Watch Trailer

Hannibal (2013) [S01 : E10] | ඝාතනය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔන්න හැනිබල් කතා මාලාවේ 10 වෙනි කොටසත් සිංහල උපසිරැසි දාලා ඉක්මනින්ම ඔයාලට ගෙනාවා.. දැන් ඔයාලා දන්නවනේ මේ ඝාතන බොහෝමයක් පිටිපස්සේ දොස්තර ලෙක්ටර් හැනිබල් ඉන්න බව. හැබැයි කිසිම කෙනෙකුට පුංචි සැකයක්වත් නැති වෙන විදිහට ඔහු මෙම ඝාතන සියල්ලම මෙහෙයවනවා. ඇබිගේල් විසින් මරපු නිකොලොස්ගේ සිරුර හ…

hannibalඉතින් යාළුවනේ ඔන්න හැනිබල් කතා මාලාවේ 10 වෙනි කොටසත් සිංහල උපසිරැසි දාලා ඉක්මනින්ම ඔයාලට ගෙනාවා.. දැන් ඔයාලා දන්නවනේ මේ ඝාතන බොහෝමයක් පිටිපස්සේ දොස්තර ලෙක්ටර් හැනිබල් ඉන්න බව. හැබැයි කිසිම කෙනෙකුට පුංචි සැකයක්වත් නැති වෙන විදිහට ඔහු මෙම ඝාතන සියල්ලම මෙහෙයවනවා. ඇබිගේල් විසින් මරපු නිකොලොස්ගේ සිරුර හංගන්න තමන් උදව් උන එක ගැනත් ඔහු සාධාරණ නිදහසට කරුණක් විල්ට කියලා එම රහස විල්ගෙන් පිට නොවෙන තැනට වැඩේ සිද්ද කරනවා. ඉතින්.. ඔයාලට හිතෙනවද මේ කතා මාලාව අවසානෙදි දොස්තර ලෙක්ටර් හැනිබල්ව අල්ලගන්න විල් ග්‍රැහැම්ට සහ ජැක් ක්‍රව්ෆෝඩ්ට හැකි වේවි කියලා..? නැත්නම් මේ සෑම මිනීමැරුමක්ම වෙන අයෙක් පිට පටවලා දොස්තර හැනිබල් ගැලවේවි කියලා? ඒ වගේම තාමත් හිතාගන්න බැහැ දොස්තර ලෙක්ටර් ඇබිගේල්ව ආරක්ෂා කරන්නෙ ඇයි කියලා? ඒ වගේම මිරියම් ලෑස්ගෙ මල සිරුරට ඔහු මොකක් කරාද කියලත් අපි තාම දන්නෙ නැහැ.. මේ සේරම ප්‍රශ්ණ වලට පිළිතුරු අන්තිම කොටස් තුනෙන්වත් ලැබේවිද?

මේ පාර කොටසින් විල්ට තවත් මිනී මැරුමක් ගැන හොයන්න පැවරෙනවා. මූන විරූප වෙන විදිහට කපලා ඝාතනය කරපු අහිංසක ගැහැනු ළමයෙක්ගෙ ඝාතනය ගැනයි මෙවර විල්ට හොයන්න ලැබෙන්නේ. හැබැයි මේ මිනීමැරුම ප්‍රතිනිර්මාණය කරන්න යන විල්ට අත්විඳින්න වෙන්නේ අමතුම අත්දැකීමකටයි. එම මිනී මැරුම කරේ වෙන කවුරුවත් නොව තමන් විසින්ම බව විල්ට දැනෙන්න ගන්නවා. ඔහු ඒකෙන් සෑහෙන්න කැළඹෙනවා. ඔහු දන්නවා උනත් ඔහු එහෙම නොකල බව, ඔහු ඒ බව පිළිගන්න ටිකක් පැකිලෙනවා. ඒ තරම් බරපතල ලෙස ඔහුට එම හැඟීම දැනෙනවා. මේ සම්බන්ධයෙන් දොස්තර හැනිබල් සමග කතා කරන විල්ට ස්නායු සම්බන්ධ වෛද්‍යවරයෙක් වෙත යොමු වීම සුදුසු බව හැනිබල් විසින් යෝජනා කරනවා. එ වගේම ඔහුගෙ හිතවත් දොස්තරවරයෙක්ව ඒ සඳහා විල්ට හදුන්වලා දෙනවා. ඉතින් විල්ට සිදු වෙනවා MRI පරීක්ෂණයකට මුහුන දෙන්න..

ඉතින් යාළුවනේ.. මේ MRI පරීක්ෂණයේ ප්‍රතිඵලය මොකක් වේවිද? එමගින් විල්ගෙ මොලේ යම් කිසි ආබාධයක් හෝ අසාමාන්‍ය ගතියක් හොයා ගන්න ලැබේවිද? මේ පාර මේ දරුණු විදිහට ගැහැනු ළමයෙක්ව මරා දාන්නේ කවුද? ඒ ඇයි? ඒ වගේම මේ මිනී මැරුම් වලට අපේ දොස්තර හැනිබල්ගෙ සම්බන්ධකමක් තියෙනවද? විල්ට ඇයි හිතෙන්නේ ඒ මිනී මැරුම තමන් විසින් සිදු කරන ලද්දක් බව? ඇත්තටම එම මිනී මැරුම විල් විසින් අවසිහියෙන් සිදු කරපු මිනී මැරුමක්ද? නැත්නම් ඒක විල්ගෙ හිතේ ඇති වෙන මායාවක්ද ? කියලා කතාව බලලම දැනගන්න. 11 වෙනි කොටසින් ඉක්මනින්ම හමුවෙමු.. හැමෝටම ජයවේවා!!!

