Watch Trailer

Hannibal [S02 : E02] | බිතුසිතුවම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ හැනිබල් රූපවාහිණි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ දෙවෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනවා. පළවෙනි කොටසෙදි උන දේවල් ඔයාලට මතක ඇතිනේ.. එක එක පාට මිනිස්සුන්ව මත් කරලා ඔවුන්ව හැඩ ගස්සලා ඔවුන්ගෙ සිරුරේ යම් ආලේපයක් තවරලා ඔවුන්ව එකිනෙකාට තියලා මහලා අමුතු විදිහේ නිර්මාණයක් කරන පුද්ගලයව?…

Hannibal 2

ඔන්න යාලුවනේ හැනිබල් රූපවාහිණි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ දෙවෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනවා. පළවෙනි කොටසෙදි උන දේවල් ඔයාලට මතක ඇතිනේ.. එක එක පාට මිනිස්සුන්ව මත් කරලා ඔවුන්ව හැඩ ගස්සලා ඔවුන්ගෙ සිරුරේ යම් ආලේපයක් තවරලා ඔවුන්ව එකිනෙකාට තියලා මහලා අමුතු විදිහේ නිර්මාණයක් කරන පුද්ගලයව? ඔහු ගැන FBI ආයතනයට කිසිම හෝඩුවාවක් හොයාගන්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා නියෝජිත බෙවර්ලි කැට්ස්, විල් ග්‍රැහැම්ගේ උදව් ලබාගන්න යනවා. මේ අපූරු මිණීමරුවගෙ අභිප්‍රාය මොකක්ද කියලා බෙවර්ලි කැට්ස් ට වටහලා දෙන්නේ විල් ග්‍රැහැම්. නීතියේ ඇසින් මිණිමරුවෙකු ලෙසින් දකින විල් ග්‍රැහැම් තවමත් තමන්ට සිදු උන පැටලිල්ල ලිහාගන්න බැරිව සිටිනවා. ඒ අතරේ අර අපූරු මිණිමරුවව හොයාගන්න නියෝජිත ජැක් ක්‍රව්ෆෝඩ් විසින් දොස්තර හැනිබල් ලෙක්ටර්ගෙ උදව් ලබා ගන්නවා.

මෙවර කොටස පටන් ගන්නෙත් අර අපූරු මිණීමැරුම් මාලාව සම්බන්ධයෙනුයි. දොස්තර හැනිබල් විසින් අවසානයට හමු වූ මල සිරුරේ සුවඳින් තීරණය කරනවා ඔහු මියයන්න පෙර ඉරිඟු යායක් තුලින් දිව ආ බව. ඒ වගේම මරණ පරීක්ෂණයෙන් ඒ මිණියේ තිබිලා ඉරිඟු කුඩු සොයාගන්න බෙවර්ලි කැට්ස් සමත් වෙනවා. නමුත් එම ඉරිඟු යාය තියෙන්නෙ කොහෙද කියලා ඔවුන්ට අනුමාන කරගන්න හැකියාවක් ලැබෙන්නෙ නෑ. ඒ සම්බන්ධයෙනුත් FBI ආයතනයට උදව් ලබා ගන්න සිදු වෙන්නේ විල් ග්‍රැහැම්ගෙන්. ඒ අතරේ පොලිස්පති කාර්යාලයෙන් විල් ග්‍රැහැම්ව හමුවීමට පැමිණෙන නිලධාරිණියක් විල් ග්‍රැහැම්ට අපූරු යෝජනාවක් කරනවා‍. ඒ වගේම දොස්තර හැනිබල් ලෙක්ටර්ගෙ මනෝ චිකිත්සක වෛද්‍යවරියත් විල් ග්‍රැහැම් ව මුණගැසීමට පැමිණෙනවා.

ඉතින් යාළුවනේ. මල සිරුරු එක් රැස් කරලා තියෙන තැන හොයාගන්න FBI ආයතනයට හැකි වේවිද? එම මිණී මැරුම් මාලාවට වගකිවයුත්තා අල්ලගන්න FBI ආයතනයට හැකි වේවිද? මේ සම්බන්ධයෙන් විල් ග්‍රැහැම් FBI ආයතනයට උදව් කරාවිද? පොලිස් පති කාර්යාලයෙන් විල් ග්‍රැහැම්ව මුණගැහෙන්න පැමිණෙන නිලධාරිණිය ඔහුට කරන අපූරු යෝජනාව මොකක්ද? දොස්තර හැනිබල් ලෙක්ටර්ගෙ මනෝචිකිත්සකවරිය විල් ග්‍රැහැම්ව මුණගැහෙන්න පැමිණෙන්නේ ඇයි? කියලා කතාව බලලම දැනගන්න. තුන් වෙනි කොටසින් නැවත හමු වෙමු. හැමෝටම ජය වේවා!!

Hannibal (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න e83eb3a4cefa461da1a9b76e37b780b0f5cddc99 210 MB කොපිය මෙතනින් බාගන්න ee744d86d35bacfcea9efbb5ac4d6d7210373443 800 MB කොපිය මෙතනින් බාගන්න 198d1e5161860162919287526494ee1e6e831470 1.63GB (Complete)කොපිය මෙතනින් බාගන්න 1cf13455596ff80276f5f35f51fd09c230f09f3d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,230 downloadsDownload HannibalS02E02.zip78 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

1,230 downloadsDownload Subtitles78 KB

14 comments

  1. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)
    මග බලාගෙන හිටියේ මේ කොටස දෙනකල්

  2. dinidu madushanka

    ela ela saho jaya wewa

  3. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මේ දෙන්නේ හිටු කියලා..
    අනේ හොඳා..
    එල එල, දෙමු දෙමු..ඇටිහැලෙන්නම....

  4. “චූටී මල්ලි”

    හලි හලි
    ඔහොම යන් ඔහොම යන්
    සබට තුති
    ඔබට ජය...........

  5. nishshanka ruwan

    ස්තුතියි :)

  6. Keshan Wasala

    එල එල කවුරු නැතත් අපි කමෙන්ට් දානවා ඔන්න .. ගොඩක් ස්තුතියි අයියේ :D

  7. Pramuk

    Thanx macho

  8. dushmantha

    thanks saho

  9. dev

    bohoma stuti saho..... .

  10. shani

    thanks

  11. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  13. Rashmika

    supiri saho...thanks lot!!!!!!

  14. chinthaka

    thanks