ඉතිං යාළුවනේ ඔන්න මම මේ පාර අත ගැහුවේ අළුත්ම වැඩකටයි. මේ අවුරුද්දේ නිකුත් උන රූපවාහිණි කතා මාලා අතර තවත් සුපිරිම කතා මාලාවක් තමයි මේ ඔයාලට ගේන්න සූදානම. කොටස් 13කින් සමන්විත මේ කතා මාලාව IMDb රේටින් 8.4/10ක් තරම් ඉහල අගයක් ගන්න සමත් වෙලා තියෙන සුපිරි කතා මාලාවක්. මේ කතා මාලාවේ අපි දන්න කියන නළු නිළ…
ඉතිං යාළුවනේ ඔන්න මම මේ පාර අත ගැහුවේ අළුත්ම වැඩකටයි. මේ අවුරුද්දේ නිකුත් උන රූපවාහිණි කතා මාලා අතර තවත් සුපිරිම කතා මාලාවක් තමයි මේ ඔයාලට ගේන්න සූදානම. කොටස් 13කින් සමන්විත මේ කතා මාලාව IMDb රේටින් 8.4/10ක් තරම් ඉහල අගයක් ගන්න සමත් වෙලා තියෙන සුපිරි කතා මාලාවක්. මේ කතා මාලාවේ අපි දන්න කියන නළු නිළියන් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඒ අතරින් The Matrix චිත්‍රපටි මාලාවේ Morpheus ගෙ චරිතය රඟ දැක්වූ Laurence Fishburne, Casino Royale (2006) චිත්‍රපටියේ Le Chiffre ගෙ චරිතය රඟ දැක්වූ Mads Mikkelsen, Black Hawk Down (2001) චිත්‍රපටියේ Schmid ගෙ චරිතය රඟ දැක්වූ Hugh Dancy සහ Red Riding Hood (2011) චිත්‍රපටියේ Prudence ගෙ චරිතය රඟ දැක්වූ Kacey Rohl මෙහි ප්‍රධාන චරිත රඟ දක්වනවා. අපරාධ, නාට්‍යමය හා ගණයට ගැනෙන මෙම රූපවාහිණී කතා මාලාවේ දෙවෙනි අදියර විකාශය වීමට නියමිතව තියෙන්නේ 2014 අවුරුද්දේ.
කතාවේ එන ප්‍රධාන චරිත ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්. ජැක් ක්‍රව්ෆෝඩ් කියන්නේ FBI නිලධාරියෙක්. විල් ග්‍රැහැම් කියන්නේ වෘත්තීයෙන් විශ්වවිද්‍යාලයක අපරාධ මනෝ විද්‍යාව පිළිබඳ දේශණ පවත්වන මහාචාර්යවරයෙක්. ඒ වගේම ඔහුට යම් අස්වාභාවික මනෝව්‍යාධික බලයක් තියෙනවා. එතකොට දොස්තර හැනිබල් ලෙක්ටර් කියන්නේ සුපිරි ගණයේ අමුතුම ගති පැවතුම් තියෙන මනෝ වෛද්‍යවරයෙක්. කතාව ගැනත් හැඳින්වීමක් කරනවනම් එක දිගට වෙන අතුරුදහන් වීම් මාලාවක් සම්බන්ධයෙන් ජැක් ක්‍රව්ෆොඩ් විමර්ෂණයක් කරනවා. ඒකට ඔහු උදව් ගන්නේ විල් ග්‍රැහැම්ගෙන්. මෙම අතුරුදහන් වෙන හැම කෙනාම එකම වයසේ එකම උස, එකම හිසකෙස් වර්ණයෙන් යුක්ත