Watch Trailer

Game of Thrones [S5E04 – Sons of the Harpy] (18+) | දැන දැන් වලේ වැටීමක්ද?… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි පරක්කු වෙලා හරි මේ ගේන්නෙ ලීක් වෙච්ච අවසාන පිටපතයි. වෙනද වගේම ලබන සඳුදා නියම පිටපතට යාවත්කාලීන කරන්නම්. ඔන්න යාවත්කාලීන කළා. ඊට පස්සෙ 11 වෙනිදා වෙද්දි එන 05 වෙනි පිටපතට සබ් එක සඳුදමනම් දෙන්න අමාරුවෙයි. කොහොමහරි හැකි ඉක්මනින් ලබාදෙන්නම්කෝ. හොඳයි මුලින්ම මතක් කරගමු කලින් කොටස. කිංග්ස් ලෑන්ඩින්…

GoT5New2

හොදයි පරක්කු වෙලා හරි මේ ගේන්නෙ ලීක් වෙච්ච අවසාන පිටපතයි. වෙනද වගේම ලබන සඳුදා නියම පිටපතට යාවත්කාලීන කරන්නම්. ඔන්න යාවත්කාලීන කළා. ඊට පස්සෙ 11 වෙනිදා වෙද්දි එන 05 වෙනි පිටපතට සබ් එක සඳුදමනම් දෙන්න අමාරුවෙයි. කොහොමහරි හැකි ඉක්මනින් ලබාදෙන්නම්කෝ. හොඳයි මුලින්ම මතක් කරගමු කලින් කොටස.

කිංග්ස් ලෑන්ඩින් වල…

ටෝමන් හා මාජරි (යනතම් මාජරි වැඩේ කරගත්තා. කී දෙනෙක්ව නම් බැන්දට කෝ හරි ගියායෑ 🙂 ) බැඳලා එදා නිදි යහනේ ඉඳන්ම තරුණ රජාව බිලිබා ගන්න තමා උත්සහය. සර්සිව ආපහු ගම් පළාත වෙච්ච කාස්ට්ලි රොක් දිහාටම යවන්න බෝලෙ බස්සන්න හැදුවට සර්සි නම් ඒකට අහුවුණේ නෑ. ඒ වෙනුවට මාජරිට වැඩේ දෙන්න තමා දැන් සර්සි දඟලන්නෙ.

මේ අස්සෙ ගණිකා නිවාසයකදි ලාන්සල් ඇතුළු ආගමික කණ්ඩායමේ පහර දීමට හා නිරුවතින් පාරේ ඇවිද්දීමට ලක්වෙන සත් ආගමේ නායක පූජකයා සර්සිගෙන් ඉල්ලා සිටිනවා ඒ ආගමික කණ්ඩායමේ නායකයව මරලා දාන්න කියලා. හැබැයි ඒ වෙනුවට සර්සි කරන්නෙ නායක පූජකයව හිරේට දාල ආගමික කණ්ඩායමේ පහර දීමට හා නිරුවතින් පාරේ ඇවිද්දීමට ලක්වෙන සත් ආගමේ නායක පූජකයා සර්සිගෙන් ඉල්ලා සිටිනවා ඒ ආගමික කණ්ඩායමේ නායකයව මරලා දාන්න කියලා. හැබැයි ඒ වෙනුවට සර්සි කරන්නෙ නායක පූජකයව හිරේට දාල ආගමික කන්ඩායමේ නායකයට නායක පූජක කම දෙන එකයි. ඒකට හේතුව මේ කොටසෙදි දකින්න ලැබෙයි. මේ අස්සෙ පීටර් බේලිෂ්ට පණිවිඩයක් යවන්න කියලා සර්සි කයිබර්න්ට කියන වෙලාවෙදි, කයිබර්න්ගේ පරීක්ෂණාගාරයේ ඉන්න ග්‍රෙගෝර් ක්ලේගන් ගේ සිහි නැති සිරුර ගැහෙන්න ගන්නවා. (මතකයිනේ ඕබ්‍රන්ව මරන්න කලින් අනින විෂ කවපු හෙලි පාර හින්දා මැරෙයි කිව්වට, කයිබර්න් කියනවනේ බේරගන්නම් හැබැයි මිනිහා වෙනස් වෙයි කියලා.)

උතුරේදී….

