Watch Trailer

Gotham [S01- E12] |විදුලි මාරයා… [සිංහල උපසිරැසි සමඟ]

අද කොටස ඔයාලට ගෙන්න ටිකක් ප්‍රමාද උනා මේ දවස් වල තියෙන වැඩකටයුතු හින්දා. එහෙනම් වැඩිය දෙයක් නොකිය අදාළ කරණයට බහින්නම්. ජනවාරි 05 කතාව ආයේ පටන් ගත්තට මෙයාලා ආයේ සතියක නිවාඩුවක් අරගෙන. මේ කොටස විකාශය උනේ 19 වෙනිදා. ඊළඟ කොටස සුපුරුදු විදිහට විකාශය වෙන්නේ ජනවාරි 26 කියලා අද කියන්නම්. ඒ වගේම ගෝතම් නිෂ්…

GOTVSNEW1

 අද කොටස ඔයාලට  ගෙන්න  ටිකක් ප්‍රමාද  උනා  මේ දවස්  වල තියෙන වැඩකටයුතු  හින්දා. එහෙනම්  වැඩිය දෙයක්  නොකිය  අදාළ  කරණයට  බහින්නම්. ජනවාරි 05 කතාව ආයේ  පටන් ගත්තට  මෙයාලා ආයේ සතියක  නිවාඩුවක්  අරගෙන. මේ  කොටස විකාශය  උනේ 19 වෙනිදා.  ඊළඟ කොටස  සුපුරුදු විදිහට විකාශය  වෙන්නේ  ජනවාරි 26 කියලා  අද කියන්නම්. ඒ වගේම  ගෝතම් නිෂ්පාදකයෝ  එහි දෙවන  කතාසමයක් හෙවත්  සීසන් 2 එකක් නිර්මාණය කරන්න මේ වෙනකොට  තීරණය කරලා අවසන්. අද කතාව  සම්බන්ධ  වෙන්නේ ගිය සතියේ  කොටසක් සමඟින්. ගිය සතියේදී මතක ඇතිනේ ආක්හම් පිස්සන්කොටුවේ වෙච්ච ඇබැද්දිය ගැන. අන්තිමේදී එතනින් දෙන්නෙක් පැනගත්තා. ඒ තමයි ජැක් ගෘබර් කියන කෙනයි ඇරෝන් කියන දෙන්නා. ජැක් කියන්නේ කොමික් චරිතයක් මෙයාගේ කොමික් නාමය තමයි Electrocutioner කියන්නේ. මේ කොමික් චරිතය ගැනත් අද ටිකක් පහලින් කියල ඇති. කොයි එකටත් කියවල බලන්න කොමික් චරිත ගැන ආසාවක් තියෙනවා නම් 😉

කලින් කිව්වා වගේම අද එක පැත්තකින් ජැක් ගෘබර් සහ එයාගේ සහයකයා ඇරෝන් දෙන්නා හතුරෙක් පස්සෙන් පන්නනවා. මේ මෙහෙයුම බාර වෙන්නේ ජිම් ගෝර්ඩන් සහ සුපුරුදු සහයකයා හාර්විට. ඒ වගේම ෆිෂ් මූනි අද ලොකු පියවරක් තියන්න යන්නේ. ඒ එයාගෙම ලොක්කා වන ඩොන් කාර්මයින් ෆැල්කන්ට එරෙහිව. එහෙනම් ඔන්න ඔයාලට බාරයි ඇද කොටස. එහෙනම් ලබන සතියේදී මුණ ගැහෙමු. ඒ වගේම ඊට කලින් බ්ලැක් සේල්ස් දෙවන කතා සමයේ පළමු කොටස සමඟින් මුණ ගැහෙමු. 24 වෙනිදා තමයි ඒ කොටස විකාශය වෙන්න නියමිත. 25 දිහාවට ආයේ මුණ ගැහෙන කන් හැමෝටම ජයෙන් ජය ප්‍රර්ථනා කරනවා!!!

Electrocutioner (Buchinsky)

කලින් චරිත වගේම මේ චරිතයත් ඉතිහාසගත පසු බිමක් තියෙන චරිතයක්. මේ චරිතය කරලියට එන්නේ 1981 වසරේ ජනවාරි මාසයේ නිකුත් වූ බැට් මෑන් කොමික් පොත් අංක 331 දී. එහිදී මේ චරිතය හඳුන්වනු ලැබුවේ Buchinsky කියන නමින්. පසු කාලීනව 1991 පෙබරවාරි රහස් පරීක්ෂක කොමික් පොත් අංක 626 සහ 1992 මැයි වලදී ප්‍රකාශයට පත් වූ  රහස් පරීක්ෂක කොමික් පොත් අංක 644 දී Lester නමින් මේ චරිතය හඳුන්වා දෙනු ලැබුවා. මම මෙහෙම චරිත ගැන හඳුන්වා දුන්නට මේ හැම එකක්ම අතීතයේ ප්‍රකාශයට පත් වූ පොත් පත් සහ සඟරා පාදක කරගෙන කරන හැඳින්වීමක්. ඒ හැම එක්කම අතීතයේ මේ චරිත වල හැසිරීම සහ යෙදීම් ගැන තමයි කියවෙන්නේ. ගෝතම් කතා මාලාව තුල මේ චරිත ගොඩක් වෙනස් විදිහට තමයි නිරූපණය වෙන්නේ. ඒ වගේ දෙයක් අද  කොටස අවසානයේදී දකින්න ලැබෙයි. කලින් කොටසේ කියපු වෛද්‍ය ලෙස්ලි තොම්ප්ස්කින් සම්බන්ධයෙන්.

