Watch Trailer

Hanna (2019-) [S02 : E03] Sinhala Subtitles | දෙණිබිම [සිංහල උපසිරැසි සමඟ]

ඔයාල මේ එකතුවෙන්නේ හැනා කතාමාලාවේ තුන්වෙනි කොටසත් සමගයි. කට්ටියට මතක ඇතිනේ මියගියා කියලා විශ්වාස කරපු හැනා ආයෙත් මැරීසා වීග්ලර්ව හොයාගෙන ආපු විදිහ. ඒවගේම දැන් මැරීසා ආයෙත් Utrax එකත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරගෙන යනවා. නමුත් කාර්මයිකල්ගේ සේවිකාවක් වන සෝනියා රික්ටර් හැමතිස්සෙම ඇය ගැන ඇහැගහගෙන ඉන්නෙ…

ඔයාල මේ එකතුවෙන්නේ හැනා කතාමාලාවේ තුන්වෙනි කොටසත් සමගයි. කට්ටියට මතක ඇතිනේ මියගියා කියලා විශ්වාස කරපු හැනා ආයෙත් මැරීසා වීග්ලර්ව හොයාගෙන ආපු විදිහ. ඒවගේම දැන් මැරීසා ආයෙත් Utrax එකත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරගෙන යනවා. නමුත් කාර්මයිකල්ගේ සේවිකාවක් වන සෝනියා රික්ටර් හැමතිස්සෙම ඇය ගැන ඇහැගහගෙන ඉන්නෙ. ඒක නිසාම මැරීසා හැනාගේ බාහිර ස්වරූපය වෙනස් කරනවා හොර පාරකින් වෙන රටකට යවන්න. නමුත් තියෙන තත්වය එක්ක හැනා මේ තීරණයට වැඩිය කැමති වෙන්නෙ නැති බවක් අපිට පෙනුනා.

ඒ අතරේ ක්ලාරාවා ආයෙත් Utrax එකට අරගෙන එනවා, එහෙම කිවුවට අලුත් තැන හඳුන්වන්නේ දෙණිබිම කියලයි. කොහොම උනත් ක්ලාරා එතෙන්ට වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ. ඒ අතරෙ හැනා ආයෙත් හිතුවක්කාර ලෙස ක්ලාරාව හොයාගන්න යනවා. අපි බලමු මේ කොටසෙදිවත් මොකක්හරි ඉඟියක් ලැබෙයිද කියලා.

එහෙනම් එතන ඉඳන් කතාව අද කොටසින් බලන්න කියල ආරාධනා කරනවා.
මීලඟ කොටසින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,881 downloadsDownload Hanna-2019-S02-E03.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රඛිත රණතුංග

Subtitles

1,881 downloadsDownload Subtitles21 KB

4 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Dewadithya

    Thanks for Sub!