2014 සැප්තැම්බර්ස 23 ආරම්භ කල ගෝතම් නගරයේ චාරිකාව අවසන් කරන්නයි මේ හදන්නේ. වසර පහක් පුරාවට කතා මාලා පහක් දක්වා කොටස් සීයක් පුරාවට දෙමාපියන් අහිමි උන බෘස් වෙයින්ගේ පුංචි කාලයේ ඉඳන් ගෝතම් නගරයේ ආරක්‍ෂකයා හෙවත් බැට්මෑන් දක්වා පරිණාමය තෙක් ආ ගමන මෙතනින් අවසන් වෙනවා. මේ කතාවේ ආරම්භක කොටස වගේම අවසන් කොටස…

2014 සැප්තැම්බර්ස 23 ආරම්භ කල ගෝතම් නගරයේ චාරිකාව අවසන් කරන්නයි මේ හදන්නේ. වසර පහක් පුරාවට කතා මාලා පහක් දක්වා කොටස් සීයක් පුරාවට දෙමාපියන් අහිමි උන බෘස් වෙයින්ගේ පුංචි කාලයේ ඉඳන් ගෝතම් නගරයේ ආරක්‍ෂකයා හෙවත් බැට්මෑන් දක්වා පරිණාමය තෙක් ආ ගමන මෙතනින් අවසන් වෙනවා. මේ කතාවේ ආරම්භක කොටස වගේම අවසන් කොටසටත් උපසිරැසි දෙන්න ලැබීම එක අතකට ආඩම්බරයක්. ඒ වගේම මේ දක්වා මේ කතාව වෙනුවෙන් සමන් ප්‍රසාද්, නුවන්ත දුලාන් සොයුරන් දෙදෙනා එකතු උනා. ඒ අතරේ කඩින් කඩ මමත් සමහර කොටස් වලට සහභාගි උනා. ඉතින් අදින් පස්සේ ගෝතම් කතාවට ඔබට මට මෙතැන් පටන් තිත තියන්න වෙනවා. මම අද වැඩිදුර දීයක් කියන්න යන්නේ නැහැ මොකද මේ කතාව එක්ක එකතු වෙලා ඉන්න අය මේ දක්වා උන සිදුවීම් එක්ක ගොඩක් සමීපයි. එහෙනම් අද කොටස ගැන කෙටියෙන් කියල ගෝතම් නගරයට සමුදෙන්නම්.
අද කොටස දකින්න ලැබෙන්නේ බෘස් ගෝතම් වලින් පිටවුණාට පසුව වසර 10 කින් වෙන සිදුවීම් එක්ක. මතකනේ බෘස් ගෝතම් වලින් යන්න ගියා. ඒ වගේම ගෝතම් වලට උන විනාශයෙන් පස්සේ ප්‍රධාන ගොඩබිම එක්ක එකතු උනා. ඒ වගේම නේසා අල් ගුල්ගෙන් ඇති උන උවදුරත් පහවෙලා ගියා. වෙයින් මන්දිරය වෙයින් ටවර් එක මේ සේරම විනාශ වෙලා ගිය අවස්ථාවක තමයි බෘස් නගරය දමා පිටවෙලා ගියේ. දැන් වසර 10 කට පසු වෙයින් ටවර් එක නැවත නිර්මාණය වෙලා. ඉතින් ඒ උත්සවය වෙනුවෙන් බෘස් වෙයින්ගේ නැවත පැමිණීම මුළු නගරයම බලාපොරොත්තු වෙනවා. ජේම්ස් ගෝර්ඩන් කොමසාරිස් ධුරයට උසස් උනා. වසර 10 පසු ඔහුත් සේවයෙන් විශ්‍රාම ගන්න බලාගෙන ඉන්නවා. ඒ අතරේ ගෝතම් වල අපරාධ කල්ලි වලට සැඟවුන සොයාගන්න බැරි කෙනෙක් පහර දෙනවා. එහෙනම් මෙතනින් සමුගන්නම් ගෝතම් නගරයෙන්. මේ දක්වා කොටස් 100 ක් පුරාවට පොඩි හෝ කමෙන්ට් එකකින් ස්තුති කල සහ මේ කතාව එක්ක බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු උන ඔබ සැමටත් ස්තුති කරමින්. ගෝතම් නගරයෙන් සමුගන්නම්! ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
9,172 downloadsDownload Gotham-S05E12.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
81 comments
geeganagamage
Eranda Malith 2.0
සබ් එකට තෑන්ක්ස් මචන්. ඉවරම උනා ආසාවෙන් බලපු සීරීස් එකක්
sineth devapriya
සීසන් 5ක් අවුරුදු පහක්. කොතනද එපා වුනේ? ඒකයි මටනම් මේක විශේෂ. බලපු නැති කෙනෙක් ඉන්නවනම් අනිවා බලන්න. තෑන්ක්ස් සහෝල සබ් නියමෙට තිබ්බා. ඉක්මන්ට දුන්නත් එක්ක.
මේක වෙනුවට මොකක් එයිද. මොකක් ආවත් වැඩක් වෙයිද?
