දිගු නිහැඬියාවකින් පස්සේ ආයෙත් ඔයාල හමුවට ආවේ ගිය අවුරුද්දේ පටන්ගත්තු කතාමාලාවක දෙවෙනි සමයත් අරගෙනයි. ඇත්තටම මේක ලබාදෙන්න තරම් කාලයක් නොතිබුන නිසා මං වැඩේ කර ඇරල හිටියේ. ඒත් චාමර අයියගෙ බලකිරිල්ල නිසාම මාස දෙකක් විතර අරගෙන හිමීට ඉවරකරගත්තා. ආයෙත් ඇඳිරි නීති කාලෙ ඇවිත් තියෙන නිසා ගෙදර ඉඳන් එකදිගට රස…

දිගු නිහැඬියාවකින් පස්සේ ආයෙත් ඔයාල හමුවට ආවේ ගිය අවුරුද්දේ පටන්ගත්තු කතාමාලාවක දෙවෙනි සමයත් අරගෙනයි. ඇත්තටම මේක ලබාදෙන්න තරම් කාලයක් නොතිබුන නිසා මං වැඩේ කර ඇරල හිටියේ. ඒත් චාමර අයියගෙ බලකිරිල්ල නිසාම මාස දෙකක් විතර අරගෙන හිමීට ඉවරකරගත්තා. ආයෙත් ඇඳිරි නීති කාලෙ ඇවිත් තියෙන නිසා ගෙදර ඉඳන් එකදිගට රසවිඳින්න පුලුවන් විදිහේ කතාමාලාවක් තමයි අරගෙන ආවේ. එහෙනම් වැඩිය කතාබතා නැතුව කෙලින්ම සීරීස් එක පැත්තට හැරෙමු.
පලවෙනි සමයි බලපු අය දන්නව මේක Amazon Original හරහා බෙදාහැරපු කතාමාලාවක් කියල. හැනා චිත්‍රපටය ආශ්‍රයෙන් තමයි මේක නිර්මානය කලේ. පසුගිය ජුලි 3 තමයි නිකුත් උනේ. IMDb අගය 7.5ක් සහ Rotten Tomatoes හි 80%ක ප්‍රතිශතයකුත් ලබාගෙන තියෙනවා. ඒවගේම ගූගල් පරිශීලකයින්ගෙන් 89% මනාපයකුත් ලබාගෙන තියෙනව. දැන් ඔයාලට දල අදහසක් ගන්න පුලුවන්නෙ කතාමාලාව ගැන. ආරංචි හැටියට මේක තුන්වෙනි සමයක් දක්වා දීර්ඝ කරල තියෙන්නෙ. ඒක නිසා බය නැතුව බලන්න පුලුවන්, මග අතරමන් කරන්නෙ නැතිවෙයි.
එහෙනම් පහුගිය සමය ගැන පොඩි මතකාවර්ජනයක් කරලාම මං ලිපිය නවත්තන්නම්.
හැනාත් එක්ක ගනුදෙනුව අවසන් කරන්න ගියපු එරික්ට සිදුවුන දේ මතක ඇතිනේ. කොහොම නමුත් හැනා උපරිම උත්සාහයක් ගත්තා උනත් එරික්ව බේරගන්න හැනාට බැරිවෙනවා, අවසානයෙ තමන්ගේ අම්මව වලදාපු තැනින්ම සුලුපියාවත් වලදාන්න හැනාට සිදුවෙනව. කොහොම උනත් මැරීස අන්තිමේදී එරික්ට සහ හැනාට උදවු කරන්න ගිහින් තමන්ගෙ කකුලටම වෙඩිල්ලක් පත්තුකරගන්නවා. ඒවගේම අන්තිමේදී Utrax එක විනාශ කරලා හැනා ක්ලාරත් එක්ක ආපහු කැලේට පැනල යනව. එහෙනම් අපි බලමු එතැන් සිට ඉදිරියට මොකද වෙන්නෙ කියලා…
මතක ඇතුව ඔයාලගෙ අදහසුත් කියාගෙනම යන්න,
මීලඟ කොටසින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,896 downloadsDownload Hanna-2019-S02-E01.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
7 comments
sachintha
Kelum
Thanks a Lot.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
oshanmp
උපසිරැසියට ස්තූතියි!
Isuru Sandaruwan
ස්තුතියි සහෝ.
Dewadithya
Thanks for Sub!
nilanka
thanks........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Warrior season 02 එකටත් සබ් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක් සහෝ...