඉන්න දරුවන් තැනින් තැන විසිරිලා ඉන්නේ.
ටාගේරියන් වංශය.

Fire and Blood
කලක් බටහිර මහද්වීපයේ පැතිර තිබ්බ වැලේරියානු භූමියේ සිටි වංශවත් පවුලක් වෙච්ච ටාගේරියන් වරුන්ට පටු මුහුදේ ඩ්‍රැගෙන්ස්ටෝන් දූපතේ පාලනය ශතවර්ෂ ගණනාවකට පෙර බාර දී තිබෙනවා. වැලේරියාවේ විනාශයෙන් පස්සෙ ඔවුන් මකරුන් තිදෙනෙක් සමඟ වෙස්ටරොස් ආක්‍රමණය කරනවා. මේ ගැන පසුබිම් ලිපි වල බලන්නකෝ. කෙටි කලිකින් සත් රාජධානි වලින් හයක්ම පළමු ඒගොන් විසින් එක්සත් කර පාලනය කරනවා. පසුව සියවස් දෙකකට පමණ පසුව දේශපාලන හා විවාහ සම්බන්ධතා මඟින් සත් රාජධානියම එක්සත් වෙනවා.
මේ පහුගිය දිනවල ගොඩක් කතා වෙච්ච පිස්සු රජාගේ පුත් රේගාර් ටාගේරියන් විසින් (මේ නම හොඳට මතක තියාගන්න. මේ තමා ඩැනේරිස්ගේ ලොකු අයියා) විසින් ලියෙන්නා ස්ටාක්ව (නෙඩ් ස්ටාක් ගේ සහෝදරියව) පැහැර ගෙන යාමත්, ඒක ගැන විමසන්න පිස්සු රජා ළඟට ගියපු නෙඩ් ස්ටාක් ගේ පියාව හා සහෝදරයව මරා දැමීමත් හින්දා නෙඩ් ස්ටාක්, ලියෙන්නා සරණ පාවාගන්න උන්න රොබට් බැරැතියන්, හා ඔවුන්ගේ උපදේශයෙක් හා මිත්‍රයෙක් වෙච්ච ජෝන් ඇරන් විසින් කරපු කැරෙල්ලෙන් (පසුබිම් විස්තර ලිපි බලන්න) පිස්සු රජාව මරා දමනවා. රේගාර් ටාගේරියන් අතුරුදහන් වෙනවා. ඔහුගේ ඉතිරි පුතා වූ විසේරියස් හා දියණිය වූ ඩැනේරිස් වෙස්ටරොස් වලින් පැන යනවා. විසේරිස්ට වෙච්ච දේයි ඩැනේරිස් රැජින ගැනයි අපි හැමෝම දන්නවනේ.
ටලී වංශය.

Family, Duty, Honor
ටලී වංශයට අයත් භූමිය තියෙන්නෙ මහාද්වීපයේ බටහිර වෙන්නයි. ඔවුන් රිවරන් සිට රිවර්ලෑන්ඩ් නම් පෙදෙස පාලනය කළා. මෙම වංශයේ නැගී සිටීම සනිටුහම් වෙන්නේ ටාගේරියන් ආක්‍රමණය සමයේයි. එවකට එඩ්මුන් ටලී නම් ප්‍රධානියා රිවර්ලන්ඩ් හා දූපත් වල පාලකයා වූ කළු හැරන්ට විරුද්ධව ආක්‍රමණික ටාගේරියන් පැත්ත ගන්නවා. ටාගේරියන් ආක්‍රමණය ජයග්‍රහණයෙන් පස්සෙ ඔහුට රිවර්ලෑන්ඩ් පෙදස භාර දී එහි බාරකාරයා බවට පත් කරනු ලබනවා.
