ආ… කොහොමද ඉතින් ගෝතම් ප්‍රේක්‍ෂකයිනි(ප්‍රේක්ෂිකාවනි). මතකද අන්තිම ගෝතම් එපිය ආපු දවස.ඔව් 2015 නොවැම්බර් 30 වෙනිදා. ඉතින් ඔන්න අළුත් අවුරුද්දත් උදා වෙලා මාස දෙකක් ගතවෙලා ඉවර වෙනකොට 2016 පෙබරවාරි 29 වෙනිදා ආයෙත් DC රසිකයන් කෙළ හලමින් බලන ගෝතම් දෙවැනි සමයේ දෙවැනි අර්ධය පටන් ගත්තා. කට්ටියට මතක නම් මුල්…

ආ… කොහොමද ඉතින් ගෝතම් ප්‍රේක්‍ෂකයිනි(ප්‍රේක්ෂිකාවනි). මතකද අන්තිම ගෝතම් එපිය ආපු දවස.ඔව් 2015 නොවැම්බර් 30 වෙනිදා. ඉතින් ඔන්න අළුත් අවුරුද්දත් උදා වෙලා මාස දෙකක් ගතවෙලා ඉවර වෙනකොට 2016 පෙබරවාරි 29 වෙනිදා ආයෙත් DC රසිකයන් කෙළ හලමින් බලන ගෝතම් දෙවැනි සමයේ දෙවැනි අර්ධය පටන් ගත්තා. කට්ටියට මතක නම් මුල් අර්ධයේ, ඒ කියන්නෙ අන්තිම එපිය වෙන 11 වෙනි එපිය දක්වා අපිට හිටපු ප්‍රධාන හතුරා වුණේ තියෝ ගැලවෑන් නෙ. අපි දැක්කා අන්තිම එපියෙදී පෙන්ගුයි තමන්ගේ අම්මව මරපු පළිය තියෝගෙන් ගන්නවා. ඒ වගේම ගෝඩන් අතින් තියෝ මැරුම් කනවා. ඊට පස්සෙ එයාගෙ මිනිය ගෙනියන්නෙ කොහාටද??? ඩොක්ටර් හියුගෝ ස්ට්‍රේන්ජ්ගෙවිද්‍යාගාරයට. ඒත් එක්කම අපි අන්තිමට දකිනවා තවත් අළුත් කෙනෙක් එනවා ගෝතම් වලට. වෙන කවුරුත් නෙවේ, ඒ මිස්ටර් ෆ්‍රීස්. ගෝතම් කතා මාලාවෙදී මේ චරිතය සඳහා පන පොවන්නේ නේතන් ඩැරෝව්. මිස්ටර් ෆ්‍රීස්ගෙ ඇත්ත නම තමා වික්ටර් ෆ්‍රයිස්. වික්ටර් එයාගෙ රෝගී බිරිඳ වෙන නෝරා ෆ්‍රයිස්ව බේරගන්න හදද්දි හදිසි අනතුරකට ලක් වෙලා තමා මිස්ටර් ෆ්‍රීස්ව නිර්මාණය වෙන්නෙ. ඒ අනතුර නිසා එයාගෙ ශරීර උෂ්ණත්වය පහත වැටෙනවා. ඒ නිසා මෙයාට ජීවත්වෙලා ඉන්න විශේෂ ශීත ජනක ඇඳුමක්( cryogenic suit) අඳින්න වෙනවා. හැබැයි අද කතාවේ නම් ඒ තත්ත්වයට පත් වෙන්නෙ නෑ. ෆ්‍රීස්ව හඳුන්වා දීමක් තමා අද වෙන්නෙ. ඇත්තටම සමහරු හිතුවෙ 11 එපියේ අන්තිමට ආපු විදිහ තමා ෆ්‍රීස්ගෙ පෙනුම කියලා. නෑ ඒක නෙවෙයි පෙනුම. තාම මෙයාට අනතුර වෙලා නැති නිසා ඒ ඉන්නෙ සාමාන්‍ය වික්ටර් ෆ්‍රයිස්. ඩොක්ටර් හියුගෝ ස්ට්‍රේන්ජ් ගැන කතා කරනවා නම් මෙයා මහාචාර්යවරයෙක් වගේම මනෝ විදයාඥයෙක්. ඒ වගේම මෙයාට ජාන ඉංජිනේරු විද්‍යාව ගැනත් හොඳ අවබෝධයක් තියෙනවා. අද අන්තිම හරියෙදි තමා ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ව හඳුන්වලා දෙන්නෙ. ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියලා අන්තිම වෙද්දි ඔයාලට තේරෙයි. අද පෙන්ගුයින්ව මුල්ම වතාවට ආකම් උන්මත්තකාගාරයට ගෙනියනවා. ඉතින් තවත් කියන්න යන්නෙ නෑ එහෙනම් වැඩි විස්තර. ආ… ඒ වගේම කියන්න ඕනා අපේ සුපිරි කෙල්ලවත් මටම තමා දැන් අරගෙන එන්න වෙලා තියෙන්නෙ. නිර්මාණි අක්ක මට ඒක කරන්න කිවුවේ ගෝතම් එක එනකම් විතරයි. දැන් ඉතින් ඒ අක්කගෙ අධ්‍යාපන වැඩත් එක්ක දිගටම මටම කරන්න කිවුවා. ඒ නිසා සුපර්ගර්ල් පොඩ්ඩක් පරක්කු වෙයි. මොකද වැඩි ඉල්ලුම තියෙන්නෙ ගෝතම් නිසා මුලින්ම ගෝතම් කරන්න ගන්නවා. එහෙනම් සුපර්ගර්ල් එපියෙන් හම්බෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!
