එකොලොස් වෙනි කොටස සමඟින් අපි මේ නැවත හමුවෙන්නේ මාසෙකට පස්සේ. ඔයාලව දහවෙනි කොටසේදී දැනුවත් කරන්න උනේ නැත්තේ මමවත් මේ ගැන නොදැන සිටි නිසා. සතියකට පස්සේ එකොළොස්වෙනි කොටසට මොකෝ උනේ කියලා හොයද්දි තමයි දැනගත්තේ මාසෙක නිවාඩුවක් අරගෙන කියලා. ඉතින් දැන් ආයේ මුණ ගැහෙන නිසා කතාව දිහාට යොමුවෙමු. අද කොටස ආරම්භ…
එකොලොස් වෙනි කොටස සමඟින් අපි මේ නැවත හමුවෙන්නේ මාසෙකට පස්සේ. ඔයාලව දහවෙනි කොටසේදී දැනුවත් කරන්න උනේ නැත්තේ මමවත් මේ ගැන නොදැන සිටි නිසා. සතියකට පස්සේ එකොළොස්වෙනි කොටසට මොකෝ උනේ කියලා හොයද්දි තමයි දැනගත්තේ මාසෙක නිවාඩුවක් අරගෙන කියලා. ඉතින් දැන් ආයේ මුණ ගැහෙන නිසා කතාව දිහාට යොමුවෙමු.
අද කොටස ආරම්භ වෙන්නේ ජිම් ගෝර්ඩන්ට ලැබුන පත්වීම සමඟින්. ඒ ආක්හම් පිස්සන්කොටුවේ පිස්සෝ බලාගන්න ලැබුන මුර රස්සාව එක්ක. ඉතින් එයාට එහෙදි තව කොමික් චරිතයක් මුණ ගැහෙනවා. එයා ගැන මම පොඩි විස්තරයක් කියලා ඇති පහලින්. කැමති ඇත්තෝ බලත්වා 😀 ඉතින් ගෝර්ඩන් උන්නැහේට ලැබුන දඬුවම් රාජකාරිය අස්සෙත් රහස් පරීක්ෂක වැඩක් කරන්න වෙලා. එහෙනම් බලමු ඒ මොකද්ද කියලා. ඊට අමතරව සෙලිනා තාමත් හැංගිලා ඉන්නේ. මොකද එයාව මරන්න කට්ටිය තාමත් පස්සෙන් ඉන්න නිසා. ඒ වගේම ගෝර්ඩන්ගේ පෙම්වතියට ආයෙත් ගෝර්ඩන්ව මතක් වෙනවා. මේ හැම දෙයක්ම අද කොටසින් බලාගන්න.
ඒ වගේම කියන්න ඕනේ මාසෙක නිවාඩුව නිසාද මන්දා මේ කොටසේ ඉංග්‍රීසි උපසිරසක් නිකුත් උනේ ප්‍රමාද වෙලා පෙරේදා රාත්‍රියේ. පුළුවන් ඉක්මණින් ඉවර කරලා තමයි මේ වෙලාවට ඔයාලට මේ කොටස රැගෙන ආවේ.
ලෙස්ලි තොම්ප්කින්ස්
මතක ඇති මම කිව්වා මේ කතාවට එකතු වෙන පැරණි කොමික් චරිත ගැන හැකි විදිහට ඔයාලට හඳුන්වා දීමක් කරන්නම් කියලා. අද මේ කොටසේදීත් එවැනි කොමික් චරිතයක් එකතු වෙනවා. කලින් ඔයාලට කිව්වනේ හාර්වි ඩෙන්ට් හෙවත් Two Face ගැන. අද එක්කාසු වෙන කෙනා තමයි වෛද්‍ය ලෙස්ලි තොම්ප්ස්කින්. මේ චරිතය කරලියට එන්නේ 1976 මාර්තු වලදී. ඒ ඩිටෙක්ටිව් කොමික් අංක 457 දී. මේ චරිතයේ නිර්මාපකයෝ තමයි Dennis O’Neil සහ Dick Giordano. ගෝතම් කතා මාලාවේදී තමයි මේ චරිතය මුලින්ම සජීවී ලෙස දකින්න ලැබෙන්නේ. මෙහිදී මේ චරිතයට පණ පොවන්නේ Morena Baccarin නම් නිළිය විසින්.