තෑන්ක්ස් ආයෙත් හැමෝටම
පුලුවන්නම් umbrella academy සබ් දෙන්නthanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.........!
kalana
Thankss
Ayesh Prashan
Thank You
Osanda_Viraj
සබ් එකට තෑන්ක්ස් මචං
dsdkavishka
Thenks for sub
විමා
DC හදපු සුපිරිම කොමික් බෙස්ඩ් ටීවී සිරිස් අතලොස්සෙන් එකක් මේක
එක දිගටම කිසිම අවුලක් නැතුව බලන්න පුළුවන්කම තිබ්බ
බැට්සිගේ එදිරිවාදීන් ටික මාර ලස්සනට ගොඩ නැගුවා
මේ විදියට මෙතනින් ඉවර වෙන එක ගැන සතුටුයි
එහෙනම් මෙතෙක් සබ අරගෙන ආව තුන් හතර දෙනාටම බොහොම තුති වේවා
ජය :DWM sithmaka
තැන්ක්ස් කොල්ලෝ ! ජයින් ජයම වේවා !
Nipuna
mula idan balapu akin aka dowlaod krala sinhala sub samahrak awath akka balapu kathwa iwra wuna , thkz sub dunnt mahanasi wela
nkrtharinda95
Sub එකට ස්තුතියි මිත්‍රයා
sudumanikakaushika
Ela bn.tnz
S.K. Ruchiranga
thzz for all
Demon Traveler
2014 idan me venakan oyage sub eka nisa thamai me kathava api baluve..godak pin godak thanks karapu deta..love u machan..
naveenviz
Thakz for all
dil591
thnx bro
037destroyer
supirima tv serise ekak. tnx bro sub okkotma. good luck!
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
සුපිරි කතා මාලාවක්...
Season 5ක් කොටස් 100ක් මග නවත්තන්නේ නැතිව සබ් ගෙනාපු එක සුපිරි වැඩක්...
තවත් මේ වගේ කතා මාලාවක් අරන් එමු...Pramukmili
thanxx bro.....keep it up.....
kamalanath91
thanks bro
charuka wijesundara
thanks brother
100
Sub eakata thanks
pradeep hashan
sub ekata thanks
ලහිරු ප්‍රසාද්
කාලයක් තිස්සෙ ආසාවෙන් බලපු කතාවක් DC ලගෙ.
ඒකත් ඉවරයි ඔන්න, හැබැයි එන්ඩින් එක නම් මදි.
අනික් අතට ඇදි ඇදි යනවට වඩා ඉවර කරපු එක හොදයි.
එහෙනම් උපසිරැසි ගෙනාපු තුන් හතර දෙනාටම බොහොම ස්තූතියි.
ජය!s.s.m
tz sub ekata.....
ksjayalath
වසර කිහිපයක් තිස්සෙ ගොතම් කතාමාලාවට උපසිරැසි දීපු සියලු දෙනාටම ස්තූතියි........ ජයෙන් ජයම වේවා......
Pradeep Iresh
සබ් එකට ස්තූති හොඳේ දිගටම බැලුවා මේ සීරීස් එක්...බැලැක් ලිස්ට් එකට දාමු නේ සබ් මේක ඉවර එකේ හාද...
achintha15
thnx mchn.mula idan asawen balapu tv series ekk.thnx sub walat..
chanakapramod
Thanks mchn!
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
කොටස් 100 ක් පුරාවට අඛණ්ඩව උපසිරැසි ලබා දීම සම්බන්ධයෙන් බයිස්කෝප් අඩවියටත්, සහෝදර උපසිරැසි කරුවන්ටත්, අඩවියේ ඇඩ්මින් වරුන්ටත් නැවත වරක් ස්තූතියි...හැකිනම් ආසවෙන් නරඹපු The Blacklist කතාවටත් මග නැවතුනු තැන ඉදන් සබ් දෙන්න...
ජයthush
Thanx bro
Nuwandika Dil
Thanks he otama
Nuwandika Dil
Meken passe bat ge tv series ekak eida?
Supun_no
Thanks sub ekata bro
naughty
sub walata thanx bro... me tharam dawas aasawen GOTHAM baluwe sub tbba nza... thanx again....
wajira
Thanks for sub
54321
හසන්ත වික්‍රරමරත්න සහෝදරයා ඔබට බොහෝම ස්තූතියි..ගොඩක් ආසාවෙන් බලපු tv series එකක්. හැකිනම් පුංචි ඉල්ලීමක් තියෙනව..පුලුවන්නම් blacklist series එකේ Episode 8 ඉදන් sub දෙන්න.
Chanaka Priyasanka
supirima tv series 1 tamai githan....thanks bro..
Shehanherath34
Thanks බයිස්කෝප්
sachithra19990629
thank you bro.... gotham iwara una eka gena nm godak dukai.....
ruchiraav
ස්තුතියි......!
sahan sankalpa
බොහොම ස්තුතියි❤ , ආදරෙයි පැලෙන්ඩ බයිස්කෝප් එකට ඇහ්❤
Nimkook
Thanks all for the subs of 100 episodes!
ishara@
Thank you
Vihanga sathsara
thankss machi sub ekata
Sujee
thnq
Ravindu Rukshan
Thx
D.Chamara
bohoma sthuthi sahooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thekshana
Thank You..! :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gotham [S05 : E12] Sinhala Subtitles | ගෝතම් වලට බලාපොරොත්තුවක්! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/01/Gotham-Season-5-Final.jpg)


බොහොම ස්තුතියි මේ ට්වි සීරියස් එක ගොඩාක් ආසාවෙන් බැලුවේ මම මේක මගේ යාළුවන්ටත් දුන්නා .