Watch Trailer

Great Expectations [E01] Sinhala Subtitles | උදාර අපේක්ෂා! [සිංහල උපසිරැසි සමග]

මෙලෙස සිංහල උපසිරසි ගන්වා ඔබ වෙත පිරිනමන්නේ ලෝක පූජිත ගත කතුවර චාල්ස් ඩිකන්ස් විසින් රචිත ‘Great Expectations’ නමැති අග්‍රගණ්‍ය කෘතිය පාදක කරගනිමින්, Sarah Phelps විසින් ලියූ පිටපතකට අනුව 2011 දී Brian Kirk විසින් අධ්‍යක්ෂණය කෙරුණු Great Expectations නම් බ්‍රිතාන්‍ය කෙටි ටෙලිවෘතාන්තය යි. මේ නවකතාව…

 

මෙලෙස සිංහල උපසිරසි ගන්වා ඔබ වෙත පිරිනමන්නේ ලෝක පූජිත ගත කතුවර චාල්ස් ඩිකන්ස් විසින් රචිත ‘Great Expectations’ නමැති අග්‍රගණ්‍ය කෘතිය පාදක කරගනිමින්, Sarah Phelps විසින් ලියූ පිටපතකට අනුව 2011 දී Brian Kirk විසින් අධ්‍යක්ෂණය කෙරුණු Great Expectations නම් බ්‍රිතාන්‍ය කෙටි ටෙලිවෘතාන්තය යි. මේ නවකතාව චන්ද්‍ර අනගිරත්නයන් අතින් “උදාර අපේක්ෂා” නමින් සිංහලයට ද පරිවර්තනය කෙරුණා. මේක කියවපු අය දන්නවා ඇති මේ ඉතාම ලස්සන නවකතාවක් කියල. මේ බ්‍රිතාන්‍ය ටෙලිවෘතාන්තය මිනිත්තු පනහක පමණ ධාවන කාලයකින් යුතු කථාංග තුනකින් සමන්විත වෙනවා. ඒවගේම The X files ටෙලිවෘතාන්තයේ ‘ඩේනා ස්කලී’ ලෙස රංගනයේ යෙදුණු Gillian Anderson මෙහි හැවිෂම් මෙනවිය ලෙසත්, Romeo and Juliet (2013) චිත්‍රපටයේ ‘රෝමියෝ’ ලෙසින් රංගනයේ යෙදුනු Douglas Booth මෙහි පිප් ලෙසින් ද, ප්‍රධාන චරිත වලට පණ පොවනවා.

2011 ජුලි මාසයේ, දින තුනක් තිස්සේ, BBC මගින් නොර්ත්හැම්ටන් අසල හොල්ඩෙන්බි නිවස සැටිස් මන්දිරයේ බාහිර දර්ශන සඳහා රූගත කිරිමට යොදාගත්තා. සැටිස් නිවසේ අභ්‍යන්තර දර්ශන රූගත කෙරුණේ, හර්ෆඩ්ෂයර් වල වොට්ෆර්ඩ් අසළ පිහිටි ‘ලැංලීබරි මන්දිරය’ නම් පැරැණි ගම්බද නිවෙසක් තුළයි. ගාජරි නිවෙස සහ කම්මල ඉදිකෙරුණේ ටෝල්ස්බරි වල එසෙක්ස් ගම්මානයේ නැගෙනහිර පෙදෙසේ වගුරුබිමක් අසලයි. එමෙන්ම ආරම්භක දර්ශනයේ පෙන්වන දේවස්ථානය ලෙස භාවිතා කෙරුණේ අත්හැර දැමු කෙන්ට් ගම්මානයේ රොම්නි විල්ලුවෙහි පිහිටි ශාන්ත තෝමස් දේවස්ථානයයි. ගාජරි නිවසේ ඇතුළත දර්ශන බෙඩ්ෆඩ් ෂයර් හි ලූටන් හූ ගොවිපළ තුළ රූගත කෙරුණා.