එහි අවසාන ප්‍රධානියා වෙලා උන්න එඩ්මුවර් ටලී කියන්නෙ කැට්ලින් (නෙඩ් ස්ටාක් ගේ නෝනා) හා ලයිසා (ජෝන් ඇරන් හා පසුව පීටර් බේලිෂ් විවාහ කරගෙන සිටි පිස්සු ලයිසා ) ගේ සහෝදරයයි. ඒ වගේම පස් රජ යුද්ධය වෙලාවෙදි රොබ් ස්ටාක්ගේ පැත්ත ගත්ත නිසා, රතු විවාහය වෙලාවෙදි මේ වර්තමාන නායකයා වෙච්ච එඩ්මුවර් ටලීව, ෆ්‍රේ වංශය විසින් හිරබාරයට ගන්නවා. ඒ වගේම සියලුම උඩම් ඔවුන්ගෙන් ඉවත් කොට ඒවා වෝල්ඩර් ෆ්‍රේ හට බාර දෙනු ලැබුවා.
දැනට පවතින ප්‍රබල වංශවත් පවුල්…
මේ කොටසනම් මට ඉවර කරන්න බැරිවුණා. 80% වගේ ඉවර කළාට ඉතිරිය ඉවර කරගන්න බැරි වුණ හින්දා ලබන සතියෙම දෙන්නම්.
එහෙනම් සෙස්ස පස්සට…..
පසුබිම් විස්තර ලිපි.
1) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
2) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
3) ඇදහීම් හා නයිට්වරු.
4) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
5) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
6) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
7) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
8) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
9) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.381
Due to copyright issues, we do not provide any torrent links.
68,434 downloadsDownload GOT.S05.E05.Sinhala.zip140 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
73 comments
mali
හර්ෂණ
තව තවත් මේ වගේ දිග ලිපි කොටන්න ඔබේ කීබෝඩ් එක යහතින් වැජබේවා...
ඉසු ඩිපි (Isu DP)
නියමයි නියමයි, අදනම් ලිපියටත් එක්කම ස්තූතිය.
සීසන් එකේ බාගයක්ම ගියා තෙරුනෙත් නෑ.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !
හේමාල්
බාගෙන බැලුවා විතරයි සබ් එකත් දාලා.අයෙ හෙට බලන්න බැරියැ :D
sura
niyamai denma balanawa
Sisira Hegoda
Thanks.
Heshan
Thanks saho.....!!
R.D
Thanks Royly Aiye........meka denakal hitiye.................
Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ ලිපියටත් ස්තුතියි මෙන්න සබ ගත්තා :D
akalanka
පට්ටයි බයිස්කොප් සහොදරෝ...
මේකෙන් කතාව නිකන් බලලා අහක දානවට වඩා ලොකු දෙයක් කරනවා..ඔහෙ ලින්ක් එකක් දාලා අහ් බාගනින් කියනවට වඩා...බලාගෙන බාන හැටි කියල දෙන එක නම් පට්ටයි...ස්තුතීයි සහො ඔය වගෙ විස්තරක් දැම්මට.. තවත් උදවු කරන්වා මෙ වගෙ සයිට් එකකට.... බොක්කෙන්ම...ස්තුතියි ලින්ක් එකක් දැම්මට...ගොඩක් ස්තුති සබ් කරාට...rajitha
Thanks Machan.............
Sam
thnkss sahoooo..waiting for thiss..elzzzz
Gamage
ammme saba awith, dana sunanguwa witharai kastiya aran neda. meke 1st ekata commet ekak kota ganna bari unane. ehenam thanks saho.........patta
SHEHAN
ala aiiyee niyamata diila thiyenava//////
ප්‍රියදර්ශන
ආසාවෙන් බලාගෙන හිටපු කොටසක්.....
Helly
කෝ අපේ බ්‍රැන්ඩ්න් ස්ටාර්ක් මල්ලියා
kalana
thanx saho
yasas
adoo patta story eka macho.. godak tan clear una.. me first man gana poddak wistara karapanko.. braun first man gen kenekda? uta witarak powers tyenne ai bn? ado rep ekak dapan ok plz...
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!දසුන් සුචරිත
ඒල.නියමයි
D.Chamara
thanks sahooniyamai
චාමික දිල්හාර (දිලා)
නියමයි රොයිලි අයියේ.................
ලිපියනම් සුපිරියටම ලියලා තියෙනවා........
එල..........chinthaka
තෑන්ක්ස් සහෝ උපසිරසට පරක්කු වෙන්නෙ නෑතිව දෙන එක නම් ලොකු දෙයක්
harsha
නියමයි රොයිලි වැඩේ පට්ට පට පට. උඹ මේකතාව අපට බලන්න දෙනවා නොවෙයි කොටලා පොවනවා. මේ මහන්සියේ වටිනාකම කියන්න බෑ එතරම් වටිනවා. ජයවේවා
Mahesh
sub ekata thanx aaaaaaaaaaaaaaa
සුපුන් බුදිධික
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට ඒ වගේම ලිපියටත්..