Hannibal (2013) on IMDb

 

 

125 MB කොපිය මෙතනින් බාගන්න 76f54bcb750767162be0294d95fe15861ed5989b 190 MB කොපිය මෙතනින් බාගන්න 5c8bc4cfe3f077d3c1586eb4745252ef44023d3a 700 MB කොපිය මෙතනින් බාගන්න 06e1d06a444d5c2986a95d8bfb117b0dbeefd1ab 80 MB කොපිය (1.2GB) මෙතනින් බාගන්න c2f21003d5573c1ace3d852f988b7ec03be1a15a 130 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න 7210f1032cb36773f8cc30a8b66adc4614f5d081 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,330 downloadsDownload Hannibal-S01E10.zip114 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

2,330 downloadsDownload Subtitles114 KB

35 comments

  1. gayan

    patta macho

  2. naleen

    subs anakam unne , nathuwa nm melo deyak thyrenne na

  3. vee

    maxxa macho

  4. kalinga

    එළනේ සහෝ බලන්න ඕනේ

  5. amilatk

    jayen jaya!

  6. geeth

    pattama kathawa thawath podddai

  7. shann

    නියමයි සහෝ ඔයා එක දිගට දෙන නිසා මේක කම්මැලි නැතුව
    බලන්න ඇහැකි

    ජය!

  8. tharanga

    ජයම වේවා මචෝ සුපිරි

  9. quik

    thanks

  10. උදාර

    බොහොම පින්

  11. jeewantha

    sub dena akata kaatta kala thxz saho

  12. shani

    thanks a lot

  13. rusuru | රුසිරු

    එල මචං

  14. “චූටී මල්ලි”

    එල මචන් තව 3යි
    ඒකත් දෙන්න ඉක්මනටම
    සබට තුති
    ඔබට ජය..................

  15. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල දිනිදු සහෝ...
    වැඩේ කියන්නේ සමාවෙන්න ඕනේ කලින් එව්ව්ව්ට කොමන්ට් දාන්න බැරි උනාට,
    මොකද අපි ආත්මාර්තාකාමී මිනිස්සු නේ..
    මට කලින්ම සබ් ටික හම්බුනා, එපිසෝඩ් එකේ ඉදන් අට වෙනකම්, ඉතින් මොන එහෙකටද කොමන්ට් දාන්නේ...
    මේ ටික නැති නිසා ඔන්න කොමන්ට් දානවා...
    වැරැද්ද කරගත්තේ ඔයාම තමයි...
    එහෙනම් ඔන්න මේ සබ් එකත් ගත්තා,,/..
    ජය වේවා...

  16. ශාන් විමුක්ති [විමා]

    එල එල දිදුල අයියේ
    එලම තමා
    තව ඩිංගයි
    එලටම කරන් යනව ඔයා
    ඒ වගේම මම විශේෂ විවෘත්ත ඉල්ලීමක් කොරන්ට කැමතියි
    නරකද අපේ මංසලට ලිපියක් එහෙම ලිවුවොත් එන්න තියෙන බයිස්කෝප් එකක් ගැන
    එහෙම නැත්තම් කරන්ට හිතාන ඉන්න එකක් ගැන විස්තරයක් එහෙම දාල
    සලකා බලමු නේද?

    1. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      බොල, කණ්නාඩි දෙකක් පාවිච්චි කරපිය...
      දිදුල නෙවි...දිනිදු මාමා මේක කරලා තියෙන්නේ..
      බොටත් දැන් සීයා කියල කියන්න වෙන්නේ....

    2. ශාන් විමුක්ති [විමා]

      මේං
      මම නම් නෙමේ
      මේ තරුන නාකියා තමයි මෙහෙම කියල තියෙන්නෙ
      මම නම් හවුල් නෑ ඔවට දිනිදුවෝ
      මූ හොද තරුන එකා කියල හිතාන ඇති හැට පැන්න රිලවා
      එනව මටත් සීයා කියන්න
      තරහ යනව හරී

    3. දිනිඳු සම්පත්

      :v

    4. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      දැන් බොල යකෝ, මමද දිනිදු මාමට දිදුල කියල තියෙන්නේ...
      උබ නම් උපැස් යුගලක් පාවිච්චි කොරන එකම යහපති...

    5. ශාන් විමුක්ති [විමා]

      වස ලැජ්ජාවයි :(
      ල යනු දු මාරු වෙලා නොවැ

  17. නලින්

    මේක නම් ලෙසටම යනවා. ඉතුරු ටිකත් ඉක්මනට දාන්ඩෝ...

    ජය වේවා!!

  18. Pramuk

    super machan pattama tv series eka

  19. හර්ෂ ලහිරු

    එලකිරි දිනිදුවා

  20. චතුරංග සුරාජ් පෙරේරා

    බොහොම ස්තුතියි දිනිදු සහෝ එන්න එන්නම කතාවට තියෙන ආසාව වැඩි වෙනව සුපිරි කතාව දිගටම සබ් දෙමු ! ජයවේවා !

  21. mudiya / මුදියා

    නියමයි දිනිඳුවො.දිගටම දෙමු.ජයවේවා.බොහෝ...............................................................................ම ස්තූතියි...!

  22. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  23. dushman

    thank wewa saho
    sub 1 ta

  24. indika

    thnxx...!!!!!!!

  25. shavindu avishka

    thank you very much bro

  26. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. මේක දැන් ඉවර වෙන්නත් ළඟ ඇති නේද? ජය෴෴ :P :P

  27. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  28. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  29. Rashmika

    thanks lot!!!!!!!!!!!

  30. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)