ඉතින් යාළුවනේ, ඔන්න ඔයාලට හැනිබල් කතා මාලාවේ හය වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි අරගෙන ආවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටස. ඒකෙදි වැරදි කරපු මිනිස්සු පණපිටින් හම ගහලා ඔවුන්ගෙන් දිව්ය දූතයන් නිර්මාණය කරපු පුද්ගලයව හොයා ගන්න විල් ග්රැහහැම්ට හැකි උනා. ඒ අතර ජැක් ගෙ බිරිඳට පිලිකාවක් තියෙන බව ජැක්ට දැනගන්න ලැ…
ඉතින් යාළුවනේ, ඔන්න ඔයාලට හැනිබල් කතා මාලාවේ හය වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි අරගෙන ආවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටස. ඒකෙදි වැරදි කරපු මිනිස්සු පණපිටින් හම ගහලා ඔවුන්ගෙන් දිව්ය දූතයන් නිර්මාණය කරපු පුද්ගලයව හොයා ගන්න විල් ග්රැහහැම්ට හැකි උනා. ඒ අතර ජැක් ගෙ බිරිඳට පිලිකාවක් තියෙන බව ජැක්ට දැනගන්න ලැබෙනවා. ඒ පිලිකාව එහි අවසාන අදියරේ තියෙන බවත් ඔහුගෙ බිරිඳ ඔහුට පවසනවා. ඒ වගේම කලු ගෝනා කියන්නේ විල්ගෙ හිතේ මැවෙන මායාවක් බවත් අපිට දැනගන්න පුළුවන් උනා. ඒත් ඒ කලු ගෝනා විල්ගෙ හිතේ මැවෙන්නේ මොන වගේ හේතුවක් නිසාද කියල නම් තාම හිතා ගන්න අමාරුයි. ඒ අතරේ මේ මිනීමැරුම් වලට දොස්තර හැනිබල්ගේ යම් සම්බන්ධයක් ඇති කියලා ඔයාලටත් හිතිලා ඇති.
මේ පාර කතාව පටන් ගන්නේ අධි ආරක්ෂිත මානසික රෝහලක මානසික රෝගියෙක් විසින් එහි සේවය කරන හෙදියක්ව අමානුෂික අන්දමින් ඝාතනය කරන සිද්ධියකිනුයි. ඒ මානසික රෝගියා කලින් හිටි දොස්තර වරයෙක්. ඔහුගෙ බිරිඳ සහ පවුලෙ අය ඝාතනය කිරීමේ සිද්ධියකදි ඔහු මානසික රෝගියෙක් බව ඔප්පු වීම නිසා ඔහුව එම මානසික රෝහලට යොමු කෙරෙනවා. ඒ සිදුවීමට වසර දෙකකට පමණ පෙර මෙවැනි ඝාතන කිහිපයක් කල පුද්ගලයෙක් පිළිබඳ FBI ආයතනය විමර්ෂණයක යෙදෙනවා. එම ඝාතකයව ඔවුන් හඳුන්වන්නේ “පරපීඩක ඝාතකයා“ නමිනුයි. ඔහු එම ඝාතන සිදු කිරීමේදී ගොදුර බවට පත් වන පුද්ගලයා පණ පිටින් සිටියදී සිරුරේ අභ්ය“න්තර කොටස් ඉවත් කරනු ලබන අතර අමානුෂික අන්දමින් නොයෙක් නොයෙක් ආයුධ එම සිරුර තුලට බස්සනවා. හරියට අර ගෝන අං තට්ටුවෙන් මල සිරුරු සිදුරු කරනවා වගේ කරනවා. ඒ විමර්ෂණය බාරව කටයුතු කරන්නේ නියෝජිත ජැක් ක්රනව්ෆෝඩ්. ඔහුගෙ සහයට ඔහු, ඔහු යටතේ පුහුණුවන දක්ෂ නිලධාරිණියක්ව යොදා ගන්නවා. ඇය නමින් මිරියම් ලෑස්. නමුත් මෙම විමර්ෂණය සිදු කරන අතරතුරේදි මිරියම් ලෑන්ස් හිටි හැටියේ අතුරුදහන් වෙනවා. ඇය මිය ගියා කියලා තමයි හැමෝම හිතන්නේ. ඒත් අර මිනී මැරුම් සිද්ධියෙන් පස්සේ එක දවසක් පාන්දර ජැක්ට දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඒ මිරියම් ලෑස්ගෙන්.
ඉතින් යාළුවනේ. පරපීඩක ඝාතකයා නමින් හඳුන්වන පුද්ගලයා අර මානසික රෝහලේ ඝාතනය සිදු කරන පුද්ගලයාමද? වසර දෙකකට පෙරත් එම ඝාතන සිදු කරේ ඔහු විසින්ද? නැත්නම් වෙනත් පුද්ගලයෙක් විසින්ද? මිරියම් ලෑස් මිය ගිහින් නැද්ද? ඇය අතුරුදහන් වෙන්නෙ කොහොමද? විල් ග්රැවහැම්ට අර පරපීඩක ඝාතකයා සහ මානසික රෝගී දොස්තර වරයා අතර සම්බන්ධයක් සොයා ගන්න පුළුවන් වේවිද? කියලා කතාව බලලම දැනගන්න. ඒ වගේම මේ කොටසෙදි නම් දොස්තර හැනිබල් මේ මිනී මැරුම් වලට කෙලින්ම සම්බන්ධ ඇති කියලා හිතෙන විදිහේ සිද්ධියක් පැහැදිලිවම පෙන්නනවා. ඒ මොකක්ද කියලත් කතාව බැලුවම දැනගන්න පුළුවන්.