” I’m coming for you Nora. I’m coming to save you”~ Victor Fries ~
Due to copyright issues, we do not provide any torrent links.
Gotham S02E12 720p x265 HDTV HEVC YSTeam
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,268 downloadsDownload Gotham-S02E12.baiscopelk.com_.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද් [පුසා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
37 comments
Lahiru
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Pradeep Anuruddha Dissanayake
හම්මේ ඉතින්..ඕනන් එහෙනම් දකුණ අත පෙරට තමා මුලින් බෑවා.පෙන්ගුයින්,නිග්මාවයි නොදැක සැහෙන අමාරුවෙන් ඉවසන් හිටියේ.තැන්කු වේවා පුසෝ...
janaka
amme...balan hitapu kal...sub ekata thanx saho..onna apith downlad kara
shalinda gamage
mulin gotham denna eeka hoda komath
thanks bro jaya wewaSanath Perera
බොහොම ස්තූතියි සමන් සහෝ උපසිරස දුන්නට...
ඊළඟ එපියත් ආව ගමන්ම ඒකත් දෙන්න බලන්න...Kawshalya Dushyan
මයෙ අම්මේ........ පට්ට කාලයක් බලන් හිටිය අප්පා......පට ගාලා බාගෙන බලන්න ඕනා....ඔන්න බෑවා......උපසිරසට තැන්කියු වේවා පූසෝ....ජය.....
Kawshalya Dushyan
ammatahudu amathaka wunane.......Supergirl eke 15 epi eke podi awulak thiyenawa. poddak balanawada kawuruhari......
Fer
hamme awillaaaaaa
Isuru
Ela bro. Niyamai ikmanata dunnata.
Sanath Indika
thx sahoo. enakan balagena idiye
pramuk
thankuuuu wewa saho............
Ishara
elakiri
Keshan Wasala
බොහොම ස්තුතියි සමන් සහෝ ..ජය වේවා !!
Sajeevi
Thanks
Achi
අම්මෝ ගොඩක් කල් බලන් හිටිය මේක එනකල්...ගොඩක් ස්තූතියි සහෝ ....
ප්‍රදීප්
පට පට ගාල සබ දීලනේ බොලව්...
Yohan
thanks macho sub akata
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි පූසෝ..
හම්මේ බලන් හිටපු කල් මේක එනකම්..
බලමු පිස්සු හැදිච්ච අපරාධකාරයෝ දැන් මොනවද කරන්නේ කියලා.
ආ සුපිරි කෙල්ලවත් ඉක්මනට දියන් හොදේ..Lahiru Madushanka
patta ban. thanks lot
Lakshan Fernando
jaya wewa machn
Eranga Sandaruwan
අහ්. එල. බෝම ස්තූතියි ඉක්මනට දුන්නට.
Super Girl එකත් ඉක්මනට දෙන්න බලන්න..Kasun Upeksha
බොහොම ස්තුතියි පූසෝ..
Kalum Gunasekara
බොහොම ස්තුතියි පූසෝ උපසිරැසියට. ඔන්න බානවා.
Hasanka Sanjana
Thanks Sub ekata
S.K.Ruchiranga
elma,.,, thz machooo sub ekata
thisara
thankxxxxx
Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
dilahan
ammmeeeeeeeeeeeeeeeeeeeeeeeeeee oka hambenakal balaagena hitiya kaalayak.........elamal elama bro......subata thx...
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Imila Umeshan Amarasinghe
Thanx Mcn..
chamith555
ft
Bimbisha Adithya
උපසිරැසියට ස්තුතියි ♥️ ඉදිරි ගමනට ජයෙන් ජය
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Supun
මේකෙ sub වැඩ නැහ නෙ මචන් දැන් අනික මේකෙ epi 19,20,21,22 ඒ ඔක්කොම වැඩ නැහ
Supun
මේකෙ sub වැඩ නැහ නෙ මචන් දැන් අනික මේකෙ epi 19,20,21,22 ඒ ඔක්කොම වැඩ නැහ
Sao
Sub Eka download krann be neeh..
Download is not allowed for this type file
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thnks bro. supergirl ekth ikmnt dann. parakku krnna epa.