Watch Trailer

Hannibal (2013) [S01 : E11] | මිනීමරුවා නිදැල්ලේ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ඔයාලට හැනිබල් කතාමාලාවේ එකොළොස්වෙනි කොටසත් සිංහල උපසිරැසි දාලා අරන් ආවා. පසුගිය කොටසෙදි තමන්ගෙ යෙහෙලියව ඝාතනය කරපු උන්මන්තක කාන්තාවක්ව අල්ලගන්න විල් ග්‍රැහැම්ට හැකි උනා කියලා ඔයාලට මතක ඇතිනේ. ඒ වගේම විල් ග්‍රැහැම්ව පරීක්ෂා කරන ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයාව දොස්තර හැනිබල් විසින් ඝාතනය ක…

Hannibal 2ඔන්න යාළුවනේ ඔයාලට හැනිබල් කතාමාලාවේ එකොළොස්වෙනි කොටසත් සිංහල උපසිරැසි දාලා අරන් ආවා. පසුගිය කොටසෙදි තමන්ගෙ යෙහෙලියව ඝාතනය කරපු උන්මන්තක කාන්තාවක්ව අල්ලගන්න විල් ග්‍රැහැම්ට හැකි උනා කියලා ඔයාලට මතක ඇතිනේ. ඒ වගේම විල් ග්‍රැහැම්ව පරීක්ෂා කරන ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයාව දොස්තර හැනිබල් විසින් ඝාතනය කරලා ඒ ආයුධය අර උන්මන්තක කාන්තාව අතට දීලා ඔහු යන්න යනවා.. හැනිබල්ගේ වාසනාවට ඒ උන්මන්තක කාන්තාවට වෙනත් මිනිසුන්ගෙ මුහුනවල් අඳුරගන්න බැරි රෝගයකින් පෙලෙනවා. මේ යන විදිහට මෙතෙක් සිදු වූ හැම මිනීමැරුමකටම වගේ දොස්තර ලෙක්ටර් හැනිබල් සම්බන්ධයි කියලා ඔයාලට තේරෙනවා ඇති.

මේ පාර කතාව තියෙන්නේ පහුගිය කොටසකදි හෙදියක්ව ඝාතනය කරපු දොස්තර ඒබල් ගිඩියන් සිර මැදිරියේ සිට උසාවියට ගෙනියන අතරතුරේදී පැන යාම සම්බන්ධවයි. ඒ පැන යන අතරේ ඔහු එම රථයේ හිටිය තුන් දෙනාවම ඝාතනය කරලා ඔවුන්ගෙ ශරීර අවයව ගහක අතු වල එල්ලලා පොලිස් ඇඳුමකුත් ඇඳගෙන ආයුධත් අරගෙන යනවා.

ඔයාලට මතකයිනේ අර ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් කියන වාර්තා කාරිණියව? (මටනම් ඒකිව පේන්න බෑ) පසුගිය කොටසක ජැක් ක්‍රව්ෆෝඩ්ගෙ ඉල්ලීමට ඇය පරපීඩක ඝාතකයා ගැන ව්‍යාජ ලිපියක් ඇගේ වෙබ් අඩවියේ පල කරනවා. ඉතින් අපේ දොස්තර ඒබල් ගිඩියන් අත්අඩංගුවෙන් පැන ගිහිල්ලා… අර ෆ්‍රෙඩී ලවුන්ඩ්ස්ගෙ ලිපියේ තිබුන විදිහට ඇත්තටම ඝාතනයක් සිදු කරනවා. එම ඝාතනයට ලක් වෙන පුද්ගලයාගේ බෙල්ල කපලා එතනින් දිව එලියට අරගෙන මදිවට ඔහුගෙ සිරුරේ තිබුන හැම ලේ බිංදුවක්ම ගිඩියන් විසින් පැකට් කරලා එය “රතු කුරුස සංවිධානයට භාර දෙන්න“ කියලා පණිවිඩයකුත් තියලා යනවා.. හැබැයි ෆ්‍රෙඩී ලවුන්ඩ්ස්ගෙ ලිපියේ නොතිබුනු දේකුත් අර මලමිණියට සිදු කර තිබෙනවා විල්ට දකින්න ලැබෙනවා. ඒ දේ හෝඩුවාවක් විදිහට සලකලා විල් ග්‍රැහැම් සහ ජැක් ක්‍රව්ෆෝඩ් විසින් දොස්තර ගිඩියන් පස්සෙන් ලුහුබඳිනවා. ගිඩියන්ගෙ උත්සාහය වෙන්නේ ගිඩියන්ට ඔහු පරපීඩක ඝාතකයා කියලා ඒත්තු ගන්වපු දොස්තර වරයාව සහ දොස්තර ඇලනා බ්ලූම්ව ඝාතනය කිරීමයි… ඒ වගේම පහුගිය කොටස් වලදි විල් ග්‍රැහැම් අවසිහියෙන් දැක්ක කලු ගෝණා මෙවර ඔහුට මිනී මරුවා හොයාගන්න මග පෙන්වීමකුත් කරනවා.