හත් වෙනි කොටසින් ඉක්මනින්ම මුණ ගැහෙමු. ජයවේවා!!
140 MB කොපිය මෙතනින් බාගන්න 0acd2c6d02e5b344313c795fb8695505700d91f0 250 MB කොපිය මෙතනින් බාගන්න f910d761f2adcf3b2139031877addf71c414e869 930 MB කොපිය මෙතනින් බාගන්න d0cd2d621b944024556361fefa8ba7138350b150 120 MB කොපිය (1.2GB) මෙතනින් බාගන්න c2f21003d5573c1ace3d852f988b7ec03be1a15a 145 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න 7210f1032cb36773f8cc30a8b66adc4614f5d081 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,661 downloadsDownload Hannibal-S01E06.zip151 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
44 comments
hh
quik
thanks
naleen
bohoma pin saub akata
vee
maxxa maxxa macho
ositha
digatama meyeke subs damu supirima kathawa
wow
wow,, maru :D
fd
mamath gannawa macho
lasidu
ලොවෙත් නෑ මැක්සා
pubudu
tx :)
tharanga
ඔය තියෙන්නේ දාලා මැක්සා
ganidu
තැන්ක්ස් වේවා!
HarshA LahirU
එලකිරි Thanks සහො
kalana
niyamai mare maru hode :)
f_live
බොහොම පින් :) සහෝට මේක ඉක්මනට දෙන එකට
chami
thnxxxxxxxxxxxxxx
Sahan
vade nagala ynva.. tnx a lot bro...
kalinga
සුපිරි කතාවක් මේක නම් මචෝ එකෙන්ම
jeewantha
tz lot
geeth
bohoma pin
rusuru | රුසිරු
සුපිරි :) සුපිරි
dev
bohoma stuti saho....... .
නලින්
ස්තුතියි දිනුදු අයියා..
මේක නම් නැගලාම යනවා.
ජය වේවා!
shavindu avishka
pissu hadeno hode...super wadak ...thanks aiya
indika
thnx ..!!!
Tharu
අනිත් ඒවත් ඉක්මනට දෙන්න සහෝ...
mudiya / මුදියා
හප්පට සිරි.දිනිඳුව යකා වගේ එක දිගට දෙනව නේද.දැන් ඉතිං මේව කොහොමද බොලව් බාන්නෙ.කොහොම හරි බාන්නත් එපැයි.නියමයි නියමයි.ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!
chandima
thaz mahama api wanuwan mahansi wana aka ... machara ikmanata aka digata sub danna oyala vetarai yalu thaz & ool the best
dedunu- yatalamatta,
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!
RT
ela ekenma.....
සුනෙත්
ඉස්තුතියි සහෝ,කොහොම එක දිගට දෙනවද කියලා හිතා ගන්න බැහැ
shani
ගොඩක් ස්තූතියි සිංහල සබ් වලට.
මේක නම් වෙනස්ම කතාවක් නේද.
අපිටත් නිකං මනෝ විකාරයි වගේනි.
තාම පැටලිලි සහිතයි.
ඇත්තම කිවුවොත් සිංහල තේරෙනවත් අඩුයි මේ කථාවේ.
(ඔයාට දොස් කිවුවා නෙවෙයි. කතාව ඇත්තටම සංකීර්ණයි වගේ)දිනිඳු සම්පත්
ඔව්.. ඒක ඇත්ත.. මනෝවිද්‍යාවෙයි අපරාධ විද්‍යාවෙයි තියෙන ගොඩක් වචන අපිට නුහුරු නිසා ඒවා තේරෙන්නෙ නැහැ.. ඒවට දාන්න වෙන වචනත් නැහැ.. හැබැයි ඉතින් කතාව නියමයි..දිගටම බලන්න.. අන්තිමේදි හැම දේම පැහැදිලි වේවි... ;)
shani
දිනිඳු තෑන්ක්ස් ඔයාට මට උත්තර දුන්නට.
මං සැකේට ආපහු බැලුවේ.
කොහොමද ඇත්තට වේලාව හොයා ගන්නේ.
මං කිවුවේ සබ් හදන්න වගේම අපිට උත්තර දෙන්නත්.
කොහොම උනත් බයිස්කෝප් එකේ කථා අතාරින්නේ නෑ ඔයාලා කිවුවත්.
සoජය
දිනිඳු සහෝ බොහොම ස්තුතියි..
සමීර කරුණාරත්න
සමාවෙන්න ඕනෙ ප්‍රමාද වීම ගැන මේ ටිකේ අතිශය වැඩ අදිකයි නෙව.
මේ කොටස ටික ටික බලනවා තවම ඉවර නැහැ...
බොහොම ස්තුතියි මේක අපි වෙත ගෙනාවට.“චූටී මල්ලි”
හොදයි ඈ..............
සබට තුති
ඔබට ජය............රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
Thanks Machan Keep IT Up...................:D
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍mihan
thank you !
Rashmika
ela ela thanks lot!!!!!!!!!!!!
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
duminda
thank u machan... ela
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

patta mey episoce aka anakam hitiye