දැන් කියන්නම් මෙයා කොහොම කෙනෙක්ද කියලා. ඇත්තටම මෙයා වෛද්‍යවරියක්. ගොඩක් බෙහෙත් කරන්නේ මානසික ලෙඩ්ඩුන්ට, අපරාධකරුවන්ට සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පිරිස් වලට. ඇත්තටම කිව්වොත් මේ චරිතය සුදු චරිතයක්. ඒ වගේම බෘස් වෙයින්ගේ පියා වන තෝමස් වෙයින්ගේ හොඳ මිතුරියක්. අතීත කොමික් පිටු පෙරලුවම ඒවාගේ සඳහන් වන ආකාරයට, තෝමස් සහ මාර්තා වෙයින් ඝාතනයෙන් පසු බෘස් වෙයින් බලා ගැනීමට ඔහු ගැන සොයා බලන්නත් වෛද්‍ය ලෙස්ලි අමතක කරලා නැහැ. ඒ වගේම සඳහන් වෙනවා ඇල්ෆ්‍රඩ් පෙනිවොර්ත් හෙවත් බෘස් වෙයින්ගේ වර්තමාන බාරකරුවා සමඟ පලහිලව්වක් තියනවාය කියලත්. කොහොම උනත් මේ වෛද්‍යවරිය සමාජ යහපත වෙනුවෙන් පෙනී සිටි චරිතයක් බෘස් වෙයින් බැට් මෑන් වීම සම්බන්ධයෙන් පවා ඇයගේ කැමැත්තක් තිබිලා නැහැ මොකද ඒ ඔහුගේම යහපත වෙනුවෙන්. මේ චරිතය ගොඩක් ජනප්‍රිය නොවුනත් ඉතිහාසයක් සහිත චරිතයක්. එහෙනම් බලමු අද කොටස සමඟින් කොහොමද ඒ චරිතය ගෝතම් හැඩ වැඩ කරන්නේ කියලා . නැවත ඊළඟ සතියේදී මුණ ගැහෙමු. හැමෝටම ජයෙන් ජය වගේම සුබ නව වසරක් පතනවා!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,492 downloadsDownload Gotham-S01E11.zip82 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
50 comments
IP
Nuwan Dewappriya
Thanks Bro
S.K.Ruchiranga
ela machoo thanxs subata
චතුරංග සුරාජ් පෙරේරා
Thanks saho meka denakan une, hriyata MS ada dinanawa wage :D
හසන්ත
:D :D
harsha
ස්තූතියි සහෝ 'Black Sails' දෙවනි කොටසත් දෙනවා නේද
හසන්ත
යැස්. 24 වෙනිදට එන්නේ.
Deshan
බොහොම ස්තූතියි හසන්ත මාමි :D
ගයාන් රූකාන්ත
මම මේ එත් බැලුවා මොකෝ පරක්කු කියලා,බැලින්නම්
ඉංග්ලිෂ් සබනේ පරක්කු වෙලා තියෙන්නේ,ඔන්න මමත් ගන්නවා සබට බොහොම තුතිDanu
ayemath gotham balanna puluwan. me wage series walata sub dena ekata thanks
නලින් පෙරේරා
ස්තුතියි හසන්ත අයියා. කල්තියා බගෙන හිටියේ... මෙක දෙනකල්ම
ජය වේවා!
Dhana
thanks for the sub,
yaluwane 720p video eka tiyenawa 130 mb witarai wenne,niyama quality tynawa, agent carter ehema 56mb 480p video eka MICROMKV site eke, oyalata eken scorpian 130mb 720p video eka ganna puluwan , e aya encode karanne x265 widihata, films ehema 720p video mkv eka 250mb witara wenne, data ituru karaganna ayata, time ituru karaganna ayata meka hugak hodai, man downld karanne ehema, 700mb walata eke film ekak gannawata wada full hd films 2k 3k ganna puluwan man hitanne, man kiyanawata Micromkv ekata gihin balanna,
thanks again for the subDhana
Size podi unata quality YIFY quality eka paradai
Dhana
danna ayat ati nodanna ayat ati, nodanna ayata danaganna man meka qwe, loku kamakata ehema newe aeeeeeee, wistara me site eken.
M B S
ඒ උනාට ඒවා KM Player එකේ වැඩ කරන්නේ නැනෙ.
VLC එකේ සබ් වැඩ කරන්නේ නැ.
Kulanjana Maduranga
niayamai…thanks HASANTHA Aiye..sub ekata..digatama sub demu.jaya wewa......
කොබා
hamme enakam balagena hitiye TNQ a sabata :D
Mahesh
sub ekata thanx aaaaaaaaaa
pasindu
thanks!
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් ආපහු බැලිල්ලක් විතරමයි. ජය෴෴ :P :P
Shakila Praveen
බොහොම ස්තූතියි සහෝ, දැන් දෙපාරක්ම බලනවා.
kavinda
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට.
sanath indika
thx saho
sajeevi
thanks
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
යශෝධ
ඔන්න දැනුයි බලන්න සෙට් වෙන්නේ. බොහෝම ස්තූතියි කියනවා එහෙනම් උපසිරැසියට. බලමු අද මොනා වෙයිද කියලා. එලස්ස්ස්.. ජයම වේවා..!
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
කතාව එලටම යනවා දැන්.
ජය වේවා. !Upul nishantha
ammooooooooo ati yanthan awaaaa. kattiya horatama niwadu gihinnn,
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
thanura
බොහොම ස්තූතියි හසන්ත සහෝ
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය............චන්දිම අමරසිංහ
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…Ruchira
sub 1ට වගේම විස්තරයටත් බොහෝම ස්තුතියි අය්යේ....
dev
bohoma stuti saho......... .
senesh
thanks mcn sub ekata....... digatama karagena yanna.
Hasitha
Thanks sub 1kata digatama karagena yamu
srkpoorna
ep 12 awooooooooooooooooo
S.K.Ruchiranga
ep 12 ikmanatama sub plz mochoo
ela kolla
niyamai
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
Thnx for the sub.
Download in a hurry. :)chathura
thnk q
sanjeewa
thanks
දසන් බුද්ධික
බොහොම තුති...
ඔන්න දැනුයි ගත්තේ සහෝ......
පට්ට පට පට......
ජය වේවා..... !!!maduka
උපසිරැසියට ස්තුතිවන්ත වෙනවා සහෝ
ඔබට ජයSanath Perera
thanks for sub bro.... ;)
Bimbisha Adithya
උපසිරැසියට ස්තුතියි ♥️ හසන්ත සහෝ
Bimbisha Adithya
අලුත් චරිත හඳුන්වා දෙන ලිපි කොටස සෑහෙන්න වටිනව......විශේෂ ස්තුතිය
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️
Advertisement
![Gotham [S01- E11] | තක්කඩි තිප්පොල… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/GOTVSNEW1.jpg)


ELA