නටඹුන් වෙච්ච වින්ටර්ෆෙල් නම් ස්ටාක් වරුන්ගේ බලකොටුව දැන් අලුත් වැඩියා කරමින් ඉන්නෙ. පණපිටින් හමගැහීමත් ජයටම එහෙ සිද්ද වෙලා තියෙනවා. මේ අතර රූස් හා රැම්සි බෝල්ටන් ලට කෑම පිළිගන්නවන කොට රීක් හෙවත් කලින් ග්‍රේජෝයිට ඇහෙනවා, ලැනිස්ටර් සහය ගැන විශ්වාසය තියන්න බැරි හින්දා සහ දැන් උතුර පාලනය කරන්න අවශ්‍ය තරම් හමුදාවක් ඔවුන්ට නැති නිසා ඔවුන් විවාහයක් හරහා ඔවුන්ගේ උරුමට ශක්තිමත් කරගම්මු කියල කතාවෙනවා.

මේ අතර මෝට් කේලින් වලදි පීටර් බේලිෂ් කියනවා සන්සට රැම්සිට බන්දල දෙන්න එකඟ වුණා කියලා. මුලින් සන්සා තමුන්ගේ මව හා අයියව මරපු රූස් බෝල්ටන් ගැන අප්‍රසාදය පළකළත් පස්සෙ එයට එකඟ වෙනවා. ඊට පස්සෙ එයාල වින්ටර්ෆෙල් වලට ආවහම රැම්සි ඇයට වහ වැටුන බව පෙන්වනවා. ඊට පස්සෙ සර්සිගෙන් බේලිෂ්ට ලැබෙන පණිවිඩය හින්දා රූස් බෝල්ටන්ට බේලිෂගේ අරමුණු ගැන සැකයක් ඇති වුණත් බේලිෂ් කියනවා කලින් වතාවේ (ස්ටාක්වරු හා බැරැතියන් වරු ප්‍රමුඛව මෝඩ රජාට විරුද්ධව ඇතිකළ කැරැල්ල) උතුර හා එයිරි එකතු වුණාම ටාගේරියන් රාජ පරම්පරාව බිම දාපු හැටි ගැන මතක් කරල දෙනවා.

මේ අස්සේ බ්‍රියෙන්නෙ හා පොඩ්‍රික් දෙන්නා සන්සා පස්සෙන් මෝට් කේලින් මඟහැර වෙන පාරකින් වින්ටර්ෆෙල් යන්න තීරණය කරනවා.

ප්‍රාකාරයේදී…

අලුත් නයිට්ස්වොච් ප්‍රධානිය වෙච්‍ච ජෝන් ස්නෝව් ස්ටැනිස්ව හම්බවෙලා යෝජනාව ප්‍රතික්ෂේප කරලා අහනවා ස්ටැනිස්ගේ හමුදාව එහෙන් යන්නෙ කවද්ද කියලා. මොකද හමුදාවකට කන්න දෙන්න සැපයුම් මදකම නිසා. සති දෙකක් ඇතුළත ඔවුන් පිටවෙන බව පවසනවා. ඊට පස්සෙ ඩාවෝස් ස්නෝව්ට පැහැදිලි කරල දෙනවා, බෝල්ටන්ලා උතුර පාලනය කරනකම් උතුර දුක් විඳින හින්දා ඔවුන්ව එළවන්න සහය දෙන ලෙස.

ඊට පස්සෙ ස්නෝව් නව පත්වීම් දෙනවා තමුන්ගේ ලොකුම වෛරක්කාරයා වෙච්හ්ක සර් ඇලිසර්ව ප්‍රධාන රේන්ජර්වරයා කරමින්. ඊටපස්සෙ එයාගේ නැට්ට වගේ ඉන්න ජැනෝස්ට දෙන වගකීම එයාට දිරවන්නෙ නැතුව එකට එක කියන්න ගිහින් අන්තිමේ ජෝන් අතින් මැරුම් කනවා. ඒ වගේම ස්ටැනිස් ඈත ඉඳන් ඒක අනුමත කරන බවකුත් ඔහු දකිනවා.

පටු මුහුදෙන් එහා….

