ඔන්න යාළුවනේ ඔයාලට හැනිබල් කතා මාලාවේ නව වෙනි කොටසත් සිංහල උපසිරැසි සමගින් ගෙනාවා… ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසින් ෆ්‍රෑන්ක්ලින් නම් රෝගියා මාර්ගයෙන් ටොබායස් ගැන ඇත්ත දැනගත්ත හැනිබල් අවස්ථාවක් උදා වෙනවා. ඒ ගැන ඔහු විල් ට කියනවා. විල් ග්‍රැහැම් ටොබායස් ගැන විමර්ශණය කරන්න ගියාම විල් සමග සිටින පොලිස් න…
ඔන්න යාළුවනේ ඔයාලට හැනිබල් කතා මාලාවේ නව වෙනි කොටසත් සිංහල උපසිරැසි සමගින් ගෙනාවා… ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසින් ෆ්‍රෑන්ක්ලින් නම් රෝගියා මාර්ගයෙන් ටොබායස් ගැන ඇත්ත දැනගත්ත හැනිබල් අවස්ථාවක් උදා වෙනවා. ඒ ගැන ඔහු විල් ට කියනවා. විල් ග්‍රැහැම් ටොබායස් ගැන විමර්ශණය කරන්න ගියාම විල් සමග සිටින පොලිස් නිලධාරීන් දෙදෙනාවම ටොබායස් විසින් මරා දාලා විල්වත් මරන්න උත්සාහ කරනවා. ඒත් විල් ඒකෙන් ගැලවෙනවා. ඉතින් ටොබායස් යනවා දොස්තර හැනිබල්වයි ෆ්‍රෑන්ක්ලීන්වයි හොයාගෙන. එතනදි දොස්තර හැනිබල් විසින් ෆ්‍රෑන්ක්ලීන්ව මරලා දාලා ටොබායස් සමග සටන් කරලා ඔහුවත් මරලා දාලා ෆ්‍රෑන්ක්ලින්ගෙ මරණයේ වගකීම ටොබායස් පිට පටවනවා. දැන්නම් ඔයාලට තේරිලා ඇති හැනිබල් කියන්නේ මිනී මරුවෙක් බව. ඒ වගේම ඔහු අති සූක්ෂම පුද්ගලයෙක් බව. ඒ වගේම හොඳ දක්ෂ කෝකියෙක් බව. මේ කතා මාලාවට හැනිබල් කියලා නම යොදන්න ඇත්තෙත් ඒ නිසාම වෙන්න ඇති.
මේ කොටස පටන් ගන්නේ FBI ආයතනය විසින් සොයා ගන්නා අමුතුම ආකාරයේ තවත් මිනී මැරුම් මාලාවකින්. කාලෙකට කලින් මරලා දාපු අයගේ සිට ඊට දින කිහිපයකට පෙර මරා දාපු පුද්ගලයෙක් දක්වා පුද්ගලයින් 17 දෙනෙක්ව ඒ මිනී වලවල් වලින් ගොඩ අරගෙන ක්‍රමාණුකූලව එකින් එක අහුරලා ස්මාරක කුළුණක් විදිහට ගොඩනංවලං තියෙනවා..
ඒ අතරේ ඇබිගේල් හොබ්ස් විසින් ඝාතනය කල නිකොලස් බොයිල්ගේ මල සිරුරත් ඔහු වලදාලා තිබුන වලෙන් ගොඩ දාලා තිබියදී FBI ආයතනයට හමු වෙනවා. මේ සම්බන්ධයෙන් ජැක් ක්‍රව්ෆෝඩ්ගෙ සැකය යොමු වන්නේ ඇබිගේල් හොබ්ස් දෙසටයි. එයට හේතුව නිකොලස්ගෙ බඩවැල් සේරම එලියට ඇදලා තියෙන්නේ දඩයම් පිහියකින් වීමයි. ඒත් ඒ සම්බන්ධයෙන් දොස්තර හැනිබල්,විල් ග්‍රැහැම් සහ දොස්තර ඇලනා බ්ලූම් විසින් ඇබිගේල්ව ආරක්ෂා කරන්න උත්සාහ කරනවා.එහෙම කරන්නේ ඇබිගේල් හොබ්ස් නිර්දෝශීයි කියලා විල් සහ ඇලනා විසින් හිතන නිසා සහ සත්‍ය සිද්ධිය හැනිබල් විසින් දන්න නිසයි. ඒ අතර විල් ග්‍රැහැම් යනවා නිකොලස් බොයිල්ගෙ මල සිරුර බලන්න. එතනදි විල් ග්‍රැහැම්ට අනාවරණය කරගන්න ලැබෙනවා නිකොලස්ව මරා දැමුවේ ඇබිගේල් හොබ්ස් විසින් බව.ඊට අමතරව ඇබිගේල් හොබ්ස් විසින් මෙතෙක් කවුරුවත් නොදන්න රහසක් ගැන එළිදරව් කිරීමක් කරනවා.