Electrocutioner_1

ඉතින් අද මම මේ කියන චරිතයේ තියෙන හැකියාව තමයි ඔහු නිපදවාගන්න ඇඳුමක් මගින් විද්‍යුත් ධාරාවක් නිකුත් කරන්න පුළුවන් අවකාශයට. එමගින් මිනිස්සුන්ට විදුලි සැර වද්දවා ඔවුන් ඝාතනය කිරීම හෝ සිහි නැති කිරීම තමයි මේ චරිතයේ තියෙන ප්‍රධානම ලක්ෂණය. ඒ නිසා තමයි මේ චරිතය ” විදුලි ඝාතකයා” වගේ නමකින් හඳුන්වන්නේ. අතීත කොමික් පොත් වල හැටියට නම් මේ චරිතය මිනිසුන්ට උදවු කරන චරිතයක්. ඒ වගේම මේ චරිතය Suicide Squad හි ප්‍රධාන චරිතයක්. අපේ කතාව තුල මේ කොමික් චරිතය රඟදක්වන්නේ  Christopher Heyerdahl විසින්. මේ චරිතයේ මුල්ම නිර්මාපකයෝ උනේ මෙන්න මේ පිරිසයි. Marv Wolfman, Michael Fleisher සහ Irv Novick. 

 

Gotham on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

6,311 downloadsDownload Gotham-S01E12.zip77 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                 All Episodes                         Next Episode>>

 

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

6,311 downloadsDownload Subtitles77 KB

39 comments

  1. සජීවී

    thanks a lot

  2. kalana

    thanks bro

  3. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි හසන්ත අයියා!!!!!

  4. Lalanka

    Ela Mchn,,, :D thnkz ah.. :D

  5. dila

    thnx mchn

  6. Mahesh

    sub ekata thanx aaaaaa

  7. Deshan

    එල

  8. Anushka

    එළකිරි සහෝ...
    සබ් එකට භෝම ස්තුති, දිගටම කරගෙන යන්න
    ජයවේවා...!!!

  9. DjU9

    ස්තුති සහෝ..!!!

  10. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    බොහෝම ස්තුතියි.
    දෙනකං මග බලාගෙන හිටියේ. :)

  11. තරුෂ දිනුජය

    බොහොම ස්තූතියි හසන්ත අයියා:)

  12. S.K.Ruchiranga

    thanx machoo

  13. kavinda

    thank you

  14. sanath indika

    බෝහෝම ස්තුතියි ! මේක ඒනකන් තමා බලාගෙය ඉදියේ :) (y)

  15. නලින්

    ස්තුතියි හසන්ත අයියා, කලින්ම බාගෙන හිටියේ. සබ එනකල්..

    ජය වේවා!

  16. dev

    bohoma stuti saho.

  17. Kulanjana Maduranga

    niayamai…thanks HASANTHA Aiye..sub ekata..digatama sub demu.jaya wewa.....

  18. ela kolla

    niyamai machan

  19. “චූටී මල්ලි”

    එල
    මචෝ සුපිරි
    සබට තුති
    ඔබට ජය.........

  20. Darshana

    elaazzzzz...

  21. lakmal

    thxxxxxxxxxxxxxx..............

  22. චතුරංග සුරාජ් පෙරේරා

    Thanks saho denakan unnne :D

  23. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  25. Supun Madhusanka (Bunny)

    Gotham S01 E13 සබ් එක දාන්න සහෝ.....

  26. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  27. lahiru

    ado ko bn episode 13 danne nadda?????????? :(

  28. mm

    13 dannedda bn

  29. DjU9

    13 සබ් දෙන්නෙ නැද්දෝ ?

  30. Aeja

    13 සබ් දෙන්නෙ නැද්දෝ ?

  31. nisala

    13 denne nadda

  32. chathura

    thank q bro

  33. sanjeewa

    thanks

  34. දසන් බුද්ධික

    බොහොම තුති...
    ඔන්න දැනුයි ගත්තේ සහෝ......
    පට්ට පට පට......
    ජය වේවා..... !!!

  35. maduka

    උපසිරැසියට ස්තුතිවන්ත වෙනවා සහෝ
    ඔබට ජය

  36. sohan

    Thankz bro
    Me grimm tv series ekatath sub hadala dennm puluwanda??

  37. Bimbisha Adithya

    උපසිරැසියට ස්තුතියි ♥️ හසන්ත සහෝ

  38. Ishan Madusha

    බොහොම ස්තූතියි

  39. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️