Watch Trailer

Cobra Kai (2018-) [S02 : E01] Sinhala Subtitles | ජයග්‍රහණයෙන් පසුව.. . [සිංහල උපසිරැසි සමඟ]

ගිය වසරේ නිකුත් වුනු Cobra Kai කතාමාලාව මතක ඇතිනේ. අමතක වෙන්න විදිහක් නැහැ. මොකද මග බලාගෙන ඉන්න බැරි මට්ටමේ සිදුවීම් පෙළක් එක්කයි කතාමාලාව අවසන් වුනේ. ඉතින් අද දෙවැනි කතාසමයත් අරගෙනයි මේ මුණගැහෙන්න හදන්නෙ. එක පාරටම කතාවට බහින්න කලින් කලින් කතාසමයෙ වෙච්ච දේවල් ටිකක් මතක් කරන් ඉම්මු. මුල් කතාසමයෙන් ක…

ගිය වසරේ නිකුත් වුනු Cobra Kai කතාමාලාව මතක ඇතිනේ. අමතක වෙන්න විදිහක් නැහැ. මොකද මග බලාගෙන ඉන්න බැරි මට්ටමේ සිදුවීම් පෙළක් එක්කයි කතාමාලාව අවසන් වුනේ. ඉතින් අද දෙවැනි කතාසමයත් අරගෙනයි මේ මුණගැහෙන්න හදන්නෙ. එක පාරටම කතාවට බහින්න කලින් කලින් කතාසමයෙ වෙච්ච දේවල් ටිකක් මතක් කරන් ඉම්මු.

මුල් කතාසමයෙන්

කතාව පදනම් වෙලා තිබුනේ Karate Kid චිත්‍රපට පෙලට පසුව සිදුවන සිදුවීම් පෙළක් ඇසුරින්. තාමත් කතාමාලාව ගැන අදහසක් නැත්තම් මේ ලිපිය කියවන්න. මුල් කතාසමය තුලත් දකින්න ලැබුනේ ලරූසෝ වගේම ජොනී දෙන්නාගේ පරණ කෝන්තර නිසා සිද්දවෙච්ච හැලහැප්පීම් ගැනයි. ලරූසෝ වාහන අලෙවිසැල් හිමියෙක් වෙද්දී ජොනී ලෝරන්ස් ජීවත් වෙන්න කලේ කුලී වැඩ. එක්තරා තැනකදී පොඩි එකෙක්ට අඩම්තේට්ටම් කරන කට්ටියකට ජොනී පහර දීලා පස්සෙ අර බේරුණු පොඩි එකා, ඒ කිව්වේ මිගෙල් බල කලා තමන්ටත් කරාටේ කියාදෙන්න කියලා. ඉතින් පස්සෙ ආපහු වතාවක් ජොනී කරාටේ පැත්තට යොමු වෙන්න ගත්තා මිගෙල්ට කරාටේ කියාදෙන්න යොමු වීමත් එක්ක. නිකන් කරාටේ නෙවෙයි ජොනී ඒ කාලේ ඉදන් ඉගෙන ගත්ත කෝබ්‍රා කායි කරාටේ සම්ප්‍රදාය තමයි ජොනී ආපහු වතාවක් ආරම්භ කලේ.

මිගෙල් දවසින් දවස දක්ෂතා මතු කරගන්න ගත්තා. තමන් ඉගෙන ගන්න උසස් පාසලේ එයාට අඩම්තේට්ටම් කරපු අයට පවා පහර දෙන්න පුලුවන් මට්ටමට තමන්ගේ හැකියාවන් ඉස්මතු කරගත්ත මිගෙල් සටන් කරන විදිහ දැකලා තවත් සෑහෙන අය ජොනීගෙ කරාටේ ඩෝජෝ එකට එකතු වෙන්න ගත්තා. මේ කාලේ තමයි මිගෙල්, ඩැනියෙල් ලරූසෝගෙ දුව වෙච්ච සමන්තා ලරූසෝ එක්ක ආදර සම්බන්ධතාවයක් පටන් ගත්තෙ. මේ සම්බන්ධය ගැන දෙපැත්තෙන්ම දැනගත්තම සෑහෙන ප්‍රශ්ණ පවා ඇතිවුණා. කෝබ්‍රා කායි කරාටේ නිසා දවසින් දවස ආක්‍රමණශීලි වෙන මිගෙල් ගැන සෑම්ට පවා කාලයක් යද්දී එපා වෙන්න ගත්තා. මේ වෙද්දී තමන්ගේම තාත්තා වෙච්චි ජොනීට වෛර කරන එයාගෙ පුතා රොබී, ඩැනියෙල් ලරූසෝ එක්ක හිතවත් වෙන්න පටන් අරන් තිබුනේ. පස්සෙ එයාට මියාගී කරාටේ පවා කියාදුන්නා. ඩැනියෙල්ට හිතවත් වෙච්ච රොබී දිනෙක් දින සමන්තාටත් සෑහෙන හිතවත් වුනා. මේ දෙන්නා නිතරම වගේ එකට ඉන්නවා දැකපු නිසාම මිගෙල් සෑම් එක්ක ලොකු රණ්ඩුවක් වෙලා ඒ දෙන්නා වෙන් වෙන්නෙ.