ඉතින් යාළුවනේ.. කවුද මේ මිනී වලවල් හාරලා සිරුරු ගොඩ අරගෙන ස්මාරක කුළුණක් හදන්නේ? මොකක්ද ඔහුගෙ බලාපොරොත්තුව? නිකොලස් බොයිල්ගෙ මිනී වල හාරන්නෙත් ඔහු විසින්මද? නැත්නම් වෙන කවුරුහරිද? නිකොලස්ව මරන්නේ ඇබිගේල් කියලා දැනගන්න විල් මොන වගේ තීරණයක් ගනීවිද? ඔහු ඇයව පොලිසියට බාර දේවිද? හැනිබල් මේ මල සිරුර හංගන්න උදව් කල බව විල්ට දැනගන්න ලැබේවිද? ඇබිගේල් හොබ්ස් අනාවරණය කරන රහස මොකක්ද? ඒ ගැන ඇය කියන්නෙ කාටද? කියලා කතාව බලලම දැනගන්න.. 10 වෙනි කොටසින් ඉක්මනින්ම හමුවෙමු.. හැමෝටම ජයවේවා!!!
200 MB කොපිය මෙතනින් බාගන්න b938f297120504a85ec42f7426252e200f699f18 710 MB කොපිය මෙතනින් බාගන්න 9faaae22e274593641f313f49e786e076bbfc67b 80 MB කොපිය (1.2GB) මෙතනින් බාගන්න c2f21003d5573c1ace3d852f988b7ec03be1a15a 130 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න 7210f1032cb36773f8cc30a8b66adc4614f5d081 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,783 downloadsDownload Hannibal-S01E09.zip126 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
35 comments
hh
naleen
patta kathawak :)
kalinga
පට්ට මචං :)
quik
thanks
vee
maxxa maxxa digatama anith kotasuth demu
සoජය
එල කොල්ලෙක්නෙ වෙඩිවගේ දෙනව.. තාම 8 බලල ඉවරකරන්නත් බැරි උනා..
rusuru | රුසිරු
මමත් ගන්නවා මේක නියමයි
geeth
thx lot :)
dilan
bohoma pin sahota
shann
ජය වේවා සහෝට :) දිගටම සබ් දෙමු
zumo man
elazzz thnxzzz
dev
bohoma stuti saho.... .
chamath cafe
පට්ට පට්ට මචං ජයම වේවා!!!!!
amilatk
jayen jaya!!!
ccnp
Thanks
මුදියා / mudiya
එලකිරි දිනිඳුවෝ.ජයවේවා.බොහෝ....................................................ම ස්තූතියි...!
was
පට්ටම කතාව හොදේ මැක්සම මැක්සා :)
Isuru
17 Again (2009) Film එක උපසිරැසි ගන්වල දෙන්නකො
shani
thanks
Sahan
thankzz a lot bro...
shavindu avishka
appa thanks bro....superb
ශාන් විමුක්ති [විමා]
නියමයි දිනිදුවෝ
ඔයා එලටම වැඩේ කරන් යනව
ඔහොම යමු
දැන් ඉතින් ඔන්න මමත් දිගටම කොමෙන්ට් දානව
අනිවා ;)sachesc
Thankz Bro....
නලින්
නියමයි දිනිදු අයියා..
එළකිරි.ජය වේවා!
හර්ෂ ලහිරු
එලකිරි දිනිදුවා ජය
“චූටී මල්ලි”
එළ එළ
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa....pinsiduweewa..wasanaweewa..shavindu avishka
Wadeta bohoma thanks....anith ewath puluwan ikmanata denna balanna hode...
indika
thnx.......
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thush
mekata mama harima kematiy. tanks.
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Rashmika
thanks saho sub 1kta........
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Advertisement

thanks machan