වගේම එකම විදිහේ ඇස් පිහිටලා තියෙන ගැහැනු ළමයි වීමක් තමයි මේ සිද්ධියේ තියෙන විශේෂත්වය. මෙම පැහැර ගැනීම් මාලාවේ 8 වෙනියට සිදු වන පැහැරගැනීමට ලක් වෙන්නේ එලිස් නිකොල්ස් නම් ගැහැනු ලමයයි. ඇගේ විස්තර හොයන්න ඇගේ ගදරට යන ජැක්ට සහ විල්ට ඇගේ මල සිරුර ඇගේම කාමරේ තිබිලා හමු වෙනවා. එදා උදේ ඒ මල සිරුර එතන නොතිබුන බවයි ඇගේ දෙමව්පියන් පවසන්නේ. ඒ අතරේ ඒ මල සිරුරේ අක්මාව ගලවා ඉවත් කර නැවත තිබුන තැනටම බද්ධ කර ඇති බවක් මරණ පරීක්ෂණයෙදි සොයා ගන්නවා. ඇයට එම අක්මාවේ පිළිකාවක් ඇති බවද එම පරීක්ෂණයෙන් සොයා ගැනෙනවා. මීට අමතරව යකඩ පයිප්ප ලියැවීමේදී ඉතිරි වන යකඩ පතුරක් ඇගේ සිරුරේ තිබිලා මෙම මරණ පරීක්ෂණය කරන දොස්තර ඇලනා බ්ලූම් විසින් සොයා ගනු ලබනවා. ඒ වගේම එලිස්ගේ සිරුරේ ගෝණෙකු හෝ මුවෙකුගේ අං වලින් සිදු වූ පහර දීමක තුවාල කැලැල් ද දකින්නට ලැබෙනවා.
මෙම මිනී මැරීම් වලට සම්බන්ධ පුද්ගලයාගේ මානසිකත්වය පිළිබඳව තේරුම් ගැනීම සඳහා ජැක් හට දොස්තර හැනිබල් ලෙක්ටර්ගෙ උදව් ලබා ගන්න සිද්ධ වෙනවා. දොස්තර ලෙක්ටර් සහ විල් ග්‍රැහැම්ගෙ උදව් ඇතිව මෙම අභිරහස විසඳන්න හදන ජැක්ට ඔවුන්ගෙ සහය උපරිමෙන්ම ලැබෙනවා. ඒ අතරේ තවත් එවැනිම ගැහැනු ළමයෙක්ගෙ මළ සිරුරක් කැලේක තිබිලා පොලිසිය විසින් සොයා ගැනෙනවා. එම මල සිරුර අමුණලා තියෙන්නේ ගෝණ අං තට්ටුවකටයි. ඒ වගේම එම මල සිරුරෙන් වකුගඩු ඉවත් කරගෙන කියලා පරීකෂකයන් සොයා ගන්නවා.
ඉතින් යාළුවනේ. ගැහැනු ළමයි පැහැරගෙන ගිහින් අමුතු විදිහට මරලා දාන මේ ශ්‍රේණිගත මිණි මරුවා කවුද? ඇයි ඔහු එහෙම මිනී මරන්නේ? FBI නිලධාරීන්ට හෝ දොස්තර වරයාටයි විල් ග්‍රැහැම්ටයි මේ මිනී මරුවා ගැන හෝඩුවාවක් හොයා ගන්න පුළුවන් වේවිද? විල් ග්‍රැහැම්ට ඇති අස්වාභාවික මනෝව්‍යාධික බලය මොකක්ද? මෙම කතා මාලාවට දොස්තර හැනිබල් ලෙක්ටර්ගෙ නම යොදලා තියෙන්නෙ ඇයි? එලිස්ගේ මලසිරුරේ අං ප්‍රහාරයක ලකුණු තියෙන්නෙ ඇයි? යකඩ පතුරේ හෝඩුවාවෙන් මොවුන්ට මොන වගේ දෙයක් හොයා ගන්න ලැබේවිද කියලා මේ කතාව බලලම දැනගන්න. දෙවෙනි කොටස සමගින් නැවතත් මුණ ගැහෙමු. හැමෝටම ජය වේවා.!!!
