Watch Trailer

Hannibal [S02 : E01] | සංරක්ෂිත මළසිරුරු… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ හැනිබල් රූපවාහිණි කතා මාලාවේ දෙවෙනි කතා සමය සිංහල උපසිරැසි ගන්වා ඔයාලා අතට පත් කිරීම අදින් ආරම්භ වෙනවා. ඉදිරියේදී රූපවාහිණී කතා මාලාවන්ට උපසිරැසි ගැන්වීම නතර කරන්න හිතාගෙන හිටියත් බොහෝ දෙනෙක්ගෙ බලවත් ඉල්ලීම නිසා මේ කතා මාලාවත් සිංහල උපසිරැසි ගන්වලා හැකි ඉක්මනින් ඔයාලට ලබා දෙන්න බලාපොරො…

Hannibal S 2

ඔන්න යාලුවනේ හැනිබල් රූපවාහිණි කතා මාලාවේ දෙවෙනි කතා සමය සිංහල උපසිරැසි ගන්වා ඔයාලා අතට පත් කිරීම අදින් ආරම්භ වෙනවා. ඉදිරියේදී රූපවාහිණී කතා මාලාවන්ට උපසිරැසි ගැන්වීම නතර කරන්න හිතාගෙන හිටියත් බොහෝ දෙනෙක්ගෙ බලවත් ඉල්ලීම නිසා මේ කතා මාලාවත් සිංහල උපසිරැසි ගන්වලා හැකි ඉක්මනින් ඔයාලට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

IMDb වෙබ් අඩවියේ 8.6/10ක ප්‍රමාණයේ ඉහල ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ කතා මාලාවේ දෙවෙනි කතා සමය ආරම්භ වෙන්නේ පලමු කතා සමය අවසන් වූ තැනින් නෙවෙයි. ඉදිරියට විකාශනය වීමට නියමිත කතාවක පොඩි කොටසකින්. ඒ නිසා පලමු කතා සමය නොබලපු කෙනෙක්ට මේ කතාව තේරුම් ගන්න ටිකක් අපහසු වේවි. යම් කිසි ඝාතනයක් හෝ ඝාතන මාලාවක් සිදු වූ විට එම ඝාතකයා මොන විදිහේ අයෙක්ද කියා දැනගැනීමේ අපූරු හැකියාවක් ඇති මනෝව්‍යාධිකයෙක් වන විල් ග්‍රැහැම්, සූක්ෂම අන්දමින් ඝාතන සිදු කරන මනෝ චිකිත්සකයෙක් වන දොස්තර හැනිබල් ලෙක්ටර් සහ FBI නියෝජිත ජැක් ක්‍රව්ෆොඩ් නැමති ප්‍රධාන චරිත වටා දිවයන මේ කතා මාලාව අපරාධ, ත්‍රාසජනක සහ නාට්‍යමය ගණයට ගැනෙනවා.

පලවෙනි කතා සමය බලපු ඔයාලට දොස්තර හැනිබල් ලෙක්ටර්, නියෝජිත ජැක් ක්‍රව්ෆෝඩ්, විල් ග්‍රැහැම්, දොස්තර ඇලනා බ්ලූම්, මරණ පරීක්ෂක බෙවර්ලි කැට්ස්, වැනි චරිත තවමත් අමතක වෙලා නැතුව ඇති. පලවෙනි කතා සමයෙදි දොස්තර හැනිබල් විසින් උපක්‍රමශීලීව ඝාතනය කරන පුද්ගලයින්, විල් ග්‍රැහැම් සිදු කල ඒවා බවට ඒත්තු යන පරිදි සූක්ෂමව සාක්ෂි නිර්මාණය කිරීම මගින් FBI ආයතනය නොමග යැවීම හේතුවෙන් විල් ග්‍රැහැම්ව අත්අඩංගුවට පත් වෙනවා. මෙම මිණීමැරුම් තමන් විසින් සිදු කල ඒවා නොවන බව විල් ග්‍රැහැම් දන්නා නමුත් ඔහුටත් ඒ පිළිබඳව වැඩි විශ්වාසයක් නෑ. ඒ නමුත් විල් විසින් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර සිටිනවා සත්‍ය මිණීමරුවා දොස්තර හැනිබල් ලෙක්ටර් බවට. ඒ උනාට දොස්තර හැනිබල්ට විරුද්දව එකම එක සාක්ෂියක්වත් හොයා ගන්න FBI ආයතනයට හැකි වෙන්නේ නෑ. එබැවින් නීතිය පැත්තෙන් බලන විට දොස්තර හැනිබල් තවමත් නිර්දෝෂී පුද්ගලයෙක්. නියෝජිත ජැක් ක්‍රව්ෆෝඩ් හිතන්නෙත් සත්‍ය මිනීමරුවා විල් ග්‍රැහැම් මිසක් දොස්තර හැනිබල් නොවන බවයි.

