ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ සිව්වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතකනේ පසුගිය කොටසේ විල් ග්‍රැහැම් හැනිබල් ලෙක්ටර්ගෙ මහ ගෙදරට යනවා. එතනදි ඔහුට සිරකරුවෙක් සහ ඔහුව බලාගන්න තැනැත්තියක්ව මුණගැහෙනවා. හැනිබල් කියූ විදිහට ඒ සිරකරුවා තමයි හැනිබල්ගෙ සහෝදරිය වන මිස…
ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ සිව්වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතකනේ පසුගිය කොටසේ විල් ග්‍රැහැම් හැනිබල් ලෙක්ටර්ගෙ මහ ගෙදරට යනවා. එතනදි ඔහුට සිරකරුවෙක් සහ ඔහුව බලාගන්න තැනැත්තියක්ව මුණගැහෙනවා. හැනිබල් කියූ විදිහට ඒ සිරකරුවා තමයි හැනිබල්ගෙ සහෝදරිය වන මිස්ෂා ව මරා දමලා තියෙන්නේ. ඒත් මටනම් හිතෙන්නෙ මිස්ෂාවත් මරාදාලා තියෙන්නේ හැනිබල් කියලයි. කොහොම නමුත් විල් ග්‍රැහැම් අර සිරකරුවව නිදහස් කරනවා. ඒත් නිදහස ලබන සිරකරුවා තමන්ව බලාගත්ත තැනැත්තිය මරා දාන්න ගත් උත්සාහයකදී ඇය විසින් ඔහුව මරා දමනවා. විල් ග්‍රැහැම් ඒ මළසිරුර සමනළයෙක් විදිහට සකසලා අර තැනැත්තියත් එක්ක එතනින් පිට වෙලා එනවා. ඒ වගේම නියෝජිත ජැක් ක්‍රව්ෆෝඩ් තවමත් ජීවතුන් අතර ඉන්න බවත් දැන් ඔයාලා දන්නවනේ.
මෙවර කොටසෙදි හැනිබල්ගේ ඉලක්කයට ලක්උන තවත් පුද්ගලයින් දෙදෙනෙක්ව ඔයාලට මුණගැහෙනවා. එක්කෙනෙක් තමයි විල් ග්‍රැහැම් සිරගත කර සිටියදී එම රෝහලේ ප්‍රධානියා වෙලා හිටපු දොස්තර චිල්ටන් නැමති මනෝවෛද්‍යවරයා. ඔහුව නොකල මිනීමැරුමකට අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කරන අතර වාරයේදි හැනිබල් විසින් වෙඩි තබන සිද්ධියක් දෙවෙනි කතා මාලාවේ තියෙනවා. නමුත් එම වෙඩි පහරින් ඔහු මියයන්නෙ නෑ. මුහුණේ අවයව කිහිපයක් පමණයි ඔහුට අහිමි වෙන්නේ. අනෙක් පුද්ගලයා තමයි අර වර්ජර් කියන ඌරුමස් වෙලෙන්දා. හැනිබල් විසින් කම්මුල්, නාසය, තොල් වැනි මුහුනේ අවයව ඉවත් කරලා ඔහුවත් ජීවතුන් අතර තබනවා. ඉතින් ඔවුන්ට මේ කල දේට ඔවුනුත් හැනිබල් ලෙක්ටර්ව මුළු ලෝකෙ පුරාම හොයනවා. ඒ වගේම හැනිබල් ලෙක්ටර්ව හොයලා දෙන කෙනෙකුට ඩොලර් මිලියනයක ත්‍යාගයක් දෙන්නත් ඔවුන් දෙදෙනා තීරණය කරලා තියෙනවා. මේ දෙන්නට අමතරව තවත් ඉතා විශේෂ කෙනෙක් දොස්තර හැනිබල්ගේ ක්‍රියාවලින් නොමැරී බේරිලා ඉන්නවා. ඒ කවුද කියලා ඔයාලට කතාව බලලම තමයි දැනගන්න වෙන්නේ. හැමෝටම ජයවේවා.
170 MB කොපිය මෙතනින් බාගන්න 8BD82931E16F622CDDC9DEE49724523A9BEAC9B1 348 MB කොපිය මෙතනින් බාගන්න 2AE151E09C6968F5D9BFDD9757DA96B82DF923DB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,251 downloadsDownload Hannibal-S03E04-baiscopelk.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
21 comments
Rasidu
Asiri
බොහොම ස්තුතියි sub එකට.වර්ජර් කාරයට හොද සිහියක් තියෙනවද.මම හිතුවෙ හැනිබල් දුන්න බෙහෙත් වලට පින්සිද්ද මිනිහගෙ ඔලුව තාම අවුල් කියලා.
Rashmika
thanks lot saho!!
Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ සබ් එකට මේක සීසන් 3 න් පස්සේ NBC එකෙන් කැන්සල් කරනවා කියන්නේ :(
SHEHAN
thanks broo
kampitha wuwek
ko bn true detective season 2?? Uba karanneth na eka wena puluwan ekekta denneth na..mokakda bn me wade??karanna wadak bara gannakota karanna puluwannam witarak baara ganin..true detective balanna senaga madi unata eka balana tika denata karana asadaranayakne bn nodi hitiyoth..ubalatah meka witarak nemei wena wadath tiyena bawa api nodannawa nemei..eth karanna deyak bara gaddi deparak hithapan..hanibal subata thanks..
නලින්
ස්තුතියි දිණිදු අයියා!
ජය වේවා!
madhawa
subata sthuthi saho..true detective season 2 awith..ikmanata samagamiwa ekath denna..api balan innawa
shalika
thankx........ bro niyamai
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
kosala
bohoma sthuthi sub ekata saho
kiwwath wage true detecctive ekatath sub one hode
jaya wewaකේ.යූ.ජී. උදාර
මේ සැරේ ටිකක් පරක්කු ද මන්ද.............. කොහොමවුණත් ඔන්න මාත් සබ ගන්නවා. බොහොම ස්තූතියි දිනිඳු.
ela kolla
Ela kiri machan
Kulanjana Maduranga
niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!කතාවනම් එළටම යනවා!
true detective එක ගැනත් බලමු සහෝ!ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thisal
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
දිගටම කරගෙන යමු..sajeevi
thanks
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
MAALnath
Thanks ................good luck ...................................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Hannibal [S03 : E04] |නොමැරුනු ඇත්තෝ.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Hannibal-Season-3-2.jpg)

Niyamayi. Sub ekata Thanx.