අන්තිමට ආපහු වතාවක් කෝබ්‍රා කායි එකේ අය වගේම තවත් කරාටේ දන්න අය මුහුණට මුහුණ ගැටෙන දවසක් ආවා. ඒ තමයි 2018 සියලුම මිටියාවත් අතර තියෙන තරගාවලිය. අවසන් වටය දක්වාම අත්දක්ෂ විදිහට සටන් කරපු කෝබ්‍රා කායි කණ්ඩායමේ අවසන් වටය දක්වාම සටන් කල මිගෙල්ට සටන් කරන්න වුණේ රොබී එක්කයි. කොහොමහරි අවසානයේදී රොබීවත් පරාද කරලා මිගෙල් කෝබ්‍රා කායි කණ්ඩායමට ජයග්‍රහණය අරගෙන ආවා. ජයග්‍රහණ මැද්දේ සෑහෙන දෙනෙක් අතරේ හිත් රිදවීම් ඇතිවෙලා තිබුණේ. මේ අතරේ තමයි කතාව අවසානයට ජොනී ලෝරන්ස්ගේ පුහුණුකරු වෙච්ච ජෝන් ක්‍රිස් නැවත වතාවක් එන්නෙ.

දෙවැනි කතාසමය

ඉතින් ජෝන් ක්‍රිස් ආයෙ ඒමත් එක්ක තමයි දෙවැනි කතාසමය පටන් ගන්නෙ. ජයග්‍රහණයෙන් පස්සෙ සිද්දවෙච්ච දේවල්, ඉදිරියට සිද්දවෙන දේවල් තමයි මේ කතාසමයෙන් දැකගන්න ලැබෙන්නෙ. පහුගිය සිකුරාදා, ඒ කිව්වේ අප්‍රේල් 24’වැනිදා තමයි කෝබ්‍රා කායි දෙවැනි කතාසමය සම්පුර්ණයෙන්ම විකාශය වීම වුණේ. මුල් කතාසමය වගේම ඉහල මට්ටමේ රේටින් ලබාගෙන සමත්වෙලා තියෙනවා.

එහෙනම් ඉතින් වැඩිකතා ඕන නැහැ. බලලම ඉන්නකො මොකද වෙන්නෙ කියලා. ඉස්සරහට පුලුවන් විදිහට මේ කතාව අරගෙන එන්න උත්සහ කරන්නම්. මට නැතත් ඉතිරි කොටස් වලට උපසිරැසි ලබාදෙන අපේ අයට සහයෝගයක් දෙන්නලා.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

12,305 downloadsDownload Cobra-Kai-2018-S02-E01.zip26 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

12,305 downloadsDownload Subtitles26 KB

31 comments

  1. Chamodvishwantha

    Thx bro sub ekata.jaya weewaa

  2. Stranger

    thanks

  3. sineth devapriya

    හා හා බලගෙන හිටියෙ සබට තෑන්ක්ස් බ්‍රො... s2 එකත් පට්ටටම තියෙයි

  4. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

  5. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  6. isuruchamath56

    ආසාව වැඩිකමට සබ් නැතුවම බැලුව... කමක්නෑ... ගොඩාක් ස්තුතියි සබ් එකට :) :)

  7. sureshhemal

    බොහොම ස්තූතියි සහෝ...

  8. Kavindu Gimahan

    ස්තූති බ්‍රෝ

  9. alphadish

    thanz

  10. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    මේක එනකම් බලන් හිටියේ...
    ඉතුරු ඒවටත් ඉක්මනටම සබ් ගේමු...

  11. Cavil

    Ela Saho. Sub ekta thanks. Jaya Wewa

  12. Mr.pamz

    thanks

  13. janith menaka

    thanks sub akata. ithuru episode tike awath ikmanata awnna

  14. LVG98

    thanks

  15. SLpathumaa

    anith ep tikatath ikmanta sub ek denna bro ... thks for sub

  16. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  17. sanka_raj

    අඩෝ මචන් කවුරු හරි ෆියර් ද වෝකින් ඩෙඩ් සීසන් 3එක සබ් දියම්කො

  18. සසිඳු කවීශ ගමපතිරණ

    Sinhala sub ekata thanks saho!

  19. Thilina Jayarathna

    ade thx bn .meka maru oii

  20. kasun sadaruwa

    jaya wewa saho digatama karan yan.s2 ep2 idan download karanna babne bn

  21. darshana100

    thanks saho

  22. dush135

    ela

  23. MAALnath

    Thanks ..........................good luck .............................

  24. Dodanchama

    thanks machan

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Eranda Malith 2.0

    සබ් එකට ස්තූතියි මචන්

  27. Abhi100

    Thanks bro sub ekata

  28. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  29. Binuka Mihiran

    උපසිරැසියට බොහොම ස්තූතියි Good Luck.... ❤️️❤️️❤️️

  30. Supun M. Hettigoda

    තෑන්ක්ස් කිව්වා...!!

  31. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.