මේ ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වන්නේ
Gillian Anderson – හැවිෂම් මෙනවිය ලෙසින්
Douglas Booth – පිප් හෙවත් ෆිලිප් පිරිප් ලෙසින්
Vanessa Kirby – එස්ටෙලා ලෙසින්
Shaun Dooley – ජෝ ගාජරි ලෙසින්
Claire Rushbrook – ගාජරි මහත්මිය ලෙසින්
Harry Lloyd – හර්බට් පොකට් ලෙසින්
Ray Winstone – ඇබෙල් මැග්විච් ලෙසින්
Oscar Kennedy – කුඩා පිප් ලෙසින්
Izzy Meikle-Small – කුඩා එස්ටෙලා ලෙසින්
Eros Vlahos – කුඩා හර්බට් පොකට් ලෙසින්
David Suchet – ජැගර්ස් ලෙසින්
Mark Addy – පම්බ්ල්චුක් මාමා ලෙසින්
Frances Barber – බ්‍රැන්ඩ්ලි මහත්මිය ලෙසින්
Tom Burke – බෙන්ටලී ඩ්‍රම්ල් ලෙසින්
Charlie Creed-Miles -සාජන් ලෙස
Susan Lynch – මොලී ලෙසින්
Paul Ritter – ජෝන් වෙමික් ලෙස
Jack Roth – ඩොල්ජ් ඔර්ලික් ලෙස
Perdita Weeks – ක්ලාරා ලෙසින්

අද පළවෙන කථාංගය ගැන:
පළමු කොටස
අධ්‍යක්ෂණය – බ්‍රයන් කර්ක්
තිරරචනය – සාරා ෆෙල්ප්ස් (චාල්ස් ඩිකන්ස්ගේ නවකතාව ඇසුරින්)
IMdb Ratings – 8.3/10
මුල්වරට විකාශය වුණු දිනය – 2011 දෙසැම්බර් 27

ෆිලිප් පිරිප් එහෙම නැත්නම් පිප් කියන්නෙ අම්මා තාත්තා අහිමිවුණු අනාථ දරුවෙක්. එයා ජිවත් වෙන්නෙ තමන්ගේ අක්කයි, කම්මල්කරුවෙක් වන මස්සිනයි එක්ක විල්ලුවක පිහිටි කම්මලක. දවසක් පුංචි පිප්ට විල්ලුවේදී භයානක අපරාධකරුවෙක් හමුවෙනවා. ඔහු පිප්ගෙන් උදව්වක් ඉල්ලනවා. පිප්‍ ඔහුට අනුකම්පා කරලා උපකාරය කරනවා. පස්සේ මේ අපරාධකාරයා පොලිසියෙන් අල්ලාගෙන යනවා. මේ අතරේ දවසක් හුදෙකලාව ජිවත් වෙන ධනවත් හැවිෂම් මෙනවියගේ නිවසෙන් පිප්ට ආරාධනයක් ලැබෙනවා. මේ ආරාධනය පිප්ගේ ජීවිතයට බලපාන්නෙ කොහොමද? ඇය එහෙම හදිසියේ ආරාධනා කළේ ඇයි? මේ ගැන අද කතාවෙන් බලන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා වලංගු වේ.

2,086 downloadsDownload Great.Expectations-2011-S01E01.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

2,086 downloadsDownload Subtitles27 KB

21 comments

  1. Krishan NiShalya

    බොහොම ස්තුතියි !
    දිගටම කරගෙන යන්න
    ☺☺☺☺☺☺☺

  2. isuruchamara

    ela

  3. npmuweerasinghe

    niyamai

  4. Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි ...
    බලන්දෝ නැ ද්දෝ කියලා කල්පනා කරේ

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Suranjan

    Thanks machan.....jayawewa......!

  7. Helili Hemamali

    මල්ලි ඉතින් උපසිරැසියක් කරොත් ඒක සුපිරියක් කියලා දන්නවා. බොහොම ස්තූතියි.

  8. Shanaka Cha

    '''''''''''''''බොහොම ස්තූතියි''''''''''''''''

  9. harshahjk

    බොහෝම ස්තූතියි සහෝ ඔන්න සබ අරගත්තා. ජයවේවා

  10. M.W. Dilhani

    baiscoplk eke dana hama sub ekakatama godak sthuthi

  11. kickass

    thx puluwannam beyond ekata sub denna

  12. Gishan Kaushalya

    Thanks brother Sub ekata.....!..★★★
    ★♥ Black lightining eketh sub eka puluwannam denna ♥★

  13. ප්‍රබුද්ධ කේසර විතානගේ

    හැමෝගෙම දිරිගැන්වීම් වලට බොහොම ස්තුතියි!

  14. sachintha

    Sub ekata thanks sahoo...

  15. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  18. Nishshanka Ruwan

    ස්තුතියි :)

  19. Saranga J. Liyanagama

    බොහෝම ස්තූතියි සහෝ...

  20. Dilupa Nadeeshan

    meka hondaida

  21. sachinijayasinghe

    thanks very much...