Good American Family Sinhala Subtitles පෙර කොටසින්… තමන් ගැන පොතක් ලියන්න ක්‍රිස්ටීන් ලේඛිකාවකට කරුණු කිව්වා. මේ ලේඛිකාවට හැබැයි නතාලියා ගැන කිසිම සඳහනක් නොකරන්න ක්‍රිස්ටීන් වගබලාගත්තා. නමුත් අර සෙල්ලම්බඩු පාරට විසි කරලා වුණ සිදුවීම අවස්ථාවෙදි මේක ඒ කෙනා දැනගත්තා. ක්‍රිස්ටීන්ට ඕනේ වුණේ ලෝකයාගෙන් මේ…
Good American Family Sinhala Subtitles
පෙර කොටසින්…
තමන් ගැන පොතක් ලියන්න ක්‍රිස්ටීන් ලේඛිකාවකට කරුණු කිව්වා. මේ ලේඛිකාවට හැබැයි නතාලියා ගැන කිසිම සඳහනක් නොකරන්න ක්‍රිස්ටීන් වගබලාගත්තා. නමුත් අර සෙල්ලම්බඩු පාරට විසි කරලා වුණ සිදුවීම අවස්ථාවෙදි මේක ඒ කෙනා දැනගත්තා. ක්‍රිස්ටීන්ට ඕනේ වුණේ ලෝකයාගෙන් මේ මානසික අසහනකාරී දැරියව වසන් කරලා තියන්න සහ තමන්ගේ පොත පිරිසිදුව තියාගන්න. පාරෙදි වුණ සිදුවීම ගැන කේන්තියෙන් ඉඳපු ක්‍රිස්ටීන් පුතාලා දෙන්නවත් අරන් තමන්ගේ අම්මලා ගෙදර යනවා. රස්සාවක්වත් නැතුව නතාලියා එක්ක ගෙදර තනිවෙන මයිකල් රැකියා සම්මුඛ පරික්ෂණයකට ඔන්ලයින් මුහුණ දෙන්න ලැස්ති වුණා. නමුත් නතාලියා 911ට බොරුවට කෝල් කරලා පොලිසිය ගෙන්නලා ඒ අවස්ථාව මිනිහට නැති කරලා දානවා. මෙතනදි මයිකල් ”ඇයි එහෙම දෙයක් කරේ ?” කියලා ප්‍රශ්න කරද්දි කෙල්ල කිව්වා “එයාලා ආපහු ගෙදර එනවට මම කැමති නෑ.” මට ඕනේ එයාලා මැරෙන්න.” කියලා. මේකෙන් මිනිහට අන්තිමේ තේරුම් ගියා නතාලියා ඇත්තටම කවුද කියලා. මේකට පස්සේ නතාලියා ක්‍රිස්ටීන්ව විදුලි වැටකටත් තල්ලු කරා. ක්‍රිස්ටීන් සහ මයිකල් දෙන්නම මෙතනදි මේ ප්‍රශ්නයෙදි නතාලියාට විරුද්ධව එකට එකතු වුණා. නතාලියාව මානසික රෝහලක හිර කරන්න ඕනෙයි කියන උවමනාවෙන් කෙල්ලව ගෙදර බිම් මහලේ දාලා හිර කරනවා. මෙතනදි පොලිස් නිලධාරියෙක් ඇවිත් මේ ගැන ප්‍රශ්න කරා. අවසානයේ එම නිලධාරියත් මේ ගැන තේරුම් අරන් බානෙට් පවුලට උදව් කරා නතාලියාගෙන් ගැළවෙන්න. දීර්ඝ නීතිමය ක්‍රියාවලියකට පස්සේ නතාලියාගේ භාරකාරකම එහෙම්ම තියාගෙන බානෙට් පවුල නතාලියව තනියම නිවසක අතඇරලා දාලා එනවා. කෙල්ලට තදින්ම ක්‍රිස්ටීන් කියනවා “දැන් තමුන්ගේ වයස 22යි, ලොකු වැඩිහිටි කෙනෙක් වගේ හැසිරෙනවා, පොඩි කෙනෙක් වගේ රඟපලා අහුවෙන්න එපා” කියලා.
අද කොටසින්…
නතාලියා තනි වෙලා ඇයගේ අලුත් තත්ත්වයටයි, ලෝකය ඇය දිහා බලන විදිහටයි මුහුණ දෙනවා. පොඩි ළමයෙක් වැඩිහිටියෙකු වීමේ වේදනාව ඇය විඳිනවා. කෙල්ල කරදරේකත් පැටලෙනවා. ඉන්න තත්ත්වයටත් වඩා අසරණ තත්ත්වයකට පත්වෙනවා.
Good American Family Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
319 downloadsDownload Good-American-Family-S01E05-baiscopelk-sinhala-subtitle.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Good American Family Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
2 comments
Buddhika laKMal
indika 75
thanks..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Good American Family [S01 : E05] Sinhala Subtitles | නිවසක තනිවි නතාලියා ගෙවන කටුක ජීවිතය [සිංහල උපසිරසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/06/Good-American-Family-1.jpg)



ස්තූතියි ශෙහාන් සහෝ උපසිරැසියට......
............