ඉතින් යාළුවනේ.. මෙවර ඒබල් ගිඩියන්ව පණ පිටින් අල්ලගන්න ජැක් ක්‍රව්ෆෝඩ්ට හෝ විල් ග්‍රැහැම්ට හැකි වේවිද? අර මල මිණියට කර තිබෙන, ෆ්‍රෙඩී ලවුන්ඩ්ස්ගෙ ලිපියේ නොමැති දේ මොකක්ද? ඒකෙ වැදගත්කම මොකක්ද? ඒබල් ගිඩියන් ද ඇත්තටම පරපීඩක ඝාතකයා? දොස්තර හැනිබල් ලෙක්ටර් මේ කොටසෙදිත් කාව හරි ඝාතනය කරන්න හදාවිද? විල්ට ඇලනා බ්ලූම්ව බේර ගන්න පුළුවන් වේවිද? කලු ගෝණා කොහොමද විල්ට මග පෙන්වන්නේ? කියලා කතාව බලලම දැනගන්න.. 12 වෙනි කොටසින් ඉක්මණින්ම මුණ ගැහෙමු. හැමෝටම ජයවේවා..

Hannibal (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 011d1155fdb2557c3b5c0e842a57b4793b78c31e 200 MB කොපිය මෙතනින් බාගන්න 422cd29df4f2dbaf221576c7f9db3e1369d4bd16 640 MB කොපිය මෙතනින් බාගන්න c46516f1aa34eb908de6bfcda9d0739f9a049618 80 MB කොපිය (1.2GB) මෙතනින් බාගන්න c2f21003d5573c1ace3d852f988b7ec03be1a15a 130 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න 7210f1032cb36773f8cc30a8b66adc4614f5d081 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,296 downloadsDownload Hannibal-S01E11.zip123 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles

2,296 downloadsDownload Subtitles123 KB

39 comments

  1. tharanga

    පට්ට මචෝ

  2. ganidu

    තැන්ක්ස් වේවා!

  3. zumo man

    elazzz thnxzzz

  4. ranga

    meyka denakm unne thawa poddai :)

  5. quik

    thanks

  6. kalinga

    මේක නම් බලන සුපිරිම කතාව ජයම වේවා!!!

  7. wow

    wow,maru :D

  8. යසස්

    Tnx Dinidu :)

  9. shann

    නියමයි මචෝ

  10. geeth

    loweth na sub akata bohoma pin :)

  11. vee

    maxxa maxxa

  12. rusuru | රුසිරු

    ජයම වේවා!!!

  13. hh

    goda macho

  14. dilan

    anek tikath demu machan dena dena aka balanwa

  15. amilatk

    jayen jaya!!!

  16. g-a-n-d-u

    පට්ටම තමා මචෝ

  17. was

    එල එල :) අපිත් ගත්තා

  18. f_live

    බොහොම තුති !!

  19. h[a]s

    මැක්සා හොදේ

  20. mihin ලංකා

    සබ් දෙනකම් උන්නේ මාත්

  21. ccnp

    Thanks

  22. කැළුම්

    Thanks machan

  23. හර්ෂ ලහිරු

    එලකිරි මේක ඉවර කරන්න තව දෙකයි තියෙන්නෙ
    ස්තුතියි සහො

  24. dev

    bohoma stuti saho..... .

  25. sachesc

    ela ela mchan ...

  26. නලින්

    එළ දිනිදු අයියේ.. ඔක්කොම බලා තියාගත්තා දෙනකම්ම ඉන්නේ නැතුව.
    10 ඉදන් බලන්න තියෙනවා. ස්තුතියි මේක ගෙනාවට.

    ජයවේවා!

  27. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල...

  28. indika

    thnxxxx

  29. shani

    thanks

  30. “චූටී මල්ලි”

    එල සහෝ තව 2යි
    ඒකත් දෙමු සුටුස් ගාලා
    එහෙනම් සබට තුති
    ඔබට ජය....

  31. mudiya / මුදියා

    හප්පේ තව දෙකයිද.නියමයි නියමයි දිනිඳු.ජයවේවා.බොහෝ.............................................................................ම ස්තූතියි...!

  32. shavindu avishka

    Maru a...!!!thank u very much...!!!

  33. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. සoජය

    බොහොම ස්තුතියි දිනිඳු සහෝ..

  35. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  36. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  37. sameera

    thanks

  38. Rashmika

    ela ela...thanks saho..twa episode 2ki tiynne balanna...

  39. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.