මෙවර කොටසෙදිත් අපූරු මිණීමැරුම් මාලාවක් පසුපස යන ජැක් ක්‍රව්ෆෝඩ්ට එම මිනී මැරීමට හේතුව සම්බන්ධයෙන් සුපුරුදු පරිදි විල් ග්‍රැහැම්ගෙ උදව් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. එයට හේතුව තමයි විල් ග්‍රැහැම් මිනීමරුවෙක් විදිහට ජැක් ක්‍රව්ෆෝඩ් ස්ථීර වශයෙන්ම සිතාගෙන සිටීම. එබැවින් මෙම මිනී මරුවා මොන විදිහේ අයෙක්දැයි කියා දැන ගැනීමට ඔහු දොස්තර ලෙක්ටර්ගෙන් උපදෙස් පතනවා. නමුත් මරණ පරීක්ෂක බෙවර්ලි කැට්ස් විසින් අකමැත්තෙන් උවත් මේ මිණීමැරුම් මාලාව සම්බන්ධයෙන් විල් ග්‍රැහැම්ගේ උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ‍විල් ග්‍රැහැම් ගේ මිතුරියක් වන දොස්තර ඇලනා බ්ලූම් විසින් විල් ග්‍රැහැම් චෝදනා ලද මිණීමැරුම් ඔහු විසින් නොකල ඒවා බව විශ්වාස කලත් ඇයට ඒ බව ඔප්පු කිරීමේ හැකියාවක් නෑ. ඒ අතරේ තමන් අර මිණිමැරුම් වලට පැටලුන ආකාරය ආවර්ජනය කිරීමට විල් ග්‍රැහැම් උත්සාහ කරනවා. කතාව ගැන ඊට වැඩිය කියන්න යන්නෙ නෑ. මෙවර සිදුවන අපූරු මිනීමැරුම් මාලාව මොකක්ද? දොස්තර ලෙක්ටර් හැනිබල්ට මිනීමරුවා මොන විදිහේ අයෙක්ද කියා සහ මිනීමරුවාගේ අභිප්‍රාය කුමක්ද කියා තේරුම් ගත හැකි වේවිද? බෙවර්ලි කැට්ස් විසින් ඇයි විල් ග්‍රැහැම්ගේ උදව් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ? විල් ග්‍රැහැම් ඇයට උදව් කරාවිද? ඒ වගේම තමන්ට අමතක වී ඇති අතීතය ආවර්ජනය කිරීමට විල් ග්‍රැහැම්ට හැකි වේවිද? අර මිණීමැරුම් මාලාව සිදු කරන ඝාතකයා අල්ලාගැනීමට FBI ආයතනයට හැකි වේවිද? එම ඝාතන සමූහයට දොස්තර ලෙක්ටර් හැනිබල්ගේ සම්බන්ධයක් තියේවිද කියලා කතාව බලලම දැනගන්න. දෙවෙනි කොටසින් ඉක්මනින්ම හමුවෙමු. හැමෝටම ජයවේවා!!

Hannibal (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 9b3fe059bec3a087968e172fa3475f3c615ec3fe 225 MB කොපිය මෙතනින් බාගන්න 1a600ffbfdce1f8aab09fa8a48bfb35b4e2ab051 750 MB කොපිය මෙතනින් බාගන්න 06c7de45997f9075face290bdcdf05d96e394772 1.63GB (Complete)කොපිය මෙතනින් බාගන්න 1cf13455596ff80276f5f35f51fd09c230f09f3d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,405 downloadsDownload Hannibal.S02.E01.zip68 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< 1St Season                       All Episodes                         Next Episode >>

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

1,405 downloadsDownload Subtitles68 KB

29 comments

  1. sampath

    Thanks Dinidu................