170 MB කොපිය මෙතනින් බාගන්න 1ff0a360f54226143c6b4a69e392209d0c32b3e7 270 MB කොපිය මෙතනින් බාගන්න e4a712654d70ea14eab0305e30951cf2debd013f 1.1 GB කොපිය මෙතනින් බාගන්න 9760b28e982f1346f3817a9e4479c85eb51d0f20 110 MB කොපිය (1.2GB) මෙතනින් බාගන්න c2f21003d5573c1ace3d852f988b7ec03be1a15a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,302 downloadsDownload Hannibal-S01E01.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
72 comments
dana
weera
supiri mcn...patta film 1k.....
ccnp
Maxxama akak macho
isuru
meyka mama illa illa unne sub thxxx mey awurudde awa hodama akak
quik
thanks
[chathura]
ela ela. Aluth wadeta jayen jaya.
tharanga
ලොවෙත් නෑ මචං මේක නම් පට්ට පතුරු කතාව සබ් දෙන එක නම් පට්ට
vee
maxxama tv kathawak aniwa balanwa
සමීර කරුණාරත්න
කියන්න උවමනා නැහැ මේ වසරේ පටන් ගත්ත අතිශයින්ම සාර්ථක වුන කතාවක්. ලබාගත්ත IMDB ලකුණු ප්‍රමාණය එහෙම්ම වැඩි 8 සිමාවේ තියාගන්න සමත් වුන කතා දෙකෙන් එකක්. ඉතින් එහෙව් එකක් අපේ ප්‍රේක්ෂකයන්ට තිලින කරන්න හිතපු එකම මදැයි. මම මේක බලුවී කොටස 3ක් වගේ. දැන් උපසිරැස එක්කම බලන්න හැකි. බොහොම ස්තුතියි. ඒ වගීම සුභ පතනවා....!
දිනිඳු සම්පත්
ආරංචියේ හැටියට මේක ඇත්තටම උන සිද්දියක්ලු..
ganidu
තැන්ක්ස් වේවා!
“චූටී මල්ලි”
අම්මත සිලි.....
තවත් නාටිටියක්
එල එල මචෝ මේකෙ පලමු කොටහ මන් ලග තියෙ
තාම බැලුවෙ නෑ
අනික්වත් ඉක්මනට දෙමු
ඔබට ජය...........දිනිඳු සම්පත්
අනිත් ඒවත් ඉක්මනටම දෙනවා..
naleen
pattama patta mamath aniwa balanwa
was
මේක නම් මම කියන්නේ හැමෝටම බලන්න පටන් ගන්න කියලයි මේක සුපිරිම වෙන කියන්න දෙයක් නෑ පට්ටම එකක් කතාවක් තියෙන රහස් පර්ක්ෂක ගතිය අභිරහස් ගතිය එකී මෙකි නොකී හැම දේම කැටිඋන පට්ට එකක්
ජය!
sds
uba nam supiri meyka balanna asawen unne
amilatk
jayen jaya!!!!
Rashmika
ela ela...t.v series nm itn kiyla wdk na fatta tma..thanks bro!!
rusuru | රුසිරු
පට්ට මචං අනිත් ඒවාත් ඉක්මනට බස්සමු
chamath cafe
මේකේ සබ් දෙන එක නම් පට්ට
dd
best tv s
Amila`
හොදම දේ හොදම තැනින් ජය දිගටම කරමු
chami
thnxxxxxxxxxxxxxx
shann
මේක ගැන අහලා තිබ්බා පට්ට කතාවක් බවත් සබ් දුන්න නේ දැන් අනිවා බලන්න ගන්නවා දිනිදුට ජය
Sahan
vatinavah vatinavah.. thanxz a lot bro...
g-a-n-d-u
අනිවා සුපිරි මේක
yasas
adama balanna gannawa macho kathawa kiyewuwama danma balanna hithuna
කැළුම්
පට්ට වැඩක් ඔහොම යමු
zumo man
elazzz thnxzzzz
kalana
all the best :)
ositha
baiscope ake subs dena kattiyata jaya wewa mey wage supiri awa subs dala dena akata
nilanka
all the best baaami
කේ.යූ.ජී. උදාර
ඔන්න මචෝ මාත් සබයි ටොරන්ට් එකයි ගත්තා.