දිගටම කරගෙන යමු...ජය වේවා !!!
thisal
තෑන්ක්ස් සහෝ උපසිරසට
සම්පත්
thanks ....
indika
thn Q :)
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි රොයිලි අයියේ.
අද නම් සුපිරි කොටස.
ඒ වගේ ආයෙත් බර ඉතිහාසය පිලිබඳව බර ලිපි ලිවීම අරභලා.
අද නම් පොඩ්ඩක් දුක හිතෙන දෙයක් නම් ඩැනේරිස් අක්කා ආයෙත් කසාද බදින්න තීරණය කරපු එකයි, සර් බැරිස්ටන් මිය ගිය එකයි තමා.
ජෝන් ස්නෝව් ලොකු ලොකු තීරන ගන්න පටන් අරන් කොළුවාව මරලා දාලා.
අනික් පැත්තෙන් මෝමන්ට් කාරයා ගල් මිනිසෙක් වෙන්න පටන් ගන්නවා.(උන් ගැන ප්‍රථම වතාවට තමා මං නං අහන්නේ.)
ඒ වගේම වින්ටර්ෆෙල් වල ස්ටාර්ක් කස්ටියට පක්ෂ අය තවමත් ඉන්නවා කියලත් දැන ගන්න ලැබෙනවා.ආ තව දෙයක්, රොයිලි අයියා ලිපියේ කියලා තිබ්බා නේ රේගාර් ටාගේරියන් නම මතක තියා ගන්න කියලා.
ඒ කියන්නේ ඉස්සරහට එයාට සම්බන්ධ මොකක් හරි වෙන්න තියෙනවා වගේ :-)
එහෙනම් ඒ මොකක්ද කියලා අපි බලා සිටිනවා.එහෙනම් සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!!
ඊලග කොටස වන "Unbowed, Unbent, Unbroken" කොටසින් හමුවෙමු.
ජයෙන් ජයම වේවා!!!සඳුන් ආර් විමලවීර
සබට තුති රොයිලි සහෝ
ජෝරාට පවු වැඩේ නේ උනේ...
හොඳ මිනිස්සුන්ට අපලයි වගේ..
ලබන සදුදා හම්බවෙමු.....lakshan
තෑන්ක්ස් සහෝ උපසිරසට .......................
Anymouse
Thanks bro....
isuru
thanks bro!
nishee
Thanks sahoooo
Kulanjana Maduranga
pattai ahhhh.....me wge post 1k dn krna kapa kirimama loku deyak....Great work & Lot of thanks ROILY Aiye.digatama sub demu.jaya wewa......
Tharindu
Ela ela roily aiyye ....hara bara digaaa lipiyak dala thiyenne....bann dala kiyawanawa iwara wenakota bawila thiyei.....thank you wewa ehenm ....:-)
promod
ඈති යාන්තම් සබ් එක හම්බුනා
Anushka
සුපිරි සහෝ.. සුපිරි
විස්තරේ හොදට පැහැදිලිව තියෙනවා
සබට බොහොම ස්තුති සහෝ... දිගටම කරගෙන යමු!!Prabath
තෑන්ක්ස් සහෝ
ash
පට්ටම තමයි..... Thanks lot for your great effort. We really appropriate and really enjoy your subtitles...
me
Thanks
mahima
ඉතිහාස පාඩමටත් ස්තුතී :D :D :D
සභටත් ස්තුති :D :) !!!!!!!!thusitha
these articles are really helpful thanks bro..
THARINDU.
thanks machan.lipiya nam maru.kiyanna wachana na.
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
nita
Thankx a lot bro
theekshanax
නියමයි රොයිලි අයියේ
Thisara
Thanx.Aiyeee ikmanata e6 sub onaaaaa.....
sam
patta digatama karanna
arash
e ikmnta sub dpnkoo bnnn
ajantha
sub ekata godak isthuthi.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


tnqqqqqqqqqqqqqq aiye