බ්‍රාවෝස් වල…

ආර්යා දකිනවා ජැකෙන් හගාර්ගේ මූණ තියෙන කෙනා තව කෙනෙක්ට වතුර දෙනවා. ඊට පස්සෙ එයා යාච්ඤා කරන්න ගියාට පස්සෙ ආර්යා තමුන්ව තාමත් පුහුණු කරන්න නොගත්ත හේතුව අහනවා. ජැකන් කියනවා ආර්යට ඕනා තමුන්ටම සේවය කරගන්න විතරයි කියලා. ඊට පස්සෙ යාච්ඤා කරන කෙනා මිය ගියාම ඔහුගේ මිනිය ආර්යා අහන ප්‍රශ්න වලටවත් පිළිතුරු නොදී රැගෙන යනවා.

ඊට පස්සෙ තවත් කෙනෙක් එක්ක සටනක් පටන් ගන්න ආර්යා තමුන්ගේ අයියගෙන් තෑගි ලැබුණ ඉඳිකට්ට කියන කඩුවෙන් අනින්න සූදානම් වෙනවා රණ්ඩුව බේරන්න එන ජැකෙන් දකිනවා. ඔහු අහනවා ආර්යා වටේ ආර්යගේ බඩු තියෙනකොට කොහොමද මූණු රහිත කෙනෙක් වෙන්නෙ කියලා. ඊට පස්සෙ ඇයට සිදුවෙනවා තමුන් සන්තක සියල්ල මුදට විසි කරන්න. ඒත් ඇය කඩුව කොහොමහරි හංගනවා. ඊට පස්සෙ ඇයවත් ගෙනියනවා මිනිය පිරිසිඳු කරන තැනට.

වොලන්ටිස් වලදී…

වොලන්ටිස් වලදී අපේ කොට ආදිපාදතුමාව, ඩැනේරිස් පිටුවහල් කරපු ජෝරා මෝමන්ට් විසින් පැහැරගන්නවා. ඔහු අදහස් කරන්නෙත් ඔහුව ඩැනේරිස් ගාවට ගෙනියන්නම තමා. බලන්නකෝ මේ කොටසේ මොකක්ද වෙන්නෙ කියලා.

හරි එහෙනම් සඳුදට හරි කොපියෙන් ලබන සතියෙ හමුවෙමු.

පසුබිම් විස්තර ලිපි.
1) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
2) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
3) ඇදහීම් හා නයිට්වරු.
4) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
5) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
6) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
7) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
8) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
9) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.380

Game of Thrones (2011) on IMDb

Due to copyright issues, we do not provide any torrent links.

68,387 downloadsDownload GOT.S05.E04.Sinhala.zip141 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

68,387 downloadsDownload Subtitles141 KB

73 comments

  1. චතුරංග සුරාජ් පෙරේරා

    mama eka

    1. හර්ෂණ

      මොකක්ද මේ වෙන්නේ? හිතා ගන්න බෑ.

  2. rumesh

    supiri

  3. praveen manohara

    Fatta

  4. me

    Thanks

  5. gamindu

    Supiri bro. .

  6. shan vimukthi

    සබට බොහොම තුති රොයිලි අයියේ

  7. Sisira Hegoda

    Thanks.

  8. නලින්

    ස්තුතියි වේවා! රොයිලි අයියේ!

    ජය වේවා!

  9. chinthaka

    thanx for sub

  10. Viduranga

    tnx mcn... Sub eka daanakan nobala idiye...

  11. බිනර කවිශ්ක

    thanx

  12. thisal

    TNXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXX ELXXXXXXXXXX

  13. Tharindu

    Thanks roily aiye... parakku wela hari ithuru sub tikath okkoma denna....Jayawewa ehenm...:)

  14. Kulanjana Maduranga

    niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Sadu

    TNKZZ ROYLI SAHO sub ekata.meka denkam maga balan unne.parakkuwela hari gena bawa dannawane.bohoma sthuthiy api siyalu dena wenuwenma me karana sewayata. b.s

  16. akalanka

    ස්තුති ගොඩක් බඉස්කොප එකේ හැම දෙන්ටම.. නැවත් වරක් ස්තුති

  17. janaka

    ammo athi yantham thanks macho

  18. යශෝධ හේමාල්

    Thx අයියේ උපසිරැසියට

  19. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaa

  20. sandun r wimalaweera

    jaya wewa royly aiye...
    Oyage wisthara lipiya anith epiyath ekka one hode....
    Sadudata balanawa hoda copiyak awama....