ඊළඟ කොටසත් ඉක්මනට ම දියං.
සබට බොහොම ස්තූතියි......waruna
maxxa maxxxa maxxxaaaaa
HarshA LahirU
පට්ට මනෝපාරක් වගේ..... ඉතින්මේවා දෙද්දි නොබලා කොහොමද ස්තුතියි සහො
tharindu
ela ela.........mekanam supiri athi......
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අනේ රත්තරනේ...මේ දීලා තියෙන්නේ එල බාන්ඩයක්...
එහෙනම් මෙච්චර දවස් මේකට තමයි අර ඇදලා තියෙන්නේ, ෆිල්ම් එහෙම නොදී අහ්හ්..
දෙයියන්ගේම පිහිටයි දිද්නිදු මචෝ...
බලන්න කතාවක් නැතිව උන්නේ, අන්ඩර් ද ඩොම එකත් සතියට සැරයයි නොවැ එන්නේ...
මේකනම් දෙයියෝ දුන්න එකක් වගේ තමා...
බොහොම පිං, මගේම ටයිප් එකේ කතාවක්...
ඒත් දිනිදු මචෝ...
වැඩේ නරකයි නාපු එකනම් හොදේ...
ජය වේවා!!!දිනිඳු සම්පත්
සමනා හිටියෙ නෑ බං. ඌ මේ දවස් වල ගාල්ලෙ වැඩ කරන්නේ. ඒකයි එන්න බැරි උනේ..
මේකට නම් දවස් දෙකට එකක් සබ් ගානෙ ලැබේවි..ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එළනේ...මැක්සා...
පස්සේ වෙලාවක එන්න.
rock hasi
ela niyamai
dushman
ela ela mekath ethn supiri athi nda
mamath onna gaththaනලින්
අඩේ අප්පා මම මේක බලා මකලා දැම්මා නේ. ෂික් විතරක්..
නියමයි දිනුදු අයියා..
ඔන්න අපාහු සැරයක් බානවා .. ස්තුතියි මේකට සබ් කරනවටජය වේවා..!
uda
අප්පා, ඉතින් බලහන්කො... දැන්නම් මම ටීවී එව්වා බලන එක අතෑරලා තියෙන්නේ.
ඉවරයක් නෑ නේ, එපා වෙනවා. ඒ වුණත් මේක සත්‍ය කතාවකින් ආභාෂය ලබාපු එකක් නේද? එහෙමකොටනම්...ගම්දෝ නොගම්දෝ කියලා හිතුණි මට :(
කොහොමද අනේ දැනගන්නේ මේකෙ වග :'(indika
ela... ela... thnx sub akata... !!!! :)
Dilan Sachinthaka
Niyamai Niyamai Ela sahoooooooooooooooooooo
maduranga wedagedara
superb bro waiting for next epi sub.... plz
dev
onna niyama kata set ekakatane sub dala tiyenne... .
bohoma stuti saho.... .සුනෙත්
ඉස්තුතියි සහෝ,මේ වගේ කතා මාලාවකට සබ් දෙන එක ලේසි වැඩක් නෙමෙයි,ජයවේවා
කැලුම් ගුණසේකර
ස්තුතියි දිනිදු සහෝ. මේ කොටස මම උපසිරැසි නැතිව බැලුවේ. දැන් නම් උපසිරැසියත් එක්ක ම බලන්න පුලුවන්. ස්තුතිය.
Anjana
elaszz
nirosha
danata tv s. godak thiyanawa.prathichara danata adu ekay.etha 3 wana kotasawage edhthi hodata comment labey.digatama nawaththanne nathiwa denna.good luck
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
mudiya / මුදියා
බලන්න ආසාවෙන් ඉන්නෙ.බලමුකො හෙට දිහාවටවත්.ජයවේවා.බොහෝ............................................ම ස්තූතියි...!
Thisara NEO
තැන්ක්ස් සහෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

patta kathawak wage machan ela ela.......