  2. Isu DP

    Ammo Meka Denakan Idiya Kalayak....
    Mokad Dinidu Aiye Tika Kalayak Sadda Nathuwa Idiye..???
    Sesaon 2 Telecast Iwara Nisa Ikmanin One Hode...
    Thawa Podi Mathak Kirimak,,
    Elementary Season 2th Patan Aran.. :-P
    Meka Diila Idimu Ne....
    Subata Thuthi....
    Jaya Wewa !!! :-) :-P

    1. Isu DP

      Ane Oyath TV Series Walata Sub Dena Eka Nawaththannepa...
      Oyata Ehema Hithune True Detective Nisada Kiyalth Hithenawa...

  3. shani

    wow...
    thanks.
    mama danagena hitiya koi welawe hari meke sub dei kiyala.

    1. shani

      ane math kiyanne sub dena eka nawaththanna epa.
      puluwan welawata puluwan widihata sub denna

  4. නලින්

    නියමයි දිනුදු අයියා!

    ජය වේවා !

  5. DilanH

    මේක දුන්නු එකනම් ගොඩක් හොදයි !! ජයවේවා

  6. chandima

    අම්මො දෙයියෙක්කේ අයියේ මග බලාගෙන හිටියේ... මේනන් බැවා ... ඉක්මණින් දිගටම ඕන ස්තුතියි... සුභපැතුම්.

  7. dinidu madushanka

    ela ela saho meka denakam hitiye jaya wewa

  8. Thisara Buddhika (තිසර නියෝ)

    අම්මෝ දෙනකල් මග බලාගෙන හිටියේ කවද දේවිද කියලා. මේ තියෙන්නේ ගින්දර වගේ.

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  9. Keshan Wasala

    ඇති යන්තම් ,,මග බලන් උන්නේ .. ගොඩක් ස්තුතියි අයියේ :D ජය .. අනිත් ඒවත් ඕනේ ඉක්මනට ඔන්න ..

  10. හර්ෂ ලහිරු

    එලකිරි දිනිදු පට්පට් ගාලා දෙමු ඉතුරුවාත් :D
    බොහොම ස්තුතියි :D ජය

  11. Dimuthu

    kiyala wadak ne machan. ela.

  12. Nipuna

    meka nm pattama kathawak...thanks sub ekata...........

  13. Indika

    Pattama thama thanks

  14. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචං ආයේ වැඩට බැහැපු එකනම්...
    සුපිරි....
    දිගටම දෙමු..
    ජය වේවා..

  15. luck_shan

    meka denaknmai unne... thnkz vevaaa,,,!

  16. Mayura Suraj

    Ane saho sub dena eka nawaththanna nam epa. true detective kawuru nobaluwath api baluwa. man balapu pattama tv series walin ekak. wade nawaththannepa

  17. nishshanka ruwan

    ස්තුතියි :)

  18. Pramuk

    Thanx macho meka denakam balan hitiye

  19. RT ප්‍රමෝද්

    අම්මට සිරි.. :) එල එල බන්.. එපිසෝඩ් 4ක් විතර බාලා බැලුවෙත් නැතුව නික හිටියා ඉංග්ලිශ් සබ් එක වැඩිය තේරෙන්නෙ නැති නිසා.. දිගටම දෙමු.. :)

  20. “චූටී මල්ලි”

    ඔව්
    සහෝ හැකි විදිහට ටීවී කතා වලටත් සබ්ස් දෙන්න
    මේ කතාවෙ 2නි සීසන් 1 ඉවර වෙලා නිසා
    ඉක්මනට සබ් ටික ලැබෙයි නේ
    සබට තුති
    ඔබට ජය.......

  21. shalika

    niyamai ithuru tikath ikmanata denna

  22. Romen

    Grat Work bro..!
    keep it up
    we appreciate u r work very much
    (y)

  23. Romen

    gret work bro...!
    keep it up
    we appreciate u r work very much....!

  24. ශාන් විමුක්ති [විමා]

    බුකියේ පොටෝ එක දකිද්දී මට නිකමට වගේ හිතුනා දිනිදුවා මේක දෙන්න අරන්ද කියලා
    බොහොම ස්තුතියි මේකටත් උපසිරසි ලබාදෙනවට
    සේරම දෙන්ටකෝ
    එකපාරම බලන්න ඕනා
    මේක එකපාර නොබැලුවොත් නිකම් මොකක්ද වගේ ඒකයි :D

  25. Praveen

    Episode 2-13 lagadima labe vida??????

  26. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. බොහොම පිං මේකත් දෙන්න ගත්තට. ජය෴෴ :P :P

  27. Rashmika

    dn tma itn season 2 balnna patn ganne episode 6k withra dila ne niymai saho..mewata itn sub nattnm kohma balnnd...thanks lot!!!!!!!!!!!!!