  21. harsha

    හරී ඔන්න සබ් එක ගත්තා ස්තූතියි රොයිලි ජයවේවා

  22. rajitha

    Thanks Macho..........

  23. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි රොයිලි අයියේ.
    කතාව සුපිරියටම ඇදෙනවා.
    ස්නේක් සෑන්ඩ් දුවලත් සුපිරි දක්ෂයින් වගේ.
    එයාලගේ වැඩ කෑලී ඉදිරියේදී බලා ගන්න පුලුවන් වෙයි.
    දුක තමා, ඩැනේරිස් අක්කාට පාලන කටයුතු කරගෙන යන්න තියෙන බාදා හා එයාට පාලන කටයුතු කරගැනීමේ නොහැකියාව.
    ආර්යා නංගී කතා සමය අවසන් වෙද්දි සුපිරි තලයක ඉදියි කියලා විශ්වාසය තියා ගන්න පුලුවන්.
    අපේ පොඩි එකා, බ්‍රෙන්ඩන් ස්ටාර්ක්ව තාම පෙන්නුවේ නෑ නොවෑ.
    ඉදිරියේදී දකින්න ලැබේවී නේ.
    එහෙනම් සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි..
    5 වැනි කොටස වන “Kill the Boy ” කොටසින් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා!!!

  24. Ruchira

    sub 1ට ස්තුතියි.......

  25. Anymouse

    Thanks Bro

  26. vinuk ashan

    tnx aiyye sub aka denakm bln htiye..anith ewth ikmntma denn

  27. KP

    THANX BRO..MEKANUM NIYAMAI...DIGATAMA KATA TIKA AWA GAMAN DAN YAMU..TAWA TAWATH SUB DENNA PULUWAN WEN KIYALA WISH KARANAWA...JAYA WEWA...

  28. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  29. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය............

  30. Gamage

    thanks sabata mcn. mey site eka nawathwanna epa. ehema unoth mey wage site ekak apahu hadanna bari wei. aapita puluwan deyak mey site eka wenuwen karannam, ape rasa vindanayata duwala awe mey site ekata. puluwan help ekak denawa mcnla

  31. lakshan

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…

  32. R.D

    Thanks Royle Aiye............

  33. සම්පත්

    Thanks ....

  34. pasanmahee

    එළකිරි රොයිලි අයියේ........මේක එනකම් මග බලන් උන්නේ

  35. දමිත්

    සබ නම් නියමයි වෙනදා වගේම..
    ඊලඟ එක එනකම් තමයි ඉස්පාසුවක් නැත්තේ..
    ස්තුතියි සහෝ..
    ජයෙන් ජය...

  36. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ සමාවෙන්න ඕනේ කොමන්ට් කරන්න පරක්කු උනාට .. හොද කොපියක් අවාම කොමන්ට් කරන්න හිටියා :D මෙන්න සබ් එක ගත්තා :)

  37. sajeevi

    thanks

  38. indika

    thnq :)

  39. Chanaka Ruwan

    Aiye phone eken baladdi subtitles aul wela e ei

  40. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  41. channa

    මොකක්ද මේ වෙන්නේ?
    ස්තුතියි සහෝ..
    ජයෙන් ජය…

  42. සුපුන් බුදිධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    ඊළග කොටසේ ඉදන් එල ලිපි ටිකක් දෙමු නේද?
    මේ සීසන් එකෙම Brandon Stark නෑ නේද ? පොඩ්ඩක් එක ගැනත් කියමුකො එහෙනම්..
    නැවත් හමු වෙමු..

    ජය වේවා !!!

  43. D.Chamara

    niyamai saahoo niyamai

  44. nuwan

    patta pathuru thank you saho...............!

  45. priyantha

    මේකනම් මාර කතාවක් තමයි වෙලාවට සිංහලෙන් උපසිරස හදන්න කට්ටිය ඉන්නෙ නැත්නම් අපිට තේරෙනවද මේ ඉංගිරිසි තැන්ක්ස් මචෝ

  46. chmth

    thnks mcho.......!!
    Avengers-2 ekatai Furious-7 ekatai sub demu.... hode....

  47. Heshan

    thanks saho...!

  48. akila

    thanks alot bro

  49. akila

    you are a legend

  50. akila

    this is a national resource

Load more comments